Thursday, January 5, 2012
සුනාමියෙන් බේරුනාට මුන්ගෙන් බේරුමක් නෑ
සුනාමි ඇවිල්ලා අවුරුදු 7ක් ගෙවුනා නැතිවුන දේ බොහොමයි. ඒවා ගැන කතාකලා කියලා නැවත ඒවා ලබාගන්න යැ. ලිපියෙ පලමුවෙන්ම සුනාමියෙන් මියගිය අයට ඒ ඒ ආගමට අනුව ලැබිය යුතු ගෞරවය පුදකරනවා.
ඔය සුනාමියෙ දුක අස්සේ හීන් විනෝදජනක සිදුවීම් උනත් සිදුනොවුනම නොවෙයි . ඒ මිනිස්සු අත්දැකපු බිහිසුනු දුක්බර මතක අස්සෙ ඒ සිදුවීම් අමතක වෙලා ගිහින්. මෙ එහෙන් මෙහෙන් මතකයට නැගුන සිදුවීම් දෙකක් .
මගෙ නම් හැටි ඕන වෙලාවක මොනවහරි විහිලුවක් කරලා හිනාවෙලා ඉන්න. එතකොට තියන ප්‍රශ්න ඔලුවට වද දෙන්නෙ නෑ. මෙ ළඟදි දවසක මම වැඩකරන තැන එකෙක් මට කැඩිච්ච කැරකෙන පුටුවකින් ගහන්න ගියා . හේතුව උදේට "ගූඩ් මොර්නින්" කියන්න ගිහින්. උදෙට ගුඩ් මෝර්නින් කියුවට වරදක් නෑ තමයි . ඒත් මෙ පොර හැමතිස්සෙම ඇමරිකාවත් එක්ක සමීප දුරකතන සංවාද පවත්වන්නෙක්. ඇමරිකාවට රෑ වෙද්දි මම ගූඩ් මොර්නින් කියපු එකතමයි මම කරපු වැරැද්ද.
මම මෙ මුට්ටියක් දැම්ම විතරයි බලමු මොකද වෙන්නෙ කියලා. පොර ගෙ තව හොඳ හොඳ මඩ කතා තියනවා. මෙකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒවා දාන්නම්. හදිසියෙවත් පෙට්ටගමෙ මීටපස්සෙ පොස්ට් නැති උනොතින් දෙයියනෙ කියලා අර කැරෙකෙන පුටුව කැරකිලා මගෙ ඔලුවට ඇවිල්ලා.
කියන්න ගිය කතාව වෙන පැත්තකට ගියා මම කියමින් උන්නෙ දුක්බර සුනාමියෙ හීන් රසවත් සිදුවීම් ගැන . මෙ සිදුවීම මට කීවෙ "රිවිර" පත්තරෙ මාධ්‍යවෙදියෙක්, මෙක කියුවෙත් මීට අවුරුදු 5කට විතර උඩදි. පොර ඒ දවස්වල පත්තරෙට කරුනු හොයන්න ඔය හැමතැනම කරක්ගහනවා. දවසක් ගිහින් මෝදරවිල සුනාමි කඳවුරට. මොදරවිල කියුවෙ පානදුරයට යාබද කර්මාන්තපුරයක් සහිත පැත්තක්. ඒ කර්මාන්තපුරයෙම හිස් ඉඩමක තමයි මෙ සුනාමි කඳවුර පිහිටලා තිබුනෙ.
ඔන්න අපෙ මාධ්‍යවෙදියා කඳවුරු වාසීන්ගෙන් කරුනු එකතු කරගන්නවලු. මේ පැත්තෙ සුනාමියෙන් දෙපල හානි උනා මිසක ජීවිතහානි අවම මට්ටමක තමයි තිබුනෙ,
ඉතින් එක වයසක මනුස්සයෙක් අපෙ පත්තර සහෝදරයට කියනවලු "මහත්තයො මෙ රත්තරන් වතුර ටිකට පින් සිද්දවෙන්න අපිට දැන් හොඳයි දැන් අපිට රෙ-- තැනකුත් තියනවා" කියලා. (වැල්ලෙ බාසාවෙන් වැසිකිලි යනවට කියන වචනෙ හිස්තැනට දාගන්න.)
සුනාමියට කලින් මුහුදුබඩ දුම් රිය මාර්ගයෙ උදෑසනට මූද දිහා බලන් යන අයට මතක ඇතිනෙ වෙරළ ආරක්ෂකයො අර සරමෙන් ඔලුව වහගෙන පස්ස උස්සගෙන මූද දිහාබලන් ඉන්නෙ. අන්න එහෙම එක්කෙනෙක් තමයි අර ඉහත ප්‍රකාශය කරලා තියෙන්නෙ.
දැන් තවත් කතාවක් මේකනම් මාතර පැත්තෙ උනු සිදුවීමක් අදාල පුද්ගලයන්ට මඩක් විදියට තමයි මෙ සිදුවීම ප්‍රසිද්ද වෙලා තියෙන්නෙ. මූද ගොඩගලනවා කියලා ආරන්චි උනු වෙලෙ කවුරුත් කරන්නෙ හිස් ලූ අතෙ දුවන එකනෙ මෙ කියන පුද්ගලයත් දුවනවලු තමන්ගෙ බරියාවත් දුවනවලු ළමයිනුත් දුවනවලු . මෙ පුද්ගලයා බාරියාවගෙ අතින් ඇදගෙන දුවනවලු . ගෑනි කෑගහනවලු ළමයි ළමයි කියලා .. අර පුද්ගලයා කියනවලු ගෑනියෙ ළමයි හදාගන්න බැරියැ උඹ බෙරිලා හිටියොත් කියලා
කොහොමහරි අර පුද්ගලයත් බෙරිලා පවුලත් බෙරිලා ළමයිනුත් බෙරිලා. ඒ උනාට ගෑනියෙ උඹ බෙරුනාම මැදෑ කියුවම අදාල පුද්ගලයට කෙන්තිහෙම යන්නෙ නැතිලු ...
ප. ලි. මේ පොස්ට් එක පහුගිය 26 වනදා දාන්න හිතන් හිටියට නොදැම්මෙ මෙ ලිපිය තුල තියන විනෝදාත්මක ස්වරූපය නිසාවෙනි.
Subscribe to:
Post Comments (Atom)
අපේ පැත්තේ මූදුබඩ බුවෙක් සුනාමියෙන් බේරුනා....එක දවසක් බීලා රේල්පාරේ නිදාගෙන ඒකෙනුත් බේරුනා.පස්සේ කාලෙක ගෑනි පොල්ලකින් ගහලා ඌ මලා....
ReplyDeleteඅම්මේ ගෑනු නිසා පන හතක් තියෙන මිනිස්සු මැරෙනවා !
Deleteයකඩො..ගැනි බෙරුනහම ඇති කිව්ව..ලොකේ ඉන්න එකම එකා ඌ විතරක් වෙන්ඩ ඇති...ඇයි යකො..වෙන එවුන් ගැනිගෙන් බෙරිලා ඉන්ඩ හදනකොට..මු..කිව්ව කතාව ඈ
ReplyDeleteමූ මාර පොරක්නෙ බොල...
ReplyDeleteසුනාමිය ගොඩක් දෙනෙක්ට දුකක් උනාට ඔය ගාල්ලේ සමහර පැතිවල අය කියන්නේ පින් වතුර කියල !:D
ReplyDeleteමිනිහ කියපු කතාවෙත් ඇත්තක් තියෙනවනේ...
ReplyDeleteසුනාමී දුක්බර මතක පසු දිනක ලියන්නම්. හිනාවෙලා පන ගියා. මයෙ බඩත් කොරවෙලා.
ReplyDeleteඔය කියන ඈමරිකන් පොර අද මේ පෝස්ට් එක නොබෑලුවොත් හොඳයි කියා ම්ට හිතෙනවා . :D
ReplyDelete//ගෑනියෙ ළමයි හදාගන්න බැරියැ උඹ බෙරිලා හිටියොත් //
ReplyDeleteඇත්ත නේන්නං...හෙහ්..හෙහ්..
හෆොයි මෙහෙමත් තාත්තල!
ReplyDeleteසුනාමියෙ රසවත් අත්දැකීම් මටත් තියනව. සුනාමිය දවසෙ අපි හිටියෙ කැම්පස් එකේ පාඩම් කර කර. ආරංචිය ආව ගමන් දුවල ආව පාරට. ඇවිල්ල ගියා මාතර ටවුමට. සුනාමියේ විනාශකාරී රළපාර දෙකට පස්සෙත් ලොකු රැළි ආව පාරටම. අපිත් එක්ක ගියපු යාළුවෙක් මේ රැළපාරකට කොච්චර බයවුනාද කිව්වොත් නැවතුනේ හොස්ටල් එකට දුවල. මාතර බීච්එක අයිනෙ තිබුන ගල් වැටිය උඩටම වතුර ඇවිල්ල තියන වෙලාවෙ බීපු හාදයෙක් එතන ඉදගෙන ඩාන්ස් කරනව!:)
මූ බේරගන්න අපි යන්න හදනකොට ගල් අරගෙන අපිට ගහන්න ලෑස්ති උනා. ඒ වෙලාවෙම ආව පොලිසියෙ කස්ටියක්. ගහපු ගැහිල්ල මතක් වෙනකොට හිතෙනව මිණිහ මූදට ගියානං හොදයි කියල.
හිකිස් පවු බොල. උගේ ෆන් එක ගන්න නොදුන්නේ !
Deleteඅඩේ කව්ද "ගෑනියෙ උඹ බෙරුනාම මැදෑ කිව්ව පුද්ගලය.." එල පොරක්නෙ... ඒ වෙලාවෙ ලඟ පාතක එහෙම හිටියනම් හිනාවෙලා මැරෙනව සුනාමියට යන්න කලින්...
ReplyDeleteඅර කැරකෙන පුටුව ඔළුවට නොවදිවියි කියලා හිතනවා..
ReplyDeleteමිනිහා කිව්ව කතාවෙත් වරදක් නෑනේ ඉතිං!! :))
ReplyDeleteකිව්වත් වගේ දුක්බර සිදුවීම් අතරේ මේ වගේ රසමුසු තැනුත් තියෙනවා.
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteමාරයට ඕනවිදියට තමයි මාරයා එන්නෙ
@ Raj said...
ඒකෙ මොකක් හරි ඇති ..හික් හික්
@ පැණි දොඩම්
මාර පොරක් නේන්නම්
@ Nuwan Tharaka
ඔව් ජීවිත හානි නොවුන උන්ට අලුතින් ජීවිතය වැරදි හදාගෙනම පටන් ගන්න පුලුවන්
උනා second chance
@ නදීර සඳරුවන් ලියනගේ
නැත්නම්
@ වෙද ගෙදර මහ වෙදනා
ඒ කතාත් අහගන්න බලාගෙන ඉන්නෙ. ඉක්මනට දාන්න .
@Gimhani
පොරට call කරලා කියුවා හික් හික් මොකද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ
@ Observer
ReplyDeleteහෙහ්..හෙහ්.. නැතුව නැතුව
@ රාජ්
මෙක පොඩි මඩක් ඊට කිට්ටුවෙන් යන දෙයක් තමයි පොර කියලා තියෙන්නෙ
@ සාතන්
ළඟ උන්න එකෙක් තමා කාඩ් එක ගහලා තියෙන්නෙ
@ Dinesh
තාම කියන්න බෑ තාම මම වැඩට ගියෙ නෑ
@ ජංජාල චාමර
අලුතින්ම ගොඩවැදුන ඔබව සාදරයෙන් පිලිගන්නවා!
වරදක් නෑ නෙන්නම්
@ පෙදරේරුවා නොහොත් මේසන් බාස්
ගොඩවැදුන ඔබවත් සාදරයෙන් පිලිගන්නවා!
ඒවා ගැන කතාකරනවා අඩුයි
ඔයිට කිට්ටු කාර්ඩ් එකක් මටත් වැදුනනෙ. අපේ නෝනලගෙ මහ ගේ සුනාමියෙන් දවස් තුනකට පස්සෙ සුද්ද කර කර ඉන්නකොට බොරු සුනාමියකට බය වෙලා සේරම දිව්ව. ගෙයි හිටපු මං දඩ බඩ ගාල පැනල ටිකක් දිව්වමයි මතක් උනේ අපේ හාමිනෙත් එලියෙ උන්න නේද කියල. ආයි හැරිල ගේ පැත්තට දිව්ව. මගේ යාළුවො බනිනව "කොහෙද හුxx ඔහෙ දුවන්නෙ...මම උත්තර දෙනවලු "නිශානි දුවල නෑ නෑ හුxx" කියල. පස්සෙ අපේ උන් තාම හාමිනේ පේන්න නැත්තං "නිශානි දුවලද බං" කියාගෙන තමයි එන්නෙ.
ReplyDeleteනරකද බ්ලොග් පොස්ටුවක් විදියට දැම්මොත්
Deleteඌ මාර මිනිහෙක් නෙව දැන් ඒ බුවාට ළමයි කීයක් විතර ඉන්නවාද දන්නෑ
ReplyDeleteතුන්දෙනයිලු
Deleteතංගල්ලෙ හිටි මගෙ මිත්‍රයෙක්ගෙ ගෙදර වතුරට යටවුනා මිසක් කිසිම හානියක් උනේ නෑ. මිත්‍රය වැඩකරන්නෙ පුද්ගලික බැංකුවක කොළඹ ශාඛාවක. මිනිහට බැංකුවෙං ලොකු ආධාර මුදලක් ලැබුන. මූ අපිත් එක්ක ඒ ගැන කිවුවෙ . . . "කළු උනාට ශෝක් වතුරටික බං. එක බිත්තියක් හරි පෙරළුනානං, අද මම යන්නෙ කාර් එකක" කියල
ReplyDeleteජීවිත හානි නැතිඋන් සුනාමියට කැමතියි. මොකද ජීවිතය අලුතින් පටන්ගත්තනෙ Second Chance
Deleteඔය වෙලාවට ලොජික් මතක් වෙච්ච එකනෙ පුදුමෙ! තවම වැසිකිලි නැති මිනිස්සු ඉන්නව කිව්වම පුදුමයි නේද?
ReplyDeletehenryblogwalker the DUDE
තාමත් ඉන්නවා අයෙත් සුනාමි එනකන් බලන්
Deleteකෝ ලොකු ජෝන් පුටු පාර වැදිලා ඉස්පිරිතාලෙද?
ReplyDeleteමෙ දවස්වල මම කොම්පියුටර් ඉන්ටනෙට් නැති තැනක උන්නෙ ඒකයි දැක්කෙ නැත්තෙ නැතිව ගුටිකාල නෙමෙයි
Deleteකෙල්ලෙක් හොයාගෙන බ්ලොග් එකට ආවම කොල්ලෙක් නේ උත්තර දෙන්නේ.ඔය දෙන්නමද මේ බ්ලොග් එක කරන්නේ.
ReplyDeleteදෙවැනි කතාව පත්තරේ හරි කොහේදී හරි අහල තියෙනවා වගේ මතකයි..
කෙල්ලෙක් කියුවෙ. මෙ බ්ලොග කොහොමත් දැන් මම විතරයි ඇදගෙන යන්නෙ මුලින්ම නම් ගිම්හානිත් පොස්ට් දෙකතුනක් දැම්මා (මම මෙ ඔයාට විතරයි කියන්නෙ.) දැන් එයා මාත් එක්ක මල පැනලා ඕනාවට එපාවට වගෙ කොමෙන්ට් විතරයි දාන්නෙ
ReplyDeleteදෙවන කතව මට කියුවෙ අපෙ ඔපීසියෙ කෙනක් එයාගෙ යාලුවෙකුට ගහපු කාඩ් එකක් මයෙ හිතෙ.
සුනාමියෙන් දුක හිතෙන වගේම රසවත් සිදුවීමුත් තියෙනවා තමා.ඒත් වැඩිපුරම දුක්බර ඒවා නේද..අර බෙල්ලේ තිබ්බ මාලේ කඩාගෙන මුහුදට විසිකරපු එක මට තාම දුකයි.
ReplyDeleteඑහෙම කරන්න තරම් හිතක් ආවෙ කොහොමද කියන එකයි මට පුදුමෙ
Deleteපෙට්ටගමට ගොඩවැදුනට ස්තූතියි !
මිනිස්සු කියන වචනේ ඉස්සරහින් ( අ ) දාගෙන කතා කරන්න ඕනා ඔය වෙලාවට තමයි පුංචි කුමාරිහාමි
Deleteසිරා කතාව. බ්ලොග් රෝලට පෙට්ටගම දාගත්තා.. පරක්කු වැඩිද මන්දා !
ReplyDeleteහොඳම කතාව අර ටී සුනාමි එක්කගෙන එන්න විදේශ අමාත්‍යාංශයෙන් කටුනායක ගුවන් තිඔටුපලට ගිහින් බෝඩ් එකෙක් අල්ලන් හිටි කතාව නේද ? සමාවෙන්න කලකින් මේ පැත්තේ එන්න බැරි උනා.
ReplyDelete