ආතම්මගේ පෙට්ටගම නිල වශයෙන් පටන් අරගෙන 2012 සැප්තැම්බර් 1වනදට හරියටම අවුරුද්ද්ක්. මේ ගෙවුන අවුරුද්ද තුල පෙට්ටගමේ හාර අවුස්සපු දෙවල් නම් එච්චරටම නෑ. ඒත් ලැබුන ප්‍රතිචාරනම් සෑහෙන්න. මේ අවුරුද්ද තුල මාත් එක්ක හිටපු හැමෝටම ස්තුතියි.
මේ දිනවල තිබුන වැඩ රාජකාරිත් එක්ක එහෙන් මෙහෙන් නෙමේයි යන එන ගමන් බ්ලොග් කියවුවා මිසක එක තැනක අසුන් ගෙන කියවන්නට ඉඩක් ලැබුනේ නෑ ඒනිසාවෙන් හරියාකාර ලිපියක් ඉදිරිපත්කරන්නට හැකියාවක් ලැබුනෙ නෑ.
අවුරුදු 17ක් ලියන එක නවත්තලා උන්න මම සිංහලෙන් කියවන්න අය ඉන්න තැනක් දැකලා සතුටින් ලියන්න පටන් ගත්තා. ඒ හරියටම පහුගිය අවුරුද්දේ 2011 සැප්තැම්බරයේදි ."නිර්මාණය හා අනන්‍යතාවය" කියලා ලිපියක් මගින් අනවර්ත නාමයකින් ලිපි ලිවීමට හේතුව පැහැදිලි කලේ මගේ අනන්‍යතාවය හෙලි කරන්නට නොහැකි නිසා නෙමෙයි.
කෙසේවෙතත් මා ආතම්මගෙ පෙට්ටගම නමින් ලියන බ්ලොග කියවන බහුතරයක් මාගේ සැබෑ අනන්‍යතාවය දන්නෙ නෑ. ඒත් මම කලින් සඳහන් කල ලිපියේ කියුවාසේ අනන්‍ය තාවය වැදගත් යැයි මම හිතන්නෙත් නෑ. ඒත් මා කවුදැයි කියා හදුන්වාදීම මගේ යුතුකමක් සේ සිතමි.
|
දැන් ආතම්මගේ පෙට්ටගම www.pettagama.net කියන ලින්කුවෙනුත් පරිශීලනය කල හැකියි.
ඉතින් "ආතම්මගේ පෙට්ටගම" ඔය ගොල්ලන්ට පෙනුන හැටි දැනගන්න මට අවසරද ?
ළගදි තමා මම මේ පැත්තෙ කරක් ගහන්න පටන් ගත්තෙ ඒ නිසා බ්ලොගියෙ විකාශනය ගැන මට ලොකු අවබෝධයක් නෑ.... පළමු බ්ලේග්වසරියට මගෙන් උණුසුම් සුභ පැතුම්.....
ReplyDeleteස්තුතියි!
Deleteමම බ්ලොග පටන් ගත්තේ 2011. සැප්: 17, ඒ කාලෙ ඉදන්ම කියෙව්වා මගෙ හිතේ.
ReplyDeleteහිනාවෙන්න නියම තැනක්.
ජය සහෝ !
ස්තුතියි සහෝ !
Deleteමගෙන් උණුසුම් සුභ පැතුම්..... මම ටික කාලෙක ඉඳන් මේක බලනවා. ඇත්තටම කෙටි. ලස්සන, කියවන්න ආස හිතෙන පෝස්ට් ගොඩක් තියන තැනක් කියලා තමයි මට මුලින්ම දැනුනේ. ඒ වගේම හොඳ විවිධත්වයකුත් තිබුනා... ඉදිරියටත් ඒ විදියටම තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබට ජය....
ReplyDeleteකෙටියෙන් ලියුවම කියවන්න ලේසියිනේ ස්තුතියි මින්
Deleteජයෙන් ජය !! මමත් කියවන්න ආසා කරන බ්ලොග් සටහනක්!
ReplyDeleteස්තුතියි විසිතුරු
Deleteජය වේවා.. නිතරම කමෙන්ට් නොකලත් තීර්ථ යාත්‍රිකයත් නිතරම යන එන තැනක් තමයි මෙතන.
ReplyDeleteස්තුතියි දිගටම යන්න එන්න .
Deleteමමත් ඉතින් ජනවාරි මාසේ ඉදන් මෙහේ ගාටනවනේ... අපි එන්නේ ජොලි කතාවක් කියවලා යන්න.
ReplyDeleteදිගටම ලියන්න මෙහෙම කියනවලු,
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේය මහරජ. මම නොදන්නවැ යැ
Delete…
ඔන්න් ජෝන් අයියේ මාගේ සුබ පැතුම්. මමත් බ්ලොග් ලියන්න ආභාෂය ගත් බ්ලොග් 5න් එකක් තමා පෙට්ටගම. දීර්ග ගමනකට සුභ පතනවා
ReplyDeleteස්තුතියි කෝරලේ මහත්තයෝ!
Delete…
මමත් අයියාට සුභ පතනවා. පෙට්ටගමට සුභම සුභ උපන්දිනයක්.... ඉදිරියටත් මේ වගේ දේවල් ලියලා අපිව තවත් සතුටු කරන්න.. කලබලෙන් ආපු සමහර වෙලාවට කමෙන්ට්ස් දාන්න අතපසු වුනත් මමත් නිතරම පෙට්ටගමේ දේවල් බලනවා.....
ReplyDeleteමටත් ඔය කලබලය සහ ලොග් වීමට ඇති අපහසුතාවය නිසා කමෙන්ට් නොකරන බ්ලොග් එමටයි ඒත් "අලුත් ලිපි වැටුනු බ්ලොග්" අනිවාර්යයන්ම කියවනවා. ස්තුතියි සහෝ කමෙන්ටුවට.
Deleteආව් මේ දාල තියෙන්නෙ මූණත් තහඩුව. සිය පවුල නේද මේ :ඪ් .
ReplyDelete…මම ජෝනව දකින්නෙ බ්ලොග් අවකාශෙ ඉන්න ඉතාම නිර්මාණශීලි කෙනෙක් විදියට .
එදිනෙදා වෙන සුළු සිදුවීම් ඔබ බොහොම ලස්සනට ගලපලා , ඉතාමත් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කරනවා .
…
…බ්ලොග් ලෝකයේ තවත් බොහෝ දුර යෑමට ඔබට ශක්තිය ලැබේවා !
…
හප්පේ මම බැලුවා කමෙන්ටුව මෙච්චර පරක්කු උනේ ඇයි කියලා. "පෙට්ටගම" පටන් ගත්ත දවස් වල දීපු සහයෝගය නැත්නම් අද පෙට්ටගමක් තියනවද දන්නෙත් නෑ බ්ලොග් පොස්ට් එකකින් ස්තුතියි කරන්න ඕනකෙනෙකුට මෙහෙම ස්තුතිකරන එක හරිද මන්දා
Deleteනෑ නෑ සිය පවුලක් නෙමෙයි මේ මගෙ පවුල. කොහොමද හතර දෙනාම සූරයෝ.
Deleteනියමයි....මම කියවන්න පටං ගෙන මාස 3ක් විතර ඇති...
ReplyDeleteස්තුතියි දිගටම එන්න
Deleteකොමෙන්ට් නොකලට ගොඩ කාලෙක ඉඳං කියෙව්වා.සුබ පැතුම්....
ReplyDeleteස්තුතියි විමුක්ති දිගටම කියවන්න කමෙන්ට් නොකලට කොහොමත් අමනාප නෑ කියවනවනම් ඇති
Deleteනියමයි ගොඩ කාලෙක ඉඳං කියෙව්වා.සුබ පැතුම්
ReplyDeleteතවත් බොහෝ දුර යෑමට ඔබට ශක්තිය ලැබේවා
ස්තුතියි සංජය !
Deleteජයවේවා ලොකු ජෝනා! උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteමගෙ හිතේ ඇඳිලා තිබ්බෙ පයිරට් කෙනෙක් වගෙ ඓ පැච් එකක් දාපු හයේ හතරේ දඩාර් පොරක් බං, මේ මං වගෙ අහිංසක දරු පවුල් කාරයෙක් නෙවෙයි!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හික් හික් නම ලොකු උනාට මම පොඩි මිනිහෙක්. පොඩියට ඉන්නකොට තමයි ලොකු තැන් හරියට පේන්නේ. ස්තුතියි Dude!
Deleteඔන්න මගෙනුත් සුභ පැතුම් අයියෙ.
ReplyDeleteදිගටම ලියන්න, අපි එනව බලන්න.
බලන්න කට්ටිය එනකන් ලියනවා. ස්තුතියි DDT
Deleteඋණූසුම් සුභ පැතුමි අපි ඉන්නවා ඔබ සමඟ
ReplyDeleteස්තුතියි ජිංජි බිරිස් !
Deleteඅවුරුද්දට මගෙනුත් උණුසුම් සුභ පැතුම්..
ReplyDeleteස්තුතියි පසන් !
Deleteසුභ පැතුම්
ReplyDeleteස්තුතියි රෙහානි !
Deleteසුභ පැතුම් ලොකු අයියේ.. මමත් මේකේ ගොඩක් ලිපි කියවලා තියෙනවනේ.. දිගටම ලියන් යමු අයියේ..
ReplyDeleteආයෙමත් අවුරුද්දට සුභ පැතුම්..
ස්තුතියි දිනෙෂ් ඔය ගොල්ලො හැමදාම මට ශක්තියක්
Deleteමමත් මෙහෙ අපු දවසේ ඉඳන්ම කියවනවා.... කියන්නතරම් වරදක් නෑ....
ReplyDeleteඅපේ පැත්තෙත් ඇවිත් අඩු පාඩු කියාවි කියල ඔය ලොකු අයියලාගෙන් බලාපොරොත්තු වෙනවා..
දිගටම ලියන්න ශක්තිය ධෛර්යය වාසනාව හා කාලය ලැබේව...!!
අයියාට ජය...!!
ස්තුතියි සුදා මල්ලි. වැදගත්ම දේ කාලය ලැබේවා කියුව එක. කොහොමටත් මම ඒ පැත්තෙ යනවා එනවා. profile එකෙන් නො එන දවස්වලට කොමෙන්ට් කරන්න විදියක් නැ
Deleteඑහෙනම් පෙට්ටගම අරින්න පටන් අරන් අවුරුද්දක්. හොඳයි හින්දයි පහුගිය අව්රුද්දට සුබ පතන ගමන්, තවත් බොහෝ දුර යන්න ශක්තිය දෛරිය ලැබේවා!!!
ReplyDeleteමේක මම කැමති තාලේ බ්ලොග් එකක්.
ස්තුතියි සුදීක !
Deleteසුභ පැතුම් ... දිගටම ලියන්න...
ReplyDeleteස්තුතියි පැතුම්
Deleteමමත් මේක කියවන්ඩ ගත්තේ මගකදිනේ.එළ මචං දිගටම ලියපන්.සුභ පැතුම් මචං
ReplyDeleteස්තුතියි දිනුක! මගදි ඉඳන් හරි කියවන එක ගැන සතුටුයි
Deleteමම නම් මේක පටන් ගත්ත කාලේ ඉඳන්ම කියවනවා.. එච්චර කමෙන්ට්ස් දාලා නම් නැතුව ඇති..එහෙනම් ජය වේවා..
ReplyDeleteවාසනාවන්ත බ්ලොග් උපන්දිනයක් වේවා..
බොහෝම ස්තුතියි. කමෙන්ට් නැතිඋනාට කියවන එක සතුටක්
Deleteආවඩා ආයු බොහෝ වේවා ඔබේ බ්ලොග්කරණයටත් :)
ReplyDeleteහැමදාම වගේ යන එන ඔබට ස්තුතියි
Deleteසුභ පැතුම් ඔන්න මගෙනුත්. හ්ම්.... අන්තිමට එහෙනම් මූණත් දැම්මා නේද? හොඳයි හොඳයි
ReplyDeleteඅවුරුද්දක් මූන හංගගෙන හිටියෙ බොහොම අමාරුවෙන් . ස්තුතියි Ishara
Deleteඑකකට එකක් වෙස් ජීවන අත්දැකීම්, සමාජීය ගැටලු කතාබහ කිරිම, හරියටම පුවත්පත් තීරු ලිපි වගේ. ඒකාකාරී නොවී රස විදින්න කියවන්න පුළුවන්. පොස්ට් එකක් අවසානයේ හරවත් අදහසක් හිතට දාගන්න පුළුවන්. විනෝදයක් ලබන්න කියල හිතුවත් , බ්ලොග් අවකාශය විශාල සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් තැනක්. ඒ නිසා මම ඔබේ ලිපි කියවන්න පටන් අරන් කෙටි කලක් වුවත් ඒ කෙටි කාලයේ ලියූ හැම එකක්ම කියෙව්වා.
ReplyDeleteමම ලියූ ගීයක් බස් රේඩියෝ වැඩසටහනින් රික්වෙසට් කලෙත් ඔබ. ඒ වන තුරු නොදැන සිටි බොහොමයක් කරුණු ඔබෙන් දැනගත්තා.
ගෙවුන වසරටත් ඉදිරියටත් හොඳට ලියන්න හෘදයාංගම සුබ පැතුම් කවදත් ලෙංගතු කමින් එකතු කරනවා
බොහෝම ස්තුතියි කමෙන්ටුවට. දන්න දෙවල් නිර්ලෝබිව බෙදා හදා ගන්න ලෙංගතු මිතුරු මිතුරියන් රැසක් හමුවුන තැනක් මේක.
Deleteman me blog 1 mula idanma balanawa eth me mage 1wini comment1...lassanata ketiyen ...kiyawanna asa hitana vidiyata liyanawa...obata mageth subapethum......digatamaliyanna
ReplyDeleteස්තුතියි
Deleteදිගටම ලියන්න.ඔබට ජයම වේවා සහෝ! :)
ReplyDeleteස්තුතියි හිරු මේ කොමෙන්ටුව තිබුනෙ SPAM එකේ
Deleteසුබ පැතුම් ! මට තියෙන එකම ප්‍රශ්නේ මේක බර වැඩි නිසා ලෝඩ් වෙන්න ගන්න වෙලාව !
ReplyDeleteස්තුතියි. සම්පූර්න ඇත්ත. මේ දවස්වල බර අඩු කරගන්න උත්සහා කරනවා
Deleteබ්ලොගය නම් ඇත්තටම හොඳයි. වැඩේ කියන්නේ මේක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. ඒක අව්ලක් නෑ ඒක අතකට තියන දේවල් කියවනකොට. ;)
ReplyDeleteස්තුතියි. ලේඩේනම් හමුවුනා දැන් තියෙන්නේ බෙහෙත් දෙන එක. අද හෙට සනීපයි
Deleteඋණුසම් සුභ පැතුම් රස්තියාදුකාරයාගෙනුත්!! මෙවන් අපූරු නිර්මාණයන් තව දුරටත් කිරීමට ශක්තිය ර්මෛයය ලැබේවා !
ReplyDeleteජය!!!
ස්තුතියි!
Delete…
ඉස්සරහටත් බ්ලොග් ලොකය සොඳුරු තැනක් කරන්නට හැකිවෙන්න කියලා සුබ පතනවා..
ReplyDeleteසොඳුරු තැනක් ලස්සන වචනයක්
Deleteසුභ පැතුම් ලොකු ජෝන් අයියේ. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා කියල මම ඉත
ReplyDeleteසිතින් ප්‍රර්ථනා කරනවා හොඳේ.
ස්තුතියි පැතුම්
Deleteපෙට්ටගමෙන් කියෙව්වේ හැමදාමත් වෙනස් ආකාරයක ලිපි. අද උනත් එහෙමනේ.
ReplyDeleteපෙට්ටගමෙන් ඔබව හැමදාමත් දැක්කේ ලොකුජෝන් ලෙසයි. ඉදිරියේදිත් එලෙසින්ම දකින්න කැමතියි.
චිරාත් කාලයක් බ්ලොග් අවකාශයේ රැඳෙන්න සුභ පැතුම්...
ස්තුතියි ප්‍රියන්ත. හපෝ හැමදාම ලියන්නෙ ලොකු ජෝන්ම තමයි
Deleteසුබ පැතුම් !!!!
ReplyDeleteස්තුතියි
Deleteසුභ පැතුම් ලොකු ජෝන්...!!!
ReplyDeleteස්තුතියි Beetle
Deleteබ්ලොගේට සුභපැතුම්. ඒත් අනන්‍යතාවය හෙලිකිරීම.....
ReplyDeleteමම මගේ අනන්‍යතාවයෙන් බ්ලොග් ලියන්න පටන්ගත්ත එක ගැන අද කණගාටු වෙනව. ඒ නිසා ලියන්න පුළුවන් බොහෝ දේ ස්වයං වාරණය කරගෙනයි මම ලියන්නෙ.
ඇත්ත ස්වයං වාරණයත් එක අතකින් හොඳයි (හැබැයි පොලිටිකල් යනවනම් අනන්‍යතාවය තියාගෙන වෙන නමකින් යන එක තමා හොඳ ) ස්තුතියි රාජ්
Deleteඅවුරුද්දට සුබ පැතුම්!!!
ReplyDeleteඅදනේ ඇත්ත ජෝන් දැක්කේ....:D
කොහොම හරි දැක්කනේ ස්තුතියි සුබ පැතුමට
Deleteසුභ පැතුම් ලොකු ජෝන්.... තව දිගු කාලයක් ලස්සනට බ්ලොග් එක කරගන්න හැකියාව ලැබෙන්නය කියලා පතනවා...!!
ReplyDeleteස්තුතියි මියුරු
Deleteඅනේ අදනෙ මේක දැක්කෙ. ඔන්න මගෙනුත් සුභ පැතුම්.. :)))
ReplyDeleteහදූනා ගැනීම සතුටක්~ සුභ පැතුම් ජෝන්!
ReplyDelete