he

Saturday, December 15, 2012

කතා කරන සැලලිහිනියා

සුරතල් සතුන් ඇතිකරන්න බොහෝ දෙනා කැමතියි. බල්ලො පූසො ගිරවු මයිනො ලේනො වගේම මීයො රිලවු වගේ සත්තුත් අද බොහෝ දෙනා ඇතිකරනවා. ඇයි වදේ අද සුරතලේට නයි ඇතිකරන නාටිකාංගනාවක් ගැනත් ඔය මාද්‍ය මේ දවස්වල කතාවෙන්න.
… 
සුරතල් සතුන් මිලදීගන්න පුලුවන් තැන් අදවෙනකොට ලංකාවෙත් තියනවා. මේ ළඟකදි බලු දන්සැලක් විහාරමහ දේවි උද්‍යානය පැත්තෙ තිබුනේ. නන්නත්තාරේ නොහොත් දඩාවතෙ යන බලු නාම්බො එකතු කරලා ෆැශන් එකට බලු හුරතල් පෙන්නන නෝනලා මහත්තුරු වෙත බෙදලා දුන්නේ. රූපවාහිනී නාලිකාවලින් ඇවිල්ලා අපේ රටේ බලු ආදරය ලෝකෙටම පෙන්නුවනේ. ෆැශන් එකට බල්ලො ඇතිකරන එකත් මරු වැඩේ නේද ?

…සුරතල් බල්ලො ගැන කතාකරන්න නෙමෙයි මම අද යන්නෙ . මට හිතුනා සුරතලේට ඇතිකරන සැලලිහිනියෙක් ගැන කතාවක් කියන්න .
අමරා රනතුංග ගායනාකරන මේ ගීතය ඇතුලෙන් වෙනම පනිවිඩයක් ගෙනගියත් ඒ ගීතයෙ තියෙන්නෙත් ගෙදර ඇතිකරන සැලලිහිනියෙක් ගැන. මේ ගීතය යූටියුබයෙන් අහලම කතාව කියවන්න. හැබැයි කතාවට ගීතය සම්බන්ද නෑ.


…හරි සින්දුව ඇහැව්වනේ එහෙනම් සින්දුව අමතකකරලා කතාව කියවන්න. ඔය සුරතල් සතුන් ඇතිකරන්න කැමති හුඟක් වෙලාවට කාන්තාවො කියලයි මට හිතෙන්නෙ. ඉතින් මම මේ කියන්න යන්නෙත් එක නෝනා කෙනෙකුට කතාකරන කුරුල්ලෙක් ඇතිකරන්න හිතුනලු. ඉතින් දන්න අදුනනන් අයට කියලා කතාකරන්න පුරුදු කරපු කුරුල්ලෙක් ඉන්න තැනක් ගැන හෙවුවලු.

හතර වටේම තියන සුරතල් සතුන් ඇතිකරන තැන්වලට ගිහින් අන්තිමේ එක තැනක උන්නලු කතාකරන්න පුරුදුකරපු සැලලිහිනියෙක්. ඌ හොඳට කතාකරනවා. ගාන ගැන නොසිතා නෝනා මේ සැලලිහිනියට කැමතිඋනේ ඌ හොඳට කතාකරන නිසා. ඒත් වෙලඳසැල් හිමියා ඌව දෙනගමන් නෝනට කියුවලු මූ කලින් උන්නේ ගණිකා නිවාසෙක පාලිකාවක් ලඟ කියලා. ඒත් ඌ කතාකරන්න පුරුදුකරපු එකෙක් හන්දා මේ නෝන ඒ ගැන නොසිතම සැලලිහිනියව මිලට අරගෙන.

ඌව කූඩුවක දාලා කූඩුව සාලේට ඇතුල්වෙන තැනම තිබ්බේ මූට තිබ්බ එක හොඳ ගතිගුනයක් නිසා. මූ එන හැමෝටම ආචාරශීලීව කතාකරන්න හැකියාවක් තිබුනා.

…නෝනා ගෙදර සාලේ තිබ්බ හැටියෙම සැලලිහිනියා

"සුබ උදෑසනක්.අලුත් මඩමක් , අලුත් මැඩම් කෙනෙක්. "

නොනට ටිකක් කේන්තිත් ගිහින් ඒත් මූ සතෙක්නේ කියලා තමන්ගේ දුවලා දෙන්නට කතාකලාලු පෙන්නන්න තමන් ගෙනාපු සැළලිහිනියව. තරුණ ගැහැනු ළමයි දෙන දුවගෙන ආවලු තමන්ගේ අම්මා අරන් ආපු සුරතල් සතා බලන්න.

 "සුබ උදෑසනක් අලුත් මඩමට අලුත් බඩු දෙකකුත් ඉන්නේ "

දුවලා දෙන්නගේ වගේම නෝනගේත් මූන ඇබුල් උනාලු ඒත් මූ සතෙක්නේ ටික දවසක් යනකොට කතාව වෙනස් වෙයි කියලා ඉවසගෙන උන්නලු.
කලින් දවසේ රාත්‍රී වැඩමුරය අවසන් කරලා නෝනගේ මහත්තයා ඩග්ලස් මහත්තය ගෙදර එනවෙලාව. සැළලිහිනියා මොනවද කියන්නෙ බලන්න අම්මයි දුවලා දෙන්නයි ඩග්ලස් මහත්තය එන පෙරමග බලාගෙන උන්නලු. මහත්තය ගෙදර දොර අරිනවත් එක්කම සැළලිහිනියා 

"සුබ උදෑසනක්! අලුත් මඩමක්, අලුත් මැඩම් කෙනෙක්, අලුත් බඩු කෑලි. ඩග්ලස් මහත්තය මෙතනටත් එනවා වගේ.


48 comments:

  1. හපොයි දෙය්යනේ..සැලලිහිනියා කරපු විනාසෙ..!!

    ReplyDelete
  2. ඉස්කෝලේ යන කාලේ අහලා තියනවෝ . අළුත් එකක් දාපියෝ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උබ එදා කියුවෙ බොරු, ඉස්කොලෙ ගියෙ නෑ කියලා ...හික් හික්

      Delete
    2. ඉගන ගන්ඩ නොගියට , කුණු හබ්බ කතා කියන්ඩ අපි ගියා හරිද

      Delete
  3. හෆොයි ...අර කෙල්ලෝ දෙන්නට සිය දිවි නසාගන්න හිතෙන්න ඇති !
    ................................
    අපේ ගමේ ගෙදරකත් ඔය වගේ මයිනෙක් ඇති කරනවා ..ඒ ගෙදර මනුස්සයට "වට්ටා " කිවුවහම කේන්ති යනවා .ඒ මනුස්සය බීල ගෙදර ඇවිත් ගෑනි එක්ක රණ්ඩු වෙනකොට මයිනා කියනවා වට්ටෝ 'අම්මට ගහන්න අපා ' කියල ,එතකොට වට්ටා මයිනට කුණුහරපෙන් බනිනවා .ඒ කියපු කුනුහරපෙම කියල මයිනා අයේ බනිනවා ..හික්

    ReplyDelete
  4. සැළලිහිණිය ගම කාල නොවැ........

    ReplyDelete
  5. කලින් අහලා නැති අජපල් පට්ට කතාවක් මචං. තැන්කු වේවා මේක මචං මේක අපිත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න අහලා නැති කට්ටියත් ඉන්නවා

      Delete
  6. Replies
    1. කසාදෙ ඉවරද .. අනෙ මන්දා

      Delete
  7. ආ ඩග්ලස් මහත්තයා මෙතනටත් එනවා නේ
    හී හී
    පට්ටයි බන්

    ReplyDelete
  8. ඈ බං ... මේකා රෑටත් කියන්නේ සුබ උදෑසනක් කියලද.... හි හි

    ReplyDelete
    Replies
    1. මලානේ... රාත්‍රී වැඩමුරය ඉවර වෙලානේ එන්නේ.. හරි හරි... හි හි

      Delete
    2. මම නම් හිතලා බලලා ලියුවේ

      Delete
  9. පස්ට කතාව. අටම ඉස්කෝලෙ යන කාලෙ ඇහුවට අපි අහල නෑනෙ.(ඉස්කෝලෙ ගියෙ නෑනෙ.)

    අපේ ගෙදරත් ඉන්නව මයිනෙක්, උට නම් දැන් ටිකක් වයසයි. ඖරුදු 14ක්. මගෙ වයසෙන් බාගෙකටත් වැඩි. නරක වචන නම් කියන්නෙ නෑ. පොඩි කාලෙ නම් කිව්ව "චූටි පුත කක්ක කොල්ල" කියල.(චූටි පුතා මමද කොහෙද)

    ලොකුම අවුල අපෙ අම්ම මට වඩා මයිනටයි, බල්ලටයි ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් අම්මලා කවද්ද සත්තුන්ට දරුවන්ට වඩා ආදරේ කලේ .. ඒ උබට පේන හැටි . එහෙම හිතන්න එපා .

      Delete
  10. හෆොයි ඩලා !

    සැලළිහිණියා නම් හැමගෙදරකටම වගේ එනවනේ, අපේ ගෙදරටත් ටීවී එක ගෙනාපු දවසෙ ඉඳන් එනව, දැන්නම් උගේ කතාවෙ ගන්න දෙයක් නැති නිසා අපි උගේ සද්දෙ වහල තියෙන්නෙ, ඕං.

    ReplyDelete
    Replies
    1. අන්න නියම උදහරනේ ඌ කොහොමත් පවතින ආන්ඩුවට කඩේ යන එක තමයි කරන්නේ ඕනට සැලෙන්න වැඩක් නෑ. මට මතකනේ ශ්‍රීමත් සමය

      Delete
  11. හපොයි! ඩග්ලස් මහත්තයා මෙතනටත් එනවා වගේ..... මරු කතාව මල්ලි.

    ReplyDelete
  12. සැලලිහිනි සංදේශය ......... අයියෝ ඩග්ලස්

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ නමක් පෝස්ට් එකට

      Delete
  13. ඇඩෙනවා...
    නෝනට ඇහෙන්නැතුව ඇති නේ....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඇහිලා නෑ ... හොක් හො ක්

      Delete
  14. හෆොයි. පව් අහිංසක ඩග්ලස් මහත්තයා. සැළලිහිණියා ගම කාලනේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මීට පස්සෙවත් සැලලිහිනි නැති තැන් වලට යන්න ඕන

      Delete
  15. හුටා පටි රෝල් නේද තනිතැන :)

    ReplyDelete
    Replies
    1. රොල්ද කියලත් අහනවා

      Delete
  16. කලින් අහලා නැති කතාවක් ලොකු ජෝන්...සැළලිහිනියාත් කරන දේවල් ඇත්තට...

    ReplyDelete
    Replies
    1. අහපු අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා

      Delete
  17. හි හි මේ කතාව නම් මම කලින් අහලා තියෙනවා.

    සැලලිහිණියා " අලුත් මඩමක්, අලුත් මැඩම් කෙනෙක්, අලුත් ගෑණු, ඒත් පරණ ගණු දෙනු කාරයාමයි " කියලා කිවුවලු කියලා තමයි මම අහලා තියෙන වර්ෂන් එකෙ තියෙන්නේ.. :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් කතාව පොඩි වෙනසක් එක්ක මම ලියුවේ

      Delete
  18. ඩග්ලස් මහත්තයට ඊට පස්සේ මොකො දන්නේ නෑ උනේ??

    ReplyDelete
  19. ඩග්ලස් මහත්තයා කියල තියෙනවා. මම බඩු ගන්න යන ග්රෝසරියට යන පාරේ තැනක තමයි මේ සැළලිහිණියා එල්ලලා තිබුණේ. මම ඉතින් යන එන ගමන් මේ සතාත් එක්ක ටිකක් කතා කළා. ඒකයි ඔය කියල.

    ReplyDelete
  20. සැලළිහිණියා වැඩේ දෙල් කරලා !

    ReplyDelete
  21. හයියෝ ඌ ගම කාල නේ...!

    ඕකුන්ට ඇත්තටම පුරුදු කරන්න පුළුවන්. අපේ ගමේ ඉන්නවා නෑදෑ වෙන අයියා කෙනෙක්. එයාට කාලයක් තිබ්බා කුරුල්ලෝ ඇති කරන පිස්සුවක්. ගිරව් මයිනෝ එහෙම කාලෙන් කාලෙට ඇති කළා. පස්සේ ඒ වැඩේ මිනිහ අත් ඇරලා දැම්ම.

    ඔය කාලේ අපේ අයියගේ ගෙදර ඇති කල මයිනෙක්. ඌ ට පුළුවන් "චූටි" කියල කියන්න විතරයි. ඌ කුඩුවේ දාන්නේ නෑ. නිදහසේ හිටියේ. දවසක් වෙන ගෙදරකදී අර නෑදෑ වෙන අයියා මයින ලඟට ගියා බිස්කට් එකකුත් අරගෙන...

    එදා ගෙදර ගිය වෙලේ ඉඳලා "චූටි" කියල කවුරු හරි මයිනට කතා කලොත් වෙනදට චූටි කියලම උත්තර දෙන ඌ, "ප_ _ ... කියල කියාගෙන කියාගෙන යනවා. ඇහුනේ නෑ වගේ ඉන්නවා ඉතින්. එපා කියන්නයැ..!

    ReplyDelete
  22. හපෝ බඩු මාට්ටු.. (සුරතල් සත්තු ඇති කරන එක අපිට ආතල් උනාට උන්ට ඒක එහෙම නෑ)

    ReplyDelete
  23. මේක මරු මචන්! :D

    ReplyDelete
  24. කාර්ය බහුල සිතිකීපයක් ගෙවෙන මොහොතක හදිස්සියෙන් ගොඩවැදුනත් ලැබුනෙ බොහොම විනෝදාත්මක ආස්වාදයක්.

    මොනව වුණත් සැළ ලිහිනියා ආයෙ මොහෙතක්වත් ඒ ගෙදර හිටියෙ නැතුව ඇති. අනේ ඩග්ලස් මහත්තයට ඉන් පස්සේ මොකක් වුනාද මංදා.

    මේ වගේ කතා සීරීස් එකක්ම තියෙනවානේ..

    ReplyDelete
  25. උපරිමයි.... ඩගියට ඇපත් නැති වෙන්න ඇති ඊට පස්සෙ....

    ReplyDelete
  26. හපොයි...... කාල හමාරයි....හික්...හික්....

    ReplyDelete
  27. කුණුහරප නැති හිනා කතාවක් මතක් වෙන්නෙම නෑනේ බං මගේ බ්ලොගේ දාන්ඩ.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..