Thursday, December 13, 2012

වීර චාරිකාවක්

අද මම කියන්න යන්නේ මගේ වීර චාරිකාවක් ගැන විස්තරයක්. වීර චාරිකාවක් කියන්නේ ඒ කාලේ හුඟදෙනෙක් කතාවට ලක් කරපු කතාවක්. අදත් අපේ අම්මනම් මතක් කරනවා. එහෙම මතක් කරනකොට අපේ නංගි, එයාට හරි ජොලි. උඩ පැන පැන අපිට කෝචොක් දානවා. හැබැයි ඒ කාලෙ ඒකි ඉපදිලත් නෑ මයෙ හිතේ. 

මේ කතාවට සම්බන්ද කාලේ 86 නැත්නම් 87. ඊට පස්සෙනම් නෙමෙයි. මගේ කලින්
පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම. කතාවෙ කියුවා වගේ අපේ අම්මා දවල් කෑම ගන්නෙ අපි පාසැල් ඇරිලා ආවම. ඉතින් ඒකතාවත් මතකේ තියාගෙනම මේ කතාවත් කියවන්න. 

…මමයි මල්ලිලා දෙන්නයි පාසැල් ගියේ නාලන්දෙට. පානදුරේ ඉඳන් නාලන්දෙට ඒකාලේත් පාසැල් බස් රථයක් තිබුනා ඒ ගැන මම ලොකු ජෝන් වීමෙ කතාව කියවලා තිබුන නම් දැනගන්න තිබුනා. උදේ පාන්දරම යන අපි හවසට එන්නෙත් පාසැල් බස් රථයෙන්මයි. ඔය බස් එක අරගෙන ආවේ නිත්‍ය රියදුරු මහතෙකුයි කොන්දොස්තර මහතෙකුයි. ජයසිරි අයියයි සැම්සන් අයියයි ඒ දෙන්න ගැනත් මම කලින් පොස්ටුවක කියලා ඇති.

හවසට පාසැල ඇරුනම සිරිධම්ම මාවතේ මාර ගහ යට බස් එක නවත්තලා තියෙනවා. හයිය හත්තිය තියන එවුන් පාසැල ඇරුන ගමන් දුවලා ඇවිත් හෙවන පැත්තෙ ආසනයක් අල්ලගන්නවා. අපි ඉතින් පොඩි උන්නේ, අපිට ඉතින් හුඟවෙලාවට ලැබෙන්නේ අව්ව පැත්තෙ ආසනයක් තමයි. මමයි මල්ලිලා දෙන්නයි බස් එකට නැග්ග ගමන්ම නිදි. කෙල පෙරාගෙන නිදියනවා කියලයි කවුරුත් ඒ දවස්වල කියුවේ . ඒත් අනේ මමනම් දන්නෙ නෑ මොකද මම නිදිනේ. බහින තැන ලං වෙද්දි සැම්සන් අය්යා ඒ කියුවේ කොන්දොස්තර මහතා අපි තුන්දෙනාව නැගිට්ටනවා. පානදුරේ පේන දුරින් තියන වලාන හන්දියෙන් අපි තුන්දෙනා බැහැලා ගෙදරට යනවා. අම්මගේ කෑම පැය අවසන් වෙන්න කලින් අපි බොහෝ දවස් වලට ගෙදර යනවා.


එදා අපි ඉස්කෝලේ යනකොට සල්ලි අරගෙන යන්නේ හදිස්සියකට ගන්න කියලා රුපියල් 10ක් වගේ තමයි. සීසන් ටිකට් එක මාසෙටම රුපියල් 25 සත 20යි. අපි තුන්දෙනාටම සීසන් තියන හන්දා රුපියල් 10ත් වැඩියි වගේ. හැමදාම ඔය රුපියල් 10 එහාට අරගෙන යනවා මෙහාට අරගෙන යනවා හැමදාම මගේ අතේ. වියදම් වෙන්නෙත් නෑ. පොත් බැග් එකේ පිට සාක්කුවේ අස්සට වෙලා තියනවා.

…අපේ පාසැල් බස් එකේ හුඟක් වෙලාවට යන්නේ රත්මලානේන් පානදුර පැත්තට වෙන්න ඉන්න අය විතරයි. මොකද මොරටුවට වෙනම පාසැල් බස් රථයක් තිබුනා.හැබැයි අපේ බස් එක නොඑන දවසට සැම්සන් අයියායි ජයසිරි අය්යයි උදේම කියනවා. අද හවසට බස් එක නෑ කියලා. ඒ දවස්වලට අපි සේරම මොරටුව බස් එකේ නැගලා රාවතාවත්තට එනවා. ඇවිත් පානදුරයට එන ආනන්ද බස් එකේ හරි වෙන CTB එකක හරි පානදුරයට එනවා. එහෙම දවස්වලට නම් අපි ගෙදර එනකොට හවස හතරාමාර විතරවෙනවා. අන්න එදාටනම් අම්මත් ආපහු ගිහින් හවස සෙල්ලම් කරන්නත් නෑ. 

ඉතින් අපේ චාරිකාව සිදුවුන දවසේ සැම්සන් අය්යාවත් ජයසිරි අය්යවත් හවස නො එන කතාවක් කියුවෙ නෑ. උදේ ඉස්කෝලෙට වෙනදා වගේම බස් එක ඇවිත් අපි පාසැලවෙත ගියා.එදා වෙනදට කලින් පාසැල ඇරුනා ඉතින් මාත් මල්ලිලා දෙන්නත් මාර ගහ යටට ආවේ බස් එක ඇවිල්ලනම් කලින්ම ආසනයක් අල්ලගන්න. කලින් ඇරුනට බස් එක ඇවිත් නෑ. ඔය මාර ගහ තියන පැත්තෙ නෙමෙයි පාරෙන් අනිත් පැත්තෙ තියනව ඉලෙක්ට්‍රොනික් බඩු, ඒකියුවේ එල්.ඊ.ඩී ට්‍රාන්සිස්ටර් ,අයි සී වගෙ බඩු විකුනන තැනක් නම සෙනිත් ඉලෙක්ට්‍රොනික් මට මතක හැටියට ඉස්කෝලෙම ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා තමයි ඒ ආයතනය පවත්වාගෙන ගියේ. ඔය කාලෙ තමයි ඔය නයිට් රයිඩර් ලයිට් සිස්ටම් එක එහෙම ප්‍රසිද්ද උන කාලේ. මටත් ඔය ඉලෙක්ට්‍රොනික් පිස්සුව හොඳට ගහලා තිබුනේ . හැබැයි ඉස්කෝලේ ඔය සම්බන්දව ඉගෙන ගත්තෙ නෑ. තනියම සර්කිට් හොය හොය කෑලි අමුන අමුන එක එක සෙල්ලම් දැම්මා.

…එදත් බස් එක එනතුරු සෙනිත් එක පැත්තෙ කැරකි කැරකි ඉන්න අතරේ මතක් උනා හදිස්සියට ගන්න කියලා දීපු රුපියල් දහය. රුපියල් 6ක් ඉලෙක්ට්‍රොනික් බඩු අරගත්තා. ඉතින් පොඩි ජෝන්ලා දෙන්නත් ඉන්නවනෙ උන් දෙන්නවත් ශෙප් කරගන්න් ඔනහන්දා ඉතිරි සල්ලිවල රතුම රතුපාට සැකරින් දාපු හැබැයි රසම රස බීම පැකට් අරගෙන උර උර උන්නා. මල කෙලියයි දෙකත් පහුවෙලා බස් එක නෑ. දැන් ගෙදර යන්නෙ කොහොමද? මොරටුව බස් එකත් ගිහින්.

…බස් දෙකම නැති දවසට කරන්නේ යනවා බොරැල්ලට පයින් . කැම්බල් පාක් එක මැද්දෙන් ගිහින් . රිජ්වේ රෝහල ලඟට එනවා. 154 කිරිබත්ගොඩ - ගල්කිස්ස බස් එකක් එනතුරු හතර අතෙ සිරි නරඹ නරඹ ඉන්නවා. බොහෝම වෙලාවක් බලාගෙන හිටියට පස්සෙ සෙනග නැති අපිට නගින්න පුලුවන් ගල්කිස්ස බස් එකක් අල්ලලා නගිනවා. එහෙම දවස්වලට නම් සුපුරුදු පරිදි නිදාගන්නෙ නෑ මොකද පුරුදු බස් එක නෙමෙයිනේ. පොඩි උන්දෙන්න ගැනත් බලන්න ඕනෙනේ.

…එදත් කලින් කියු ආකාරයට ගල්කිස්සට ආවා. වෙලාව තුනත් පහුවෙලා පානදුරයට බස් එකක් නෑ. ඉන්නවා ඉන්නවා බස් එකක් නෑ. ඒ පාර මොරටුව බස් එකක ඇවිත් බැස්සා රාවතාවත්තෙන්. මොකද රාවතාවත්තෙන් තමයි වාඩිවෙලා යන්න පුලුවන් පානදුර බස් එකක් අල්ලගන්න පුලුවන් තැන. අනේ ඉන්නවා ඉන්නවා බස් එකක් නෑ හතරාමාරත් පහුවෙලා ප්‍රයිවට් එකක යන්න අතෙ සල්ලිත් නෑ . ඇයි ඒවායින් LED අරගත්තනේ. 

කරන්නම දෙයක් නැති තැන පටන් ගත්තා අපේ වීර චාරිකාව රාවතාවත්තෙ සිට පානදුරයට .. පොඩි උන්දෙන්නත් හති ඇර ඇර එනවා. සේරම හොඳයි අර දිගරොල්ල පාලම උඩින් යනකොට තමයි අපට බය හිතුනේ ඇයි අප්පේ ජීවිතෙ පලවෙනි වතවට පාලමක් උඩින් තනියම යන්නේ. කොහොම කොහොම හරි පාලම පැනගෙන පානදුරේ පැත්තට පයින්ම යනවා. අනේ අපිව පහුකරගෙන පුද්ගලික බස් හෝ ගලා යනවා. කොහෙද අතෙ සල්ලි තිබුනනම් අපිත් නැගල යනවනේ .

 ඒ කාලේ කියපු හැටියටනම් හැතැප්ම පහමාරක් එදා අපි පයින් ආවා බඩගින්නෙම. අද ක්‍රමයට කියනවනම් කිලෝමීටර 9කට ආසන්න ගානක්. නරක නෑනේද ලොකු ජෝන්ගේ චාරිකාව. 

කොහොම හරි එදා මල්ලිලා දෙන්නව ශේප් කරගත්තා අම්මට පයින් ආපු බව නොකියන්න. කොහෙද අම්මට එයා වැඩකරපු බැංකුවේ කෙනක් එදා පෞද්ගලික බස් එකක් පානදුරෙ එනකොට අපි පයින් එනවා දැකලා. එදා අම්මා වැඩ ඇරිලා ආවේ දේවාලේ කපුවා පරල උනා වගේ නිකන් නෙමෙයි වේවැලකුත් අරගෙන.

55 comments:

  1. ජෝන්ගෙ නංගා අපේ වයස වෙන්නෝනා..

    කිව්වම මොකෝ මම නම් දැන් උනත් පාලමක් උඩින් පයින් යන්න උනොත් පණ බයේ යන්නෙ...

    ReplyDelete
    Replies
    1. ලිහිණි ඇන්ටි වැල් පාලමකින් ගියොත් එහෙම බඩුම තමා. :P

      Delete
    2. අපෝ ගිහින් තියෙනවා අන්කල්. පේරා ගිය වෙලාවේ.. අපෝ..ඒ ගැන නම් අහන්නවත් එපා..

      Delete
    3. මටත් හිතෙන්නේ ඒ වයසෙම වගේ තමා

      …හප්පේ මේ මොකද ඇන්ටිලා අංකල්ලා එතකොට අපි සීයලද ?

      Delete
  2. ජෝන්ටත් හරි කරදර නේද ඒ දවස්වල .... අපෙත් ඉන්නවා ජෝන් කෙනෙක් උට කියන්නේ වැල් ජෝන් කියලා...

    ReplyDelete
    Replies
    1. මටත් අර ටීවී එකේ කතාව යන සන්දියේ 1992දි විතර කොල්ලො ඔය නම කියුවා හැබැයි ලොකු ජෝන් නම ඊට අවුරුදු දහයකට විතර පරනයි

      Delete
  3. //නිකන් නෙමෙයි වේවැලකුත් අරගෙන//

    කෝ කලිසම පාත්කරපං බලන්ඩ වේවැල් පාරවල්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වේවැල ගෙනාවට අම්මා ඒකෙන් ගහන්නෙ නෑ.මට මතක හැටියට ගහපු දවසක් මතක් කරන්න අමාරුයි. හැබැයි මුලු ගමටම ඇහෙන්න බනිනවා. ඒ හොඳටෝම ඇති

      Delete
  4. වෙන කොහෙවත් නොගිහින් ගෙදර ආපු එකම මදැයි...

    ReplyDelete
    Replies
    1. වෙන කොහේ යන්නද ගෙදර හැර

      Delete
  5. මොකද්ද මේ ඉලෙක්ට්‍රොනික් කඩ ගොඩකට සෙනිත් කියන නම දාන්න හේතුව?
    ජෝන්ටත් හරි හරි වැඩ වෙලා තියෙනවනේ,,

    ReplyDelete
    Replies
    1. සෙනර් ඩයෝඩ් මතක් වෙන්න මයේ හිතේ....

      Delete
    2. හැබැයි සෙන්ත් කියලා එදා තිබ්බෙ නම් ඒක විතරය්

      Delete
  6. අයියෝ.. ඔය එල්ඊඩී කතන්දරේ. කැසට් කෑල් වලට සින්දු රෙකෝඩ් කරන සීන් හින්දා මමත් ඔය වගේ වීරචාරිකා ගිහිල්ල තියෙනවා ඒ වගේම වීර විදියට වේල් දෙකක් විතර නොකා නොබී ඉදල තියෙවවාත ඇම්ම නෙව.. සන්තෝසයි මම වගේ එකෙක් තව ඉන්නවට. ලොකු ජෝන්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව එක වල්ලෙ පොල් ඕනතරම් තියනවා

      Delete
  7. මදැයි කොලා...ඔයින් බේරුනා ඇති!

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව . සාදරයෙන් පෙට්ටගමට පිලිගන්නවා

      Delete
  8. මදැයි ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න හිතුනු දවස... පව් අප්පා ජෝන් සහෝදරයො... :D

    ReplyDelete
    Replies
    1. ඒකනෑ ඉඳලා ඉඳලා එදාමනෙ උනෙ

      Delete
  9. අම්මගෙන් වේවැල් කසාය හොඳට ලැබෙන්නෙ ඇති . සන්තෝසේ බැරුවා .

    ReplyDelete
    Replies
    1. කෙනෙක් අමාරුවෙ වැටුනම සන්තෝසේ වෙනවද. හැබැයි අම්මා ගැහුවෙනෑ ගමටම ඇහෙන්න බැන්නා

      Delete
  10. ඔය සර්කිට් කැලිවලට තිබුන පිස්සුව නිසා මමත් කරන්න ගිය වැඩ අනාගෙන තියේ...

    ReplyDelete
    Replies
    1. එකනේ ඉගෙනගන්නවා කියන්නේ

      Delete
  11. එහෙනම් පයින් ගිහින් තියෙන්නේ මම විතරක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය අත්දැකීම හුඟදෙනෙකුට තියනවා

      Delete
  12. තාම කතන්දරගේ කොමෙන්ට් එක ඇවිත් නෑ.. එයා දැක්කා නම් උඹලැයි අම්මට නඩු දානවා... වේවැල් පාවිච්චි කිරීමට එදිරිව....

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ කතන්දරයා ළමයින්ට ගහනවට විරුද්දයි නෙව

      Delete
    2. කතන්දර මගෙ බ්ලොග ගැන දන්නෙ නෑ මයෙ හිතෙ

      Delete
  13. Replies
    1. කිලොමීටර් 8 ක් නරක නෑ

      Delete
  14. හේ හේ මට නම් පාලම්, ඒදඩු , වැල් පාලම් සිම්පල්....

    ReplyDelete
    Replies
    1. ඔය බොරු මයෙ හිතේ

      Delete
  15. මමත් ක්ලාස් යන කාලෙනම් රුපියල් 10 ක් ඉතුරු කර ගන්න ඔහොම පයින් යනවා! හැබැයි එතකොට රුපියල් 50 ක් විතර වියදම්! ඇයි හවසට වඩේ කාරයෝ එහෙම පාරේ ඉන්නවනේ!

    ReplyDelete
  16. හෆොයි ! කාපු කට්ට මදිවට වේවැල් කසායකුත් ලැබිල.

    අපේ අයියටත් ඉස්සර ඔය සර්කිට් උණ තිබ්බා, ගේ හැම තැනම වයර් කෑලියි බැට්රි කෑලියි බල්බ් එතකොට ඔය සර්කිට් හදන්න ගතිපු ෆෝමිකා කෑලි එකම විකාරයයි.

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඒක පොදු ලක්ෂනයක් වෙන්ඩ ඇති. මගේ කාමරේත් ඔය වගේමයි..

      Delete
    2. වේවැල් කසායනම් ලැබුනෙ නෑ ඒත් හොඳටම බැනුම් ඇහුවා

      …මගේ කාමරෙත් එහෙම තමා .. ...... තාමත්

      Delete
  17. බෝම සන්තෝසයි. මාත් ඇති පදම් වීර චාරිකා ගිහින් තියෙනවා. :D

    ReplyDelete
    Replies
    1. තව ඉන්නවා එහෙනම්

      Delete
  18. හපොයි වේවැලෙනුත් ගැහුවද?? අලේ මම ඒ කාලේ මැරිලවත් නැතුව ඇති ඊට කලින් ආත්මේ.. :D

    ReplyDelete
  19. හයියෝ ජෝන් අයියේ මම 16kms පයින් ඇවිත් තියෙනවා. එකත් මෙහෙ ගිනිගහන මද්දහනේ. හැබැයි අම්බා ගුටි කෑවා.

    ReplyDelete
    Replies
    1. 16 පයින් ගිහින් ගුටිත් කෑවා ... පවු

      Delete
  20. නියම චාරිකාවක් නෙ

    ReplyDelete
  21. මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියෙනවා අයියා හැබැයි අයියා තරම් දුර ඔයින් ගියේ නැහැ.මම නම් ඇන්ටි කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලගෙන රාගමට ගිහින් රාගම ඉඳන් පයින් ගියා ගෙදරට කිලෝමීටර් දෙකක් විතර.

    ReplyDelete
    Replies
    1. ඉල්ලගන්න හිත දුන්නෙම නෑ

      Delete
  22. අවුස්සලා තියෙන්නේ සුන්දර මතකයක් !

    ReplyDelete
    Replies
    1. තව තියනවා ඔය වගෙ මතක

      Delete
  23. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සයිට් එක ප්‍රමොට් කරන්න මේක එච්ච‍ර හොඳ ක්‍රමයක් නෙමෙයි

      Delete
  24. මම නම් ඉස්සර දවසක කස්ටිය එක්ක සැට් වෙලා යන්න බස් නැතුව පයින් ගිය සිදුවීම් තමා මතක් වුනේ... කට කපලා වෙරි නිසා දුර දැනුනෙ නෑ... ගෙදර එද්දි වෙරි කැලේ...

    ReplyDelete
    Replies
    1. වෙරි නිසානම් ඔයට වඩා ආතල් අරගෙන තියනවා ඒ ගැන පස්සෙ කියන්නම්

      Delete
  25. මාත් ඔය වගේ චාරිකාවක් බොහොම කාලෙකට ඉස්සර ගියා මතක්වුනා.වෙලාවක ඒක ගැන ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අපිත් එන්නම් බලන්න

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..