he

Thursday, October 6, 2011

මල්ටි purpose අයන්

ඔයගොල්ලන්ට මතක ඇතිනෙ වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting කතාව මෙක එකට සම්බන්ද එකක් නොවුනට සම්බන්දයක් නැත්තෙමත් නෑ. 
 මේ කතාවෙ කතා නායකයො දෙන්නයි. මෙ දෙන්නම රැකියාව කරන්නෙ කොළඹ කන්තෝරුවක දෙන්නම එකම බෝඩිමක තමයි නතරවෙලා ඉන්නෙ. දෙන්නම මාංශභක්ශකයෝ කියුවට වරදක් නෑ. (මෙක බලල මුන් දෙන්නා මාව අනුබව කරයිද දන්නෙ නෑ)
 මෙන්න අද උදේ මේ දෙන්න වැඩට යනවා මම බලාගෙන. යකො මුන් දෙන්නගෙම ඇඳුම් හොඳටම පොඩිවෙලා. නීට් එකට අඳින මුන් දෙන්නගෙ ඇඳුම් පොඩිවෙලා මොකද කියන එක මට ලොකු ප්‍රහේලිකාවක්.    

 මම හිමිහිට ප්ලග් වෙලා ඇහුවා ඩබලගෙන් මොකද උනෙ කියලා. බැලින්නම් මෙ ගොල්ලන්ගෙ බොඩිමෙ තිබුන අයන් එක හොරු අරගෙන. මමත් ඉතින් සෝක මූඩ් එකක් දාලා කියුවා, කමක් නෑ බං අයන් එක විතරනෙ නැතිඋනෙ කියලා. මෙන්න බොලෙ මුන් දෙන්නටම නැග්ගා අසූහාරදාහට . උඹ දන්නවද අපි ඒ අයන් එකෙන් කොච්චර දෙවල් කරගන්නවද කියලා.  

....
...

ඇත්තටම එක අයන් එකක් කියුවට අයන් එකක්ම විතරක් නෙමෙය් රෑ කෑමට සොසෙජස් බැදගෙන තියෙන්නෙත් එකෙන් , ඇලුමීනියම් පිගනක් අයන් එක උඩින් තියලා අර රුපියල් 10 ඇස්ට්‍රා බඩී එකක් පිගානට දාලා
එක්කෙනෙක් පිගාන අල්ලන් ඉන්නවා අනිත් කෙනා සොසෙජස් අයන් කරනවා ඊට පස්සෙ ලුනු ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා අනුභව කරනවා. 
සොසෙජස් විතරක් නම් මැදෑ මුන් බිත්තර බුල්ස් අයි දාල තියෙන්නෙත්  අයන් එකෙන්. අත ගැහෙන්නෙ නැති එක්කෙනෙක් අයන් එක අනිත් පැත්ත හරවලා අල්ලන් ඉන්නකොට අනිත් එක්කෙනා ගානට බිත්තරය කඩලා බටර් චුට්ටක් අයන් එකෙ ගාලා අයන් එකට අතහරිනවා. රත් වීම අඩු වැඩි කරගන්නත් පුලුවන්නෙ.
       පහුවනදා උදේට අයන් එක පිහිදාල ඇඳුම් ටික මැදලා නීට් එකෙ එනකොට කාටද ආඩම්බර...

26 comments:

  1. අඩේ උන් දෙන්නා මරු ඩබලක්නේ ........:D

    ReplyDelete
  2. අදහන්න වටින දෙන්නෙක්නෙ.....මම ඔය ඇහුවාමයි අයන් එකෙන් සොසේජස් බදිනවා..හික්ස්

    ReplyDelete
  3. අපිට වැඩියෙන්ම එන විදේශිකයෝ නේ ඉන්දියන් කාරයෝ. උන් මහ මල පෙරේතයෝ. ෆයිව් ස්ටාර් එකක ඔය වගේ වැඩ කරලා. (පරාටා රත් කරලා) දැන් ෆයිව් ස්ටාර් වලට ගන්නේ නෑ. අරුන්ගේ සූට් ක්ලීන් උනාට පිලි ගඳ ඇති.

    ReplyDelete
  4. අපෝ හොස්ටල් වල රොටීත් හදනව අයන් එකෙන්. :)මොනා උනත් මරු ඩබල

    ReplyDelete
  5. The Lion ට, උන් දෙන්න නං මරු ඩබලක් තමයි.

    Red Riding Hood ට, මරු තමයි මම මෙ බයේ ඉන්නෙ

    දිල් ට, ඇත්තටම

    අනේ මාතලන් මං හිතන්නෙ ඔයගෙ ප්‍රතිචාරෙ දැක්කට පස්සෙ නං හෙට මට හොදට කන්න පුලුවන් වෙයි වගෙ

    ReplyDelete
  6. ෂා නියම් මොළ කාරයෝ දෙන්නෙක් . මටත් පොඩි උපදෙසක් ගන්න බැරිද ඒ දෙන්නව මුණගස්සන්න. ජීවන වියදම අඩු කරගන්න හැටි දැනගන්න. ඔයා අර කියපු කොම්පැනියෙ දෙන්නෙක්ද ඔය. අර මාතලන් අය්ය කිව්ව වගේ පිලීඑගඳද දන්නෙ නෑ...

    ReplyDelete
  7. ඔය ඇත්තමද?... ට්‍රයි එකක් දාලා බලන්නං......

    ReplyDelete
  8. අපිත් එක්ක හිටිය අයන් එකෙන් වතුර උණු කරපු එකෙක්.....:D

    ReplyDelete
  9. --- මල්ටි සහ ක්ෂණික වැඩ ---
    ලොකු ජෝන් දන්නේ නැති උනාට ඔය කියපු බෝඩිමේ හිටිය තවත් එකෙක්. මෑන්ස් එන්නේ ටිකක් දුර ඉඳල .
    ඔය පලාතේ සඳුදා උදේට බස් එකේ එන්න ටිකක් අමාරුයිලු. කොහොම උනත් සඳුදා උදේ බෝඩිමට ඇවිත්
    ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවල, ඔය කියපු අයන් එකෙන් "එකක් විතරක් හොඳට ඩ්‍රයි ක්ලීන්" කරලලු ඔපීසියට එන්නේ.

    ReplyDelete
  10. මේ ඩබල අදහන්න වටිනවනේ....

    ReplyDelete
  11. ඒ වැඩෙත් ඉතින් නරකම නැහැ. අලුත් විදියකට ඔහොමවත් අපේ අය හිතන එකම මදෑ.
    මැණික්

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ලංකාව නව සොයා ගැනීම් වලින් ඉස්සරහින්ම ඉන්න රටක් නේ... මේ පොරවල් 2 ට පේටන්ට් එකක් දුන්නා නම් හරි.. :D

    ReplyDelete
  14. මෙහෙම සීන් එකක් අහැව්වමයි.. නියමයි

    ReplyDelete
  15. නියම පොරවල්ලා දෙන්නෙක්නෙ....

    ReplyDelete
  16. මේ සිරාමද ඇ. ඔක කී ඉන් වන් එකක් ද?

    ReplyDelete
  17. ෂුවර් එකටම බෙන්තර ගගෙන් එගොඩ ඩබලක් වෙන්න ඇති

    ReplyDelete
  18. සමහරු රොටී හැදූවා හොස්ටල් ඒකේ. ඔබේ බ්ලොග් අඩවිය එකල ඇස නොගැටූනු ඒක පුදූමයක්. අද තමයී මේ ඔක්කෝම ලිපි මුල් වරට කියවාන්නේ

    ReplyDelete
  19. Gimhani ට > ගැස් කුකර් එකක් ගන්න යන වියදම අඩු කර ගන්න එකත් cost cutting තමයි

    …ඔබ නොදු‍ටු ලොවක්..... > බලාගෙන පිලී ගඳ එයි

    …Enemy ට > දන්නලා එව්වා නම් කතාවට එකතු කරන්නත් තිබුනා

    …Anonymous ට > නම නොදැම්මට කවුද කියලා හිතා ගන්න පුලුවන්

    …Dinesh ට > අන්න මට ශේප් වෙන්න පුලුවන් ප්‍රතිචාරයක්

    …මැණික් ට > කොහොමටත් මෙ දෙන්නගෙ එක්කෙනෙකුට ටිකකමුතු විදිහට හිතෙනවා

    …මනීෂ ට > පෙටන්ට් එකට ඉල්ලන විදිහක් නෑ අයන් එක හොරු අරන් ගියානෙ

    …විසිතුරු | visituru ට > මෙහෙම සිදුවීමුත් සිද්ද වෙන්න එපැයි

    …Gordonia ceylanica ට > ස්තුතිය් ඔහොම පොරවලුත් ඉන්නවා


    …Asoka Handagama > මෙ ඔයා අර "විදු" හදපු හඳගමමද ?

    …AnithKona ට > ආවාට ස්තුතිය් තව තියෙනවා හිතෙ ඒ ටිකත් එලියට දාන්න ඔනා

    …˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ ට > කාටද?

    ReplyDelete
  20. අයන් එකෙන් රොටි පුච්චපු කේස් එකක් මටත් මතකයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  21. Ayyo mehemath ratak IRON eken bithhara badinakota thaachiyenda redi madhine

    ReplyDelete
  22. අයන් එකන් රොටි හදපු.. හීටරේ ගහල දෙල් තම්බපු උන් සෙට් එකක් විජෙරාමෙ බෝඩිමක හිටියා.. උන්ගෙන් දෙන්නෙක්ද මන්දා

    ReplyDelete
  23. මාත් ඔය සීන් එක කරලා තියනවා බෝඩිම් වල ඉන්නකොට එහෙම කෑමක් හද ගන්න කොට එක කොච්චර සැපක්ද ?

    ReplyDelete
  24. අඩේ මන් හිතන් හිටියෙ මම විතරඉ ඔහොම වෙඩ කරන්නෙ කියලා.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..