Tuesday, July 23, 2013

වසර 18 කට පෙර අද වගේ දිනක

නාරහෙන්පිට ඇල්විටිගල ෆ්ලැට් එකේ යට තට්ටුවේ තිබුනා රෙදි කඩයක්. මට මතක හැටියට නිරෝමිද කොහෙද නම. අදනම් කාන්තාවන්ගෙ හිත දිනාගත්තු රෙදි සාප්පු අනන්තයි. ඒත් ඔය මම කියපු රෙදි කඩේ තරම් එදා කාන්තාවො අතර ජනප්‍රිය තැනක් වෙන තිබුනයි කියුවොත් මම ඒක පිලිගන්න ටිකක් මැලි කරනවා. ඉතින් මගේ ගෑනු ළමයත් නිතරම ඔතනට යනවා. එයාගේ රැකියාව කරන ස්ථානයත් තිබුනෙ ඔය කිට්ටුව නිසා එතන දෙවල් යාවත්කාලීන වන වේගය වැඩියි.


… ගෙදරට හොරෙන් ලව් කරන කාලේ ගෑනු ළමයව වේලපහින් ගෙදර යවන්න ඕන. නැත්නම් වීසා කැන්සල් වෙනවා. ඒ නිසා වැඩ ඇරුනට පස්සේ අතන මෙතන තැග් ගැහෙන්නෙ නැතිව වේලාසන ගෙදරට යවන්න මම උත්සාහා කරනවා. එයත් එහෙමයි. ඔන්න එක දවසක් හවස රැකියාව නිමකරලා එන අතරෙදි අර කලින් කියපු යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කලා.
නිරෝමි එකට අලුත් කියුලට් නැත්නම් "කිලොට්ස් ෂෝට්ස්" වගයක් ඇවිත්.( මම මේ වචන අල්ලගත්තෙ මාතලන්ගෙ කොට කලසන් පෝස්ටුවෙන්. නැත්නම් මම පාවිච්චි කරනෙත් අර කලින් කියපු කියුලට් වචනෙම තමයි.) ගෑනු ළමයන්ගේ ඔලුවට මොකක්හරි වැටුනම ඒ ගැන හොයලා බලන්නම එපැයි. 

ඉතින් කොච්චර පරක්කු උනත් එදා හවස නිරෝමි යන්නම වෙන විත්තිය මට දැනුනා.අනේ ඉතින් තියන කාලවේලාව ගතවෙන්න කලින් නිරෝමි එකට ගොඩ උනේ ඉක්මනින්ම ගෑනු ළමයගේ හිත හැදෙන කියුලටෙකක් නැත්නම් "කිලොට්ස් ෂෝට්ස්" එකක් ගන්න. 

ගෑනු ළමයි ඇඳුම් තෝරද්දි හරි ඉක්මනට තෝරන හන්දා ඈනුම් කඩකඩ මමත් ෆ්ලැට් එකේ තරප්පුව නගින බහින අය දිහා මගේ ඇස් යොමු කරා. තරප්පුව අසලින් නිතරම එහාමෙහා ගිය හමුදා සෙබලා සැක කටයුතු ද්‍රවිඩ ජාතික තරුණයෙකුගෙන් ප්‍රශ්න කරනවා. මම හිමිහිට ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දෙන්න ඒ දෙසට යන්න හදනවත් සමගම ඈ මට කතාකලේ ඇය තෝරාගත් ඇඳුමේ හැඩ බලන්න සූදානමින්.

කාලය වේගයෙන් ගතවෙලා වගක් හැගුනේ ඇඳුමට මුදල් ගෙවන්න පසුම්බිය අදිනවෙලේ දුම්රිය ප්‍රවේශපත්‍රය දුටු මොහොතෙයි. 
අලුත්ගම කෝච්චිය මගහැරුනොත් පානදුරයට යන ඊලඟ කෝච්චියේ ප්‍රමාදය විනඩි විස්සකට තිහකට වඩා වැඩියි. පානදුරයෙන් තවත් බසයක ගෙදර යන ඇයට වන ප්‍රමාදය තවත් වැඩිවෙනවා.
…ඉක්මනින් මුදල් දුන් අප 103 කොටුව බසයකට එල්ලුනේ හැකි ඉක්මනින් මරදාන දුම්රිය පලට යන අදහසින්. කොට කොට යන බස් එක නැවැත්තුවේ ආනන්දෙ ලඟ. 
ඔතනින් බැස්ස අපි ඇවිදගෙන ගිය දවසක් නම් මගෙ මතකයෙ නෑ. හති හල හල දුවනවා මිසක හිමින් ගමනක් ඔය වෙලාවට යන්න බෑ 
කඩිමුඩියෙ පාර පැනලා හති හලමින් ආවත් මරදානේ තරප්පුව බසින්න හදනවත් සමගම අලුත්ගම දුම්රිය ඇද්දුවේ අප දෙන්නටම දුම්රියට ගොඩවන්නට ඉඩ නොදී. 

හැමදාම යන මිතුරු මිතුරියන් අපට අතවනමින් කීවේ එල්ලෙනට එපා කියලා. ඇගේ කලිසමට බැන බැන මමත් අසල නවතා තිබූ ගාල්ල දුම්රියට ගොඩ උනේ තරහින් පුපුර පුපුර. 

කාලය ගතවුනා කොම්පඤ්ඤවීදිය කොල්ලුපිටිය පසුකරමින් දුම්රිය බම්බලපිටිය දුම්රිය ස්ථානයත් පසුකලා.... ඒත් බම්බලපිටිය මහල් නිවාස අසල නතර වුන දුම්‍ රිය විනාඩි විස්සක් පමන නතරකරගෙන උන්නේ අපේ හිතෙ කෙන්තිය වැඩිකරමින්. වෙනදාට මෙපමන පමානොවන ඇය උන්නෙත් බියෙන් . ගෙදරින් අසන්නට වන බැනුම් මතක්කරමින් තනිවූ පෙම්වතුන් වූ අපට සිදුවූයෙ සෙනෙහෙබර කතා කියන්නට නොව හිත සනසාගන්නා කතා කියන්නටය.


…නවතා තිබෙන දුම්රියෙ කසු කුසු ඇහෙන්නට විය අනේ අපොයි කියනා හඬද කැගසන හඬද අතරින් කුමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට මමද නැගිට්ටෙමි. 

…"අලුත්ගම කෝච්චියට බෝම්බ තියලා "


"කාලකන්නි හැත්ත
චිත්‍රය http://sundaytimes.lk/ අඩවියෙන්

 ඇඳුම පුරා ලේ පෙරාගත් කීපදෙනෙකු දුම්රිය පාරදිගේ අප දුම් රිය දෙසට එනු දුටු අපට සිදුවී ඇත්තෙ කුමක් දැයි වටහා ගත හැකිවුනි. 

දෙහිවල සිට වැල්ලවත්තද පසුකරමින් අප දුම්රිය දෙසට දිව ආ ඔවුන් ආවේ සිහියෙන්දැයි අසිහියෙන්දැයි මට අදද පැනනැගෙන ගැටලුවකිකි, 

ජංගම දුරකතන අදමෙන් නොමැති යුගයක බම්බලපිටිය තට්ටු නිවාසයේ තිබූ පේ ෆෝන් කුටියට තිබූ පෝලිම මට තාම මතකය. ඒ පෝලිමට අප දෙදෙනාද එකතුවුනේ නිවෙස්වලට අප යහතින් ඉන්න බව පැවසීමටය. 

දුරකතන මාර්ග අපහසුතා නිසා නිසියාකාරව ගෙවල්වලට පනිවිඩයක් දීගත නොහැකි වූ අප ගෙදර බලා ගිය හැටි, මට අදවත් හරියකට මතක නැත්තෙ බෝම්බය පුපුරා ගොස් තිබුනෙ අප දෙදෙනා නිති පතාම යන දුම්රිය මැදිරියේදී බව දැනගත් පසුය. 

1996 ජූලි මස 24වනදා හරියටම මීට වසර 18කට පෙර අපට අතපසුවූ දුම්රියේ අපට අතවනමින් නගින්නට එපා කියූ අයව මට අදත් එදා මෙන්ම සිහිවෙයි. ඒ අතර ඔබත් අදුනන සුදීප පූර්ණජිත් නම් දක්ෂ චිත්‍ර ශිල්පියාද විය.

45 comments:

  1. මට හොඳට මතකයි දෙහිවල බෝම්බේ. හැබයි ඒ කාළේ සෙලියුලර් ෆෝන් තිබුනා වගේ තමයි මතකය. එදා බේරුනේ කෙල්ල නිසා නේ. අද බැඳලා ඉන්නේ එයාවමද? මරදානේ කෝච්චි වලට දුවන සීන් එක නම් මම ගොඩක් වෙලාවට දකිනවා. ඔය ට්‍රැෆික් නැති කරන්න තමයි මාතලන් යෝජනා ගෙනාවේ. යාන්තම් මරදානෙයි ටෙක්නිකල් එක හන්දියෙයි ඉම්ප්ලිමන්ට් කොරලා තියෙනවා. ඒත් එක අත්කින් ට්‍රැෆික් එක නිසානේ උඹලා බේරුනේ..

    ලින්ක් එකට් ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. සෙලියුලර් තිබුනා අපේ ගෙදරත් තිබුනෙ එහෙම එකක් තමා. ඒත් දුරකථනය අද වගේ හැම කෙනෙකු ලඟම තිබුනෙ නෑ කියන්නයි මට උවමනා කලේ.

      …අපොයි ඔව් මම බැන්දෙ එයාවම තමයි.

      …ඒකනේ කියන්නේ මේ රජය මාතලන්ගේ බොගත් බලනවා

      …ට්‍රැෆික් එක නිසාම නෙවෙයි අර කිලොට් ෂෝට් එක නිසා .

      Delete
  2. අැත්තටම අපි ඒ කාලේ මොනතරම් ගින්දරක් ඉහිලුවද.එතකොට යාපනේ මිනිස්සුන්ට කොහොම දැනෙන්ඩ ඇද්ද. කොළඹ ඉන්න සමහරක් උන් නං පිටින් දුක්වෙනවා වාගේ පෙන්නුවට ඇතුලෙන් සතුටු උනා .

    අර තමිල්චෙල්වම් මැරිච්ච දවසේ උන් හරියට දුක් උනා.

    පරමේෂ්වරි කියලා කෙල්ලෙ ඇඩුවා

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි ලක්මල්

      Delete
  3. ඔය වගේ අනු නවයෙන් ජිවිත කියක් නම් බේරිල ඇත්ද.
    හැබැයි 96 කාලෙ සුළුතරයක් අත සෙලියුලර් ෆෝන් තිබුනට හැමෝ අතම තිබුනෙ නැහැ.
    ජපානෙ ඉදල මම ෆෝන් එකක් ගත්තෙත් '97දී.

    ReplyDelete
    Replies
    1. සෙල් ෆොන් තිබුනා මට කියන්න උවමනා කලේ අදවගේ නෑ කියලා

      Delete
  4. බෝම්බ..? බෝම්බ පුපුරන්න මේ රටේ යුද්ධයක් තිබ්බෑ බං.. බොරු නොකියා හිටහං...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කවුද එහෙම කියන්නේ.අමතක උනා ප්‍රබන්ධයක් කියලා ලියන්න ... හෙක් හෙක්

      Delete
  5. ඒ කාලෙ ගෙයින් එලියට බැහැපු මනුස්සය ගෙදරට එනකල් විස්වාසයක් තිබුණෙ නෑනෙ.

    ReplyDelete
  6. අම්මෝ.. ඒක නං පිස්සු හැදෙන කාලයක් මතක් කරනකොටත්... දෙහිවල බෝම්බෙ මටත් මතකයි... අපිත් කෝච්චියේ ගියෙ පරාණ බයෙන්.... හිටපු ගමන් මහරගම නුගේගොඩ හරියේ කෝචිචිය නවත්තලා ඔක්කොම කට්ටිය බස්සලා චෙක් කරනවා... අඩු ගානේ අපි බෑග් එකක්වත් රැක් එකක දාන්නේ නෑ ඒකාලේ.... කවුරුහරි දන්නැති කෙනෙක් රැක් එකට බෑග් එකක් දැම්මම කට්ටිය ඇහැගහගෙන හිටියේ... කෝච්චියේ උනත් දන්න කියන කට්ටිය එකට ගියෙ ඕවා නිසා... දැන්නං වාහනයක් පොලිසියෙන් නැවැත්තුවත් පරක්කු වෙනවා කියලා බැන බැන යන අය ඒ කාලේ පැය ගනං කෝච්චියෙ බස් එකේ කට්ට කෑවා ආමාරුවක් නැතුව.. ඒ අයටම දැන් මේ වෙනකොට යුද්ධයක් තියලා එකක් තිබ්බද කියලා අමතකයි...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි හිරු. අද උදේ කෝච්චියෙ එනකොට මිනිස්සුන්ගේ ක්‍රියාකලාපෙ දැක්කම මට ඕකම හිතුනා.

      Delete
  7. ජොඩුව එක වාහනෙන් වෑඩට නොගිය කලයක් තිබුන කියල මතක් වෙන්න හොද ලිපියක්.කෙල්ලට සලකපන් දෙයියෙක්ට වගෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .
      …සලකනවා නේන්නම්.

      Delete
  8. අනේ මටත් යුද්ධයක් තිබ්බද කියලා මතකවත් නෑ.....

    ReplyDelete
    Replies
    1. කවුද ඔය මුසාවාදෙ දෙසාබැවෙ

      Delete
  9. හ්ම්ම්....බලපන් උඹ ජංගියක් හින්දා බේරුන කොල්ලෙක්...

    ReplyDelete
    Replies
    1. හ්ම් උඹට තෙරුනා

      Delete
  10. සංවේදී කතාවක්, මේ වගේ කතා ඒ කාලේ අනන්ත අහලා තියෙනවා, ඒ පීඩනය අපිට ඒ තරම් නොදැනුනාට ඒ කාලේ අපේ අම්මලා , අප්පච්චිලා ජීවත්වුණු රටාව මැවිලා පේනවා, ඒ කාලේ ඔවුන් මොනතරම් පීඩනයක් දරන්නට ඇතිදැයි දැන් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම කියුවේ ඇත්තටම ගෙදර ගියෙ කොහොමද කියලා මට තාම මතක නෑ

      Delete
  11. යුද්ධය අහවර වෙලා අවුරුදු හතරයි.යුද්ධය අහවර කරපු පාලකයොම ආපහු යුද්ධයට පස සකස් කරනවාද කොහෙද?අහවර වුනාම පිරිත් කියපු අයම යුද බීජ වපුරනවාද කොහෙද?යුද්ධෙන් පස්සේ ජය ගී ගයපු අයම ,යුධ බිජුවට වතුර ගහනවද කොහෙද?හැබැයි ඒ ඵලදාවනම් අපට එපා.අතීතය එතරම්ම අමිහිරියි.
    සුදීප පුර්ණජිත් නැවත මතක්කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අමිහිරියි ඒ අතීතය

      Delete
  12. බුදු අම්මෝ.... උබට දෙවියො සිහිවෙන්න ඇති.... අපේ රටේ ඉන්න වීරෝදාර රණවිරුවන්ට පිංසිද්ද වෙන්න අපි දැන් මෙහෙම ඉන්නව...

    නමුත් කියන්න දුකයි... දැන් අපේ රට රැකපු රණවිරුවන්ගෙන් බල්ලන්ගෙන් වගෙ වැඩ කරන එක මම තරයේ හෙලා දකිනව.... වැඩ කරාට කමක් නෑ... ඔවුන්ගේ ගෞරවය කෙලසන්නෙ නැතුව....

    පලාලි කෑම්ප් එක ඇතුලෙ ඔවුන් වගා කරනව වගේ.. මොකද සාමාන්‍ය ජනතාවට නොපෙනී...

    ReplyDelete
    Replies
    1. මේක සෑහෙන්න කතාකරන්න ඕන කතාවක්

      Delete
  13. මටත් යාන්තමට මතකයක් තියෙනවා කාර්යාල දුම්රියක් දෙහිවලදී බෝම්බයකට බිලිවූ වග.

    ඒ අතීත මතක සමරුම් මැදින් එකවහලක් යටට ආ ගමනත් ඒවගේම සුන්දර මතකයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සුන්දර මතක නම් තියනවා. මේ කතාව වගේ දුක්බර සිද්දිත් තියනවා

      Delete
  14. ඒ කාලේ ගෙයින් එලියට ගියාම එනකම් විශ්වාසයක් නැති කාලයක්. එහෙනම් ජෝනත් බේරිලා තියන්නෙ අනූ නමයෙන් නේද ?

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවා කතාකරනවද

      Delete
  15. අප සමග එකට වැඩ කළ අපේ හොඳම මිත්‍රෙයක් සුදීප. ඔහු දස්කම් දැක්වුයේ මුද්දර නිර්මාණයෙන්. මේ සිහි කිරිම ඉතාමත් ම වටිනවා මචං.

    ReplyDelete
  16. අවුරුදු 18 ක්. ඒ කියන්නේ අපිට මොනවත්ම තේරෙන්නේ නැති කාලේ. එක අතකින් අපි ලොකු මහත් උණේ ඒ යුගයත් එක්ක කියලා.

    ReplyDelete
  17. ඔව් මට මතකයි නිරෝමි එක. ඕක අනූ ගනංවල හෙන ජනප්‍රියයිනේ.

    දෙහිවල බෝම්බේ ගැන මටත් තියෙනවා කතාවක්. ඒක පස්සෙ ලියන්න ඕනෙ. මරදානේ බෝම්බෙන් අපි මේරුන බේරිල්ල මම HeyDude බ්ලොගේ නම් ලියලා තියෙනවා. ඇයි හැලපයත් ලියල තිබ්බේ මහ බැංකු බෝම්බේ ගැන/

    උඹලා බේරුන බේරිල්ල! අර කලිසමට වැඳපං.

    ReplyDelete
  18. කෙල්ලෝ ෂොපිං කරද්දි පමා වෙන එකට බනින එක හරිම වැරදි මචං.
    ස්තුති ඇස් පෑදුවාට..

    :)

    ඇයට තවත් වැඩියෙන් ආදරේ කරපං..

    ජය !

    ReplyDelete
  19. අම්මෝ .... අනූනවයයි දශම නවයයි නවයෙන්නේ බේරිලා තියෙන්නෙ. ඒත් ඒ තැන වෙන කෙනෙක් ගන්න ඇති. ඕක තමයි ජීවිතේ. අපි ගෙනාපු ආයුෂ ඉවර වෙනකන් ගලේ ගැහැව්වත් මැරෙන්නෙ නෑ. කොහොම උනත් එක තැන තොග ගානට මැරුන ඒ අවිනිශ්චිත අඳුරු යුගය දැන් අවසන්. ඒ වෙනුවෙන් කැපඋනු දිවිදුන් හැමෝටම පින්.



    ReplyDelete
  20. ජූලි මස 24වනදා කියන්නේ මටත් අමතක් නොවෙන දවසක් .

    ඔබතුමා මේ කියන දවසේනම් මම ඉන්න ඇත්තේ මොන්ටිසෝරියේ .
    හඃ හඃ හඃ

    ඒ මැදිරියේ හිටපු අයට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
  21. ගෙදරට හොරෙන් ලව් කරද්දි පරක්කු වෙලා ගෙදර යන්ඩ වෙන එක තරම් ආතල් එකක්නං තවත් නෑ.බොක්ක කූල් වෙලා තමයි ඉන්නේ ඒ වෙලාවට.අම්මෝ බෝම්බ ගැන මතක් කරන්ඩ එපා.

    ReplyDelete
  22. මම හිතන්නේ අපි සෑහෙන දෙනෙක් මේ වගේ අනූනවයෙන් බේරුනු අවස්ථාවලට මූණ දීලා ඇති..

    ReplyDelete
  23. අන්තිම ටික කියවද්දි ඇඟේ හීගඩු පිපුනා..

    ReplyDelete
  24. පික්සු හැදෙනවනේ !

    ReplyDelete
  25. උඹ හරි වාසනාවන්ත මිනිහෙක්... මගෙ වයිෆුත් මරදානෙ බෝම්බෙන් කෙස් ගහෙන් බේරිච්ච කෙනෙක්..

    ReplyDelete
  26. හප්පා..පුදුම බේරිල්ලක් නෙ. ඔය වගෙ සිද්ධි කොච්චර නම් වෙන්න ඇද්ද මේ බිමේ. මේක කියවපු මට දැනුනු හැඟීම මෙහෙම නම් ලොකු ට කොහොම දැනෙන්න ඇද්ද කියල හිතා ගන්න පුළුවන්.

    ReplyDelete
  27. මම කොළඹ නතර වුනේ 95 දෙසැම්බර් මාසේ. නැත්නම් කොළඹ රාජකාරි කරපු දිනයක මම යන්නෙත් ඔය කෝච්චියේ. ඔය සිද්දිය වුණ දවසේ අපි හිටියේ සූරියවැව. ඒත් අපේ එකෙක් හිටියා වාද්දුවේ කොල්ලෙක්. අක්කා ගියේ මේ ට්‍රෙන් එකේ. ඌ මැරෙන්න හැදුවා. ඒ සිද්දිය මම ලියන්නම්. දුක-හාස්‍ය දෙකම තියෙන එකක්.

    කියුලට් වලට කියන්නේ "යං කලිසං - මං එන්නං" කියලා.

    ReplyDelete
  28. අපේ ගමේ කෙනෙකුත් නැති වුණා මේ සිද්ධියෙන්

    ReplyDelete
  29. වෙලාව කියන්නේ ඕක තමා.ජිවිතේ වෙන පොඩි පොඩි දේවල් වලින් අපි දන්නෙත් නැතිව ලොකු වෙනස්කම් වෙනවා ඇති මේ වගේ...

    ReplyDelete
  30. පිස්සු හැදෙනව බං අතීත මතක.........

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..