he

Friday, August 26, 2011

හදිසි නීතිය යලිත් ස්ථාපිත කෙරේ!

"අංකල්! අංකල්!" උඩගෙදර පොඩි එකා මට කතා කරනවා. "ඇය්" මම කන්තොරු බෑග් එක තුරුලු කරගනිමින්ම ඌ දිහා බැලුවා.
 
"අංකල් මොකකටද අංකල් විපක්ෂය කියන්නෙ?" 
මූටත් ඕනෙ නැති දෙයක් නෑ."මට දැං පරක්කු උනා පුතා මම හවසට කියලා දෙන්නම්" කියාගෙනම මම පාරට පැන්නා.
 
තේ එකක් බීලා කන්තෝරු මේසෙ වාඩිඋනෙ පත්තරෙත් අතට ගනිමින්. "හදිසි නීතිය වැඩි ඡන්ද 101කින් සම්මතය්"
 
මොනවද මේ කියන්නෙ ජනාධිපතිතුමා කියුවනෙ හදිසි නීතිය ඉවත්කරනව කියලා.. මං හිතන්නෙ පත්තරයට වැරදිලා.. මම මේ බලන්නෙ විකල්ප පත්තරයක්ද?..
කෝකටත් පත්තරය බලන්න මම තීරනය කලේ මේ හතර බීරි කතාවට උත්තර හොයන්න.  
 
ජනාධිපතිතුමා පාර්ලිමෙන්තුවේදී  25වනදා හදිසි නීතිය ඉවත් කලයුතුයැය් යෝජනා කලේය. ආණ්ඩුපක්ෂයේ  මන්ත්‍රීන් එකිනෙකාගෙ මුහුනු බලාගත් අතර එතුමා කල යොජනාව කුමක්දැය් හරිහැටි තෙරුම් ගත නොහැකිවූ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
 විපක්ෂය එකාවන්ව නැගීසිටිමින් ජනාධිපතිතුමාගෙ යෝජනාවට විරුද්දව ඡන්දය පාවිච්චි කලහ.
මේක විදේශීය රටක කුමන්ත්‍රණයක් ජේවීපී මන්ත්‍රීවරයෙකු නැගීසිටිමින් තම පක්ෂයේ අදහස ඉදිරිපත් කලේය.
මෙය එක්සත් ජාතිකපක්ෂය  භේද කිරීමට ඉදිරිපත්කල යෝජනාවක් ‍යැය් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ මන්ත්‍රීවරයෙකු ප්‍රකාෂ කලේය. 
කෙසේ හෝ ආණ්ඩුපක්ෂය ඡන්දය දීමෙන් වැලකුනු නිසා හදිසි නීතිය යලිත් වැඩි ඡන්දයෙන් සම්මත විය.
 
මට උඩගෙදර පොඩි එකාව මතක් උනා. ඒ සමගම ඌට හවසට දෙන්න ඔනේ උත්තරයත් මගෙ ඔලුවට ආවා.
 
"විපක්ෂ කියන්නෙ ආණ්ඩුපක්ෂය කියන හැමදේම වැරදිය් කියන අයට."

3 comments:

  1. කතාවනම් හරියට හරි,විපක්ශයේ මොකා හිටියත් ඔය දේම තමයි වෙන්න්නේ.....මොනවා කොරන්නද මේක ලංකාවනේ

    ReplyDelete
  2. ඇම්ඩගේ කතාව මතක් වුණා. ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂයට පෙරල පෙරලා පහර ගසයි. වෘත්තීය සමිති නිදා සිටියි. මහජනයා බලා සිටියි :))

    ReplyDelete
  3. කිත්තාගෙ දේශපාලන කතාවලට 1වනදට කලින් ඉඩක් දුන්නෙ 1වනද වෙනකොට එම ලිපිය පිලුනුවෙන නිසා

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..