he

Friday, February 22, 2013

අනාවැකිය

හුඟ දවසකින් විහිලු කතාවක් ලියන්න බැරි උනා. පහුගිය 2012 ලෝක විනාස අනාවැකිය පස්සේ ගොහිල්ලා සම හරක් ඇනගත්තා. … සමහරු අනාවැකි කියන්න රුසියො. ඒත් තමන්ට වෙන්න තියනදේ පේන්නෙ නෑ. තව සමහරුන්ට මේ ඇස් පනාපිට පේන්න තියනදේ පේන්නේ නෑ . පෙනුනත් නොපෙනුනාවගේ වෙනදෙයක් කියවනවා.

 අපේ කාලගුනේ කියන අනාවැකිනම් සියයට සීයක්ම මම පිලිපදිනවා. රෑට ප්‍රවෘත්ති ඉවරවෙලා යන කාලගුන අනාවැකිය නිසැකවම මාව වැස්සෙන් ආරක්ශාකරලා දෙනවා. හැබැයි ගිගුරුම් සහිත වැසි කියුවොතින් පහුවනදාට මම කුඩය ගෙනියන්නෙ නෑ . වියලි කාලගුනයක් කියුවොත්නම් අනිවාර්‍යයෙන්ම කුඩයක් අරගෙන යනවා. ඔන්න ඔහොමයි මම අපේ කාලගුන අනාවැකි විස්වාස කරන්නේ.

…අද කියන්න යන මේ ලියවිල්ල අනාවැකි විස්වාස කිරීම සම්බන්ද ලියවිල්ලක්.
කාලගුනයක් ගැන සම්බන්ද කතාවක් නෙමෙයි. පහුගිය වකවානුවෙ උන්න අපේ සුප්‍රසිද්ධ දෙශපාලකතුමෙක්. එතුමා මලයාලි ගුරුකම් ජෝතිශ්‍යය වගේ දෙවල් ඉතාම ඉස්මුදුනින් පිලිගත්තු ශ්‍රීමතෙක්. ඒ ගැන කලින් "වේදනාව තමයි" පොස්ටුවෙන් ඉදිරිපත් කලා

…ඔන්න එතුමා රටේ නායකයා වෙලා ඉන්න කාලේ රජවෙන්න පුලුවන් උනේ දෙපාරයි. පලවෙනි පාර රජ උනාට පස්සේ රජ පුටුවේ තියන වටිනාකම ගැන හරි ආස හිතුනා. රජ පුටුවෙ දිගටම ඉන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි නිතරම සිහින මැව්වේ. අද වගේම වටපිට පක්සපාත පුරෝහිතයො ටික රජුන්ව මුරුංග අත්තෙ තියලා තමයි උන්නේ. තමන්ට සිටින විරුද්ඩවාදීන්ව මෙල්ල කරන්න එතුමට තිබුනා දුර පේන තීක්ශන නුවනක්. "බෝම්බ සහ රෝස" යොදාගනිමින් තම රජකම සුරක්ශිතව පවත්වාගෙන ගියා.

…මම කලින්ම කියපු හැටියට රජතුමා අනාවැකි ඉස් මුදුනින්ම පිලිගත්තු කෙනෙක්. සුප්‍රසිද්ධ අනාවැකිකරුවෙකුගේ අනාගත වාක්‍යයක් මෙතුමාගේ සිතට නිරන්තරයෙන්ම වද දුන් කරුනක් උනා. අනාවැකියට අනුව මීලඟට රජකරන්නෙ "විජය" කෙනෙක්.

බාර හාර යාග හෝම පවත්වලා අධිෂ්ඨාන පූජාවල් හෙම පවත්වලා. අල වගාකරමින් රජකම උදුර ගන්න බලාන උන්න විජයවීර කියලා කෙනෙක්ව රජ ලිස්ට් එකෙන් අතුගාලා දැම්මා.

ඊට පස්සේ රජ කම අහිමි කල රැජිනියකගේ රජ පෙලපතේ කුමාරියක්ව කරකාර බැඳගත්තු තව විජය කියලා කුමාරයෙක් උන්නා. එයත් රජ කම ගන්න උත්සහාකරමින් උන්න කෙනෙක්. අනේ ඒ කුමාරයත් වෙඩි ප්‍රහාරයකින් මියැදුනා. මටමතකයි ඒකාලේ බිත්තිවල ලියලා තිබුනා "ඊලාම්වාදී සුරතලාට ජනතාවගෙන් දඬුවම් " කියලා.
අනේ ඔහොම විජයලා නැති රටේ රජකමෙ උන්න හිටපු රජතුමා මහපාරේ පෙලපාලියකදි බෝම්බප්‍රහාරයකට ලක්වෙලා මියැදුනා.
ඊට පස්සෙ අර අනාවැකිය ඇත්ත කරමින් රටෙ රජකලේ විජයකෙනෙක් තමයි ඒ විජයතුංග කියලා කන්ද උඩරට රජකෙනෙක්.


-------------------------------------------------------------------

මේ කතාවත් තවත් අනාවැකි කතාවක්.  ඔන්න එක නගරබද නිවසක අම්මාකෙනෙක් තාත්තාකෙනෙක් තම කුඩාපුතාත් සමග ජීවත් උනාලු. ගෘහනියක් උන අම්මා පුතාවත් බලාගෙන දහවලේ ගෙදරට වෙලා උන්නලු .තාත්තා  උදෙම රැකියාවට ගියාම ඉර ගිලෙන හවස් යාමයේ ගෙදරට එන එක සිරිතක්. 

පුතා රෑට තාත්තා නිදාගන්නෙ තාත්තා ළඟලු. දවසක් පුතා මහරෑ නැගිටලා බිත්තියේ හුනු කූරකින් 
"සීයාගේ මරණය 5වනදා" කියලා ලියුවලු. 
මේ ළමයා හීනෙන් ලියනවා කියලා හිතපු තාත්තා බිත්තිය පිහදාලා නිදාගත්තලු. 
ඔන්න දවස් කීපයකට පස්සේ හරියටම පස්වනදා ගෙදරට විදුලි පනිවිඩයක් ආවලු බිරිඳගේ පියා ඒ කියන්නෙ ළමයගේ සීයා මියගියා කියලා. ඒ සිදුවීම අහම්බයක් යැයි හිතලා තාත්තා ඒ සිදුවීම මතකයන් අතරට එක්කලාලු.

 ඔන්න තවත් මාස ගනනාවකට පස්සේ ආයෙම දවසක අර ළමයා රෑ හීනෙන් බිත්තියේ ලියුවලු "මාමාගේ මරණය 11වනදා " කියලා එදත් බිත්තිය හෝදලා දාපු තාත්තා ඒ සිදුවීම අමතක කලාලු. ඒත් ඒ අමතක වීම නැවත ඉස්මතුවෙලා ආවේ හරියටම 11වනදා බිරිඳගේ මල්ලි බෙහෙත් විසවීමක් වෙලා මියගියනිසාලු. 

එදානම් තාත්තට දැනුනලු මේ ළමයගේ යම් ගුප්ත බලයක් තියනබව. ඒත් ඒබව කාටවත් කියන්න ගිහින් නෑ . දන්නෙ නැද්ද මීඩියා කරයන්ගෙන් බේරගන්න බැරිවෙයිනේ. 

ඔන්න ඔහොම තවත් මාස කීපයක් හිමීටම ගෙවිලා ගිහින් තවත් දවසක මහරෑ මෙ ළමයා බිත්තියෙ ලියුවලු "තාත්තාගේ මරණය හෙට " කියලා ඒ පාරනම් තාත්තට හීන් දාඩිය දාලා දෙපාරක්ම හරියට කියපු අනාවැකිය තුන්වන වතාවේ බොරුවෙන්න බෑනේ . බිත්තිය පිහිදාලා දාපු තාත්තාට එදානම් ආපහු නින්දගියෙ නෑ.

 තමන්ගෙ අන්තිම දවස ගැන හිතහිත රැයපහන් කල ඔහු පහුවදා උදෙම රැකියාවට ගිහින්. තමන්ගෙ මරණය බලාපොරොත්තුව ඉන්න කෙනෙකුට හිත සතුටින් ඉන්න පුලුවනෑ . 
කන්තෝරුවෙ වැඩක් හරියට කරන්නෙත් නැතිව කන්තොරුව අවසන් උනාට පස්සේ ගෙදර ඇවිත් තියෙන්නේ තමන්ගෙ අවසන් හුස්ම ගෙදරදිම පිටකරන්න බලාගෙන. 
මෙ මනුස්සයා ගෙදර එනකොට තමගේ බිරිඳ ගෙයි ඉස්සරහටවෙලා කම්මුලේ අත තියාගෙන ඉන්නවලු . ඉතින් මෙයා ඇහුවලු ඇයි මේ කියලා
…"බලන්න අනේ දැන් අවුරුදු ගානක ඉඳලා අපේ ගෙදරට කිරි ගේන මනුස්සයා අද උදේ බස් එකකට හැප්පිලා මැරිලනේ"







හුදෙක් විනෝදය සඳහාම ඉදිරිපත්කල කතාවකි. හිත් රිදීමක් වුවහොත් මෙතනින් එකක් කියවා කේන්තිය අඩුකර ගන්න

57 comments:

  1. බඩ අල්ලගෙන හිනා යන ගමන් කළකිරිමක් ඇති වෙනවා කථාව ඇත්තක් නම්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. @ ඇනො මගේ බ්ලොගට අදාල නැති කමෙන්ටුවක් නිසා අයින් කලා

      Delete
    3. ඔය ඇනෝ කාරයා කවුරු උනත් මම කියන්නෙ පොන්න වැඩ කරන්න එපා කියලා...ඕකා ජෝන් අයියෙ මගෙ බොගෙත් ඔය දාන කථාවම දැම්මා ගයානිට මඩ ගහලා...

      Delete
  2. සිරාවටම ජොලි කතාවක්....

    ReplyDelete
  3. හෙහ් හෙහ්, එල!

    හිට්ලරුත් ඔය කිව්වට අනාවැකි විශ්වාස කලාලු. ඉතින් අනාවැකි කියන්නෙක් ගෙන්නලා ඇහුවලු කියන්න පුලුවන්ද තමන් මැරෙන්නෙ කොහොමද කවද්ද කියලා.

    "කොහොමද කියන එක නම් කියන්න අමාරුයි, නමුත් කවදද කියලා කියන්න පුලුවන්."

    "කවදද කවදද?"

    "ඔබ මැරෙන්නෙ යුදෙව්වන්ගේ නිවාඩු දවසක."

    "යුදෙව්වන්ගෙ නිවාඩු දවසක? කොයි නිවාඩු දවසෙද?"

    "තමුන්නාන්සෙ මැරෙන ඕනෙ දවසක් අනිවා යුදෙව්වන්ගෙ නිවාඩු දිනයක් වෙනවා තමයි "

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මරු ඩූඩ් මම අහලා තිබ්බෙම නැ

      Delete
    2. හිට්ලර් ගැන කතාව නම් සිරා. ඒත් ඇත්ත වෙන්න බැහැ. කවුරුවත් මිනිහගේ මූණට ඔහොම කියයි කියලා හිතන්න බැහැ.

      අනික මිනිහ මරුන දවස යුදෙව් නිවාඩුවක් වුනේ නැහැ. ඊශ්‍රායලේවත් හිට්ලර් මරුන දවස කියලා නිවාඩු සමරන්නේ නැහැ. කියලා දිනයක් නම් තියෙනවා. ඒක වැටෙන්නේ අප්‍රේල් 7-මැයි 7 අතරේ යම් දවසක. මම හිතන්නේ ඒ දවස තීරණය වෙන්නේ යුදෙව් කැලැන්ඩරයට අනුව. ඒ නිසා ඒ දවස අහම්බෙන් අප්‍රේල් 30 (හිට්ලර් මරුන දවස) දිනයට යෙදෙන්න පුළුවන්. ඒ ඉතින් අහම්බෙන් තමයි...

      Delete
  4. කිරි තාත්තා. හිකිස්....

    ReplyDelete
  5. 502. That’s an error.

    The server encountered a temporary error and could not complete your request.

    Please try again in 30 seconds. That’s all we know.

    මෙහෙම එකක් ආවනෙ කොටපු කොමෙන්ටුව දාද්දි.. අපරාදෙ කොමෙන්ටුව..

    ReplyDelete
    Replies
    1. අය්යෝ හරී බරිද ආයෙත් දාන්න මට ඔය වගේ වැඩ අනන්තවත් වෙලා තියනවා හැබැයි ආපහු කරනකොට කලින් එකට වඩා හොඳ අදහස් එනවා

      Delete
  6. දෙවෙනි කතාව නම් නියමයි...එතකොට තාත්තා කවුද කියලා ඉබේම එළියට ඇවිත්...හි හි හී

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කතා ගොඩක් තිබුනා

      Delete
  7. මනුස්සයාට ඒ වෙලේම මැරෙන්න හිතෙන්න ඇති නේ!

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒ උනාට ජීවිතෙ බෙරුනානෙ කියලා සතුටුවෙන්න් ඇති

      Delete
  8. බබාලගෙ තාත්ත. හික්ස්....

    ReplyDelete
  9. හපුච්චියේ.... ඒනම් ඒකයි වුනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ හුනු කෑලෙන් එහෙම ලියන්නෙ නෑ

      Delete
  10. පුතාගේ නම කිරි පුතා වෙන්ටෑ....

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙ තාත්තා හැමදෙම හිතෙ හංගන් උන්න කෙනෙක්

      Delete
  11. Replies
    1. ඇයි තව කිරි ගේන්න අය ඉන්නවා

      Delete
  12. මේ කතාදෙකේම ගතයුතු හරයක් තියෙනවා.ඕනැවට වඩා අනාවැකි ව්හ්වාස කරන්න එපා..දැක්කනේ කිරිකිරයට වෙච්ච දේ..

    ReplyDelete
    Replies
    1. අනාවැකි පස්සෙ යන්න හොඳ නෑ තමයි

      Delete
  13. මෙ වගේ කතාවක් මම අහලා තියෙනවා. බරණ ගණිතයාගෙ නැකත් ගැන කියපු.

    ඔන්න එක වලව්වක ලස්සන මැණීකේ කෙනෙක් කරකාර බැඳ ගත්තු නිලමේ කෙනෙක් හිටියළු. මේ ජෝඩුව කසාද බැඳලා අවුරුදු දෙකක් විතර ගියත් ළෑමයි හිටියේ නෑළු. කොහොම කොහොම හරි එක එක බලිතොවිල් ශාන්තිකර්ම එහෙම කරාට පස්සේ මැණිකෙට දරුවෙක් පිළිසිඳ ගත්තළු. මේ දරුවා උපදින වෙලාව ගණනය කරලා බලපු බරණ ගණිතයා(බරණ ගණිතයා කියන්නේ ඉස්සර කාලෙ ජීවත් උණ, ගණිත ශාස්ත්‍රයෙන් ගණනය කිරීම් කරලා නිවැරදිව අනාවැකි කියපු මනුස්සයෙක්ලු)කිවුවළු මේ ළමයා ඉපදිලා දෙහෝරාවක් යන්න කලින් ළමයගේ තාත්තා මැරෙනවා කියලා.නිලමේ මේක විශ්වාස කලේ නෑලු.
    කොහොම හරි ලමයා ලැබුණු දවසේ වින්නඹු අම්මාට උදවු වෙන්න ගමේ ගෑණු කීප දෙනෙකුත් ඇවිත් හිටියත් , ඒ වෙනකොට රෑ ජාමෙ වෙලා තිබ්බ නිසා වලව්වේ හිටිය මුරකාරයාට කිව්වලු තැවුමකට ඕනෙ කරන කෙසෙල් කොළ කීපයක් කොරටුවෙන් කපාගෙන එන්න කියලා. වප්පිහිය අරන් කොරටුවට ගිය මුරකාරයාට කෙසෙල් ගස් අස්සේ හිටපු නාගයෙක් දෂ්ඨ කරපු වග ඊට මොහොතකට පස්සේ දැනගන්න හම්බ උණේ මුරකාරයා එක්ක කොරටුවට ගිය අනෙක් ගම්වැසියා ගෙනුයි. ඒත් ඉතින් මුරකාරයා වෙදෙක් ලඟට ගෙනියන්නත් කලින්ම ජීවිතක්ෂයට පත් උණාලු.
    බරණ ගණිතයා කිවුවේ ළමයගේ තාත්තා මැරෙනවා කියලා මිසක් නිළමේ මැරෙනවා කියලා නෙවෙයිනේ :D

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වර්ශන් තියනවා

      Delete
  14. පව් ඩෝ! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. අපොයි මල්කුමාරයට ...ඒ කාලෙ ඕව ඔක්කොම කිව්වනෙ.

    දෙවෙනි කතාව කලින් ලියල තිබිල කියෙව්ව වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වීයො මේ කතාවෙ සෑහෙන්න වර්ශන් තියනවා

      Delete
  16. දෙවැනි කතාවේ වර්ෂන් කිහිපයක්ම තියෙනවා නේ.

    පලවෙනි කතාව ගැනනම් ටිකක් අප්සට් විජය මරුනේ ඒ වගේ බාලයෙක්ගේ අතින් ද?.

    ReplyDelete
    Replies
    1. මම විජය මැරුවෙ කවුද කියලා රතුපාටින් ලියලා තියනවා

      Delete
  17. කිරිකාරයාගේ සීන් එකනම් අහලා තියෙනවා :)
    අනිත් එකනම් අදමයි ඇහුවේ :)

    ReplyDelete
    Replies
    1. ඒක අසූව දශකයේ අගබාගයේ කතාවක්නේ

      Delete
  18. හැකස්...
    පළවෙනි එක නං අහලා තියෙනවා..
    කිරි ගේන මනුස්සයා තාත්තනං මාමයි සීයයි පොඩි එකාට නෑදෑයෝ වෙන්නේ කෝමද කියලා කල්පනා කලේ...
    අම්මගේ පාර්සවෙං වෙන්න ඇති නේ.....

    ReplyDelete
    Replies
    1. මම මාමා කියලා කියුවෙ ඒ නිසා තමයි //පස්වනදා ගෙදරට විදුලි පනිවිඩයක් ආවලු බිරිඳගේ පියා ඒ කියන්නෙ ළමයගේ සීයා මියගියා කියලා. //

      …//11වනදා බිරිඳගේ මල්ලි බෙහෙත් විසවීමක් වෙලා මියගියනිසාලු. //

      …මම හොඳට හිතලා ලියන්නෙ

      Delete
  19. සමහර අනාවැකි හරියනවා. 2012 දිනම් හැමෝම ඇණගත්තා...

    අර ශ්‍රීමත් තුමා එක සැරයයි නේද රජ වුනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි ශ්‍රීමතානන් උන්නනම් තාම රජ පුටුවෙ ඉන්නවා

      Delete
  20. මම හම්බ වෙන්න ඉද්දි අම්මට එක සාස්තර කියන කෙනෙක් කිව්වලු තරහ වෙන්න එපා කිව්වට අම්ම හරි ළමය හරි දෙන්නගෙන් එක්කෙනයි බේරෙන්නෙ කියලා. තාත්තාගෙ මල්ලි එක්ක ගිහින් තියෙන්නෙ ඉතින් බාප්ප එතන බඩුත් පොඩි කරල ඇවිත් තියෙන්නෙ..මාව හම්බවෙන්න එලියට ඉස්පිරිතාලෙ ගියාම රෑ නිසා බාරගන්න බෑ කියල පොඩි සද්දයක් එහෙම දාල නර්ස් නෝනල, ඉතින් ඔය වෙලාවෙදි තාත්ති නම් අර කතාව නිසා හොදටම බය වෙලා.. ඒත් අම්මට මතක් වෙලා නෑ. හැබැයි අම්මි කියනව මතක් උනා නම් මොනවහරි වෙන්න තිබුනා බයටම කියල..

    ReplyDelete
    Replies
    1. අනාවැකි කියන්නෙ අපේ හිතට ඇතුලුවෙන විසබීජයක් කියලයි මට හිතෙන්නේ. ඕක ඔලුවෙ තියනතුරු අපි කරන්නෙ ඒකට අනුව අපිව පාලනය කරන එක . එතකොට ඒ දෙ වෙන්න ත්යන ඉඩ වැඩියි.අපේ හිතට ශක්තිය තියනවනම් ඕනෑම අනාවැකියක් වෙනස් කරන්න බැරිවෙන්නෙ නෑ

      Delete
  21. //මහපාරේ පෙලපාලියකදි බෝම්බප්‍රහාරයකට ලක්වෙලා මියැදුනා...//

    අපේ පැත්තෙ සමහරු එදා රතිඤ්ඤා පත්තු කලා මතකයි...

    අන්තිම කථාව නම් පස්ටයි...තාත්තා නිව්ස් එක අහලා ඊට පස්සෙ එල්ලිලා මැරුනද දන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිහෙක්ගෙ මරණෙකට රතිඥඥා පත්තු කරනවා මුලින්ම ඇහුවෙ එදා.... ඊට පස්සෙ දැක්කෙ ප්‍රභාගෙ මරණෙදි...

      Delete
    2. ඒකත් පවක් තමයි .... මිනිස්සුන්ට එපාවෙන්න

      Delete
  22. දෙවෙනි අනාවැකියෙන් ගොඩක් දේවල් එළි වෙන්න ඇති නේ..

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. ඇත්තටම මොනවා හිතෙයිද ?

      Delete
  23. අනාවැකි හින්ද සමහරු ඇහි බැම ගාගෙන කන්‍යාවන් ලවා නාවාගත්තයි කියනවනෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවකුත් මම ලියුව මේකෙ උඩ ලින්ක් එක දාලා ඇති

      Delete
  24. ඊළග දවසෙ පොඩි එකා බිත්තියෙ ලියයි, "අම්මගෙ මරණය හෙට" කියලා...

    ReplyDelete
  25. අර විජය කුමාරයාගේ කතාවනං අහලා තියෙනවා.ඔන්න දෙවෙනි කතාවේ වෙන වෙන වර්ෂන් කීපයක් අහලා තියෙනවා.ඒත් මේක අහලා තිබ්බේ නෑ.මරු..

    ReplyDelete
    Replies
    1. හැබැයි මේක කොමන් කතාවක්

      Delete
  26. පලවෙනි කතාව ඇහුවේ අද? ඇත්තටම ඒක ඇත්තක්ද ජෝන්.. හැබැයි සාක්ෂිනම් ඇත්ත..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..