he

Sunday, December 2, 2012

දුවගෙන් මවට

අපට හැමතිස්සෙම අහන්න ලැබෙන්නෙ අපි කැමතිම පුවත් නෙමෙයි. අපි කැමතිම පුවත් අපිට නිතරම අහන්න ලැබෙනවනම් එතන කුමක් හෝ වැරද්දක් කියලයි මට හිතෙන්නේ. හරියට සුරංගනා කතාවක වගේ. සුරංගනා කතාවල තියෙන්නේ අපට ඇවැසි අයුරින් නිමවෙන කතාවක්. ඒත් ජීවිතය කියන්නේ එහෙම එකකට නෙමෙයි. බලාපොරොත්තු නොවන අමිහිරි සිදුවීම් අත්දකින්නට ලැබෙන තැනක් කියලයි මට හිතෙන්නෙ.ඒත් ඒ බලාපොරොත්තු නොවන අත්දැකීම්වල ජීවිතයට එකතු කරගන්න බොහෝ දේ තියනවා.


මේ කතාව අද මට ඊයකින් ලැබුන එකක්. ලැබුනේ මේ විදියට නෙමෙයි, අපිට ගැලපෙන විදියට වෙනස් කරලා තමයි මේ කතාව අද මම ලියන්නෙ. කලින් කියවලා ඇති අයත් බැලුවට කාරි නෑ. සමහර විට බ්ලොග් පොස්ට් විදියටත් ලියවිලා තියෙන්න බැරි නෑ එහෙම තියනවනම් කමෙන්ටුවක් හැටියට ලින්කුව දාන්න.

පියා රැකියාවට යන පවුලක මව ගෘහනියක් නම් ඇයට දූදරුවන්ගේ කෑම බීම ඇඳුම් කැඩුම් ගැන වගේම ඉගනීම ගැනත් සොයා බලන කටයුත්ත නිතැතින්ම පැවරෙන්නක්. මේ කතාව එවැනි පවුලක සිදුවූ කතාවක්. තරුණ පාසැල් යන වයසේ දියනියක් සිටින අම්මා කෙනෙකුට තම දියනියගේ මේසය මත තිබී හොඳින් නවා තිබූ ලියුම් කවරයක් දක්නට ලැබුනි.

"ආදරණීය අම්මේ " කවරයේ එසේ තිබුනි.
ගැහෙන හිතින් ඇය කවරය තුලින් කහ පැහැති පිටුවක ලියූ ලිපියක් ඉවතට ගන්නා ලදි,
දයාබර අම්මේ,
අම්මාගේත් අප්පච්චිගෙත් එකම දුවගෙන් මෙවැනි ලිපියක් ලැබීම ගැන දහස් වාරයක් මට සමා වන්න. ඔබ දෙපලගේ මුහුන බැලීමට නොහැකි නිසා මෙලෙස ලිපියකින් විස්තර කියමි.

හන්දියෙ කසිප්පු සුමනෙගෙ පොඩි පුතා බීඩී ගුනේ සමග මා සම්බන්දතාවයක් පවැත්වුයෙ මීට මාස ගනනාවකට පෙර සිටයි. මේ සම්බන්දයට කිසිදිනක ඔබගෙන් කැමැත්ත නොලැබෙන බව මම දනිමි.

මට දැනෙනා පරිදි ගුනේ අයියා හො ඔහුගේ මිතුරෙකු නිසා මා ගැබිනියක් බවට පත්ව ඇති බව මට හැඟේ.
…ගුනේ අයියා හා මිතුරන් සමග මීට ටික කාලයකට පෙර සිට හෙරොයින් පානයටද ඇබ්බැහිවී ඉන් අත්මිදීමට නොහැකිව සිටිමි. එහෙත් ගුනේ අයියා මා රැකබලාගන්නට කැමති බව කීනිසාත් වෙන කිසිම බලාපොරොත්තුවක් මාහට නැති නිසාත් මෙම තීරනයට මම පැමිනියෙමි. කසිප්පු සුමනේ මාමා හිරෙන් නිදහස්වී ආදිනක ඔහුත් සමග ඔබ බැහැදැකීමට එන්නම්. එතෙක් මා ගැන නොසිතා සිටින්න .
…මීට ආදර දුව

ප. ලි. රෝසපාට ලිපියත් කියවන්න


කකුල්දෙක පනනැතිව වැටෙන්නට ගිය ඇය ඇඳ මත වාඩිවූවා නොව වැටුනාය.තවත් මොහොතක්වත් ප්‍රමාද නොවූ ඇය ගිනිගත් හිසින් යුතුව ලියුම් කවරය හොලවා බලා රෝස පැහැයෙන් යුතු තවත් කුඩා ලියුම් කැබැල්ලක් අතට ගත්තාය 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
 

…අම්මේ,
…අර කලින් කියවපු ලිපිය අමූලික බොරුවක් . ඒත්, මම දැන් ඉන්නෙ අල්ලපු ගෙදර. බලන්න මේ ලෝකෙ තියන සමහර පුවත් අපට විඳ දරාගන්න කොච්චර අමාරුද කියලා ඒත් ඒ වගේ නරක ආරංචිත් අද සිද්ද වෙන්න පුලුවන් නේද ? මගේ මෙස ලාච්චුවේ උඩම මගේ ඉස්කෝලේ රිපොට් කාඩ් එක ඇති. බලන්න ඒක අර කලින් ලිපියට වඩා කොච්චර සැර අඩුද කියලා .

මම ආදර දුව.

37 comments:

  1. අරකිව කන්නෙපෑයැ. ඇයි වදේ හොඳ වෙලාවට අර අම්ම එතනම ඩවුන්ද පල්ලන් නොගියෙ.

    දැන් කාලෙ ළමයින්ට ආදරුසෙට ගන්න පුළුවන් කතාවක්, ඕං කරනවනම් වැඩ. :)

    ReplyDelete
    Replies
    1. DDT කිව්ව කතාවට එකගය් මමත්...මටත් ඕකම හිතුනා...ඔන්න මම නම් අදමයි ආවේ... මම මේ කල්පනා කරේ ඕක අත්හදා බලන්න එහෙම යනවා නම් අම්මා විතරක් ගෙදර ඉන්න වෙලාවක කරන්න ඕන..තාත්තා හිටියොත් මැරුම් තමයි කන්න වෙන්නෙ... :/

      Delete
    2. අම්මා විතරක් ඉන්න වෙලාවක කරන්න එපෝ ඔය වගෙ වැඩ. එතකොට අම්මව හොස්පිට්ල් ගෙනියන්නේ කවුද ?

      Delete
  2. මේකෙ බොහොම බලගතු ආදර්ශයක් තියනවා.. අපිට රාජකාරිමය වශයෙන් යොදාගන්ඩ තියන අවස්තා බහුලයි..

    ReplyDelete
  3. අපේ අප්පේ! කෙල්ලගේ මොලේ තමයි මොලේ බොල!

    ReplyDelete
  4. මෙහෙම එකක් ලියලා පස්සේ පෙන්නුව රිපොට් කාඩ් එකේ තත්වේ ම්ම මේ කල්පනා කලේ.. හොද වෙලාවට අම්මට හාට් ඇටෑක් ආවේ නැත්තේ..

    ReplyDelete
  5. ඇත්ත තමා මුල් ලිපියට වඩා අනෙක් ඕනම දෙයක් සැර අඩුයි...

    ReplyDelete
  6. කෙල්ලගේ මොලේ තමා මොලේ. කෙල්ලගේ අම්මට හාර්ට් ඇටෑක් එකක් හැදුනෙඋ නැති එක විතරයි පුදුමේ. බුකියේ මේ වගේ එකක් තියෙනවා. නමුත් හුඟක් වෙනස්.

    ReplyDelete
  7. කෙල්ලගේ මොලේ දන්නා ඕනේ ඇලේ..හිකිස්,
    විභාහගේ ෆේල් වෙලා ඇති අම්මපා මෙහෙමත් කෙල්ලෝ ..කල්ල කපටි අම්මන්ඩ්යෙක්...

    ReplyDelete
  8. මේකි කොටියම කාපිය. ඇයි යකෝ අර අම්ම වැලිගම් පිටි යවන්න ඔච්චරම ඕනෙ ද ඔය බඩ්ඩට. එතකොට හිතා ගන්න පුළුවන් උන්දෑගේ රිපෝර්ට් කාඩ් එකේ තරම. මෙහෙමත් "මාර දූවරු"

    ReplyDelete
  9. මමත් කියවලා තියෙනවා මේ කතාව... ඉංග්‍රිසි ලියුම මීටත් වඩා සැරයිද මන්දා... හි හි...

    හැබැයි අම්මටයි තාත්තටයි ප්‍රෙෂර් එහෙම තියෙනවනං කරන්න හොඳ නෑ.. ඒ ඇරෙන්න නම් රිපෝට් එක පෙන්නන්න නියම ක්‍රමේ මේක තමා... හි හි..

    ReplyDelete
    Replies
    1. ම්හ් ..... ප්‍රෙෂර් විතරක් නෙවෙයි, තව එකක් තියෙනව. තාත්තා ඇදල ගත්ත දමල ගැහුව ජාතියෙ පොරක් නම් ඒත් වැඩේ හොඳ නෑ. තාත්තා අනිත් ලියුම බලන්න කලින් ගිහින් අර අහිංසක බීඩි ගුණේව නැට්ටෙන් එල්ලල එයි.

      Delete
  10. ඕව පව් වැඩ අනේ !ටිකක් සැර අඩු කරලා නම් කරාට කමක් නෑ ඕක හි හි

    ReplyDelete
  11. තව ටිකක් එහෙ මෙහෙ උනානම් තාත්තට කියවන්ඩ වෙන්නේ රිපෝට් එක නෙවෙයි. අම්මගේ මරණ දැන්වීම. :D

    ReplyDelete
  12. තව ටිකක් එහෙ මෙහෙ උනානම් තාත්තට කියවන්ඩ වෙන්නේ රිපෝට් එක නෙවෙයි. අම්මගේ මරණ දැන්වීම---------සහතික ඇත්ත... ඔහොම දේවල් කරන්න ගිහින් ඔයවගේ වැඩ ඕන තරම් වෙලා තියෙනවා ..මෝඩ කෙල්ලක්...

    ReplyDelete
  13. අන්න කෙල්ලෝ.......... මොකක්ද ජෝන් අයියේ අර නම් සැට් එක බීඩි ගුනේ මරු......

    ReplyDelete
  14. අම්මට හුදු... එකනං ඵට්ටයි බන්.. හෙහ් හේ

    ReplyDelete
  15. හෙන ගහන්න එපැයි මේකිට
    නහරයක් වත් පිපුරුනා නම් සොරි ඩොට් කොම්

    ReplyDelete
  16. ගැනු ලමයි ඔහොම්මයිලු කපටීම කපටිලු

    ReplyDelete
  17. ඇත්තට මේ කෙල්ලගේ රිපෝර්ට් එක ගැන මම මේ කම්පනා කරන්නේ...:O

    ReplyDelete
  18. වාර විභාගෙට ලකුණු අඩු වීම ලෝක විනාසෙ හැටියට දකින අම්මලට නම් හොඳ පාඩමක්

    ReplyDelete
  19. යකෝ මලා නම් එහෙම දෙවෙනි එක කියවන්න කලින්?

    ReplyDelete
  20. පට්ට කෙල්ලෙක්නෙ බං...!ඇත්තටම මෙහෙම වෙලාද..?

    ReplyDelete
  21. මේ දැරිවි නියමෙට කල්පනා කාරීව කර ඇති වැඩේ නම් හරිම අපුරුයි එකක් මේ වගේ ඒව දකින විට අම්මලා තාත්තලාගේ ඉවසිමේ ගුනය බලන්නත් පුලුවන්. හැබැයි අනතුරක් කර නොගත්තොත් විතරක්.

    ReplyDelete
  22. ඕක ඕ ලෙවල් වලට කියන්න තියා ගත්තනම්.... නැත්නම් ඒ වෙනකොට කියන්න එකක් නැති වෙයි.

    ReplyDelete
  23. හොඳ නුවණැති දැරිවියක්.ඉන්නා තැනක් දන්නේ නම් පවසනු මුණගැසී උම්මා එකක් දීමත් කැමැත්තෙමි :D

    ReplyDelete
  24. මමත් ඔය මේල් එක කියෙව්වා. උම ඒක වැඩ දාලා ලියලා. නියමයි ජෝනා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  25. අනේ මන්දා ඔහොම විහිළු නිකමටවත් කරන්න හිතන්නවත් නරකයි...තමන් දරුවෙක් හදන්න වඩන්න ගත්ත මහන්සිය ඒ දරුවා ගැන තියන බලාපොරොත්තු හැම දෙයක්ම විහිළුවට හරි විනාඩි කීපයකට විනාස වෙලා ගිහින් අම්මගේ හිතේ දුක් ගින්නක්ම අවුලුවන එක පවක්.. පහුවෙලා හිතට සතුටක් දැනුනත් මේ වගේ විහිලුවක් කවදාවත් අම්මෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ...හදිස්සියෙ අසනීප උනා නම්..... මේක කියවද්දි මට මතක්වුනෙ මේ රටේ මව්වරුන්ගේ දවසෙත් මම ඔය වගේම කතාවක් ගුවන්විදුලි සජීවී වැඩසටහනකින් ඇහුවා.. ඒ වෙලාවෙදි මම මහත්තයට කීවෙ හදිස්සියෙ අර අම්ම අසනීප උනා නම් කියල...
    ඒ දවසෙ තමන්ගෙ අම්මව වැඩසටහනට සම්බන්ධ ක්‍රගෙන (අම්මා මෙය වැඩසටහනක් බව නොදැන සිටිය යුතුඊ අම්මාගෙන් එක නරක වචනයක් කටින් පිට කර ගන්න ඕනෙ..එතකොට තමයි තෑග්ග ලබෙන්නෙ.මේ ඉස්කෝලෙ යන ගෑනු ළමයා අම්මට කීව එක පාරටම මට දරුවෙක් ලබෙන්න ඉන්නවවා කියල.අම්ම ටිකක් නිශ්ශබ්දව ඉඳල මාස ගානත් අහලා අර ප්‍රසිදම වචනෙ වෙච්ච F... කීවා

    ReplyDelete
  26. මම මේ ලිපිය ලියද්දිම කියුවා මේක මට ලැබුන ඊයක තිබුන දෙයක් කියලා. මම මේ කතාවෙන් අපෙ රටේ දරුවෙකුගෙන්නම් මෙවැනි ලියුමක් අම්මකෙනෙකුට ලැබෙන්න තියන ඉඩකඩ අඩුයි. හැබැයි ලිපියෙ අන්තර්ගතයනම් සිද්දවෙන්න බෑ කියන්න බැ. ඒ ඉඩකඩ වැඩියි. ඒත් අනාගතයේදි අම්මලාට මෙවැනි පුවත් ඇසීමේ අවදානමක් තියෙන්න පුලුවන්.

    …දරුවන්ගේ ඉගනීම වගේම කල්ක්‍රියාව ඇසුරුකරන්නන් ගැනත් අම්මලා තාත්තලා හොඳ සිහියෙන් හිටියොත් දරුවන්ගෙන් මෙවැනි ලිපියක් බලාපොරොත්තු නොවී ඉන්න පුලුවන්

    …ප.ලි හැම කොමෙන්ටුවටම පිලිතුරු කෙටීමට කාලය හරස් වී ඇත. අලුතින් පෙට්ටගමට එකතුවුනු මිතුරන්වත් සාදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  27. කෙල්ලත් පව් අම්මත් පව්.

    ReplyDelete
  28. ඔය තියෙන්නේ අපේ ක්‍රමේට ගැලපෙන්න ලියලා...

    ReplyDelete
  29. ඒල වැඩෙ....මෙ පාරම ටෙස්ට් කරල බලන්න ඔනෙ වෙනස් විදියකට...

    ReplyDelete
  30. ම්හ්.. බොහොම භයානකයි. :(

    ReplyDelete
  31. වැඩේ හොඳයි ප්‍රතිපලය භයානක වෙන්නත් ඉඩ තිබෙනවා.

    ReplyDelete
  32. කෙල්ලට තියෙන්නෙ සටකපට තීක්ෂණ බුද්ධියක් නොවැ...

    ReplyDelete
  33. යක්ස කෙල්ලෙක් නෙව. කතාව එලටම ලියල තියනවා.

    ReplyDelete
  34. හත්තිලවුවේ මේ අත්තම්මගේ පෙට්ටගම මටත් ඉස්සර අහු උනානම්...චික් අප්පා අපරාදේ එහෙනම් මමත් බැනුම් අහගන්නේ නැතුව රිපෝට් එක ගෙදරට දෙනවනේ...

    නියමයි කතාව...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..