Thursday, September 20, 2018

"තාත්තා" ගැන සටහනක්

ඉස්සර ලංකාවෙ ඉන්නකොට මට එපාම කරපු චැනල් එක සිරස. ඕක මට විතරක් පොදු අත් දැකීමක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන්න ඉන්දියාවෙන් ලාබෙට ගෙනත් ජහජරා බාල ඉන්දියන් ටෙලිනාට්‍ය හඩකවලා, රාත්‍රියට පවුලේ හැමෝම එකට එකතුවෙලා පවුලේ සුන්දරත්වය අත්වින්දින්නට යොදගත්  පැය කීපය  හොරකම් කරලා , අර කුනු ජරාව ලාංකික ජනසමාජයට වැක්කෙරුවෙ රත්තරනුත් දීලා.  



ඔය සිරස ගැන කලකිරිලා ලියපු බ්ලොග් සටහන් කීපයක් මගේ බ්ලොග් එකේ තියනවා  ,ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට  , සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝඋගුඩුවන්ට ඇටිකෙහෙල් කැවීම නොහොත් කලා කරුවන්ට කර්තෘ භාග ගෙවීම


ඒත් අද මම අවුරුදු දෙකකට පස්සෙ මේ බ්ලොග් සටහන තබන්නේ සිරසෙන් විකාශනයවන ටෙලි නාට්‍යයක් ගැන සටහනක් තබන්නටය. නරක  දේට බනින්නාසේ හොඳ දේ අගය කලයුතුයි.

කොටස් 300ක් 400ක් දිගහැරෙන මෙගා ටෙලිනාට්‍ය ගොන්නේ අතරමංවී හෙම්බත්වී සිටන  ශ්‍රීලාංකික ටෙලිනාට්‍ය රසිකයන්. නැවතවතාවක් සතියක් බලාපොරොත්තු දල්වාගෙන රූපවාහිනිය දෙස බලාසිටින්නට තරම්  ලලිත් රත්නායක නම් අධ්‍යක්ශකවරයා සමත්වී සිටින්නේ   සිරස නාලිකාවේ  සෙනසුරාදා සහ ඉරිදා විකාශනයවන "තාත්තා" ටෙලිනාට්‍ය සමගය.

අර හීන් හඩට දිය පෑරෙන පහල වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන සුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද මහ පොළවේ පපුවෙ තෙතමනේ

වැට කඩොලු මඩුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ
මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ

මල් කොහේ කොතන තිබුනද මහ වනේ දන්නෙ නෑ
කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිද යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහල නෑ

කුමාර ලියනගේ විසින් ලියනලද මේ ගීතය සංගීතවත් කර ගායනා කරන්නේ රෝහන ධර්මකීර්ති. ප්‍රේක්ශකයන් මුවගේ රැඳෙන්න පුලුවන් වුන මේ ගීත කන්ඩය මේ ටෙලියට හොඳ පිටුවහලක්.

Sunday, September 17, 2017

වැහි බිංදු ..

පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා
බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා
එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා
කඳුලු වැටුනට නෙතු අගිස්සෙන් පාර තාමත් පෙනෙනවා

Thursday, March 19, 2015

ඉතින් ආයුබෝවන් ක්‍රිකට්.

1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට් පරික්ශා කරන තැන හිටපු ගුරුතුමා අතට තාත්තා ටිකට් දෙක දීලා ආපහු තාත්තා අතට දුන්න ඉතුරු ටිකට් එක මම ඉල්ලගෙන නාස් පුඩු වලට තියලා බලපු ඒ තීන්ත සුවඳ මට තාම දැනෙනවා වගේ හැඟෙනවා.


…මගේ බලන්න ගිය පලමු මහ ක්‍රිකට් තරඟයේ මතකයක් හිතට ආවේ 2015 ලෝක කුසලානයෙන් විසිවුන සියුම් දුකත් එක්ක. 

එවර මහ ක්‍රිකට් තරඟය බලන්න උනන්දුවක් ඇතිඋනේ ශ්‍රීලංකාවට ටෙස්ට් වරම් හම්බවෙලා පවත්වපු පලමු මහතරඟය වීමම නෙමෙයි.

Saturday, January 3, 2015

පලිගැනීම් හා දේශපාලනය ගැන මගේ අත්දැකීම

සීතල කැනඩාවට ආවට පස්සෙ පෙට්ටගම තිබුනද නැද්ද කියලා බලන්න වෙලාවක් හම්බ උනෙ නෑ. හැබැයි මූනු පොතෙ නම් හුඟක් වෙලාවට සැරි සරන්න වෙලාව තිබුනා. ඒ ජංගම දුරකතනයට පිං සිද්දවෙන්න. යාන්තම්  වෙලාවක් හදාගත්තත්, හැම තැනකම ජනාධිපතිවරන උනුසුම නිසා ලියන්න කියන්න හැමදේටම මාතෘකාව වෙන්නේ ඕක.

 ඕකෙ ඉතින් මම කියලා මොනවා ලියන්නයැ. මට දෙශපාලනය ගැන කතාකරන්න කිසිම උවමනාවක් නෑ. ඒ උනාට මේ කතන්දරය ලියන්න මීට වඩා හොඳ කාලයක් එන්නෙත් නෑ. හැබැයි මෙක කියවලා ඉවරවෙලා ලොකු ජෝන් ශ්‍රිලංකා කාරයා කියන හැන්දෙන් මට බෙදාගෙනම යන්න එපා. මොකද මට ඔය ශ්‍රිලංකාවෙ දෙශපාලනය කියන එක එපාම වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපේ රටේ දේශපාලනය කරන උන්දැලා ලඟ ලජ්ජා බය කියන එක ගැවිලාවත් නැතිකම. නැත්නම් ප්‍රතිපත්තියන් නැතිකම. දෙශපාලුවොනම් එහාට පැනලා මෙහාට පැනලා තානාන්තරයක් නැත්නම් කුට්ටියක් කඩාගෙන උන්ගෙ හත්මුතු පරම්පරාවම ගොඩ දාගනි. උන්ගෙ පස්සේ උන්ට ආවඩාගෙන යන උන්ටවෙන්නේ අන්තිමේදි ඇටිකෙහෙල් කාපු රිලවුන්ට උනදේ. 

Saturday, June 7, 2014

පිටගංකාරයෝ

මගේ වස්තුව වෙච්චි වීඩියෝ සෙන්ටර් එකේ බඩු ටික විකුනන්න දාපු ලිපියෙන් පස්සේ පෙට්ටගම පැත්තට ගොඩ වෙන්න බැරි උනා. සෑහෙන කාලයක් ගත උනා. අධික වැඩත් කම්මැලිකමත් දෙකම එකතු වෙලා අලුත් පෝස්ට් මොකවත් දාගන්න බැරි උනා. අධික වැඩ වෙලාවට ලියාගන්න වෙලාවක් නෑ ලියාගන්න වෙලාව තියන වෙලාවට කම්මැලියි. මොනවා කරන්නද. ඔය දෙකම නැතිවෙන වෙලාවක් බලලා යාන්තම් ලියන්න ගත්තා. පහුගිය පෝස්ටුවේදි කියපු නොවැලැක්විය හැකි හේතුව ගැන මේ ලිපියෙන් කියන්න තමයි හිතාගෙන ඉන්නෙ.


හැත්තෑවේ දශකයේ මැද භාගයෙදි පුංචි බොරැල්ලේ ස්ථීර පදිංචිවෙලා උන්නු අපි ඒ කියන්නේ මමයි අම්මයි තාත්තයි, කොළඹින් පානදුරයට සංක්‍රමනය උනේ නාගරික වටපිටාවකින් මිදිලා නිවී හැනහිල්ලේ ඉදිරි ජීවිතය ගතකරන්න. එතකොට මම දවස් දාහතරේ පොඩි එකා කියලා තමයි අම්මනම් කියන්නේ.

Thursday, February 13, 2014

මගේ වස්තුව ......විකිනීමට ඇත

වීඩියෝ චිත්‍රපටි බලන්න අකමැති අය මේ අන්තර්ජාලයේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලානම් මම හිතන්නේ නෑ. මොකද අන්තර්ජාලේ පරිහරනය කරන වැඩිහරියකගේ මාසේට අදාල දත්ත ප්‍රමානය නැත්නම් තෙරෙන සිංහලෙන් කියවනවානම් ඩේටා ප්‍රමානය නැති නාස්ති කරන්නේ ඔය චිත්‍රපටි. මගේ මේ පෝස්ටුවේ අවසානේ කියන්නම් ඩේටා ප්‍රමානය නාස්ති නොකර චිත්‍රපටි බලන්න ක්‍රමයක්.


මම පහුගිය කාලෙ ඒ කියන්නෙ 1996 විතර ඉඳලා 2008 වෙනකම් විනෝදාංශයක් විදියට ආරම්භ කරලා වෘත්තීමය පැත්තටම ඇදගෙන ගිය මගෙ වීඩියෝ සෙන්ටර් එකේ සිදූවුනු රසවත් අත් දැකීම් කීපයක් බෙදාගන්න හිතාගෙන, හැඳින්වීමක් හැටියටත් එක්ක තමයි මේ පෝස්ටුව දාන්නේ.

…සාමාන්‍යයෙන් වෙනත් වීඩියෝ කඩ පවත්වාගෙන යන අකාරයට වඩා වෙනස් ආකාරයට තමයි මම මගෙ ආයතනය පවත් වාගෙන ගියෙ. සාමාජිකයන්ට පමනක් වන විදියට තමයි මෙය පවත්වගෙන ගියෙ. 1996 ඉඳලා 2002 වෙනතුරු හැඳුනුම්පත තබාගෙන වීඩියෝපට නිකුත් කලත් 2002න් පස්සේ හැඳුනුම් පත ගත්තෙ නෑ.

Tuesday, December 31, 2013

හිතේ පැතුම් ඉටුවන වසරක් වේවා !

දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද. 

ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ වගේ පැතුම් ඉටුවෙනවට. මම මගේ බ්ලොග් එක කියවන ඔය හැමටම පතන්නෙ හිතෙ හැංගිලා තියන අන්න ඒ ප්‍රාර්ථනා මේ අවුරුද්දෙ ඉටුවෙන්න කියලා. 


වසරක් ගියා අපහට නොකියම ගෙවිලා
නොලියු ලිපිත් ඇත පතුලට වී පිරිලා
අලුත් වසරේ ඔබහට පවසන්නට කියලා
කවියක් ලීවා සුබ නවවසරක් කියලා


…සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා !!