he

Saturday, August 18, 2012

111. ට්‍රිබල් X CD එකක්

කාලයක් මම වීඩියෝ සෙන්ටර් එකක් කලා. වීඩියෝ සෙන්ටර් එකක් කියුවට ටිකක් වෙනස් විදියක එකක්. ඒගැන විස්තරයක් වෙනම පෝස්ට් එකකින් කියන්නම්. මේ මට අද උදෙ පොඩි කොලු ගැටයෙක් CD එකක් අරගෙන යනවා දැකලා එකපාරටම මතක් උන සිදුවීමක්.

මේ සිද්දිය උනේ 1998 වසරෙදි. අද වගේ කොමියුනිකේශන් වීඩියෝ ඒකාලෙ තිබ්බෙ නෑ.වැඩි හරියක් තිබුනෙ VHS කැසට් . CD පිටපත් කරලා දුන්නෙ නෑ මොකද ඒ කාලෙ CD වලට යන වියදම සැරයි. අනික CD පිටපත් කරන එක අද වගේ ජනප්‍රිය නෑ. DVD එකක් පරිගනකවලට සවිකරලා තිබුනෙ එහෙමත් කෙනෙකුගෙ තමයි.හරි වැල්වටාරම් අනවශ්‍යයි මට කියන්න ඕනවෙලා තිබුනෙ ඒ දවස්වල තිබුනෙ පකිස්තානයෙන් හෝ මලයාසියාවෙන් ගෙන්වන, තැටිය මත අදාලා චිත්‍රපටයෙ ඡායාරූපයක් මුද්‍රනය කරලා තිබුන CD විතරමයි.


බම්බලපිටිය ආසන්නයෙ රැකියාවක නිරත වෙලා උන්න මට කොළඹ මහා පරිමාණයෙන්ම වීඩියො චිත්‍රපට ගෙන්වන අය බද්දට දෙන අය හොඳට හුරුපුරුදුයි. මොකද ඒ අයට පරිඝනක ගැටලු පැන නැගුනම ඒ සේවය සපයන්නෙ මම. ඒ අය මාර්ගයෙන් මට අලුත්ම VCD තැටි මිලදී ගන්න ලැබෙනවා. ඒ කාලේ ඒක VCD තැටියක් රුපියල් 400 - රුපියල් 500 අතරෙ ගානක් වෙනවා හින්දි චිත්‍රපටයක්නම් රුපියල් 600ක් විතර වෙනවා මොකද හින්දි චිත්‍රපටියක තැටි 3ක් එනවා.

මේ දවස්වල මම පරිඝනක අංශයෙ රැකියවක නිරතවෙලා උන්න නිසා මම රැකියාව කරපු ආයතනයෙන් මම ලැබෙන CD පිටපත් කරලා ගන්නවා මම හිතන්නේ ඒ කාලෙ පිටපත් කරපු CD තිබුනෙ මාලඟ පමනයි.

ඔන්න දැන් තමයි අද කතාව පටන් ගන්නේ. මම වීඩියෝ සෙන්ටර් එක කරගෙන ගියේ උඩු මහලක. දවසක් පොඩි කොලු ගැටයෙක් අවුරුදු 13ක් නැත්නම් 14ක් ඇති. මගේ ආයතනයෙ හිටපු මගේ කීකරුම ගෝලයා ලඟට ඇවිල්ලා හිමිහිට ඇහැව්වලු

"අයියේ මට ට්‍රිබල් එකක් දෙනවද"

ගෝලයා මගේ ළඟට ඇවිත් ඇහුවා බලන්න මූ වයසේ තරමටද ඉල්ලන්නේ කියලා.

පස්සෙ මම ඒ පොඩි එකා ළඟට ගිහින් දුන්නා අලුතින් මම පිටපත් කරගෙන ආපු තැටි තුනකින් සමන්විත චිත්‍රපටියක්. ඒකේ නම නිල්පාට ෆෙල්ට් පෑනකින් ලියලා තිබුනෙ K2H2 කියලා. පොර මගේ දිහා බලලා

"තුනක් ?"

…මම හිමිහිට ඇහුවා

"ට්‍රිබල් එකක් නේ ඉල්ලුවේ ?" කියලා

පොර හරි ආසාවෙන් දිව්වා ගෙදර. පැයකට විතර පස්සේ පොර ආපහු දුවගෙන එනවා මූනෙ තිබුනෙ මලානික කේන්තියක්

"මොකක්ද හලො මට මේ දුන්නෙ මේකේ තියෙන්නෙ කුච් කුච් හෝතාහෙ නේ "

මම හිමිහිට මිනිහා ළඟට කිට්ටු කරලා කියුවා

"ඉතින් ඔයා ඉල්ලුවෙ ට්‍රිබල් එකක්නෙ . Audio CD එන්නේ සින්ගල් English චිත්‍රපටි එන්නේ ඩබල් CD, හින්දි චිත්‍රපටි එන්නේ ට්‍රිබල් CD. 

ඉතින් මම ඔයාට දුන්නෙ අලුතින්ම ආපු ට්‍රිබල් එක "

75 comments:

  1. පව් වැඩක් කරල තියෙන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. ඒක මගේ ප්‍රතිපත්ති මාලාවෙ නොතිබුනු එකක්. ඒ හින්දා පව් කියලා හිතෙන්නෙ නෑ. මගේ වීඩියෝ සෙන්ටර් කතාව ලඟදිම කියනවා ඒකෙදි ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයත් දාන්නම්.

      Delete
  2. මමත් රස්සාවක් විදිහට නොවුනත් කොළඹ කොටුවෙ තිබ්බේ වීඩියෝ සෙන්ටර් එකක කාලයක් හිටියා.. ආතල් එකට.. ඒකෙ ඉන්දැද්දි ඔය වගේ සීන් අනන්තවත් වෙලා තියෙනවා... සමහරු ෆෝන් එකට දාල දෙන්න කියලවා.. මෙමරි චිප් කෑලි අරන් එනවා.. සතියනට සැරයක් විතර පොලිස්සියෙන් ඇවිල්ල හොයල බලනවා.. සිද්ධි ගොඩයි.. ඒ කාලේ හොදට ආදායමක් තිබ්බේ මෙමරි චිප් එකේ වයිරස් අයින් කරන එක.. විනාඩියෙන් රු 100 - 150 හෙව්වා... හිකිස්... :)
    ස්තූතියි මතකේ අළුත් කලාට..

    ReplyDelete
    Replies
    1. ඇත්ත්ටම ඔය පිටකොටුව නිසා තමයි වීඩියෝ සෙන්ටර් වලට කෙල වුනේ. ඒකත් කියන්නම් ඉස්සරහට

      Delete
  3. honda wade podi ewunge tharama.oya kale matath lawata mathakai.deck walin thamai api chithrapati baluwe.

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට ඕවා බලන්න දෙන එක වැරදියි

      Delete
  4. හෙහ්... පවු අෆ්ෆා අර පොඩි එකාගේ ආසාව... :)

    ReplyDelete
    Replies
    1. ආසාව වගේද පොඩි කාලෙ ඇබ්බැහි උනොත් ඉවරයි

      Delete
  5. පොඩි කමටද වැඩ... නොදීපු එකමයි හොඳ..
    පව් හැබැයි පොඩි එක.... සිහින ලොවක් දුටුවා මතකයි

    ReplyDelete
    Replies
    1. හීන් ආතල් එකකට ආපු පොඩි එකෙක් නෙමෙයි පොර

      Delete
  6. නොදෙන එක ඔහේගේ ප්‍රතිපත්තිය නම් නෑ කිව්වා නම් ඉවරනේ ... පොඩි එකාගෙන් ගානක් කඩා ගත්තා... වසලයා

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් වසලයෙක් වන්නෙ ඔහු කරන ක්‍රියාවෙන් කියලා බුදුහාමුදුරුවො කියලා තියනවා. මම ඒ වචනෙට ගරුකරනවා.
      …මම් වීඩියෝ සෙන්ටර් එක කලේ අනිත් අය කරනවා වගෙ නෙමෙයි. මම සල්ලි ගන්නෙ return කරනකොට. පාරිබෝගිකයා අසතුටුනම් මම අයකරන්නෙ නෑ . මොකද මම කලෙ එක ක්‍රමයකට ඒක ලඟදිම ලිපියකින් දාන්නම්.
      …අනින මම් ඒ පොඩි එකාට නෑ කියුවනම් ඌ වෙන තැනකින් ගන්නවා මට ඕනකලේ ඒ පොඩි එකා CD එකක් බලන එක නවත්වන්න විතරයි.

      Delete
    2. ඇනෝලො කොච්චර මෝඩද බං?

      උබ අරූට ජරාවක් නොදී හින්දි ෆිල්ම් එක දීපු එකේ වටිනාකමක් ඇනෝට පෙනිල නැහැ. කොල්ලට හින්දි ෆිල්ම් එක දිල සල්ලි ගත්ත එකේ වැරැද්ද පෙනුනේ !

      සිරා කතාව බං එල.

      Delete
    3. එක පැත්තක් විතරක් බලන අය ඕනතරම් ඉන්නවා ඇත්තටම වීඩියෝ සෙන්ටර් එකක් කලාම මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ගැන මාර විදියට ඇඟට දැනෙනවා

      Delete
    4. සැමා අතන ගිහින් කතන්දරගේ බ්ලොග් එකේ චා වෙලා මෙතන එනවා පඩි ටෝක් දෙන්න.... පොඩි එකා හින්දි ෆිල් බලන්නේ නැති එකෙක් නම්... අනික් එකට ඔය හින්දි ෆිල්ම් වල තියෙන කුණුහරප වලට වඩා වැලක් බලන එක දාහෙන් සම්පතය්... මීට අවුරුදු සීයකට කලින් 13-14 කියන්නේ මිනිස්සු බදින වයස.... අනේ අපේ එවුන්ට ලිංගික අද්යාපනේ ඉස්කෝලෙන් දෙන්නෙත් නෑ ගෙදරින් දෙන්නෙත් නෑ දැන් බලාගෙන ගියාම මොකෙක් හරි P ඩයල් එකක් ඉදල වැලක් බලන්න දෙන්නෙත් නෑ....

      Delete
    5. ඒ කියන්නෙ අවුරුදු 13දි වැල බලන්න දෙන්න කියලනේ. කවද හරි ඔය කියන ඇනෝට ළමයෙක් හිටියොත් එයාට ඒ වයසෙදි දෙන්නකො

      Delete
  7. ඔයා කරපු වැඩේ හොඳයි යාලුවා. දශමයකින් හරි ඌ නොමගට යන එක නවතින්න ඇතිනේ. හැබැයි ඉතින් හැමෝම ඔහොම කරන්නේ නෑ. අඬ ගහලා දෙන්නේ. දැන් නම් 5 පන්තියේ එවුන් ලඟත් ෆෝන් වල දාගෙන තියනවා xxx video. කැෆේ වලත් සමහර ඒවයේ තියනවනේ මැෂින් වල දාලා. ගේම් ගහන්න යන පොඩි එවුන්ට චිප් වලට දා ගන්න පුලුවන් ලේසියෙන් ම.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන ළඟදිම ලිපියකින් දාන්නම් මගේ වීඩියෝ සෙන්ටර් එක අවුරුදු 12ක් පැවැත්වුවා ඒකට පොලීසියෙන් ආවෙ දෙවතාවයි ඒ දෙවතාවම ආවෙ මගෙ ආයතනයට හොරු පැන්න එක විබාග කරන්න. ඒ මම ප්‍රතිපත්තියකට වෙළදාම කරපු නිසා.

      Delete
  8. හොද වැඩේ පොඩි එකාට. කනට දෙකක් දෙන්න තිබ්බේ වයසෙ හැටියටද ඉල්ලන්නේ කියලා. ලොකු ජෝන් ඒවෙලාවෙ නිවැරදිම තීරනයක් ගත්ත එකට සතුටුයි.

    මම දැකපු ලංකාවෙ තිබුණ හොඳම වීඩියෝ ක්ලබ් එක තමයි තුම්මුල්ල හංදියේ හැව්ලොක් පාරෙ තිබුන "ප්‍රිෂර්ස්" වීඩියෝ ක්ලබ් එක ඒකෙ මෙම්බර් ෂිප් එක විතරක් 5000/- යි. ඒ 2000 දි විතර හැබැයි ඉන්ටර් නැෂනල් ප්‍රමිතියට ෆිල්ම් කැටගරයිස් කරලා තිබුණා. මම ඒක වසා දමන තෙක්ම එහි සාමාජිකයෙක් වෙලා හිටියා.

    ඒ කාලෙ ලෝකයේ හොඳම ජනප්‍රිය ෆිල්ම් ටික බැලුවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මටත් ඔය පිස්සුව ඔලුවට වැටුනේ එතනින් තමා. ඉස්සර ඒක තිබුනෙ වැල්ලවත්තෙ. ඉස්සර හමීඩියාස් එක තිබුන බිල්ඩිමේ. මාගාව හොඳ පරන චිත්‍රපටි එකතුවක් තාම තියෙනවා.

      Delete
  9. පව් පොඩි එකාව රවට්ටලා.. ලබන ආත්මේ ට්‍රිබල් නැතිම රටක ඉපදෙයි කරපු පව් වැඩේට.. !

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි උන් ඉන්න නිසා ඒ කල දේට සතුටුයි.

      Delete
  10. සිද්ධාර්ථ කුමාරය වයස අවු 16 දී විවාහත් වෙලා .. අපේ පොඩි එකෙක් ට වැලක් වත් බලන්න දෙන්නේ නෑ ඒ වයසේදී ... ඒකරලා මහලොකු වීර ක්‍රියාවක් කරා වගේ මෙතන ඇවිත් කියවනවා .... අනේ අනිච්චන්

    ReplyDelete
    Replies
    1. මටනම් ඒක වීර ක්‍රියාවක් තමයි

      Delete
  11. මේ විදිහට add දානවට වැඩිය හොඳ නැද්ද කොලපතක් අරන් හිඟා කන එක. බ්ලොග් එකට මිනිස්සු එන්නේ එක කියවන්න. ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කර ගත්තනම් මීට වැඩිය හොඳයි.

    ReplyDelete
  12. හික් හික් මම Add දැම්මෙ නෑ මොකද මගෙ වීඩියෝ සෙන්ටර් එක වහලා දැන් අවුරුදු 5ක්
    …හික් හික් මට පෙන්නෙ ඒ cd එක දුන්නෙ ඔය සහෝදරයටද ?

    ReplyDelete
    Replies
    1. නැ ඔයාගේ site එකට ඇවිත් ලිපිය කියවන්න ලින්ක් එකක් දෙනවා එක click කරාම add එකක් load වෙන්නේ ඇයි ??????

      Delete
    2. ඒකට නම් සමාවෙන්න ඕනේ ඔය මම හිතන්නේ පොස්ට් එක යට තියන " You might also like:" කියලා පින්තූරර්ග් එක්ක යන Gadget එක වෙන්න ඕනේ. අනේ ඒක LinkWithin එකෙන් දෙන plugin එකක්. මට ඒ plugin එක බ්ලොග් එකේ තියෙන්නත් ඕනේ මොකද ඒකෙන් මගෙ පරන ලිපි ගැන දැනුවත් කිරීමක් කෙරෙනවා. මට වෙලා තියෙන්න උනු හන්දා බොන්නත් බෑ කැඳ හන්දා වීසි කරන්නත් බෑ වගෙ වැඩක්

      Delete
  13. බ්ලොග් එකට ආපු පළවෙනි සැරේද කොහෙද? ඇත්තටම කරපු වැඩේ නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ ආවට වෙලා තියන වෙලාවක පරන ලිපිත් කියවන්න

      Delete
  14. අපි නම් ට්‍රිබල් ඒව ඉල්ලන්න ගියේ හරියටම 18දි.. ඒ නිසා වීඩියෝ සෙන්ටර් අයියල ඒ කාලේ තිබ්බ හොඳම ඒවා දුන්නා.. වෙලාවට වී.එච්.එස් වල අභාවය සී.ඩී (x,xx,xxx) වල ආගමනය සහ අපිට 18 වීම ඔක්කොම එකම කාලේ සිද්ද වුණේ.. ඉතින් මිස් වුණේ බොහොම පොඩ්ඩයි...

    ReplyDelete
    Replies
    1. දැන් නම් කවුරුවත් සෙන්ටර් වලට නම් යන්නේ නැතුව ඇති.
      ඔය සේරම ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් නේ!

      Delete
    2. @Pathum Herath ඕනම දෙයක් දැනුම් තෙරුම් ඇතිව කරන්න ඕනේ එතකොට ඒකේ පාලනයක් තියනවා
      …@ මධුරංග ඕකත් එක දෙයක් තමයි වීඩියෝ සෙන්ටර් වැහෙන්න

      Delete
  15. මගේ යාළුවෙක්ට උනා ඕකෙ අනිත් පැත්ත.ඒකා යාලුවක්ගෙන් චිත්තරපටියක් ඉල්ලගෙන ගිහින් ගෙදර ඔක්කොටමත් එන්ඩ කියලා දාලා නොවැ වැලක්....හපොයි මූට ගහලා දත්වලින් හොටු එන්ඩ.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් සෑහෙන්න දුක හිතෙන කතාවක්

      Delete
    2. මේ වගේ වැඩක් උනා අපටත් බෝඩිමක ඉන්න කාලෙක...

      මොනව උනත් ජෝන් කළ වැඩේ නම් හරිම හොඳයි කියලයි මට හිතෙන්නෙ...

      Delete
  16. ප්‍රතිපත්තිගරුක වෙළඳාම කියන එක දුර්ලභ දෙයක් ජෝනා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Follower කෙනෙක් උනාට . මගේ ව්‍යාපාරය වැටෙන්න හේතුව උනෙත් ඒක. ව්‍යාපාර නවත්වලා ආපහු job එකක් කරන්නෙත් ඒහන්දයි

      Delete
  17. හොඳ වෙලාවට ඌ ට්‍රිබලක් ඉල්ලුවෙ. මම ඒත් කල්පනාකරේ ඌ වැලක් ඉල්ලුව නම් අයියා මොකක් දෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. වැල කියන්නෙ මෑත කාලයෙ ඇතිවුන වචනයක්. එහෙම උනානම් සමහර විට රෙදි වැලක් වත් පෙන්නන්නත් ඉඩ තිබුන

      Delete
  18. පොඩි එකා පරම්පරාවම මතක් කරන්න ඇති cd එක play කලාම...

    ReplyDelete
  19. ගම කාලා.... අඩුම තරමේ ඌට වැලක් බලලවත් ඉගෙන ගන්ඩ දෙන්න තිබ්බා. :)

    ReplyDelete
    Replies
    1. ඒවයසට ඕවා ඉගෙන නොගත්ත තරමට හොඳයි

      Delete
  20. අයියෝ පව් අෆ්ෆා.. හයියෙන්ම හූ.............. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. ඩබල් ට්‍රිබල් තමානේ ඒ දවස් වල..
    දැන්නෙ වැල වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව මොනවා කියයිද ඒත් තියෙන්නෙ එකම දෙයයි

      Delete
  22. පව් අප්පා කොල්ලා :D

    ReplyDelete
    Replies
    1. ඒ දුක තෙරෙන්නෙ දුක විඳලා තියන අයම තමා

      Delete
  23. ඒ දවස් වල ගෙනියනවා වගේම තමයි ප්ලෙයර් එකට දාලා බලන්නත් ගෙදර උන් එහා මෙහා වෙනකං ඉඳලා හෙන ගේමක් දෙන්න ඕන!

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න අත්දැකීම්

      Delete
  24. මටත් හිතෙන්නෙ ඔයාගේ තීරණය හරි කියලා . තමන්ටත් දරුවො ඉන්නකොට තමා මේවයේ භයානක කම තේරෙන්නෙ වැඩියම .

    ReplyDelete
  25. සින්ඩියෙ මාතෘකාව දැක්කම හිතුනෙ ආත්තම්මාගෙ පෙට්ටගමේ තිබිලා වැලක් හම්බවෙලා කියලා.

    ReplyDelete
    Replies
    1. හපෝ ඒකේ වැල නෑ මේක ගෙදර උනුත් බලනවා

      Delete
  26. හෆ්ෆේ...ඒ පොඩි එකා දැන්නම් ගොඩාක් ලොකු ඇති නේද? අයියෝ සල්ලි! අයියෝ මල්ලෝ!

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් අවුරුදු 25 පැනලා ඇති

      Delete
  27. උඹගේ වැඩේ හරි. ඒත් පොඩි එකා දැන ගන්න ඕන ඕක ගන්න වෙන ක්‍රම ඒ කාළෙත් තිබුනා. නමුත් ඌ ට්‍රිබල් බලන එක නම් මම අනුමත කරනවා.. මොකෝ ඔය වයසෙදි අපි ඇතුල් කෝට්ටෙත් යනවා.. ඒ උනාට ළමා අපචාර කොරල නම් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකාලේ වගකීම ගැන අවබෝදයක් කාට කාටත් තිබුනනේ.

      Delete
  28. පොඩි එකාට හොදම වැඩේ... ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලියෙන් ට්‍රිබල්... මුන් මේවා බලලා තමා කෙල්ලෙක්ට ඉස්කෝලෙ ගිහින් නිදහසේ ඉගෙන ගන්න එකටත් වල කපන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම තමා (අනික ඌ ඕවා බලන්න තරම් ලොකු නෑ )

      Delete
  29. කරපු වැඩේ හොඳයි. ඒ කොලුවා නම් "නැගීගෙන එන වල් දණ්ඩක්" :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඌ උන්න පැත්තත් එච්චර හොඳ පැත්ත්ක් නෙමෙයි

      Delete
  30. අනිවා උඹ කරපු වැඩේ හරී..කනට දෙකක් දෙන්න තිබ්බේ..! වැරද්ද කියල දීල.

    ReplyDelete
    Replies
    1. එදා එහෙම කලානම් අද මේක ලියන්න මාව ඉතුරුවෙන්නෙ නෑ මොකද කොල්ලා වැල්ලෙ බන්ට් එකෙ එකෙක්

      Delete
  31. මේක කියවනකොට මට මතක් උනේ කොලොන්නාව හන්දියේ කපිල අයියා මිනිහගේ නෙට් කැපේ එකේ වැල බලන්න ආපු පොඩි උන දෙන්නෙක්ට දුන්න ගුටි පුජාව ,උන් දුවපු වේගේට බෝල්ට් කාරයත් කැලේ ....

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාරය රැකගන්න එහෙම කරන්න ඕනේ

      Delete
  32. කොල්ලගේ තරමටද වැඩ අම්මපා....

    ReplyDelete
  33. හම්මප ඔය කොල්ලව එල්ලන්න එපැයි හැබැයි ලොකු ජෝන් වැඩේ නම් කූජිතයි

    ReplyDelete
  34. When you use a genuine service, you will be able to provide instructions, share materials and choose the formatting style. cd duplication services

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..