he

Sunday, May 26, 2013

මේ දෑස කුමකටද ?

කන්නාඩි දාගෙන 3D පින්තූර චිත්‍රපටි බලන යුගයට දැන් අපි ඇවිත් ඉන්නවා. ඒ කාලේ රූබි එකෙ ඔය කන්නාඩි දාගෙන චිත්‍රපටි බැලුවා මට මතකයි මතකය නිවැරදිනම් ඒ 1989 නැත්නම් 1990..ඒත් හරියටම මතක නැ. 3D හන්දම බැලුවා මිසක චිත්‍රපටය ගැන මතකයක් නෑ මොකද හරියටම මතක Garden of Eden, Emmanuelll වගේ ඒවනේ. ඒ ගැන මගේ පරන පෝස්ටුවක විස්තර තියනවා "විසිපහේ නිල් චිත්‍රපටි" බැලුවේ නැත්නම් බලන්න. රූබි එකෙ 3D බලලා ඒ අත්දැකීම හිතෙම යන්තමට ඉතුරුවෙන්න කාලය ගතවුනා.


1995-96  කාලේ සිදුවීමක් තමයි මෙ කියන්න යන්නෙ. තොරතුරු තාක්ශන ඩිප්ලෝමාව හදාරන්න මමත් NIBM ආයතනයට සම්බන්ද උනෙ ඒකාලෙ. දෙශන ශාලාවට වඩා වැඩිවෙලාවක් ඉන්නෙ පුස්තකාලෙ නැත්නම් කැන්ටිමේ තමයි. කැන්ටිමට යන්නෙ කන්නම බලාගෙන නෙමෙයි. අපිට වඩා ඉගෙන ගන්න දක්ශ අය පොත් කියවලා ඉගෙන ගත්තු දේවල් ඉක්මනට ඉගෙන ගන්න තමයි. ඉගෙන ගත්තු දේ තව කාත් එක්ක හරි බෙදාගත්තම ඉගෙන ගත්තු දේ මතකින් ගිලිහෙන්නෙ නෑ.
ඔය කියමනේ ඇත්තක් නොතිබුනාම නොවෙයි. අපේ කන්ඩායමේ හුඟක් දෙනෙක් ඔය කියමන ප්‍රායෝගිකව අත්විඳපු අය.

මම අද ලිපියෙන් අප ඉගෙන ගත්තු ආකාරය ගැන නොකියන්නෙ ඉන් අපේ අද කතාවට වැඩක් නොවන නිසා.

…එදා අද වගේ අන්තර්ජාල පහසුකම් තිබුනෙ නෑ හොඳ පොතක් හරි සඟරාවක් හරි ලැබුනොතින් අමතර දැනුම එකතු කරගන්න පහසුයි. ඉතින් සුවිශේෂ යමක් ලැබුනොත් අපේ යාලුවො අතර හුවමාරු කර බලන්න අපි පසුබට වෙන්න නෑ. 

"හිතෙ අමාරුව නැතිකරගන්න" කතාවෙ කතානායකයා අපි කීවේ කෝසල කියලනේ, එයත් එයාට කාගෙන්ද මන්දා ලැබුන පින්තූර සඟරාවක් අරගෙන දේශනවලට ආවා. මම අර කලින් කීව වගේ දේශනවලට වඩා අපි ඉන්නෙ කැන්ටිමේනේ අපි සේරම එකතුවෙලා ඒ පින්තූර සඟරාව බැලුවා . ටික වෙලාවක් යනකොට කැන්ටිමේ හැම මේසෙකම වගේ අපේ උන් ධ්‍යානයකට සම වැදිලාවගේ අර සඟරාවෙ පිටු එකින් එක ගලවලා අර මොනවද කාපු උන් වගේ ඔය පින්තූර දිහා බලාගෙන ඉන්නවා
 

හරි හරි වැරදියට හිතන්න එපා. එදා අපි ඒ පින්තූර දිහා ධ්‍යානයකට සමවැදිලා වගෙ බැලුවේ ඒ පින්තූර අපිට තෙරුම් ගන්න ටිකක් අමාරු හන්දා. සමහරුන්ට ඔය පින්තූර හරියට තෙරුම් අරන් බලන්න සතියක් නැත්නම් දෙකක් ගියා. ඔය කියුවට මෙ ලියන මටත් දින දෙකක් විතර ගියා වැඩෙ අල්ලගන්න. හරියට බලන විදිය අල්ලගත්තට පස්සේ ඔය පින්තූර හොය හොය බලන්න පුරුදු උනා. 

මේ ලිපියෙ මුලින්ම දාලා තියන පින්තූරේ මම හිතන්නෙ ඔයගොල්ලන්ට ටිකක් පුරුදු ඇති. සමහරු නම් ඔය පින්තූරෙ ඇතුලතින් ත්‍රිමාන ඝන බුද්ධ ප්‍රතිමාවක් දැකලා ඇති. අපි එදා ධ්‍යානයකට සමවැදිලා වගෙ බැලුවෙ ඔය රූපෙ වගෙ නිර්මානය කෙරුන වෙනත් රූප. ඔය ත්‍රිමාන රූපතාක්ශනයට කියන්නෙ වලට කියන්නෙ Stereogram තාක්ශනය කියලා. ඔය තාක්ශනය 1839 දක්වා ඈතට දිවෙනවා. 

සමහරවිට ඔයගොල්ලන්ට මතකත් ඇති ඉස්සර තිබුනා සැලෝලයිඩ් පින්තූර පටි අඩංගු කරත්ත රෝදයක් වගේ කුඩා කාඩ්බෝඩ් තැටියක් ඕක පොඩි කැමරාවක් නැත්නම් දුරබලන කන්නාඩියක් වගේ උපකරනයකට දාලා බලනවා. එතකොට ත්‍රිමාන පින්තූර අපිට එතුලින් පේනවා. ඒකත් ඔය Stereogram තාක්ශනයෙම කොටසක් .

… ඔන්න මම මේ අත්දැකීම නොලත් අය වෙනුවෙන් හොයාගත්ත පින්තූර කීපයක් දානවා . බැලූබැල්මට කිසිවක් නොපෙනුනත් ටික වෙලාවක් මේ දෙස බලා සිටින්න. ටික වෙලාවක් බලාසිටිනවිට යම්කිසි වෙනසක් ඔය රූපයතුලින් පෙනෙයි.
පෙන්ගුයින් පවුල 

ඉහත රූපයේ ඉහලින් ඇති රතුපාට කුඩා ඉරි දෙකදෙස එකහෙලා බලාසිටින්න ටිකවෙලාවක් බලාසිටිනවිට රතු පාට ඉරි හතරක් ඔබට පෙනී එකිනෙක සමපාතවී රතුපාට ඉරි තුනක් පෙනෙන අවස්තාවක් උදාවෙයි අන්න ඒ අවස්තාවේදී රූපයේ අන් කොටස් දෙස අවදානය යොමු කරන්න බලන්න ඔබට පෙනෙන්නෙ කුමක්ද කියා.

බුදුරජානන්  වහන්සේ

 
මේසය සහ පුටුව







කුහුඹියා

අකුණ හා සොල්දාදුවා
දොඩම් හා ඇපල්

නිරුවත් යුවල
ඩොල්ෆින්

මරියා මවුතුමිය



පසු සටහන : මේ පිලිබඳව ඔබ දන්නා යමක් වෙනම් හෝ ඔබ දන්නා ලින්කුවක් වේනම අපත් සමග බෙදාගන්න
මෙම නිර්මාන මගේ නිර්මාන නොවන අතර පහසුවෙන් ග්‍රහනය කරගත් හැකි රූප පමනක් අන්තර්ජාලයෙන් සොයා ඔබවෙත ඉදිරිපත් කරන ලදි. 

23 comments:

  1. Replies
    1. මුල්වතාවෙ බැලීම ඉතාම අපහසු වන්නට පුලුවන් මමත් සතියක් විතර උත්සහාකරලා තමයි පලවන එක බැලුවේ රතු පාටින් දී ඇති උපදෙස් උත්සාහ කර බලන්න

      Delete
  2. දිවත් හපාගෙන විනාඩි 5ක් විතර බලං හිටියම යංතම් දැක්ක ☺

    ReplyDelete
    Replies
    1. දැක්ක එක ලොකු දෙයක්

      Delete
  3. Replies
    1. හරියට බැලුවොත් ඔලුව කැරකිල්ල එන්නෙ නෑ

      Delete
  4. ආහ්... මේ තියෙන්නෙ.. කලින් කමෙන්ට් ටිකටනම් බබා හම්බෙලා නේද ?

    ReplyDelete
    Replies
    1. ඒකනේන්නම් google+ අවුලක් කමෙන්ට් නම් තියනවා මම මේ හතර අතෙ හොයන්නෙ කොහොමද මේ දෙවිදියම දාන්නෙ කියලා තාම Google වත් විසඳුමක් දීලා නෑ

      Delete
  5. මටත් හේ පොත කොහේදි හරි හමුවෙලාා තිබුණා කලකට ඉහතදී හැබැයි එයින් පිංතූර කිපයක් වි.රයි දැක්කේ....

    ReplyDelete
    Replies
    1. එකක් දැක්කට පස්සෙ බලන විදිය අල්ලගන්න හරි ලේසියි

      Delete
  6. මට නම් දොඩම් සහ ඇපල් හැර අන් ඒවා පෙනුනේ නෑ.:)

    ReplyDelete
  7. ඔය කියන බුදු රැස් විහිදෙන පින්තූරෙ දිහා මම පැය ගණන් බලං ඉඳලා ඇති..ඊට පස්සේ ඕක පේන්න පින් කරලා නැතුව ඇති කියලා හිත හදා ගත්තා..!!

    ලිපිය කියෙව්වාම හිතුනා ඇස් පරීක්ෂා කරගත්තා නම් වටිනවා කියලා..!!:)

    ReplyDelete
  8. මට පේන්නෙ නෑනෙ. අර මුල්ම පින්තූරෙ දිහා කලිනුත් බලා ඉඳල තියනව. ම්හු.. ඒත් කිසිම විශේෂයක් දැක්කෙ නෑ මං. බලමු ආයේ වතාවක්.

    ReplyDelete
  9. 1996 දී විතර අර බුදු රූපේ දැක්කා. සමහරු දත කාගෙන බැලුවා ඒත් පෙනුනේ නෑ. මෙතනින් පහසුම එක කුඹියා. සමහර ඒවා පේන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ සුදීක, ඔක්කොම ඒවා පේනවා. ඕවා දෙපැත්තටම බලන්න පුළුවන්. උඩට ඉලිප්පුනු විදියටත් අනෙක් පැත්තට ඇතුලට හෑරුනු විදියටත්. බලන ක්‍රමේ අනුව තමා එහෙම දෙවිදියකට පේන්නෙත්. රූපය තුළින් බලන්න උත්සාහ කරල එක්වරම රූපය දිහා බැලුවහම පේනවා.

      Delete
  10. මටත් පේන්නැතෝ..........

    ReplyDelete
  11. ආ ... මාගාවත් ඒ දවස්වල ඔය වගේ කාඩ් කීපයක් තිබුනා. මාළු ටැංකියක්, ලස්සන හාර්ට් එකක් වගේ ඒවත් තිබුන මතකයි. මටත් ඕක දිහා බලන ක්‍රමේ අල්ල ගන්න ටිකක් වෙලා ගියා. කෙලින්ම රූපයයි අවට පරිසරයයි දිහා බලන්නෙ නැතිව රූපය තුළින්, නැත්නම් ඒක හරහා බලන්න ට්‍රයි කරපුවහම පටගාලා පේනව.

    ReplyDelete
  12. මටත් පෙනුනෙ නෑ. තව සැරයක් බලන්නම්. අර බුදු රූපයක් නම් කලින් දැකල තියෙනව.

    ReplyDelete
  13. අනේ මම මෙවුවා බලන්නේ පුංචි කාලේ ඉදන් .ඔන්න අදත් වෙනියා මොකක් ද එකක් දාලා තිබිච්ච එහෙක කමෙන්ටුවක් දිගේ ඇවිත් මෙතන බැලුවත් මහ් අදත් පෙන්නෑ....මගේ බුද්ධිමත් බවේ අඩුවක් ද මන්දා

    ReplyDelete
  14. ඔය උඩ තියෙන පින්තුරේ මා ළඟ තිබෙනවා. ටික දවසක් ගියා හරියට ඇහැ පුරුදු කර ගන්න.

    ReplyDelete
  15. ඇස් දෙක බොඳ කරල සමිපුර්ණ රූපය දිහා බැලුවම හොඳටම පේනව. සියලුම රූප ඉතා පැහැදිලියි. ස්තූතියි.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..