he

Saturday, March 23, 2013

වියදම් පියවීම

එන්න එන්නම ජීවන බර ඉහලට යනවා. සාමාන්‍ය ජනයට ඒ ගැන විස්තර කියන්න උවමනාවක් නෑ. ඒත් ඔය බර හැමෝටම තේරෙන්න නෑ. ඒත් මේ කතාව කියන්නේ ජීවන බර ඉහල යන එක ගැන අවබෝදයක් තියෙන අයට. ඔය ජීවන බර ඉහල යන එක දැනෙන්නේ ජීවන බර උහුලන අයට විතරයි. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයො දැනටමත් ඔය බර ඔලුවෙ තියාගෙන ඉන්නෙ .

පින්තූරය www.onoffbeirut.com
පින්තූරය www.onoffbeirut.com  
…මම මේ කියන්න යන්නේ පහුගිය දවසක මා ඇසූ සිද්දියක්. ඒත් මේ කතාව ලු කතාවක් නෙමෙයි මගේම කනින් ඇසු මම දුටුව කතාවක්. දිනය පහුගිය තෙල් වැඩිවීම වුන දිනයට පසු දිනය. මගේ ස්කූටර් කට්ටට තෙල් ගහගන්න කියලා ළඟ තිබුන තෙල් පිරවුම් හලට ගොඩවුනා.


මේ පිරවුම් හල අයිති පුද්ගලයත් එතන උන්නා. ඔහු මගෙත් හොඳ මිතුරෙක් නිසා මා ඔහු හා කතාවට වැටුනා.

"වාසියක් උනා නේද? " මම ඇසුවා.

"වැඩක් නෑ. ඒ වැඩිවුන ගානට අපි ගෙවන්න ඕන ඩිපොසිට් එකත් වැඩි උනානේ"

…ඔය කතාව තව විස්තර ඇතිව අපි කතාකරකර ඉන්න අතරතුරේදි තෙල් ගහගැනීමට අපේ තව මිතුරෙක් එතනට ආවා. …

"ආ මචෝ කොහොමද උඹලගෙ ලොක්කා ඔන්න ආයෙම උඹලට බෝනස් දුන්නා නේද ? දැන් ඉතින් බලන් හිටපන් ඉස්සරහට බස් ගාස්තු බෝන්ස් එකයි ලයිට් බිල් බෝනස් එකයි එනකන්"

තෙල් පිරවුම් හල අයිති පුද්ගලයා එලෙස කීවේ ඔහු දැඩි එක්සත් ජාතික පාක්ශිකයෙකු වූ බැවිනි. 
තවද අනිත් මිතුරා වත්මන් ජනාධිපතිතුමා ජනපති පදවියට පත් කිරීමට බර කරට ගත් දැඩි ශ්‍රීලංකා නිදහස් පාක්ශිකයෙකුබව සියලු දෙනාටම නොරහස වූ නිසාවෙනි. 

"එහෙම කියන්න එපා මචො උඹලා ඔය ව්‍යාපාර දියුනු කරගෙන ඉන්නේ. ව්‍යාපාරිකයින්ට පාඩුනම් උඹලා කොහොමද යහතින් වැජබෙන්නෙ ?"

 "ඉතින් කවුද බං කියුවේ අපිට පාඩුයි කියලා මම කියුවෙ උඹලගෙ ලොක්කා පොඩි එකාගෙ පාත්තරේටම තමයි කෙලවන්නෙ කියලා "

ඉතාම රසබර සංවාදයක් යන්නට යනබව ඉවෙන් මෙන් දැනුන මම කිසිවක් නොකියාම දෙදෙනාගේ කතාවට කන් යොමාගෙන උන්නෙ ඉමහහ් සතුටින් ..

…"උඹ කියුවෙ පොඩි එකාගෙ පාත්තරේ ගැනනෙ? එහෙනම් අහගනින් පොඩීකාගෙ පාත්තරේට කෙලවෙන හැටි ."

…"දැන් බලහන් අරහේ තෙල් බැරල් එක වැඩිවෙනවා. එතකොට ඒ වැඩිවෙන ගාන මෙහේ ආන්ඩුවේ වියදනුත් එකතු කරලා උඹලගේ පොම්පවලට එනවා . වැඩි උනාට ඒ පාඩුව අල්ලන්නේ අපි වගේ පොඩි උන්ගෙන් . අපි අපේ බයිසිකල් කටුවලින් ඒ තෙල් ටික පුච්චනවා අපිට ඒ ගාන පියවගන්න තැනක් නෑ . උඹලානම් අඩුගානෙ අපෙන් හරි ඒ ගාන පියව ගන්නවා." 
"බස් කාරයො වැඩිවෙන ගාන බස් ගාස්තුවලින් හරි පියව ගන්නවා හරි කියහන් බලන්න බස් මගියා කාගෙන්ද වැඩිවුන බස් ගාස්තුව පියව ගන්නෙ ? " 

"ඉතින් ඕකමනෙ බං මම කියුවෙත් "

 "හරි හිටපන් මම කියලා ඉවර නෑ,
ලොක්කා කොහොමහරි රජයේ සේවකයන්ගේ පඩිය නම් කීය කීය හරි වැඩිකලා "

"හරි කියපන් මේ පොම්ප කාරයෙකුට 2008 දීපු රුපියල් 6500ම නේද තාම උඹලා ගෙවන්නේ ? අඩු ගානේ උඹලා වගේ ව්‍යාපාරිකයො ලාබේ සම්පූර්නයෙන්ම උඹලගේ ප්‍රයෝජනයට අරගන්නෙ නැතිව මේ පොම්ප කාරයන්ටත් පඩි වැඩි කරානම් උනුත් අර වැඩිවන වියදම කොහොම කොහොම හරි පියවා ගන්නවා "
  
පොම්ප කරුවන් මූන හංගගෙන සිනාසෙනවා මම දුටිමි. තෙල් පිරවුම් හලේ මිතුරා හිමිහිට ලෙස්සා ගිය අතර . මම මගේ බයිසිකලයට රුපියල් 200ක තෙල් ගසන්නයැයි පොම්පකරුට කීවෙමි.

 " අර මහත්තයා කියුවෙනම් මසුරං කතාවක්. ඒ පොම්පකරුය

මම කිසිවක් නොකිවූ අතර ඒ කියපු කතාව අපිට උනත් සාධාරන බව මගේ හිත ඇතුලටම වැදුන බවනම් මට තෙරුනා 



පසු සටහන : ඉතාම කාර්‍යබහුල දින කීපයක් ගෙවීමට නියමිත බැවින් පිලිතුරු සැපයීම ප්‍රමාද විය හැක.

40 comments:

  1. maha kalakanni tikak ban..unta ona ona widihata hama magulama wadi karanawa pvt company wala wada karana api tama 15000 salary eka..mona huyannakata me kalakannita chande dunnada manda..thuk witarak kalakanni yakku tika

    ReplyDelete
    Replies
    1. ඒත් ඊලග පාරත් දෙනවනේ

      Delete
  2. ඕවා නිකං ජනප්‍රිය කතා. කාට කාටත් ජීවන් වියදම නම් එකසිය ගානට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ජීවන වියදම දැනෙන්නෙ අපේ පන්තියට විතරයි

      Delete
  3. ශ්‍රම සූරා කෑම තාමත් හැම තැනම සිදුවෙනවා.

    ReplyDelete
  4. කියන්න ලේසි ,කොරන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද පෞද්ගලික අංශයට පඩි පැඩිකරන්න අපහසුකමක් නෑ. ඒත් ඒ අයගේ ලාබේ අඩුවෙන එක නිසා ඒක කරන්න බෑ

      Delete
  5. කතාවෙ ඇත්තක් තියනවා...ඒත් රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් හරියට වැඩි වුනාද?

    ReplyDelete
    Replies
    1. හරියට හෝ වැරදියට කීයක් හෝ වැඩිඋනා නමට හරි

      Delete
  6. රාජ්‍ය සේවට පිණිසයි.

    ReplyDelete
  7. අපේද හැලෙන්නේ ග්‍රීන් බ්ලඩ්ය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහනම් සුබම වෙන්න ඕන

      Delete
  8. ජීවන වියදම..........කතාකරන්න එපා..!

    ReplyDelete
    Replies
    1. කියන නිසා කතා නොකරමි

      Delete
  9. Replies
    1. ලොක්කො රෙදි අදින්නෙ නැති එකේ අපි මොකටද බන් රෙදි අදින්නේ

      Delete
  10. ලොකු තැන් වල ඉඳලම දෙන ආදර්ශනේ... තියන දේවල් එයාල ගන්නවා මිසක් මේ අපිට දෙනවයැ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ පොඩි එකා කාගෙන්ද ඒක කවර් කරන්නේ ආදර්ශෙට ගත්තට ක්‍රියාවට නගන්න පුලුවනෑ

      Delete
  11. පළවෙනිදා පළවෙනිදා ඉඳලා ඉඳලා ලයිට්බිල ලයිට්බිල ඩබල් ඩබල්..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මැද පන්තියට නම් ලොකු බලපෑමක් නෑ හැබැයි පොඩි එකාට වදිනවා . ඒකනේ මම කියුවෙ පොඩි එකා කාගෙන්ද ඕක කවර් කරන්නේ

      Delete
  12. මචං, මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයිනෙ. උඹ දන්නවද අද කැරට් කිලෝවක් ලංකාවෙ මුදලින් රුපියල් 850ක් විතර වෙනවා.
    වෙනදට 250ක් 350ක් අතර තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ලංකාවෙ නෙමයි

      Delete
  13. මොනා උනත් ඒ කතාවනම් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. මම ඒ කතාවෙ ඇත්තක් අත් විඳලා තියනවා

      Delete
  14. හෙට පෙට්‍රොල් ලීටර් එක 1000ක් කලත් උබල අපි ඔක්කොම කටවහගෙන ගහගෙන යාවි..රජ්ජුරුවො රට බෙරගත්ත නිසා..අනේ මගෙ කට.. :(

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ වරදකුත් නෑ

      Delete
  15. අපිට බඩගින්නෙ මැරුණත් මොකෝ බං රට ගැන හිතපං.. අයිස්චර්යය.........

    ReplyDelete
  16. ඇත්තනේ ඉතින්
    හික්ස්

    ReplyDelete
  17. ඇත්ත මේ දවස්වල මේ වියදම එදිනෙදා රැකියා කරල කීයක් හරි හොයාගන්න අයට දරාගන්න අමාරුයි. ඒත් ඡන්දයක් හෙට තිබ්බත් උඩින්ම දිනනවා

    ReplyDelete
    Replies
    1. එගැනනම් සෑහෙන්න දුකයි

      Delete
  18. 2008 දී දීපු රුපියල් 6500 ට තවමත් සේවය කරන පොම්පකාරයාට එතැනින් වෙන රැකියාවක් සොයාගෙන යන්න තරම් වැඩි දැනුමක් කුසලතාවයක් 2013 වෙද්දී එකතු වෙලා නැති නිසා නෙවෙයි ද එයා ඒ ගානටම තවමත් එතැන සේවය කරන්නේ? ඇයි ඊට වඩා පඩි ලබන්න හැකියාවක් ඇත්නම් පොම්පකාරයා පැට්‍රල්හල් හිමියාට ඇති ආදරයක් නිසා ද එතැන තවමත් ඉන්නෙ? තවත් විදියකින් කිව්වොත් පොම්ප කරන සේවකයාගේ සේවයට ඇති ඉල්ලුම වැඩි නම් පැට්‍රල්හල හිමියාට ඔහුව සේවයේ තියාගන්නට අනිවාර්යෙන්ම වේතනය වැඩි කරන්නට සිද්ධ වේ.

    ReplyDelete
    Replies
    1. 6500 කියන්නෙ එදා දීපු මූලික වැටුප ඒක තාමත් එහෙමමයි. මම මේ කතාකලේ ලංකාවේ පොම්පකාරයින් ගැන අතිකාල කරලා කීයක් හරි වැඩිපුර ගන්න තමයි ඒ අය බලන්නේ. අතිකාලයට යොදවන්නේ ඒ අයගේ කාලය ඒ අය වැඩිපුර අතිකාල දෙන තැන් වලට යනවා ඒ හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වගේ

      …ස්තුතියි මේ පැත්තෙ ආවට

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..