he

Sunday, September 25, 2011

වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting

 යගොල්ලන්ට මතක ඇතිනෙ ව්‍යපාරික ප්‍රජාව ආර්ථික අවපාතයකට ලක්වෙච්ච යුගයක් තිබුනා. ඒ කියන්නෙ 2008-2009 වකවානුවේ. ඔන්න ඔයකාලෙ Cost Cutting  කියලා වියදම් අවම කරගැනීමට් හුගක් ව්‍යාපාරිකයො එක එක උප්පරවැට්ටි දැම්මා. වායු සමීකරණ නිවාදැම්මා, විදුලි පංකා නිවාදැම්මා. වාහනවල ඉන්දන දීමනා කපා හැරිය,යම් යම් දීමනා කපා දැම්මා , ප්‍රින්ට් අවුට් ගන්න එක අඩුකලා, දුරකතන බිල්පත් වලට ගෙවීම් අඩුකලා, බෝනස් නැතිකලා  හරි එව්වා කමක් නෑ කියමුකෝ ඔයගොල්ලො අහලා තියනවද "වැසිකිලි ජල කප්පාදුව" ගැන. ඔන්න එහෙනම් අහගන්න නැත්නම් කියවන්න


මේ ක්‍රමය ක්‍රියාත්මක වුනේ මෙහෙමයි. එකල ගනනය කිරීම් වලට අනුකූලව ජලය ලීටරයකට ශත 32ක මුදලක් වැයවුනා. ඉතින් ඔය ටොයිලට් එකේ කොමඩ් එක උඩ තියන වතුර ටැංකියට වතුර ලීටර් 4 ක් අල්ලනවා. ඒ කියන්නෙ එකපාරක් වතුර ෆ්ලෂ් කරාම රුපියල් 1.28ක් ආයතනයට වැයවෙනවා ඉතින් මම මෙ කියන ආයතනය් සේවකයෝ 60ක් විතර ඉන්නවා මුන් සේරම දවසකට අඩුම තරමෙ තුන් සැරයක් වත් ටොයිලට් එකට යනවා ඒ කියන්නෙ ගනන් හදලා බැලුවොත් 1.28x60x3 ක් (රුපියල් 230ක් විතර ) මාසෙකට රුපියල් 6000 කට ආසන්න ගනනක් . ලොක්කට ඕන උනා මේ ගානත් ඉතුරු කරගන්න මොකද දන්නවද කලේ ....................... ............................... ............................................ ................................... ..........................
................................. ............................ ............................ ............




දවසෙ අන්තිමට ටොයිලට් යන එක්කෙනා හැර අනිත් අයට වැසිකිලිය ෆ්ලෂ් කිරීම තහනම් කලා.එතකොට දවසටම වියදම් වෙන්නෙ රුපියල් 1.28.

15 comments:

  1. මේ ලිපිය අපේ බොසා දැක්කොත් ඉවර තමයි. එයත් මේක ආදර්ශෙට ගනීවි.ඔය කියන කොම්පැනියෙ අය සනීපෙන් ඉන්නවද ජෝන්?

    ReplyDelete
  2. අපේ ලොක්ක නම් කොම්පැනිය වහලම දැම්මා. දැන් කස්ටර්මස්ලා නඩු කියනවා. ඇතුලටත් ගියා. එළියට ආවා. ආන්ඩුවට හේත්තු උනා. අපේ රටේ ප්‍රසිද්ධම සමාගමක් වැටෙන්න හේතුව උනේ. මේ කාළකන්නියා.

    ReplyDelete
  3. නියම ක්‍රමේ ඕක තියන තැන කියන්න මම ඩිස්පැන්සරියක් දාන්න. මාතලන්ගේ කොම්පැණිය මම දන්නවා.මගේ මලයත් ඕකෙ තමා වැඩ කලේ දැන්නම් වෙන ජොබකට සෙට් වුනා. මූ හම්බ කරපු සේසතම ඕකෙම දාල අන්තිමට අතේ සත පහක් නැති වුනා. යන්තම් අපි ගොඩදාගත්තා.

    ReplyDelete
  4. Sandamal ට," හෆෝයි කියුවේ ?"

    Gimhani ට,"ඔයාට නම් ඉතින් අර වතුර ලීටර් 1.5 බොතලේ වතුර ටික ඇති."

    මාතලන් ට,"එකෙක් හිටියම ඇති ඇති වෙන්න හරි නැති වෙන්න හරි"

    වෙද ගෙදර මහ වෙදනා ට,"බුදු අම්මෝ ඒ office එක ගැනනම් අහන්න එපා (එතන ලොක්කා මගේ යාලුවෙක්)"

    හැමෝටම "ඇවිල්ල අදහස් දැම්මට ස්තුතියි "

    ReplyDelete
  5. ඒ නියම වැඩේ ඈ... අන්න නුවණක්කාර අරපිරිමැස්ම

    ReplyDelete
  6. අන්තිමයා තමන් දැයි දැන ගන්නේ කෙසේද?

    ReplyDelete
  7. …අන්තිමයා නේද .. ඇයි ඉතින් ඔච්චර එකේ bossම හවසට flush කරගෙන ගෙදර යනවා.

    ReplyDelete
  8. Ahththatama pissu porak

    ReplyDelete
  9. ඔෆිස් එක පුරා ගඳ පැතිරිලා ඒකට මොකුත් කරන්න වුණේ නැද්ද ???

    ReplyDelete
  10. @ Pissaaaa එහෙම කියන්න එපා එහෙම තමයි ඉතුරු කරන්නෙ

    …@Hasitha ඒක එච්චර ප්‍රශ්නයක් උනෙ නෑ මොකද කට්ටිය ඒ පුසුඹට අනුවර්තනය වෙලා උන්නෙ

    …@Freedom මරුද කියලත් අහනවා

    ReplyDelete
  11. අගෙ ඇති වැඩේ

    ReplyDelete
  12. මේ එතකොට අර බර දේවල් චොක් ගාලා වැටෙද්දී කලින් ගියපු උන්ගේ එව්වා විසිවෙලා ඇවිත් පස්සේ තැරවෙනවා ඇති නේ.. හරි සෝයි...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..