![]() |
| මෙන්න මේ වගේ |
අද උදේ මහ වැස්සෙම පාරට ආවා. දන්න අදුනන අයියා කෙනෙක් අතත් අල්ලගෙන බස් නැවතුමෙ උන්නෙ වෙද ගෙදරට යන්න. උදෙ මල් කඩන්න වත්තට යනකොට මීමැස්සො ප්‍රහාරයක් එල්ල කරලා. අතෙ ඇඟිලි හරියට ඒ දවස්වල තිබුන අලිගෙදර ලිංගුස් කරල් වගේ. ඉදිමිලා පිම්බිලා. ඒ අයියගේ වෙදනාව මූනෙන් මට පේනවා.
මට එකපාරටම මතක් උනා පරන කතාවක්
හුඟ දෙනෙක් දන්නවත් ඇති. ඒත් නොදන්න අය ඉන්න පුලුවන් නිසා කියන්නම්.
මේක පුෂ්පකුමාරගෙ කතාවක්. පුෂ්පකුමාර කියුවේ මීට අවුරුදු ගානකට කලින් උන්න කෙනෙක්. රූප පෙට්ටියෙ ඕනම වෙලාවක මල් වට්ටිය අත් දෙකින්ම අල්ලගෙන පන්සල් යන හන්දා තමයි පුෂ්පකුමාර කියලා කියන්නෙ. හැබැයි කවදාකවත් තනියෙන් පන්සල් යන්නෙ නෑ පුෂ්පකුමාරිවත් කැටුව තමයි යන්නෙ.
දැන් රජවරු ග්‍රහ අපල වලට සුර පාවිච්චි කරනවා වගේ පුෂ්පකුමාරත් ඔය ග්‍රහ අපල වලට සෑහෙන්න බය කෙනෙක්. ඉතින් ඔය ගුරුකම් දන්න නිළ නොලත් කණ්ඩායමක් පුෂ්පකුමාරත් එක්ක උන්නා. ඒ අය මයලාලි ගුරුකම් පිළිබඳව හොඳ ප්‍රසිද්ද අය. ඉතින් ඒ අය එක එක විදියෙ ගුරුකම් මේ කියන පුෂ්පකුමාර මහත්තයට කලා.
ඔන්න එදා අපලයක් දුරුවෙන්න කියලා මුලු ඇඟම මල් වලින් වහලා කරන ශාන්තිකර්මයක් කරලා. ඇඟේ නූල්පොටක්වත් නැතිව මල් ආසනයක් මත නිදාගත්තට පස්සේ මුලු ඇඟම වැහෙන්න මල්වලින් වහලා තමයි ශන්තිකර්මය කරලා තියෙන්නේ.
අනේ ශාන්තිකර්මය අස්සේ එකපාරටම පුෂ්පකුමාර යටිගිරියෙන් කෑගහගෙන නැගිට්ටලු. අර මල් අස්සෙ උන්න මීමැස්සෙක් පුෂ්පකුමාර මහත්තයගේ එක අවයවයකට විදලා. හිතාගන්න පුලුවන්නේ කොහොමට හිටින්න ඇතිද කියලා.
වහාම සේරම කට්ටඩි කණ්ඩායම විසුරවලා වෛද්‍යවරයෙක්ව කැඳවගෙන එන්න පනිවිඩයක් ඇරියලු.අනේ පුෂ්පකුමාරි නෝනා පුෂ්පකුමාර මහත්තයව ඇඳෙන් හාන්සි කරලා ළඟට වෙලා ඉන්නවලු. පුෂ්පකුමාර මහත්තයා වේදනාව වැඩිකමට යටිගිරියෙන් කෑගහනවලු.
වෛද්‍යවරයා එන්න පැය භාගයක් විතර වෙලාව ගතවෙලා. කාමරයෙ දොර ඇරගෙන වෛද්‍යවරයා එනකොටම පුෂ්පකුමරි නෝනා ළඟට ගිහින් කියුවලු
"බුදු දොස්තර මහත්තයො පුලුවන්ම් මේ වේදනාව අඩුකරලා දෙන්න හැබැයි ඉදිමුවනම් බස්සන්න එපා"කියලා
හුදෙක් විනෝදය සඳහාම ඉදිරිපත්කල කතාවකි. හිත් රිදීමක් වුවහොත් මෙතනින් එකක් කියවා කේන්තිය අඩුකර ගන්න

