Monday, May 13, 2013

මුන්ගේ අම්මලට

පහුගිය ලිපිය ලියලා ටික දවසක් ගතවුනා. හිතාමතාම මේ ලිපිය ලියන්න පමාකලේ කලින් ලිපියෙ අහපු ප්‍රශ්නෙට මම බලාපොරොත්තු උන උත්තරය අද මේ ලියන්න යන ලිපියට අදාල නිසා. 

 කලින් ලිපියේ මම ඇහුවේ දුම්රිය
"ඒ දුරකතන ඇමතුම දුන්නෙ කවුද? 

ඒකෙන් කියවුනෙ කුමක්ද ?"




හරි පිලිතුර උනේ
 "දුම්රිය රියදුරගේ අම්මා"
 "අම්මට නහය දැවිල්ලට කිවිසුම් යනවා කියලා." 
හරි පිලිතුරු දෙකක් ලැබිලා තිබුනා.

 කොහොමින් කොහොම හරි ප්‍රායෝගික ජීවිතයෙදි අපිට අම්මව මතක්වෙන අවස්තාවක් මතක් කරන්න ඕන නිසා පහුගිය පෝස්ටුව ලියුවා. 
පින්තූරය www.faithhill.com පිටුවෙන්
ඒවගේම තව පරන පෝස්ටුවකුත් තියනවා "උදේ පාන්දර චන්ද්‍රිකා මැතිණිය සිහිවීම." කියලා. ඒකත් තියෙන්න ඒ සම්බන්දවම ලියපු හෑල්ලක්. නොබැලුවනම් ගිහින් බලලා එන්න. 

…අපිට හැම කරදරයකදිම ගැටලුවකදිම අමාරුවකදිම සිහියට නැගෙන්නෙ අම්මව. අම්ම ළඟ උන්නත් නැතත් සිහියට නැගෙන්නෙ අම්මව. ඒ හැම දුකකදිම,කරදරයකදීම ඒ දුක හදවතින්ම බෙදාගත්තෙ අම්මා නිසා. ඒක අපේ ඇඟෙන්ම එන්න ඒකයි. 

Friday, May 3, 2013

පුලුවන්නම් කියමු බලන්න

අද මට හිතුනා පොඩි ප්‍රශ්නයක් අහන්න හැබැයි සීරියස් ප්‍රශ්නයක් නෙමෙයි. හරි උත්තරය දන්නවනම් කමෙන්ට් කරන්න. හරි උත්තරය හරියටම නැකතට පබ්ලිශ් කරනවා

… උදේ හවා රාජකාරියට යන්නෙ එන්නේ දුම්රියෙන් වුන මගේ කතා බොහෝමයකට වස්තු බීජ සැපයුවේ ඔය දුම්රියම තමයි. මේ අහන්න යන ප්‍රශ්නයත් ඔය උදෙ වරුවේ දුම්රියෙ යනවිට මුහුනදුන්න අත්දැකීමක් මුල්වෙලා හැදුන ප්‍රශ්නයක්. 

 අත්දැකීම මෙන්න මේකයි. උදෙ පන්දර රාජකාරි කටයුතුවලට පිටත්වයන්නෙ කවුරු කවුරුත් කරදහි ලිපේ දාලාවගේ කඩිමුඩියේ. අන්තිම තත්පරයේ තමයි දුම්රියට ගොඩවෙන්නෙත්. ඒතරමටම කාලය සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිතත් සමග සටන් කරනව. ඔය සටනට මූන නොදුන්න දුම්රියෙන් …ගමන් බිමන් යන මධ්‍යම පාන්තික පුරවැසියෙකු සොයාගැන්ම අපහසුයි. ඉතින් මට කියලා වෙනසක් නෑනේ.

Saturday, April 27, 2013

කබ්බො සහ ටොයියො

අද හුඟ දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තට ආවේ. සාමාන්‍යයෙන් මම අප්‍රේල් මාසේ බ්ලොග් පොස්ට් දානවා අඩුයි. මොකද අප්‍රේල් නිවාඩු කාලෙනේ. ඒ ඉතින් ඉස්කෝලෙ යන අයට, ඒ උනාට මට තාම අප්‍රේල් දෙසැම්බර් මාස නිවාඩු මාස කියලා හිතෙනවා. මීට අවුරුදු ගානකට ඒකියන්නෙ අවුරුදු 20කට විතර ඉස්සර මතකය මට තාම අමතක කරන්න බෑ.

ඉස්සර පාසැල් නිවාඩුව ලැබුනම අපි කොච්චර නම් සෙල්ලම් ජාති කරනවද. චක්ගුඩුපනිනවා, වලකජුගහනවා, ටින් කඩනවා, අයිස්පයිස් කරනවා ඇයි ටොපිකොල ඔට්ටුවට ජිල් බෝල ගැහිල්ල. මේවායින් මම ආසම ජිල් බෝල ගැහිල්ලට.


 හවසට හතරවටෙම ඉන්න කොල්ලො කුරුට්ටන්ගේ ටොපි කොල ටික එකතු කරගෙන පොඩි උන ඒවා පොත් අස්සෙ දාගෙන මැදගෙන පරන සූට් කේස් එකේ දාලා ගනන් කරන එකතරම් වින්දනයක් තවත් නෑ.

Tuesday, April 2, 2013

IPL රස්සාව

රැකියාවක් යනු සෑම කෙනෙක්ම ජීවත්වීම සඳහා කරන්නකි. රැකියාවෙන් ලැබෙන වැටුප තම තෘප්තිය උදෙසා විවිධාකාර ලෙස යොදවා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. එය විනාසකර මහමගට වැටීමේ හැකියාවද ඇත්තෙ ඔහුට හෝ ඇයටයි. ඒ නිසි කලමනාකරනයක් නොලැබුන තැනය. කලමනාකරනය ගැන කතාකිරීඑමට මම යන්නෙ නැත. ඒත් මා කලමනාකරනයෙදි උක්තවන වැටුප සම්බන්දව කතාකිරීමට හා එම වැටුප ගැන ඇස් යොමාසිටින අය ගැන අද මේ ලිපිය කතාකරනු කැමැත්තෙමි.


…අද ඉන්දියානු ප්‍රිමිය ලීග් තරඟාවලිය ආරම්භ වනු ඇත. විස්සයි විස්ස තරඟාවලි අතර ප්‍රමුඛතම තරඟාවලිය මෙම තරඟාවලිය කීවොත් එය බොරුවක් නොවේ. විශාල මුදල් ප්‍රමානයක් ආයෝජනය කර විශාල ප්‍රවර්දන උපක්‍රම භාවිතාකර මුදල් ඉපයීමේ අරමුන පෙරදැරිකරගනිමින් ආරම්භ කර තරඟාවාලියක් ලෙස මෙම තරඟාවලිය හඳුන්වාදිය හැක. ක්‍රීඩකයන්ගේ ජනප්‍රියත්වය ඒවාගේම ඔවුනගේ හැකියාවට ලන්සු තබා අරඹන මෙම තරඟාවලිය ක්‍රීඩාශීලීත්වය අංක එකෙහි තබා පවත්වන්නක් නොවේ. උදාහරනයකට ගන්නවානම් තුරඟ තරඟ ක්‍රීඩාවක් ලෙස ගෙන බලන්න. IPL යනුද එවැනිම වෘත්තීය තරඟාවලියකි. ඔට්ටු තබන්නෝද ව්‍යාපාරිකයෝද මෙම තරඟාවලියට ආයෝජනය කරන්නේ ක්‍රීඩාවේ උන්නතියට කියා ඔබ හිතනවානම් ඔබ වැරදිය.

Saturday, March 30, 2013

කැඩුන හිනාව

මේ සටහන ලියන්න මුල් උනේ පහුගිය කාලෙ ලියපු මෙන්න මේ පොස්ටුවයි. එය මම නම් කලේ " උදෑසන චන්ද්‍රිකා මැතිනිය සිහිවීම කියලයි " නොබැලුවනම් බලන්න. ඔය කතාව සමහරුන්ට තෙරුනාට සමහරුන්ට තෙරුනේ නැ.තව සමහරුන්ට පස්සෙ තෙරුනා.
…මම මේ කියන්න යන්නේ අත් දැකීමක් මෙය කියවන බොහෝදෙනක් අත් දුටු අත් දැකීමක්.


…ඔන්න විශාල පිරිසක් සහභාගීවුන රැස්වීමක්, හිතන්න මහජන පුස්තකාලයේ ශ්‍රවනාගාරයේ දේශනයක් කියලා. නොමිලේ පැවැත්වෙන නිසා හුඟදෙනෙක් ඔය වගේ දෙශනවලට යනවා. සමහරු ගෑනු ළමයා පාඩම් කරලා එනතුරු වෙලාව ගතකරන්න යනවා. තවත් සමහරු සහභාගීවන දෙශකයන්ව බලන්න යනවා . තවත් සමහරු ඇත්තටම දේශනයට සවන් දෙන්න යනවා. කොහොම හරි අන්තිමට ශාලාව පිරෙන්න සෙනග. දේශනය පවත්වන අයට හරි සතුටුයි. අර ස්ටේශන් ළඟ බස් නැවතුම් පලවල ඡන්ද රැස්වීම්පවත්වලා ඒවාට එන සෙනග දැකලා සතුටුවෙන බංකොලොත් දෙශපාලකයො වගේ.

Wednesday, March 27, 2013

අනියත බිය හා වෛද්‍ය සේවය

 පින්තූරය  calibermag.org එකෙන්
ඔබ කුමන හෝ දෙයකට බියවී තිබෙනවද ? උත්තරය නෑ කිය කියනවා නම් එය විය නොහැක්කක්. අපි හැමෝම කුමක් හෝ දෙයකට බය වී තිබෙනවා. නැත්නම් ඒ බය හිතෙ තබාගෙන ඉන්නවා. සමහරු ලෝකයට නොපෙන්නුවට හිත ඇතුලෙ ඒ බය හිරකරගෙන ඉන්නවා. ඔය ලොකු ව්‍යාපාරිකයො , මැති ඇමති ගොල්ලො කොච්චර බලය තිබුනත් අනුන්ගෙන් ආරක්ශාව හොයන්නෙත් ඔය බය හන්දනේ.

…ඒ උනාට මම අද කියන්නෙ ඔය එක එක්කෙනාගෙ බය ගැන නෙමෙයි. මගේ හිතෙ පැලැපදියම් වෙලා තියන බය ගැන. සමහර විට මෙය අනියත බියක් යැයි ඔබ කියන්නට පුලුවන්. ඒත් මේ නියත හෝ අනියත බිය මගේ හිතෙ නිරන්තරයෙන්ම තිබෙන්නක්.