he

Thursday, February 13, 2014

මගේ වස්තුව ......විකිනීමට ඇත

වීඩියෝ චිත්‍රපටි බලන්න අකමැති අය මේ අන්තර්ජාලයේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලානම් මම හිතන්නේ නෑ. මොකද අන්තර්ජාලේ පරිහරනය කරන වැඩිහරියකගේ මාසේට අදාල දත්ත ප්‍රමානය නැත්නම් තෙරෙන සිංහලෙන් කියවනවානම් ඩේටා ප්‍රමානය නැති නාස්ති කරන්නේ ඔය චිත්‍රපටි. මගේ මේ පෝස්ටුවේ අවසානේ කියන්නම් ඩේටා ප්‍රමානය නාස්ති නොකර චිත්‍රපටි බලන්න ක්‍රමයක්.


මම පහුගිය කාලෙ ඒ කියන්නෙ 1996 විතර ඉඳලා 2008 වෙනකම් විනෝදාංශයක් විදියට ආරම්භ කරලා වෘත්තීමය පැත්තටම ඇදගෙන ගිය මගෙ වීඩියෝ සෙන්ටර් එකේ සිදූවුනු රසවත් අත් දැකීම් කීපයක් බෙදාගන්න හිතාගෙන, හැඳින්වීමක් හැටියටත් එක්ක තමයි මේ පෝස්ටුව දාන්නේ.

…සාමාන්‍යයෙන් වෙනත් වීඩියෝ කඩ පවත්වාගෙන යන අකාරයට වඩා වෙනස් ආකාරයට තමයි මම මගෙ ආයතනය පවත් වාගෙන ගියෙ. සාමාජිකයන්ට පමනක් වන විදියට තමයි මෙය පවත්වගෙන ගියෙ. 1996 ඉඳලා 2002 වෙනතුරු හැඳුනුම්පත තබාගෙන වීඩියෝපට නිකුත් කලත් 2002න් පස්සේ හැඳුනුම් පත ගත්තෙ නෑ.


…මගෙන් චිත්‍රපටි ගන්න එන අයට සාමාජිකත්ව නිකුත් කරලා සාමජිකයන්ගෙ දත්ත සෙරම මෘදුකාංගයක් හරහා එකතුකරගෙන, ඒ මෘදුකාංගයෙන්ම තමයි ආයතනය පාලනය කලේ. අනිත් තැන් වගෙ DVD VCD ගෙනියන අවස්තාවෙ මුදල් අයකලෙත් නෑ ආපසු භාරදෙන අවස්තාවෙදි හො මසකට වරක් තමයි මුදල් අයකලෙ. සමහර සාමාජිකත්ව තිබුනා වසරකට, මාස 6කට, මාස 3කට, මාසයකට වරක් පමනක් මුදල් ගෙවන. බද්දට ගන්න අයටත් මටත් අසාධාරනයක් නොවෙන්න තමයි මුදල් අයකලේ.
…මම මගේ ආයතනය නම්කලේත් මගේ නමින්මයි JOHNS MOVIE LIBRARY. හොඳයිනේ නම. ආයතනය තිබුනේ පානදුරේ. දාන්න නමක් හොයනවට වඩා ගහගත්තු කාඩ් එකෙන්ම ගොඩයන්න මට පුලුවන් උනා.




…1996 මුලින්ම පටන් ගන්න කොට DVD 6ක් VCD 25ක් VHSkaatahari 125ක් වෙන්න තිබුනා ඒ කාලේ DVD එකක් රුපියල් 3500ක් විතර උනා VCD එකකුත් රුපියල් 450ත් 750ත් අතර ගානක් වගේ තමයි උනේ කොහොම හරි පලමු අවුරුද්ද පාඩු පිට දිව්වට දෙවන අවුරුද්දෙ මාගාව DVD 50-60ක් විතර තිබුනා ඒ වගේම VCD 1000කට කිට්ටුවෙන්නත් තිබුනා. 1997 අවුරුද්දේ මම කොල්ලුපිටියේ පරිඝනක ආයතනයක දෘඩාංග සම්බන්ද රැකියාවක් කලේ. නිතර නිතර සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල සැරිසරන දන්න අඳුනන සැහෙන්න ඔය කාලෙදි මා වටා උන්නා. ඒ හන්දා නිතර නිතර යාවත්කාලිනවෙන චිත්‍රපටි මාගාව තිබුනා. කොහොම කොහොම හරි කාලය ගතවෙලා VHS නැත්තටම නැතිවෙලා VCD වලටත් ඒ ආනිසංසෙම උදාඋනා යාන්තම් DVD නම් අල්ලලා හිටියා.
……

…මම DVD ගන්නකොට අනිවාර්‍යයෙන්ම අඩුම තරමේ භාෂා තුන හතරක්වත් තියන DOLBY DIGITAL, DTS Sound System තියන DVD තමයි ගන්නේ හරියටම කියනවනම් Original Quality DVD නැත්නම් මම සල්ලි දීලා ගන්නෙ නෑ පාරිභෝගිකයාට හොඳම දේ දෙන්න ඕන කියන එකටත් වඩා මගේ තෘප්තියට මම ගත්තේ හොඳම දේ.


…අද කාලේ DVD එකක් නම් රුපියල් 50ක් වෙනකොට ගන්න පුලුවන්නේ. ඒත් ඔය එකක්වත් අඩු තරමේ උපසිරැසිවත් හරියට නෑ DTS DOLBY නම් අහලවත් නෑ . ඉතින් 2008 දි මම මගේ ආයතනය වහන්න හේතු උනේ ලාබෙට DVD විකුනන පිටකොටුවේ මුදලාලිලා මේ ක්ශේත්‍රය ආක්‍රමනය කරන්න පටන් ගත්තට පස්සේ. ඒ අයට ඕන උනේ ලාබේ විතරයි. මේ ව්‍යාපාරයේ පැවැත්ම ගැන ඒ අයට උවමනා උනේ නෑ. සියට දහයේ පහලොවේ ලාබෙට බිස්නස් කරපු උන් දන්නේ BUYING & SELLING විතරයි. ඒ අය දැනන් උන්නෙ නෑ DVD ව්‍යාපාරය සේවාවක් කියලා. ඒ අය සේවාවට මිල නියම කලේ බයින් ඇන්ඩ් සෙලින් රේට් එකට. අන්තිමටම කලකිරුන මම 2008දි ආයතනය වහලාදාලා DVD සේරම ගෙදරට ගෙනත් දැම්මා. කාමරයක් පිරෙන්න DVD. හම්මෝ ඔය කාමරේට මේ ලොකු ජෝන්ගේ පවුල එබෙන්නේ හැමදාම බැනගෙන .. කවරත් එක්කම DVD 6000ක් ..හිතාගන්න පුලුවන්නේ කාමරේ හැටි.

…ඉතින් 6000කට අධික DVD තොගයක් මගේ වීඩියෝහල වහල දාන වෙලේ මාත් එක්ක ඉතුරු උනා. ගෙදරිනුත් බැනුම් අහගෙන මේටික පනවගේ මෙච්චර කල් තියාගෙන උන්නා. ඒත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා (ඒහේතුව ළඟදිම ඉදිරි පෝස්ටුවකින් කියන්නම් ) මට මගේ DVD ටික මට අතහරින්න සිදුවෙනවා.

…කාටහරි දෙන්නත් ගනන් හිලවු හරියට තියෙන්න ඕන නිසා පලුදුවුන දුර්වර්නවුන වැඩනොකරන සේරම DVD පහුගිය දවසක අයින් කලා 3000කට අදික ප්‍රමානයක් DVD මාලඟ දැන් ඉතිරිවෙලා තියනවා


හොඳ ඔෆර් එකක් ආවොත් දෙනවා කැමතිද ?

… මෙන්න මගේ නොම්මරේ 0714472985

45 comments:

  1. මගේ විඩියෝ සෙන්ටර් එකට වෙච්ච සන්තැසියම තමයි එහෙනං උඹේ එකටත් වෙලා තියෙන්නේ ,

    ReplyDelete
    Replies
    1. අටම කලේ වැල වීඩියෝ සෙන්ටර් එකක් නේද? :D

      Delete
    2. අටම කලේ වැල වීඩියෝ සෙන්ටර් එකක් නේද? :D

      Delete
    3. අටමගෙ එකට පොලෝසියෙං පැන්නද?

      Delete
    4. වෙන්න කලින් මම වැහුවා

      Delete
    5. හයියූ මේ බෝ පැලයක් වගේ ඉන්න අටමට රට්ටු කියන කථා...

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  2. බොහොම හොඳ එකතුවක්නේ..හොඳ විනෝදාංශයක්

    ReplyDelete
    Replies
    1. අපේ පවුලනම් කියන්නේ "ඕක කන්නද" කියලා

      Delete
  3. ඔරිමජිනල් හොයන අයට වටිනව අයියේ මේවා :)

    ReplyDelete
    Replies
    1. අපේ අය බාල බඩුවලට පුරුදුවෙලා ...

      Delete
  4. හලෝ මේ ikman lk එකේ දාන්න ඕනේ දැන්වීම් මෙහෙම දාලා අපේ කාලෙයි ඩේටා ටිකයි දෙකම කන්නේ ඇයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට ...ඔයාගේ කාලෙ කෑවනම් සමාවෙන්න ඒත් මේ පෝස්ට් එක දැම්මේ ඉස්සරහට ලියන්න තියන තව මගේ පොස්ට් ගානකට හැඳින්වීමක් විදියට.

      Delete
  5. අඩුම ගාණෙ DVD සීයක හමාරකවත් නම් දන්න එපැ‍යි. නැත්නම් නම පේන විදිහට ෆොටෝ කීපයක්....

    ReplyDelete
    Replies
    1. සරලව කියනවනම් ඉස්සර මගේ මොටො එක
      ''…You name it , I have it" 2008ට කලින් ආපු හොඳ චිත්‍රපටි සේරම වගේ මගේ ලඟ තියනවා

      Delete
  6. මගෙ අප්පේ...

    කිව්වත් වගේ ඉක්මන් එකේ ඇඩ් එක දැම්ම නම් ගොඩ..

    ReplyDelete
  7. මේක දැක්ක ගමන් විකුනනවා කිව්වාම බඩ පපුව පිච්චුනා වගේ හැඟීමක් ආවා.. ඇයි හත් දෙයියනේ ආදරෙයන් එකතු කරපු දෙයක් නේද?

    එකම‍දේ ලංකාවෙ "හොරබඩු ජාවාරම" පිටකොටුව හරහා ලංකාව පුරා ව්‍යාප්ත වෙද්දි මේවගේ සම්පතක් තිබුණ තැන කඩා වැටෙව එකපුදුමයක් නෙවෙයි.

    මේක පුද්ගලික කලෙක්ෂන් එකකට වුනත් නියමයි.

    වෙලාවට අතේ සල්ලි නැ තිබුණනම් වචන දෙකක් නෑ මම ගන්නවා වෙන මොනවට වත් නෙවෙයි මට බලන්නත්, පුද්ගලික කලෙක්ෂන් එකක් විදියට තියාගන්නත්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම "මගේ වස්තුව " කියලා නම දැම්මේ. මමත් කැමති පුද්ගලික චිත්‍රපටි එකතුවක් විදියට දෙන්න තමයි . ඒත් කාලය මදි වගේ

      Delete
  8. මට වෙන්නෙත් කවදා හරි ඔය ටික තමයි... වෙලාවට ඔක්කොම පොටබල් හාඩ් වල තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට BRRIP DVDRIP වලට DVD Quality ගන්න අමාරුයි මම ඔය දෙකේම වෙනස අඳුනනවා

      Delete
  9. මමත් මේ දවස්වල ඉන්ටනෙට් කැෆේ එකක් දාන්න හිතන් ඉන්නේ.වැඩේ අවුල් වෙයිද?

    ReplyDelete
    Replies
    1. වැඩි ලාබයක් බලාව්පොරොත්තු වෙනවානම් අමතර වැඩ ටිකක් කරන්න අදහසක් ඕනෙනම් මට කතාකරන්න .

      Delete
  10. මටත් ඔය වගේ රෙන්ට් එකට ගත්තු කාලයක් ලාවට වගේ මතකයි.දැන්නම් ඉතින් බානව බලනව-බානව බලනව.
    ෆිල්ම් වලත් වඩා ටීවී සීරීස් තමයි බලන්නේ.කෙලින්ම සිංහල උප සිරැසි සමග.(බයිස්කෝප්,සූම් පිහිටින්)

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. මේ ව්‍යාපාරයට ඒකත් එක පහරක් තමයි

      Delete
  11. මට මතක් වුනේ ගෙදර තියෙන මගේ කලෙක්ශන් එක.. ඕක කොයි වෙලේ හරි අපේ ගෙදරින් විසි වෙලා යාවි මාත් දැන් නැති හන්දා..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න කලින් විකුනන්න තීරනය කලේ ඒකයි

      Delete
  12. මට දුක හිතෙන්නෙ ලොකු ජෝන් ඔයා ඕව දෙන්න හදන්නෙ ඇයි කියල හිතනකොට .

    ReplyDelete
    Replies
    1. ඒගැන වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියන්න මම හිතාගෙන ඉන්නේ

      Delete
  13. මටත් තිබුණ ඔහොම කැසට් පීස් කලෙක්ෂන් එකක්. අන්තිමට ඒව අහන්න වෙලාවක් නැති හින්ද පුස් කාලම ගියා. අන්තිමට ඔක්කොම ගිනි තියල දැම්ම.

    දැංනං ඉතිං නෙට් එකෙන්නෙ හැම දෙයක්ම.

    ReplyDelete
    Replies
    1. මගේ කැසට් එකතුවටනම් උනේ ඒකතමයි

      Delete
  14. මම නම් චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි, කොහොම උනත් අපරාදේ ආදරෙන් එකතු කරපු, වටිනා පුද්ගලික එකතුව විකුණන එක..
    ඉක්මනටම හොඳ ගැනුම් කරුවෙක් ලැබේවා කියා පතනවා.

    ReplyDelete
  15. මොනවා උනත් අපරාදේ...

    ReplyDelete
  16. දුකයි ඇහෙනකොටත්.....

    ReplyDelete
  17. හිතට දුකක් දැනුනා...ඔබේ ආදරය දිනූ වස්තූන් රාශියක් ඔබෙන් දුරස් වන්නට යන බව ඇහුවාම...සියලු දේ අනිත්‍යයි යන සනාතන දහම තමයි මෙතනටත් පොදු වෙන්නෙ. ජය !

    ReplyDelete
  18. ටොරන්ට් කේස් එක නිසා තමයි වීඩියෝ කඩවලට ඔය කල ගියේ

    ReplyDelete
  19. තවත් වරක් හිතලා බලන්න. ඔය වගේ එකතුවකට තැනක් එන කාලයක් එන්නත් පුළුවන්. එහෙම එකතු කරපු අය පස්සේ ගොඩ ගිය වෙලාවල් ඕනෑතරම් තියෙනවා.

    ReplyDelete
  20. අපරාදෙ... දැක්කම දුකයි... මොනතරම් ආසාවෙන් එකතු කරපුවද කියල හිතෙනවා, ව්‍යාපාරයකට උනත්...

    ReplyDelete
  21. අපරාදෙ කියල තමයි ඉතින් කියන්න තියෙන්නෙ...

    ReplyDelete
  22. Do you have the movie "THE MAN" in your collection

    ReplyDelete
  23. මරැනේ එකතුව!! අද තමයි මුලින්ම ආවේ.. නැවත එන්නම්. ජය!!

    ReplyDelete
  24. අර ති.නා. කරනවා වගේ ඔයා ලො.ජෝ. කියලා ගහලා ඕවා රූපවාහිනියට දෙන්න

    ReplyDelete
  25. වෙල්කම් පාට්නර්. මගෙත් තියෙනවා සෑහෙන එකතුවක්. හැබැයි මං දැන් නං එච්චර සල්ලි වියදම් කරන්නෑ. අන්තර්ජාලෙන් රිප් එක බාලා, ඩිස්ක් එකක ගහනවා. තව අවුරුදු පහක් විතර යද්දි, නෝමල් ඩීවිඩි ගිහිං බ්ලූරේ වගේ අපිට හිතාගන්න බැරි වර්ෂන් එයි. දැනට අවුරුදු දෙකකට විතර කලින් මයෙ හිතේ, මූවි නිකුත් කිරීම එස්ඩී කාඩ් (නොන් රීරයිටබල්) වලින් කිරීමත් පටන් ගත්තා. ඉතින් ඩීවීඩි වලටත් වීසීඩි වල ඉරණමම අයිති වෙයි ළඟදිම.

    ReplyDelete
  26. මාත් DVD ඉස්සර එතකු කලා original ඒවා ලොකු ජෝන් අයියා වගේම, කාමත් ඒ ටික තියෙනවා ඒත් එකක් දෙකක් මිසින් වෙලා කවුරු හරි උස්සලා , දැන්නං බාලා හාඩ් එක පිරිලා,:D දුක නැද්ද කාලයක් එකතු කරපුවා විකූණන්න?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..