he

Saturday, June 7, 2014

පිටගංකාරයෝ

මගේ වස්තුව වෙච්චි වීඩියෝ සෙන්ටර් එකේ බඩු ටික විකුනන්න දාපු ලිපියෙන් පස්සේ පෙට්ටගම පැත්තට ගොඩ වෙන්න බැරි උනා. සෑහෙන කාලයක් ගත උනා. අධික වැඩත් කම්මැලිකමත් දෙකම එකතු වෙලා අලුත් පෝස්ට් මොකවත් දාගන්න බැරි උනා. අධික වැඩ වෙලාවට ලියාගන්න වෙලාවක් නෑ ලියාගන්න වෙලාව තියන වෙලාවට කම්මැලියි. මොනවා කරන්නද. ඔය දෙකම නැතිවෙන වෙලාවක් බලලා යාන්තම් ලියන්න ගත්තා. පහුගිය පෝස්ටුවේදි කියපු නොවැලැක්විය හැකි හේතුව ගැන මේ ලිපියෙන් කියන්න තමයි හිතාගෙන ඉන්නෙ.


හැත්තෑවේ දශකයේ මැද භාගයෙදි පුංචි බොරැල්ලේ ස්ථීර පදිංචිවෙලා උන්නු අපි ඒ කියන්නේ මමයි අම්මයි තාත්තයි, කොළඹින් පානදුරයට සංක්‍රමනය උනේ නාගරික වටපිටාවකින් මිදිලා නිවී හැනහිල්ලේ ඉදිරි ජීවිතය ගතකරන්න. එතකොට මම දවස් දාහතරේ පොඩි එකා කියලා තමයි අම්මනම් කියන්නේ.

Thursday, February 13, 2014

මගේ වස්තුව ......විකිනීමට ඇත

වීඩියෝ චිත්‍රපටි බලන්න අකමැති අය මේ අන්තර්ජාලයේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලානම් මම හිතන්නේ නෑ. මොකද අන්තර්ජාලේ පරිහරනය කරන වැඩිහරියකගේ මාසේට අදාල දත්ත ප්‍රමානය නැත්නම් තෙරෙන සිංහලෙන් කියවනවානම් ඩේටා ප්‍රමානය නැති නාස්ති කරන්නේ ඔය චිත්‍රපටි. මගේ මේ පෝස්ටුවේ අවසානේ කියන්නම් ඩේටා ප්‍රමානය නාස්ති නොකර චිත්‍රපටි බලන්න ක්‍රමයක්.


මම පහුගිය කාලෙ ඒ කියන්නෙ 1996 විතර ඉඳලා 2008 වෙනකම් විනෝදාංශයක් විදියට ආරම්භ කරලා වෘත්තීමය පැත්තටම ඇදගෙන ගිය මගෙ වීඩියෝ සෙන්ටර් එකේ සිදූවුනු රසවත් අත් දැකීම් කීපයක් බෙදාගන්න හිතාගෙන, හැඳින්වීමක් හැටියටත් එක්ක තමයි මේ පෝස්ටුව දාන්නේ.

…සාමාන්‍යයෙන් වෙනත් වීඩියෝ කඩ පවත්වාගෙන යන අකාරයට වඩා වෙනස් ආකාරයට තමයි මම මගෙ ආයතනය පවත් වාගෙන ගියෙ. සාමාජිකයන්ට පමනක් වන විදියට තමයි මෙය පවත්වගෙන ගියෙ. 1996 ඉඳලා 2002 වෙනතුරු හැඳුනුම්පත තබාගෙන වීඩියෝපට නිකුත් කලත් 2002න් පස්සේ හැඳුනුම් පත ගත්තෙ නෑ.