Monday, December 31, 2012

දහතුන තමයි දහතුන

     
දුක සැප මුසුව ඇත සටහන් ඉතිරිවෙලා
දහ තුන ලැබුවා දොලැහේ බර බිම තියලා
නිදුක් නිරෝගිව ඉන්නට හද පත්ලෙන් හිතලා
පතනවා ඔබට 13 සුබ වෙන්නට කියලා

Saturday, December 15, 2012

කතා කරන සැලලිහිනියා

සුරතල් සතුන් ඇතිකරන්න බොහෝ දෙනා කැමතියි. බල්ලො පූසො ගිරවු මයිනො ලේනො වගේම මීයො රිලවු වගේ සත්තුත් අද බොහෝ දෙනා ඇතිකරනවා. ඇයි වදේ අද සුරතලේට නයි ඇතිකරන නාටිකාංගනාවක් ගැනත් ඔය මාද්‍ය මේ දවස්වල කතාවෙන්න.
… 
සුරතල් සතුන් මිලදීගන්න පුලුවන් තැන් අදවෙනකොට ලංකාවෙත් තියනවා. මේ ළඟකදි බලු දන්සැලක් විහාරමහ දේවි උද්‍යානය පැත්තෙ තිබුනේ. නන්නත්තාරේ නොහොත් දඩාවතෙ යන බලු නාම්බො එකතු කරලා ෆැශන් එකට බලු හුරතල් පෙන්නන නෝනලා මහත්තුරු වෙත බෙදලා දුන්නේ. රූපවාහිනී නාලිකාවලින් ඇවිල්ලා අපේ රටේ බලු ආදරය ලෝකෙටම පෙන්නුවනේ. ෆැශන් එකට බල්ලො ඇතිකරන එකත් මරු වැඩේ නේද ?

…සුරතල් බල්ලො ගැන කතාකරන්න නෙමෙයි මම අද යන්නෙ . මට හිතුනා සුරතලේට ඇතිකරන සැලලිහිනියෙක් ගැන කතාවක් කියන්න .

Thursday, December 13, 2012

වීර චාරිකාවක්

අද මම කියන්න යන්නේ මගේ වීර චාරිකාවක් ගැන විස්තරයක්. වීර චාරිකාවක් කියන්නේ ඒ කාලේ හුඟදෙනෙක් කතාවට ලක් කරපු කතාවක්. අදත් අපේ අම්මනම් මතක් කරනවා. එහෙම මතක් කරනකොට අපේ නංගි, එයාට හරි ජොලි. උඩ පැන පැන අපිට කෝචොක් දානවා. හැබැයි ඒ කාලෙ ඒකි ඉපදිලත් නෑ මයෙ හිතේ. 

මේ කතාවට සම්බන්ද කාලේ 86 නැත්නම් 87. ඊට පස්සෙනම් නෙමෙයි. මගේ කලින්
පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම. කතාවෙ කියුවා වගේ අපේ අම්මා දවල් කෑම ගන්නෙ අපි පාසැල් ඇරිලා ආවම. ඉතින් ඒකතාවත් මතකේ තියාගෙනම මේ කතාවත් කියවන්න. 

…මමයි මල්ලිලා දෙන්නයි පාසැල් ගියේ නාලන්දෙට. පානදුරේ ඉඳන් නාලන්දෙට ඒකාලේත් පාසැල් බස් රථයක් තිබුනා ඒ ගැන මම ලොකු ජෝන් වීමෙ කතාව කියවලා තිබුන නම් දැනගන්න තිබුනා. උදේ පාන්දරම යන අපි හවසට එන්නෙත් පාසැල් බස් රථයෙන්මයි. ඔය බස් එක අරගෙන ආවේ නිත්‍ය රියදුරු මහතෙකුයි කොන්දොස්තර මහතෙකුයි. ජයසිරි අයියයි සැම්සන් අයියයි ඒ දෙන්න ගැනත් මම කලින් පොස්ටුවක කියලා ඇති.

හවසට පාසැල ඇරුනම සිරිධම්ම මාවතේ මාර ගහ යට බස් එක නවත්තලා තියෙනවා. හයිය හත්තිය තියන එවුන් පාසැල ඇරුන ගමන් දුවලා ඇවිත් හෙවන පැත්තෙ ආසනයක් අල්ලගන්නවා. අපි ඉතින් පොඩි උන්නේ, අපිට ඉතින් හුඟවෙලාවට ලැබෙන්නේ අව්ව පැත්තෙ ආසනයක් තමයි. මමයි මල්ලිලා දෙන්නයි බස් එකට නැග්ග ගමන්ම නිදි. කෙල පෙරාගෙන නිදියනවා කියලයි කවුරුත් ඒ දවස්වල කියුවේ . ඒත් අනේ මමනම් දන්නෙ නෑ මොකද මම නිදිනේ. බහින තැන ලං වෙද්දි සැම්සන් අය්යා ඒ කියුවේ කොන්දොස්තර මහතා අපි තුන්දෙනාව නැගිට්ටනවා. පානදුරේ පේන දුරින් තියන වලාන හන්දියෙන් අපි තුන්දෙනා බැහැලා ගෙදරට යනවා. අම්මගේ කෑම පැය අවසන් වෙන්න කලින් අපි බොහෝ දවස් වලට ගෙදර යනවා.

Monday, December 10, 2012

අදුනන මනමාලයා

සෑහෙන්න වැඩ ගොඩක හිරවෙලා උන්න සතියක් ඉවර වුනා ඉදිරි සතියත් ඒවගේම වැඩ අධික සතියක් වෙන බවනම් ඉස්තිරෙන්ම කියන්න පුලුවන්. ඒත් මේ බ්ලොග් එක ලියන්න වෙලාවක් හදාගන්නත් එපැයි. 

ඒ හන්දා උදේ පාන්දරම ලියන්න පටන්ගත්තා. මොකද අද උදේම ලොක්කා එන්නෙත් නෑ කියලා විස්වාසයි. ඈ ඒ කොහොමද විස්වාස ? ඇයි වදේ අද සඳුදනේ සඳුදට රාහු කාලය තියෙන්නේ උදේ 7.35 ඉඳන් උදේ 9.20 වෙනකන්නේ. හුඟදෙනෙක් ඔය දේ විස්වාසකරලා වැඩකරන්නේ. මම දන්න තරමින් නම් එහෙම කට්ටියට වැරදිලත් නෑ.

ඉතින් අද කතාවට රාහු කාලයෙන්ම මුල පුරන්නම්කො. රාහු කාලය ගැන කතාකරන්න මගේ ඔය ගැන දැනුමක් නෑ ඒත් ඔය රාහු කාලයේ සුබ කටයුතු එහෙම කෙරෙන්නෙ නෑ නේ. මගුල් තුලා වගේ කටයුතු අරබන්නෙ රාහු කාලය එහෙම මග හැරලා තමයි. අපි ඕවා විස්වාසකරන්නෙ නෑ කියුවට නොදැනුවත්ව හරි ඕවා මග හැරලා තමයි කෙරෙන්නේ.


Sunday, December 2, 2012

දුවගෙන් මවට

අපට හැමතිස්සෙම අහන්න ලැබෙන්නෙ අපි කැමතිම පුවත් නෙමෙයි. අපි කැමතිම පුවත් අපිට නිතරම අහන්න ලැබෙනවනම් එතන කුමක් හෝ වැරද්දක් කියලයි මට හිතෙන්නේ. හරියට සුරංගනා කතාවක වගේ. සුරංගනා කතාවල තියෙන්නේ අපට ඇවැසි අයුරින් නිමවෙන කතාවක්. ඒත් ජීවිතය කියන්නේ එහෙම එකකට නෙමෙයි. බලාපොරොත්තු නොවන අමිහිරි සිදුවීම් අත්දකින්නට ලැබෙන තැනක් කියලයි මට හිතෙන්නෙ.ඒත් ඒ බලාපොරොත්තු නොවන අත්දැකීම්වල ජීවිතයට එකතු කරගන්න බොහෝ දේ තියනවා.