Wednesday, July 18, 2012

106. කොච්චි මිරිස්

"අපි වවමු රට නගමු" සංකල්පය මතක ඇතිනෙ. ඒ කාලෙ කවුරු කවුරුත්. ගෙදර දොරෙ වතුපිටිවල ඉඩ නැත්නම් ඉඩහදාගෙන ගස් උඩයි වහලවල් උඩයි ටයර ඇතුලෙයි හිස් ප්ලාස්ටික් බෝතල්වලයි එකී මෙකී නොකී හැමතැනකම ගජරාමෙට පැල හිටෙව්වා.


ඉතින් අපෙ ගෙදර කියලා වෙනසක් නෑ එහෙත් එහෙමයි. අපෙ ගෙදරත් මාලු මිරිස් කොච්චි මිරිස් බටු මිරිස්, වැරණියා මිරිස් වගෙ මිරිස් පැලත් තිබ්බ්ටු වම්බටු වගෙ බටු පැලත් කලින් කියපු සංකල්පෙට අනුව වගාකරලා තිබුනා. එහි අස්වැන්න අපි පරිබෝජනයට නොගත්තාමත් නොවේ.


සංකල්පෙට අවුරුදු දෙක තුනක් ගෙවුනත් පල දරන්නෝ හිටියත් නොහිටියත්. අපේ ගෙමිදුලෙනම් එහි සාර්තකත්වයක් නොතිබුනාම නොවේ. …

කාන්තා පාර්ශවය වැඩි වශයෙන් ඉන්න ගෙදරක එළවලු පැල විතරක්ම තියෙන්නත් බෑනේ. දුවලා දෙන්නත් මල් පැල වලට නම් හරි උනන්දුයි. නිතරම ප්‍රදර්ශනවලට ගිහින් ලොකු රොසමල් පිපුන පැල උස්සගෙන එනවා. හැබැයි ගෙනල්ලා පෝච්චි වල හිටවලා මල පරවෙනකන් සාත්තු සප්පායම් කරනවා . ඔහොම ගෙනාපු සෑහෙන්න රෝස පැල පඳුරට වැවිලා දැන් තියනවා ගෙමිදුලෙ පැත්තක. 


 මිදුලෙ අලංකාරයටත් එක්ක මේ කතන්දරය ලියන ලොකු ජෝන්ගෙ ආදරණීය භාර්යාව විසින් ඔය තැඹිලි පාට කහපාට දම් පාට වගෙ මල් පිපෙන ගස් වර්ගයි, අර ලස්සන රතු පාටට සෑහෙන්න කාලයක් මල් පිපිලා තියන ඇන්තූරියම් පැල කීපයකුත් පොල් ලෙලි, ලනු කැරලි ඔතලා උලු කැට ගඩොල් කැට කොහුබත් පුරවලා සෑහෙන්න මහන්සියක් දරලා ඉන්දලා තිබුනා. ආදරයෙන් හිටවලා ආදරයෙන් රැකබලාගෙන නිතර දෙවේලෙ අතපත ගාන පැල්යක මලක් පූදිනකොට දැනෙන සතුට වචනෙන් කියන්න බෑනෙ. අන්න ඒවගෙ අවස්තාවක් පහුගිය සතියෙදි උදාවෙලා තිබුනා. ඇන්තූරියම් වගාවෙ පැල කීපයක ලස්සන රතුවට පොහොට්ටු කීපයක් ඇවිල්ලා.

කතාවෙන් කතාවෙන් වෙන පැත්තකට ගියා. ඒ හන්දා අද කතාවට යොමු වෙමු. ශනිදාව කියන්නෙ නිවාඩු දවසක් ඒත් එදාට ගෙදර වැඩනම් එමටයි. ලොකු දුව පොත පතෙ වැඩ කරන අතරෙ පොඩි දුව වත්තෙ සෙල්ලම් කරමින් උන්නා. මටත් වත්තෙ කැලේට වැවිලා තිබුන අති ඉති සුද්ද කරමින් ඩෙංගු මර්දනයට ලෑස්ති උනා. දහවල ලබමින් තිබුන නිසා මගෙ ප්‍රිය බිරිඳ උන්නේ මුලුතැන් ගෙයි.

"චූටි දූ ඔය කොච්චි මිරිස් පැලෙන් කොච්චි කරල් දෙක තුනක් කඩාගෙන එන්න"



ඇය කියනවා මට ඇහුනා. ටික වෙලාවකින් මමත් මුලු තැන්ගෙය පැත්තට ගියෙ වතුර ටිකක් බොන්න  මෙන්න මගෙ චූටි දෝනි එතකොට තමයි අම්මාගෙ ඉල්ලීම ඉටු කරගෙන ආවෙ

 "ලස්සන මිරිස් කරක් දෙකක් තිබුනා ඒ හින්දා ඒකත් කඩාගෙන ආවා  අම්මට කැමට දාන්න " 

එතකොටත් අර ලස්සන ට පීදිලා තිබුන ඇන්තූරියම් පොහොට්ටු දෙක චූටි කෙල්ලගෙ අතෙ. හිතට දුක අපි දෙන්නටම ආවත් චූටි කෙල්ලගෙ මූනෙ තිබුන හිනාව දැක්කම ඒ මල් පිපුනට වඩා සතුටක් දෙන්නගෙම හිතට ආවා . 

Image location

32 comments:

  1. mata hithuna udin anthuriam malaka pohottuwak dala thiyanakota.
    Podi un monawahari igenagannawanam oka mokakda neh?

    ReplyDelete
  2. පැල හිටවල ඒවගෙන් පලදාව ලැබෙන කාලයට නම් ඇත්තෙන්ම ලොකු සතුටක් දැනෙනවා..

    ReplyDelete
  3. ඇත්තටම එලවළුවක් වවලා ගෙඩියක්, කරලක් කඩද්දී තියෙන්නේ පුදුමාකාර සතුටක්. හරියට දරුවෙක් ලැබුනා වගේ. මල් වැවීමෙන් ලබන්නේ සතුටක් නම් තම්න්ගේ දරුවා සතුටු වන දෙයිනුත් සතුටු විය හැකියි.

    ReplyDelete
  4. ගස් වවලා, ලොකු කරලා ගෙඩි ආවම
    ගෙඩි කඩනවට වඩා මං නං ඒ දිහා බලං ඉන්න ආසයි..
    සිරා..

    ReplyDelete
  5. කොච්චි කියල රැවටිලා. අපේ ගෙදරත් තියනව ඇතිවෙන්න කොච්චි. මම අමුවෙන් කනව බත් එක්ක.

    ReplyDelete
    Replies
    1. කොච්චි කන්නඕන කොස් තම්බල පොල්දාල...ඒවත් එක්ක...හායි....හූයි...ගගා..මාරගති බං..!

      Delete
  6. හිරැ හිමාවි ගෙ කථාවට මමත් එකගයි... සිරාගෙ ගේ පිටිපස්සට වෙන්න තිබ්බ කැලෑ වැවිච්චි ඉඩම් කෑල්ල යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව ශ්‍ර‍මයෙන්ම සුද්ධ කරලා අපිත් දැන් වගා සංග්‍රාමයට එකතු වෙලා තියෙන්නෙ... ඵලදාව නෙලන දවසක ෆොටෝ කෑල්ලකුත් එක්කම විස්තර දෙන්නම්... චූටි දුවගෙ හුරතලය හිතින් මවාගතිමි... ජය!

    ReplyDelete
  7. වගා කරන්නනම් මගේ තියෙන්නෙ පුදුමාකාර කැමැත්තක් . ඔයත් ගොඩක් උපදෙස් දුන්න මට . අපි දෙන්නම එකට වගා කලා මතකද ?
    …කොහොම උනත් පොඩි ගෙවත්තක් තියන කාට උනත් උනන්දුවක් තියනවනම් වගා කරන්න පුලුවන් . තමන්ගේ වත්තෙ මිරිස් කරලක්, කවලම් පලා ටිකක් , තක්කාලි ගෙඩියක් තමන්ගේ ආහාර වේලට එකතු වෙනකොට තියෙන සතුට කියන්න බැරි තරම් .
    …දූ පොඩ්ඩ ගැනනම් ඉතින් මම දන්නවනේ , තාත්ත වගේම ඇති .

    ReplyDelete
  8. මාත් ගෙදර ඉන්න කාලේ එළවළු වැව්වා හරියට. පතවල මැස්සක් හැදුවාඒක තමයි ආසාවෙන්ම වැව්වේ. ‍මොකද ඒකේ කරල් බට්ටිටත් වඩා ලොකුයි. අපි වවලා අපි කද්දි අම්මා දැනෙන්නනෙ පුදුම සතුටක්.
    කොච්චිනම් අම්මෝ දයියා. මට සැර කන්නම බෑ. සැර කෑවොත් ඔළුව කැරකෙන්න ගන්නවා.

    ReplyDelete
  9. මදැයි මල් බලන්න හිටියා... :))

    ReplyDelete
  10. පැල හැදීමත් එක්තරා ආකාරයක කලාවක්. හිතට සහනයක් ගෙන දෙන දෙයක්. මටත් මතකයි ඔය පල පිස්සුවම අපේ ලොකු අම්මටත් තියෙනවා. අපි ඉතින් මේ කොන්ක්‍රීට් වනන්තරේ, කාන්තාරේ මැද මොන පැල වවන්නද? කොච්චර සල්ලි හම්බ කරත් මේ රටවල් වලට වඩා අපේ පුංචි ලංකාව හොඳයි කියල හිතෙන්නේ මේ වගේ දේවල් කියවන කොට තමා. පොඩි ඉරිසියවකුත් එනවා හිත ඇතුලෙන් ලංකාවේ උදවිය එක්ක. කොහොම උනත් ලස්සන පොස්ට් එක.

    ReplyDelete
  11. පුදුමයි කෙල්ල අම්මගෙන් බැනුම් ඇහුවෙ නැතුවා...

    :)

    ReplyDelete
  12. මදෑ හොද්දට මිරිස් දැම්මා..මම පින්තූරෙ දැක්කෙත් මිරිස් කරලක් වගේ.. කොච්චි කියන්නෙ ඔව්වට නෙමෙයි කියලා කියන්න ගියෙ..

    "අපි වවමු රට නගමු" පැළ හිටෝපු හැටි මමත් ලිව්වා.. ඔන්න ඇඩ් එක..

    http://dreamsofharee.blogspot.com/2012/02/18.html

    ReplyDelete
  13. පව් පොඩි ළමයා

    ReplyDelete
  14. අපි වවමු රට නගමු සංකල්පය යටතේ පුංචිබොරැල්ලේ ගොඩනැගිල්ලක දෙවෙනි තට්ටුවේ තියෙන අපේ බෝඩිමේ වවුලන්ගේත් ශ්‍රම දායකත්වය සහිතව අපි වැවුවා නුග ගහකුයි බෝ ගහකුයි.ඒත් බාතෲම් එකේ වතුර බහින එක අවහිර වෙච්ච හින්දා කපලා දාන්ඩ සිද්ද උනා.

    ReplyDelete
  15. මං ඒත් බැලුව මොකෝ මේ මල් පොහොට්ටුවක පින්තුරයක් දාල තියෙන්නේ ඇයි කියලා. කොච්චි සම්බෝලේ මගේ "නම්බර් වන්" කෑමක් !!!. අඩේ අප්පේ ලොකු ජෝන් කියන්නේ ලොකු මාමෙක්නේ. මම හිතන් උන්නේ කොලු ගැටයෙක් කියලනේ !!!

    ReplyDelete
  16. ඒකට නම් අර පොඩි එකී නෙවෙයි මේ මාත් ‍රැව‍ටුනා මිරිස් කරලක් කියලා. මම කියන්නෙ ඔය පින්තූරෙ ජෝනා.
    henryblogwalker the Dude

    ReplyDelete
  17. ඇත්තටම දෝණි කරල තියෙන අපූරු වැඩේ. සුන්දර අත්දැකිමක් මට මේක මැවිල පේනවා දෝණි මිරිස් කියල මිට මොලවාලෙන ඇවිත අත දික් කරන අයුරු

    ReplyDelete
  18. අෆ්ෆා ... කොච්චි මිරිස් සම්බලට මමත් හරි මනාපයි. අපේ අම්ම නම් බනිනවත් එක්ක මේ මිරිස් කෑමට, “ඔය කෑමෙ හැටියට කවද හරි උඹට කන්න වෙන්නෙ ඇල්වතුරෙන් තම්බගෙන තමයි කියල“. :)

    ReplyDelete
  19. මමත් ගෙදර වත්තේ වගා කරලා තිබුනා එළවලු.
    මහින්දමාමා ගෙවතූ වගා කරන උන්ට දෙන්ඩ කියලා දුන්නා කියලා ගිරාමසේවක රාළහාමී අපේ උන්දට යුරියා 50g විතර එක්ක වැටකොලු ඇට පහක් එවලා තිබ්බා
    ඒ ඇට පහ හිටවන උන්ට 3000ක් දෙනවා කියලත් කියුවා කියලා අපේ උන්දැ කියුවා

    මම ගෙවතූ වගාව නවත්තලා දැම්මා

    ආ උඹට බ්ලොග් එකක් තියනවා කියලා මතක් උනාද

    ReplyDelete
  20. ඒ වුනාට පුංචි ඈයොන්ට ඔය වගේ වැඩ කියන්න හොඳ නෑ..අපේ පොඩ්ඩ දවසක් කඩල තිබ්බ මිරිස් කරලක් අල්ලල ඒ අතින් ඇස් අල්ලල දන්න අරගෙන එක යුද්ධයයි...ඊට පස්සෙ පොල්තෙල් වලට අමු කහ කවලම් කරල ගාල තමය් දැවිල්ල නැති කලේ..! (ඇස් වල නොවේ.)

    ReplyDelete
  21. වැරණියා මිරිස් නං මතක් කරාමත් කට දනවා....ලුණු වතුරේ දාලා පොඟවලා ඊට පස්සේ ඕනේ තෙල් දාලා ගන්න...

    ReplyDelete
  22. අපොයි ඔහොම වැඩ තමා වෙන්නෙ අපිට. හෙහ් හෙහ්

    ReplyDelete
  23. හී..හුරතල් පැටික්කියක්නේ..

    ReplyDelete
  24. මගෙ හිත ඇතුලේ මැවෙන්නෙත් ආදරණීය සිතුවිලි ගොඩක් පුංචි පැටික්කි ගැන...:)

    ReplyDelete
  25. අනේ පව් කෙලි පොඩ්ඩ.. පොඩි එකීගේ වෙලාවට තමයි තාත්තා ගෙදර හිටියේ.. ‍එහෙම නොවෙන්නෙ පැට්‍ටි මිරිස් වල සැර අදුනගන්නත් ඉඩ තිබ්බා..

    ReplyDelete
  26. අනේ පුංචි පැටික්කි ගැන ආස හිතුණ මට නම්...

    ReplyDelete
  27. හුරතල් පැටික්කියෙක් වෙන්ටැ..
    අනෙක හාමිනෙත් කරුණාවන්තම වෙන්ට ඇති... නැත්නම් ඔය වැඩේට බැනුමක් නොබැනනම් ඉන්නෙ නෑ

    ReplyDelete
  28. බොහොම හිතට දැනෙන කතාවක්

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..