Thursday, May 2, 2013

පුලුවන්නම් කියමු බලන්න

අද මට හිතුනා පොඩි ප්‍රශ්නයක් අහන්න හැබැයි සීරියස් ප්‍රශ්නයක් නෙමෙයි. හරි උත්තරය දන්නවනම් කමෙන්ට් කරන්න. හරි උත්තරය හරියටම නැකතට පබ්ලිශ් කරනවා

… උදේ හවා රාජකාරියට යන්නෙ එන්නේ දුම්රියෙන් වුන මගේ කතා බොහෝමයකට වස්තු බීජ සැපයුවේ ඔය දුම්රියම තමයි. මේ අහන්න යන ප්‍රශ්නයත් ඔය උදෙ වරුවේ දුම්රියෙ යනවිට මුහුනදුන්න අත්දැකීමක් මුල්වෙලා හැදුන ප්‍රශ්නයක්. 

 අත්දැකීම මෙන්න මේකයි. උදෙ පන්දර රාජකාරි කටයුතුවලට පිටත්වයන්නෙ කවුරු කවුරුත් කරදහි ලිපේ දාලාවගේ කඩිමුඩියේ. අන්තිම තත්පරයේ තමයි දුම්රියට ගොඩවෙන්නෙත්. ඒතරමටම කාලය සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිතත් සමග සටන් කරනව. ඔය සටනට මූන නොදුන්න දුම්රියෙන් …ගමන් බිමන් යන මධ්‍යම පාන්තික පුරවැසියෙකු සොයාගැන්ම අපහසුයි. ඉතින් මට කියලා වෙනසක් නෑනේ.


හැමදාම වගේ එදත් කඩි මුඩියෙ දුවවිත් …මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රගාමී දුම්රියට ගොඩවුනේ ප්‍රමාදයකින් තොරව කන්තෝරුවට යාගන්න. වැල්ලවත්ත දුම්රිය නැවතුමේ නොනැවත්තුවත් මම බොහෝවෙලාවට මොරටුවට පසුව කෙලින්ම බම්බලපිටිය නැවතුමෙ නවත්වන දුම්රියෙන් ගමන්ගන්නෙ විනාඩි කීපයක් හෝ කලින් යාගත හැකි වන නිසා.

…එදා දුම් රිය වෙනදාවගේම මොරටුව නැවතුමෙ නවත්වා ඉන් පසු නොනවත්වාම ඇදෙනවා .. ලුනාව ...අඟුලාන ....රත්මලාන... ගල්කිස්ස .. දෙහිවල වැල්ලවත්ත ... ඔන්න දැන් කට්ටිය බහින්න සූදානම් වෙනවා. 

ඒත් එදා අපි කවුරුත් සූදානම් වෙලාඋන්නත් බම්බලපිටිය නැවතුමෙ නැවැත්තුවෙ නෑ. ශුවර් එකටම එන්ජින් එක පදවන රියදුරු මහතට අමතක වෙලාද කොහෙද ..... කොහොමට තියෙන්න ඇතිද කට්ටියගෙ කේන්තිය ... රතු ඉරට කලින් ... නෑ දැන් රතු ඉර නෑනේ දැන් තියෙන්නෙ ෆින්ගර් ප්‍රින්ට් එකනේ ... හොරෙන් ගහන්න කියලයෑ ..

…ඔන්න එක පාරටම කිලෝමීටරයක් විතර ඉස්සරහට ඇදිලා ගිය දුම් රිය ආපහු පස්සෙන් පස්සට බම්බලපිටියෙ දුම්රිය වෙදිකාව බලා ආවා. කෙන්තිය ඔලුවට ගත්තු සේරම බැන බැන දුම් රියයෙන් බැහැලා ගියෙ කොහොමද කියලා කියවන ඔබට ආයෙ අමුතුවෙන් කියන්න උවමනා නෑ කියලා හිතනවා. ඒත් ඔය වගේ අතපසුවීම් ඉඳ හිටලා වෙනවා ..

…සිද්දියනම් ඔන්න ඕකයි . හරි මම අහන ප්‍රශ්නය .. .. ආ තව එකක් ඔය එදා ආපු දුම්රිය රියදුරු මහතාට සුලු අමතකවීම්ක් තියනවලු. ඒක කුඩාකල සිටම පැවත එන්නක් කියලයි රියදුරු මහත්තයගේ පවුලෙ කට්ටිය කියන්නෙ.

… එදා දුම්‍ රිය නොනවත්වා යනවෙලේ රියදුරු මහතාට දුරකතන ඇමතුමක් ආවාලු. මෙන්න මේකයි මගේ ප්‍රශ්නය

ඒ දුරකතන ඇමතුම දුන්නෙ කවුද? 

ඒකෙන් කියවුනෙ කුමක්ද ?



74 comments:

  1. ඩ්‍රයිවර් නයිටක් ඇදපු මාලිගාවත්තෙ රේල්වේ ක්වාටස්වල ඉන්න පොරක්.
    කතාකලේ නෝනා ලමයි ඉස්කෝලෙ ගියා කියන්න

    ReplyDelete
  2. කෝල් එක දුන්නෙ පවුල,
    කිව්වෙ "තමුසෙට පිස්සුද ඕයි"

    ReplyDelete
    Replies
    1. පවුල කොහොමද උන සිද්දිය දන්නෙ ?

      Delete
  3. අපි ඔය සී අයි ඩී එකේ අය වගේ අනුන්ගේ දුරකථන සංවාදවලට සවන් දෙන්නෙ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද .. ඒ උනාට ඔය කෝච්චියේ එන්ජිමෙත් කට්ටිය යනවනේ ඒකියන්නෙ රියදුරු මහත්තයාගෙ යාලු පොරවල්, එහෙම එක්කෙනෙ කියුවා කියලා හිතාගමුකෝ

      Delete
  4. 1. වයිෆ්ගෙන්

    2.තමුසෙට අමු කැවිලද ඕයි? දැන් මට වැඩට යන්න පරක්කු වෙනවා. මැරුම් නොකා රිවස් කරනවා කෝච්චිය.

    ReplyDelete
    Replies
    1. ඒකත් විය හැක්කක් ඒත් එක නම් නෙමෙයි

      Delete
  5. දුම් රිය රියදුරාගෙ නෝනවත් හිටියද බම්බා වල ? ඉඳලා ඇයි යකෝ මාව ගන්නෙ නැත්තෙ කියලවත් ඇහුවද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ම්හු ඒකනම් නෙමෙයි

      Delete
  6. ලොකු ජෝන ..."බම්බලපිටියෙ නවත්තන්නෙ නැද්ද...?"

    ReplyDelete
    Replies
    1. හපෝ මම නෙමෙයි

      Delete
  7. ලොව ඇති එකම සත්‍ය දහම බුදුදහමයි. එය තවත් එක් ආගමක් නොවේ.

    ReplyDelete
    Replies
    1. If you are a genuine Buddhist you should know how to make an appropriate comment..This type of inappropriate writing does more harm to Buddhism than good

      Delete
    2. ආවාට ස්තුතියි. අදාල දෙ පමනක් දානවනම් සතුටුයි.

      Delete
  8. මේක හරි කතාවක්නේ...අපි කොහොමද දන්නේ? හී හී...
    අපි ඔය කියන කෝච්චියේ කවදාවත් වැඩට ගිහිල්ලත් නෑ.

    කෙල්ලෙක්ගෙන් වෙන්ට ඇති.:)

    ඉතින් එයාටත් අර රතු ඉර හරි, ඇඟිලි සලකුන හරි පැනලා නවත්තන්ට අමතක වෙන්ට ඇති.:D

    ReplyDelete
    Replies
    1. මේක සාමාන්‍ය ව්‍යවහාර කතාවක් ඒ හන්දා සාමාන්‍ය දැනීමෙන් උත්තර දෙන්නෙ පුලුවන්

      Delete
  9. යකෝ.. උබත් මාර කතාවක්නෙ අහන්නෙ..... යකෝ ඒක අහපන් උගේන්...


    අනික මට උබෙන් දෙයක් අහන්න තියෙනවා.... උබ කොහොමද දන්නෙ ඌට කෝල් එකක් ආව කියල.....

    ReplyDelete
    Replies
    1. දන්නෙද , ඒ උනාට ඔය කෝච්චියේ එන්ජිමෙත් කට්ටිය යනවනේ ඒකියන්නෙ රියදුරු මහත්තයාගෙ යාලු පොරවල්, එහෙම එක්කෙනෙ කියුවා කියලා හිතාගමුකෝ

      Delete
  10. මම උත්තරේ දන්නව කියන්නෙ නෑ... ;)

    ReplyDelete
  11. ඒ රියදුරු මහත්තයගෙ මායිය.
    දවල් කෑම එක ගෙදර දාල ඇවිල්ල. :D

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ ඔය කට්ටිය ගෙදරින් ගෙන එක ගැන එච්චර හිතන්න් නෑ

      Delete
  12. මේ තාම කල්පනා කරනවා. කෝච්චිවලට පස්සෙන් පස්සට යන්න පුලුවන්ද කියලයි කල්පනා කරන්නේ.:)

    ReplyDelete
    Replies
    1. පවර්සෙට් වලටනම් පුළුවන්, අනිත් ඒවට පුළුවන්ද කියලා මතක නෑ.. බැරිවෙන්න විදිහක් නෑ..

      මරදානෙ වෙනම රවුමක්නම් තියනවා කෝච්චි එන්ජින් හරවන්නම.

      Delete
    2. පුලුවං බං පුලුවං

      Delete
    3. පේරාදෙණියෙදී බදුල්ල කෝච්චිය(පවර්සෙට් නෙවේ) platform එකට ගහන්නේ රිවර්ස් කරලා තමයි.

      Delete
    4. ඔච්චර සීරියස් කතාවක් නෙමෙයි මෙක

      Delete
  13. මොකක්ද ඉතිං උඹේ තරහකාරයෙක්ගෙන් තමා. “පයිලට් මහත්තයෝ.. ඕං පානදුරෙන් එකෙක් නැග්ගා. මිනිහා හිතං ඉන්නේ බම්බ බහින්න.. නවත්තන්න එපා හරිය.. කෝච්චිය“

    ReplyDelete
    Replies
    1. ඒක හරිය කියමුකො එතකොට ආපස්සට ආවේ ?

      Delete
  14. 1. ඇමතුම දුන්නෙ දුම්රිය පිටිපස්සෙ හිටිය ගාඩ් මහත්තෙය.
    2. ඒකෙන් කියවුනේ ‘‘*@**@#$**%$#@! ද යකෝ නවත්තන්නැත්තෙ? තොගෙ *$#@##$@%&‘‘

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතනවා

      Delete
    2. ඒක වෙන්න පුලුවන් උත්තරයක් ඒත් හරි උත්තරය ඕක නෙමෙයි

      Delete
  15. දුරකථන ඇමතුම දුන්නේ රියදුරු මහත්තයාගේ නෝනා. එයා ඒ වෙලාවේ ස්ටේෂන් එකේ හිටියේ.. :D

    ReplyDelete
    Replies
    1. නෑ ඒකත් නෙමෙයි

      Delete
  16. ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්, රියදුරු මහතාට කෝච්චිය ස්ටේෂමේ නවත්වන එක හැර අනිත් ඔක්කොම මතකද කියලා හොයලා බලන්න ඕනා.

    ඇම්තුම ආවෙ මගියෙක්ගෙන්

    ඒකෙන් කියවුනේ තොගෙ අම්$&^)(&&*%&^ #@&%^((&U^$%^#$%^&* :D

    ReplyDelete
    Replies
    1. ඔය පාරෙම තවටිකක් හිතමු

      Delete
    2. අනේ මංදා.. එහෙනම් කෝල් කළේ SM වෙන්නෝනැ.. යකෝ අමු කාලද මෙතන නවත්තන්නැද්ද කියලා අහන්නැති. :D

      Delete
  17. ඔච්චරටම බය උනේ නෝන වෙන්නැති කතා කලේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මිනිස්සු ඔච්චරටම පවුලට බයයි කියලා කමෙන්ට් වලින් ඔප්පු වෙනවා

      Delete
  18. කියවන්නෙක් පමණිMay 3, 2013 at 3:35 AM

    රියදුරැ මහතාගේ අම්මගේන්

    පුතේ උඹට ඔය අටමගල කොහේ හරි නවත්තන්නවත් අමතක වුනාද
    මගේ නහය ගැලවෙනකල් කිඹුහුම් යනවා

    ReplyDelete
  19. to handover the tablet !

    ReplyDelete
  20. ඇමතුම දුන්නෙ රියදුරු මහත්තයගෙ අම්මා.

    පුතේ මට පීනසේ හැදුනා. කිඹුහුං යනවා නවත්තගන්න බෑ. හවසට බේත් ගන්ඩ ඉක්මනට ගෙදර වර :P

    ReplyDelete
  21. ඔයාගේ වයස හතලිස් හතරයි ද?

    :D

    ReplyDelete
    Replies
    1. වැරදියි ඒත් ඒක මේ ප්‍රශ්නෙට අදාල නෑනෙ

      Delete
    2. අදාලයි,අසංක ෙග් මල්ලිට 22 ලු. ඒයාට බාෙගට පිස්සු ලු!

      :-)

      Delete
  22. ඒ මමනේ කෝල් කලේ....
    කිව්වේ... #$%$%&()(&%$%@$!@!@!@!@$@%@$%&(&)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ වෙන්න බෑ උබ කෝල් කරන්නෙ "සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!" කියලනේ

      Delete
  23. අනේ මන්දා ඉතින්... අපි කොහොමද දන්නේ... ඔයාට ෂුවර්ද කෝල් එකක් ආවා කියලා ඩ්‍රයිවර්ට.....

    ReplyDelete
    Replies
    1. කතාව යන්නෙ එහෙමනෙ

      Delete
  24. අපි කොහොමද බොලේ ඕක දන්නේ?

    කුමාර වෙල්ගමවත් හිටියද කෝච්චියේ?

    ReplyDelete
    Replies
    1. පොර උන්නනම් ඩයිවර් ඔයට වඩා සුපරික්ශාකාරියි

      Delete
  25. අවේ නැන්දම්මාගෙන් කිව්වේ. මෙන්න මෙකි ආයෙමත් ප්‍රෙග්නට් වෙලා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකත් බරපතලයි හැබැයි එක නෙමෙයි

      Delete
  26. Bamba nawtana nada?
    Ammat hudu amatka una..
    api bhina ube#&%&*@#%&
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මෙ වනවිට සාර්ථක පිලිතුරු කීපයක් ලැබී තිබෙනවා අද සෑට ඒක දාන්නම් ......

      Delete
  27. ස්ටේෂන් මාස්ටර්ගෙන්
    කිව්වදේ නම් ගොඩක් අය කියලා තියෙන්නෙ...

    ReplyDelete
  28. නෝනාගෙන් ...
    "මහත්තයා එන ගමන් දිගටම ඇවිත් පොඩි එකාව බම්බලපිටියේ ස්ටේසමෙන් ගිහින් දාහන් " කියල කිව්වලු :p

    ReplyDelete
  29. මගියෙක් ගත්ත වෙන්නත් පුලුවන් ..
    "අඩෝ Mr *** ෆට්ට කෙල්ලෙක් හිටිය .. දාලද යන්නේ "? :p

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ කතාවක්

      Delete
  30. කෝච්චියේ ඩ්‍රයිවර් බුවා කියල අමතක වෙන්න ඇති,

    ReplyDelete
    Replies
    1. හොඳ උත්සාහයක්

      Delete
  31. කවුරු කිව්වත් දුරකතන ඇමතුමෙන් එන්න ඇත්තේ සුද්ධ සිංහලෙන් බම්බලපිටිය අමතක වුනාට

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට ආදරෙන් මතක් කරනවයැ

      Delete
  32. මම බලාපොරොත්තු වුන පිලිතුරු දෙකක් ලැබී තිබුනා
    …1. … කියවන්නෙක් පමණි
    …අනික සමි ගෙන්

    …ඔන්න ඒ කොමෙන්ට් ටික මේ දැන් නැකතට පබ්ලිශ් කලා පිලිතුරු දීපු සැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒ.... මචං උඹටත් අම්මගෙන් කෝල් එකක් එයි දැන්.

      Delete
    2. ආපු ගමන් තමයි උත්තරේ දැම්මෙ ... හික් හික්

      Delete
  33. උත්තරේ නම් දන්නෙ නෑ...ඉස්සර මමත් කෝච්චියෙන් කොළඹ වැඩට දිනපතා ආපු කාලෙ අන්තිම තත්පරේ තමයි දුම්රියෙ එල්ලෙන්නෙ...හැමදාම ස්ටේසමට එද්දි කෝච්චිය ඇවිල්ලා.... දවසක් රේල් පාර පැත්තෙන් දුම්රිය වේදිකාවට නගින්න ගිහිල්ලා දුම්රිය ඒ මාර්ගයෙන් ඉදිරියට එද්දි මම රේල්පාර උඩ හරහට වැටුනා...කෝච්චිය දැක්කම වෙඩි වැදුනා වගේ ඉක්මනට නැගිටලා දුම්රිය වේදිකාවට ගොඩවෙලා බැලුවා..අත්දිග ෂර්ට් එකේ ලොකු තෙල් පැල්ලම්...සිල්පර කොට වල තිබිලා ගෑවිලා...උදේ පාන්දර වෙච්ච සාටර් සිදුවීම නිසා දුම්රියට නගින අදහස අතඇරලා ඉස්සරහට යද්දි අනේ දුම්රියෙ ඉදිරි මැදිරිය මගේ ලග නතර වුනා. හිතහොද ඩැයිවර් මාමා මට නගින්න දුම්රිය නවත්තලා..එයා දැකලා මේ අසරණයා රේල් පාරට වැටෙන අන්දම...එදා කෝච්චිය ලග පාතක තියෙද්දි වැටුනා නම් සිරා අද කොයි ලෝකෙක ඉදීද මන්දා.

    ReplyDelete
  34. බම්බල පිටියේ ස්ටේෂන් මාස්ටර් හරි දුම්රිය රියදුරාගේ මව හෝ පියා.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..