he

Saturday, August 12, 2023

ගූ බෝලේ

අල්ලපු ගෙදර කුණුගොඩ ගැන කතාවක් පහුගිය මාසේ පහුගිය ලිපියෙන් දැම්මට පස්සේ ලියන්න පෙට්ටගම පැත්තෙ එන්න ලැබුනේ සෑහෙන දවසකින්. පහුගිය කතාවෙන් මම කියුවේ අපේ ගෙදරට දකුනු පැත්තෙන් තියන ගෙදර විස්තරයක්නේ. අපේ ගෙදරට වම් පැත්තෙනුත් ගෙයක් තියනවා ඒ ගැන නොකීවොතින් වම දකුන සමබර නොවන තත්වයක් උද්ගතවෙන හන්දා අද කියන්නම් වම්පැත්තෙ ගෙදර විස්තරයක්.

මේ කතාව කියම්දෝ නොකියම්දෝ කියලා හිත හිත උන්නෙ සෑහෙන්න දවසක ඉඳලා. හේතුව ඔය ගෙදර උන්නේ අක්කලා සෙට් එකක්. ඔය අක්කලා ඉඳලා හිටලා පෙට්ටගමට ගොඩවැදිලා යන කට්ටිය. මේ කතාව කියවලා ලැජ්ජා හිතෙවිද දන්නෙ නෑ කියන සිතුවිල්ල හැමතිස්සෙම මගේ හිතට ආවා. ඒත් කමක් නෑ කියලා හිතෙන්නේ මේ කතාව මීට අවුරුදු 25කට විතර කලින් උන සිදුවීමක් නිසා.

… අපේ මහගෙදර ඉස්සරහ ලොකු වත්තක් තියනවා ඔය වත්ත පන්සලට අයිති වත්තක්. කබොක් ගල් කපපු වලවල් කීපයක් අයිනට වෙන්න තිබුනට එල්ලේ ගහන්න කියාපු ඉඩම එක කෙලවරක උසම මාදං ගහක් තියෙනවා. ගමේ කොල්ලො කුරුට්ටො පන්සල් වත්තට එකතුවෙනතුරු මාදං ගහට වෙලා හතරවටේ බලබල ඉන්න එක හරිම ජොලි වැඩක්.


…පන්සල් වත්ත පුරාම තැනින් තැන ඉන්දපු පොල් ගස් කොස් ගස් කජු ගස් අඹ ගස් එහෙම නොතිබුනා නෙමෙයි. මම හිතන විදියට ඔය ගස් වල පලදාව භුක්තිවින්දේ මේ අපි වගේ කොල්ලො කුරුට්ටො මිසක හමුදුරුවො නම් නෙමෙයි. අපි ගහකට නැගලා අහූවුනොත් නම් ලොකු හාමුදුරුවන්ගෙන් හොඳවැයින් අහගන්න ගමන් පන්සල් වත්තෙ සෙල්ලම් කරන එකත් දවසකට දෙකකට අත්හරින්න වෙනවා. ඒත් ලොකු හාමුදුරුවො කවමදාකවත් ගස්වල පලදාව කඩාගෙන නම් ගියේ නෑ. ඒවා අපිටම කඩාගෙන කන්න ඉඩ දීලා තිබුනේ. කොස් ගස්වල ගෙඩි හැදෙන කාලෙටනම් අහල පහල අය පොලොස් ගෙඩියෙ ඉඳන් කොස් ගෙඩිය දක්වා කොස් ඵලයේ අතුරු පල භුක්තිවින්දත් කඩන්නට අතපසුවන උස් අතුවල කොස් ගෙඩි වැලවරකා ලෙස ගස් උඩටමවී කන්නට අපේ කොල්ලො කුරුට්ටො තරම් ඔය ගොල්ලො දක්ශ ඇතැයි මම හිතන්නෙ නෑ.


…කොස් ගස්වල විස්තරයක් කියන්න ගිහින් කියන්න ගිය කතාව වෙනපැත්තකට ගියොත් ලබන අවුරුද්දෙ තමයි කතාව කියන්න වෙන්නේ*. මම කලිනුත් කියුවනේ පන්සල් වත්ත හොඳටම ගැලපෙන්නේ එල්ලෙ ගහන්න කියලා. ඉතින් අපේ කොල්ලො ටික ඉස්කෝලේ නිවාඩු කාලෙ විතරක් නෙමෙයි ඉස්කෝල ඇරිලා ගෙදර එන්නේ එල්ලේ ගහන්න බලාගෙන. අද ක්‍රිකට් මෙච්චර ජනප්‍රිය උනාට අපි වැඩිහරියක් කලේ එල්ලෙ ගහන එක.

…හයේ හතර ඒවා නැති උනාට දෑත බදලා දෙන්නේ එල්ලේ බෝලේ ටීක් බෝලේ සයිස් එක වෙන්න. ඔන්න ඔය බෝලේ ටීක් බෝලේ සයිස් උනාට පස්සේ නතර වෙන්නේ පන්සල් වත්තෙන් එහා පැත්තෙ වත්තකින්. හතර වටේම තියන වතු වලට බෝලේ ගියාට අපිට වැඩි ප්‍රශ්නයක් නැත්තේ ඔය හැම වත්තකින්ම කොල්ලෙක් අපිත් එක්ක සේල්ලම් කරන නිසා. වත්තට රිංගලා බෝලේ ගන්න එකට ප්‍රශ්නයක් නෑ.

…කරුමෙකට අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙ කෙල්ලො ටිකක් විතරමයි. කෙල්ලො කියුවට අපිට සාපේක්ස්ශව ලොකු අක්කලා. අනේ එල්ලේ පාරක් සැරට වැදිලා හදිසියෙවත් ඔය වත්තට ගියොතින් බෝලේ ආසාව අපි අතහරිනවා. ගෙදර ඉන්න කවුරුහරි අක්කකෙනෙක් ඇවිත් බෝලේ අරගෙන ගේ ඇතුලට අරගෙන යනවා. මට මතක හැටියට මේ සිද්දිය වෙන්න කලින් අපේ එල්ලෙ බොල 24ක් ඔය අක්කලගෙ ගෙදර තිබුනා.

…ඔන්න එක දවසක් අපි එල්ලෙ ගහමින් උන්නා. දැන් අපිට පේනවා ගෙ ඇතුලෙ අපේ 25වන බෝලයත් ගෙතුලට ගෙනයාමට අක්කා කෙනෙක් සූදානමින් ඉන්න විත්තිය.

…පන්සල් වත්ත කෙලවරක හරක් රංචුවක් තණ කොළ කමින් ඉන්නවා දැක්කෙ ඔය අතරතුර. කලින් දවසක පැත්තකට දාපු හිල්වුන එල්ලේ බෝලෙකුත් අරගෙන අපේ එකෙක් කිට්ටු උනේ හරක් රංචුව ළඟට. හොඳට දියාරුවර උනු උනුවේ වැටුන ගොම තලියක් පොල් කට්ටකට අරගෙන අර බෝලේ ටිකක් හිල්කරලා ඇතුලට වැක්කෙරුවා. හිමිහිට අර අක්කලගේ ගෙදර ඉස්සරහට කිට්ටුවෙලා ගොම පිරුන බෝලේ හිමිහිට ගෙමිදුලට තල්ලු කලේ කාටවත් නොදැනෙන්න . කුරුම්බැට්ටියකින් වහලෙට ගහලා අපි එල්ලේ සෙල්ලම ටික වෙලාවකට නැවැත්තුවේ බෝලෙ නැතිවුනා කියලා හඟවන්න අනේ අර 25වන බෝලය අහුලන්න මග බල බලා උන්න අක්කා ඇවිත් අපේ ගොම බෝල අරගෙන ගෙදරට දිව්වේ රටක් රාජ්‍යයක් ලැබුනා වගේ ......
…ගත වුනේ තත්පර කීපයයි කීවොත් ....

…අලුග්ත්තෙරු ..&*%^$@#$





…*

41 comments:

  1. හැක්..හැක්...ගූ නොවේ ගොමනේ..!
    පව් සූටි අක්කා..!

    ReplyDelete
    Replies
    1. ආ ලොක්කා සෑහෙන කාලෙකින්

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. අක්කල පව් ද මන්ද...

    ReplyDelete
    Replies
    1. පවු ඇයි අපි පවු නැද්ද ?

      Delete
  3. කොලු කාලේ ඔහොම වැඩ නොකලොත් උන් කොල්ලෝ නෙවෙයි.

    ReplyDelete
  4. හැක් හැක්.. අක්ක පව් මෙයා...

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම පේන්නේ අක්කලා පවු කියලා තමයි

      Delete
  5. යකෝ බෝලයකින් අක්කලා මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකතමයි මටත් තියන ප්‍රශ්නේ

      Delete
  6. අක්කා පව් .. ඔය එල්ලේ ගහන එක නවත්තලා අක්කලාවත් එකතු කරගෙන කරන්න පුළුවන් සෙල්ලමක් කරන්ට එපායෑ... හැංගි මුත්තු හරි එහෙම නැත්නම් අල්ලන සෙල්ලම් වගේ එකක් හරි ..

    ReplyDelete
    Replies
    1. එක හරි යන්නෙ නෑ මොකද ඒ අක්කලා අපිට සාපෙක්ශව ලොකු අය මම මේ කියුවේ එක්දාස් නවසිය බර ගනන්වල කතාව්ක්

      Delete
  7. හික්ස්..........අනේ පව් අක්කලා

    අපිත් එල්ලේ තමයි ගැහුවේ වැඩිපුර.අපිට පිට්ටනියක් නෑ මහපාරේ එල්ලේ ගැහුවා.වාහන් අඩු පාරක් නිසා අවුලක් නෑ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා එහෙනම්.,..!

    ReplyDelete
    Replies
    1. අහල පහල ජනෙල් එහෙම කැඩුවේ නැතෙයි . අද සුබ පැතුව හන්දා මමත් සුබ පතනවා. හෙට හැමෝටම ආයෙම සුබ පතන්න එපැයි

      Delete
  8. දැං ඔය බෝල 24 ක් එකතු කරගෙන ඔය අක්කල ඒවයින් මොනවද කළේ.

    ජෝන්ට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං මටත් තියන ප්‍රශ්නයක් ඕක.
      …අද ම සුබ පතන්නද හෙට පතන්නද ... ඔන්න ඔහේ හෙටම සුබ පතන්නම්

      Delete
  9. යකෝ මමත් ඔය වගේම ගස් වල ඉදන්ම පල නෙලාගෙන කාපු කෙනෙක්... දැන් එහෙම කොල්ලෙක් හොයා ගන්නත් බෑ.. කොටින්ම කිවුවොත් හදිසියකටවත් ගහකට බඩ ගාන්න බැරි කොල්ලො තමා ඉන්නෙ....

    අම්බෝ අපි කොච්චර පොඩි කාලෙ එන්ජෝයි කලාද?? අපිට මතක් කරන්න කොච්චර දේවල් තියෙනවද??

    ReplyDelete
    Replies
    1. අන්න ඒවා ලියන්න තමයි මම පෙට්ටගම ඇරියේ

      Delete
  10. පව් බං අක්කා. ඔය ෆොටෝවේ ඉන්නේ ඇත්තටම ඒ අක්කද? මන හිතකින්ද උඹලා ඒ වගේ සීදේවි ගෑනු ළමයෙකුට ගූ බෝලයක් අතේ මිරිකෙව්වේ .

    ReplyDelete
    Replies
    1. දාන්න පින්තූරයක් හොයනකොට හම්බ උනේ මෙක

      Delete
  11. අනේ අසරණ අක්කා හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයට පේනෙත් අක්කගේ අසරන කම

      Delete
  12. ඔය අක්කට ඒ තරම්ම කේන්ති යනවද බෝලේ වත්තට ආවහම ? හික්ස් :)

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගෙ හැටි දැන් ඔය සිදුවීම් දකින්න නැත්තෙ දැන් කොල්ලො සෙල්ලම් කරන්නෙ නෑ ඒකයි

      Delete
  13. ඒ ගෙදර නංගිලා හිටියේ නැතෙයි ජෝන් ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ එහම උන්නනම් අපි බෝල අරගන්නවා කොහොමහරි ...

      Delete
  14. යසයි ඔය කියන උන්ට. එදායින් පස්සෙ ඒ වත්තට යන බෝල දෙගොල්ලන්ටවත් නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ යන බෝල අහුලන්නෙ නෑ පස්සෙ අපි හොරෙන් ගිහින් ඇහිඳගන්නවා

      Delete
  15. පව් වැඩේ. ඔය වගේ මගෝඩි වැඩ කරන අය කොයි තරම් ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අපි මගෝඩි ?

      Delete
  16. අර බෝල 25 වුණේ අක්කගේ බෝලත් එක්කමද?

    ReplyDelete
  17. කිව්වට අමනාප වෙන්න එපා,මාතෘකාව දාන්න තිබ්බෙ ගොම බෝලෙ කියල නෙවෙයිද.

    ReplyDelete
  18. මේකට ඇයි බන් ගොම දැම්මෙ...අපි ඔය වැඩේ කලා නම් දාන්නෙ ඔරිජිනල් ගූ...අපි එහෙමයි...

    ReplyDelete
  19. අක්ක බෝල එකතු කරන් මොනා කරනවද දන්නෑ....ජෝන් අයියග කරපු වැඩේනම් නියමයි :D
    සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා අයියේ...

    ReplyDelete
  20. හි හි හොද වැඩේ ... උනේ කෙල්ලට

    ඔයාට සුබම සුබ අලුත් අවූරුද්දක්

    ReplyDelete
  21. මේක ගූ කතාවක් යටතේ වර්ග කරන්න පුළුවන්ද කියලා මම මේ බැලුවෙ.....

    එල්ලෙ හොඳයි ගුටි කන එක තමා ඉවසන්න බැරි.. ක්‍රිකට් කියලා සෙල්ලමක් තියනවාය, ඒකෙදි ගහන්නෙ දුවන එක්කෙනාට නෙමේ හරිකරලා තියන පොලු වගයකටය කියන ආරංචිය බොහොම ආනන්දජනක වුනා ඒ කාලේ...

    පොතේ හැටියට අක්කා ඔය බොලේ වහාම හරවා එවන්න ඕනා... එහෙම වුනේ නැද්ද ?

    ReplyDelete
  22. අම්මපා අක්කලට ඔහොම කරන්න හොදද මම අහන්නේ?

    ReplyDelete
  23. 24ක් වෙනකල් හිටියෙ මොකටද කියලයි මට පුදුමෙ.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..