he

Friday, December 9, 2011

කාලය ගතවීම ..

මේ දවස්වල කාලය කලමනාකරනය කරගන්න තිබුනු අපහසුව නිසාම මගෙ වැඩ සේරම අවුල් වෙලා තිබුනෙ. ඒ හන්දා පෙට්ටගමට මුකුත් එකතු කරන්නත් බැරිඋනා. කොහොමටහ් මගෙ කාල කලමනාකරනය අවුල් නිසා ඊයෙ දවස නිවාඩු දමලා අතපසු වුනු වැඩටික අහවර කරන්න යොදාගත්තා.වැඩ ටිකත් ඉවර කලා . ඊට පස්සෙ ලියන්න පටන් ගත්තා. 

ලියන්න දෙවල් නම් බොහෝමයි. ඒත් අද මට හිතුනා මෙ දවස්වල මට වද දෙන කාලය ගැන ලියන්න. මට හිතෙන විදියට මේ ලෝකෙ වැඩියෙන්ම අපිට අහිමි වෙන්නෙ කාලය. මෙ ගතකල ජීවිතය තුල අප අතින් නිකරුනෙ මග හැරුන තත්පර පැය දින සති මාස අවුරුදු කෙතෙක් වීද? ඒවයෙ වටිනාකම කෙතෙක්ද? පහත සටහන බලන්න ඔය සටහන තිබුනෙ මට ලැබුන ඊයක. ඇගට වැදුන නිසා උපුටාගත්තා පෙට්ටගමට ගොඩවදින අයත් එක්ක බෙදාගන්න. … …


•වසරක වටිනාකම පලමු වර උසස් පෙල අසමත් වූ සිසුවෙකුගෙන් අසා දැන ගන්න
•මාසයක වටිනාකම අඩු මාසයෙන් දුර්වල දරුවෙකු බිහි කල මවකගෙන් අසා දැන ගන්න
•සතියක වටිනාකම සතිපතා පත්‍රයක කර්තෘ ගෙන් අසා දැන ගන්න
•පැයක වටිනාකම හමු වීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන්ගෙන් අසා දැන ගන්න
•විනාඩියක වටිනාකම අන්තිම මොහොතෙ දුම්‍ රිය මගහැරුනු මගියෙකුගෙන් අසා දැන ගන්න
•තත්පරයක වටිනාකම අනතුරකින් යන්තමින් බේරුනු පුද්ගලයෙකුගෙන් අසා දැන ගන්න
•මිලි තත්පරයක වටිනාකම ඔලිම්පික් තරගයක මීටර් 100 දෙවන ස්ථානයට පත් පුද්ගලයාගෙන් අසා දැන ගන්න.

මෙ ටික කියෙව්වම කාලයෙ වැදගත් කම ගැන ආයෙත් අටුවා ටීකා අවශ්‍ය නෑනෙ . කාලය ගැන හිත හිත ඉන්නකොට මට පුංචි කතාවක් මතක් උනා ඔයගොල්ලො කියවන්න ඇතිනෙ අර ඇන්ටි තරුණි බලපු කතන්දරය නැත්නම් මෙතනින් ඒ කතාව බලන්න කට්ටිය කොමෙන්ට් දාලා තිබුනා ඇන්ටි තරුනයා හැමදාම කියවන්න ඇති කියලා . 

 මොන ඇන්ටිට වෙන මාරු වැඩක් සෙට් උනා "මූනු පොත"  උදෙට එන්නෙ මූනු පොතට ගුඩ් මෝනින් හායි හූයි කියාගෙන හවසට යන්නෙ බුදුසරණයි සී යූ ටොමොරො .. ඔන්න ඔය වගෙ අනම් මන දාහක් ජාති. 

 මෙ ඇන්ටි දැන් වැඩ කරන්නෙ උදේ 8 හවස 5 වෙලාව අතරතුර . ඇන්ටිගෙ ඔෆීස් ට්‍රන්ස්පෝට් වැන් එක 5:10 වෙනකොට කන්තොරුවෙන් එහා පරෙන් එහා පැත්තට එනවා. ඒ වෙලාවට නොහිටියොත් ඉතින් ඇන්ටිගෙ හබීට කිලොමීටර් 20 ක් 30 ගෙවාගෙන කොළඹ එන්න වෙනවා ඇන්ටිව එකක යන්න. මොකද ඇන්ටි ගෙදරින් වෑන් එකටයි වෑන් එකෙන් කන්තොරුවටයි කන්තොරුවෙන් වෑන් එකටයි ආයෙත් වෑන් එකෙන් ගෙදරටයි විතරයි ජීවිතෙ. 

  ඇන්ටිගෙ ගෙවල් තියෙන්නෙ හොරණ. දවසක් මූනු පොතට ඇලී ගැලී ඉඳලා 5:35 වෙනකම් ඇන්ටි දන්නෙ නෑ. වෑන් එකත් ගිහිල්ලා හබියත් එදා නෑ මොනවා කරන්නද , බස් එකෙ යන්න කියලා කොහුවලින් නැගලා "හොරණ - කොළඹ" බස් එකකට බස් එකෙ සෙනග වැඩි හන්දා ටිකට් ගන්න ටිකක් පරක්කු වෙලා අන්තිමට ඉබ්බන්වල හන්දියට ගිහිල්ලා කොන්දොස්තරගෙන් හොරණ ටිකට් එකක් ඉල්ලලා කොන්දොස්තර මහත්තයට හිනහ ගිහිල්ලා. කොහොම හරි එදා ගෙදර ගිහිල්ල තියෙන්නෙ පිට කොටුවට ගිහිල්ලා ආපහු යන හොරණ එන බස් එකෙ. 

  එදයින් පස්සෙ හැමදාම 4:55ට එලාම් එකක් වදිනවා, අන්න එතකොට තමයි ඇන්ටි ගෙදර යන්න සූදානම් වෙන්නෙ කොහොමද ඇන්ටිගෙ කාල කලමනාකරනය

22 comments:

  1. හික් හික් මාරු මාරු. මටත් ඔය වගගේ දේවල් අනන්තවත් වෙනවා.

    ReplyDelete
  2. ආයි පස්සට අදින්න කියලද? වැදගත්....
    source code බලන්න...

    ReplyDelete
  3. ඔය මුනු පොතේ ඇලීගෙන ඉන්නවට හොඳ වැඩේ....

    ReplyDelete
  4. හි හී... නියම කාල කළමනාකරණය.... :))))

    ReplyDelete
  5. කාලය පඩයක් මෙනි . . . ගියොත් ගියාමය

    ReplyDelete
  6. මරු කතාව

    @ඕනයා : එතකොට ගඳ... පසුතැවිල්ලද....?? මරු කියමන

    ReplyDelete
  7. ඔව් විහිලුවෙන් හරි වටිනා අදහස් ටිකක්......නියමයි

    ReplyDelete
  8. අලේ මගේ ෆෝන් එකේ එලාම් එක වදින කොට අත ඉබේටම ෆෝන් එකට ගිහිල්ල ඒක ඕෆ් වෙනව. ඉතින් මම හැමදාම නැගිටින්නෙ පරක්කු වෙලා. දවසක ලියන්නම් කෝ ඒ කතාව

    ReplyDelete
  9. මමත් ඕන තරම් නින්ද ගිහිල්ලනං බැහැලා තියනවා හෝල්ට් දෙක තුන එහායින් ........

    ReplyDelete
  10. හප්පේ බෝඩ් එක බැලුවට අනික් පැත්තට යන බස් එකක් හික් හික් හික් ......

    ReplyDelete
  11. මූණු පොතත් එක්තරා විනාසයක් තමා... ඒකනෙ මං වහල දැම්මෙ.... දැං ඒකටත් හරියන්න එක්ක මේක තියෙනවනෙ... අර ඕනයා දීපු උපහැරණෙ නම් හරියටම හරි... හික්ස්...

    ReplyDelete
  12. අයෙ ඉතින් එල කොල්ලෙක් සෙට් උනා ලොකු ජෝන් අයියා උබට කොමෙන්ට් ඩාන්ට.....

    ReplyDelete
  13. mokadha oya anti ganama liyanne e antith ekka tharahada ?

    ReplyDelete
  14. අර කියපු කාරනා ටිකනම් නියමයි අයියේ..

    ReplyDelete
  15. මූනු පොත කියන්නේ කාලය කා දමන දෙයෙක් තමා .. ඒත් ඉතින් අපි කරන තවත් දේ තියනවා කාලය කා දමන ..

    මම නම් ගිනුමක් තිබ්බට මූණු පොතට වැඩිය යන්නේ එන්නේ නෑ ..

    ReplyDelete
  16. මොනවම හරි කොටලා ගිය හැමොටම ස්තුතිය් !

    …@ වර්ණා ඒ කියනෙ වෙලාව අමතක වෙනවා වගෙ වැඩද ?

    …@ රහස් පරික්ෂකයා මම නම් බැලුවා . කාලය ගැන මරු ෆිල්ම්ස් වගයක් තියනවා ළගදිම පොස්ට් එකකින් දාන්නම්

    @ Raj අනෙ එහෙම කියන එපා මූනු පොතෙ ඉන්න අයට දුක හිතෙයි

    @ මහි අහල පහල අයත් සූදානම් වෙන්නෙ අර එලාම් එකට තමයි

    @ ඕනයා ඒ කතාවට ඕනයාගෙ කටට මොකක් හරි දාන්න ඔනෙ

    @ නරකයා.... මරු තමයි !

    ReplyDelete
  17. @ Gayan Jayasinghe විහිලුවෙන් කියනකොට තමයි හොඳ නැත්නම් මෙලහට ඇන්ටිගෙන් මම කාලා හොඳට

    …@ රුචා දැන්ම දාපන් නැත්නම් අමතකවෙනවා මටත් හුගක් ඒවා අමතක වෙලා තියෙන්නෙ

    …@ පන්සල් හංදිය නින්ද ගිහිල්ලා බැහීම ගැන කියුවම මතක් උනෙ මරු කතාවක් තියනවා ඒක ඊලග පොස්ට් එකට දානවා

    …@ ඔබ නොදු‍ටු ලොවක්..... ඔය තෙරිලා තියෙන්නෙ

    @ Miyuru කතාවට මාත් එකඟයි

    ReplyDelete
  18. @ Anonymous එල කොල්ලෙක් කීවට අදුනගන්න බෑනෙ

    @ Narumayaa හපො තරහ නෑ

    @ Dinesh ඕවා මගෙ කාරනා හෙම නෙමෙයි ඕන් මටත් ඊයකින් ආපුවා වගයක් බෙදාගන්න ඕන නිසා දැම්මෙ

    @ හිස් අහස හපොයි ඔව්. ඕකට ඇබ්බැහිවෙලා මට නම් එපා වෙලා තියෙන්නෙ

    ReplyDelete
  19. ඇන්ටි ෂුවර් එකටම රෑ නිදාගෙන නෑ,,,

    ReplyDelete
  20. මුහුණු පොත නිසා ඔය වගේ දේවල් නම් කාට කාටත් වෙනවා ඇති ඔන්න

    ReplyDelete
  21. ම්ම්ම්ම්ම්ම්........ මටත් හැමදාම ගෙදර යන වෙලාව පහු වෙනවා...(මූනු පොතේ එල්ලිලා ඉඳලා නම් නෙවෙ වැඩ කර කර ඉඳලා)ඒ නිසා මමත් 4.10ට එලාම් තියාගෙන ඉන්නෙ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..