Thursday, March 19, 2015

ඉතින් ආයුබෝවන් ක්‍රිකට්.

1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට් පරික්ශා කරන තැන හිටපු ගුරුතුමා අතට තාත්තා ටිකට් දෙක දීලා ආපහු තාත්තා අතට දුන්න ඉතුරු ටිකට් එක මම ඉල්ලගෙන නාස් පුඩු වලට තියලා බලපු ඒ තීන්ත සුවඳ මට තාම දැනෙනවා වගේ හැඟෙනවා.


…මගේ බලන්න ගිය පලමු මහ ක්‍රිකට් තරඟයේ මතකයක් හිතට ආවේ 2015 ලෝක කුසලානයෙන් විසිවුන සියුම් දුකත් එක්ක. 

එවර මහ ක්‍රිකට් තරඟය බලන්න උනන්දුවක් ඇතිඋනේ ශ්‍රීලංකාවට ටෙස්ට් වරම් හම්බවෙලා පවත්වපු පලමු මහතරඟය වීමම නෙමෙයි.

Saturday, January 3, 2015

පලිගැනීම් හා දේශපාලනය ගැන මගේ අත්දැකීම

සීතල කැනඩාවට ආවට පස්සෙ පෙට්ටගම තිබුනද නැද්ද කියලා බලන්න වෙලාවක් හම්බ උනෙ නෑ. හැබැයි මූනු පොතෙ නම් හුඟක් වෙලාවට සැරි සරන්න වෙලාව තිබුනා. ඒ ජංගම දුරකතනයට පිං සිද්දවෙන්න. යාන්තම්  වෙලාවක් හදාගත්තත්, හැම තැනකම ජනාධිපතිවරන උනුසුම නිසා ලියන්න කියන්න හැමදේටම මාතෘකාව වෙන්නේ ඕක.

 ඕකෙ ඉතින් මම කියලා මොනවා ලියන්නයැ. මට දෙශපාලනය ගැන කතාකරන්න කිසිම උවමනාවක් නෑ. ඒ උනාට මේ කතන්දරය ලියන්න මීට වඩා හොඳ කාලයක් එන්නෙත් නෑ. හැබැයි මෙක කියවලා ඉවරවෙලා ලොකු ජෝන් ශ්‍රිලංකා කාරයා කියන හැන්දෙන් මට බෙදාගෙනම යන්න එපා. මොකද මට ඔය ශ්‍රිලංකාවෙ දෙශපාලනය කියන එක එපාම වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපේ රටේ දේශපාලනය කරන උන්දැලා ලඟ ලජ්ජා බය කියන එක ගැවිලාවත් නැතිකම. නැත්නම් ප්‍රතිපත්තියන් නැතිකම. දෙශපාලුවොනම් එහාට පැනලා මෙහාට පැනලා තානාන්තරයක් නැත්නම් කුට්ටියක් කඩාගෙන උන්ගෙ හත්මුතු පරම්පරාවම ගොඩ දාගනි. උන්ගෙ පස්සේ උන්ට ආවඩාගෙන යන උන්ටවෙන්නේ අන්තිමේදි ඇටිකෙහෙල් කාපු රිලවුන්ට උනදේ.