he

Tuesday, February 19, 2013

වැඩේ Bla.. Bla .. මුන් සෙරම දන්නවා

මගෙ ලොකු කෙල්ල පොඩි කාලේ එක්තරා ජාත්‍යන්තර පාසලකට පෙර පාසැල් අධ්‍යාපනය සඳහා යොමු කලා. ඇයට එහිදී විධිමත් අයුරින් මැනවින් අධ්‍යාපනය හදාරන්න හැකිවුනා. ඉංග්‍රීසි අධ්‍යාපනයෙ මුලකුරු ඇය එහිදී ඉතාමත් හොඳින් හැදෑරුවා. 

ප්‍රාථමික අධ්‍යාපනයේ මුල්වසරෙදිම මට තෙරුනා ජාත්‍යන්තර මට්ටමින් හිතලා ඉගෙන ගන්නවට වඩා සාමන්‍ය අධ්‍යාපන රටාවට ඉගෙන ගත්තොත් අඩුගානේ පොලවෙ පයගහලා ඉන්නහරි ඉගන ගනී කියලා. පොලවෙ පය ගහලා ඉන්න එකාට ජාත්‍යන්තරේට යන එක අමාරු දෙයක් නෙමෙයිනේ.

…අද මම කියන්න යන්නේ ජාත්‍යන්තර පාසැල් ගැනවත් සාමාන්‍ය පාසැල් ගැනවත් නෙමෙයි.

…දෙමාපියන්ගේ කතාවලට පොඩිඋන් හොටදාන එක නරක පුරුද්දක් වෙනවා වගෙම, පොඩි උන් ඉස්සරහ පොඩි උන්ගෙ ගුන අගුන කියවන එකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි.

හුඟක් වෙලාවට ලොකු අයගේ කතාවලට පොඩි උන් හිමිහිට කන්දීගෙන ඉන්නවා. ඒවගේ වෙලාවට ලොකු අයට කතාව නතර කරගන්න එක කරන්න අමාරුයි. ඔන්න එතකොට පොඩි එකාට නොතෙරෙන බාසාවලින් කතාව ගෙනයන්න උත්සහා කරනවා.

ඔන්න අපේ ලොකු කෙල්ලත් පන්තියෙ තවත් ළමයෙක් එක්ක පොඩි පහේ සන්ඩුවක් වෙලා. ඉතින් පාසැල අවසන් උනාම එක්ක යන්න යන්නෙ මම හන්දා පන්ති බාර ගුරුතුමිය මට සම්පූරන විස්තරය කීවා. මමත් ගෙදර ඇවිත් ගෙදර උන්දැට විස්තරය කියන්න යනකොට මට තෙරුනා කෙල්ල රබර් කන දාගෙන ඉන්න විත්තිය ඉතින් මමත් අර කලින් කියපු විදියට ,


"Teacher told me that ... බ්ලා බ්ලා බ්ලා hit her with his books and බ්ලා බ්ලා බ්ලා return with her ruler."

"මේ තාත්තෙ ඔයා ඔහොම කියුවට මම දන්නවා මම සඳුන්ට ගහපු එකතමයි ඔයා අම්මට කියුවෙ කියලා ..." ඇය කීවා 

 ඉතිං කාපන්කො.

…ඊට හපන් වැඩෙ කියන්නෙ දැන් මුන් දෙමලත් දන්නවා.මට බය මුන් අපිට බ්ලා බ්ලා කියයිද කියලා.

…----------------------------------------------------------------------------


…ප.ලි : ලියන්න හිතෙ තිබුන කතාව වෙන එකක් ඒක මීලඟට ලියන්නම්

48 comments:

  1. හැදෙන ළමයි. දැන් කාලෙ පොඩි උන් නම් හෙන ඇට්ටරයි. අපිට බෑ උන්ට බොරු කරන්න

    ReplyDelete
  2. මගේ හඳවතට වැදුණා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මෙයාගේ මේ තදබල උනන්දුව මොකටද කියල මට හිතා ගන්න බෑ,

      Delete
    2. හැමෝටම උනන්දුව කියන එක තියෙන්න එපැයි

      Delete
  3. පොඩි එවුන් අපි හිතනවට වඩා ඇඩ්වාන්ස්.

    ReplyDelete
    Replies
    1. අපි අපේ දෙමාපියන්ට වඩා ඉස්සරහින් ඉන්න ඇති ඒ අයත් අපිට ඔහොම කියන්න ඇති

      Delete
  4. පොඩි උන් එක්ක නම් බේරෙන්න බෑ... දැන් අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න අයයි ඉන්නෙ...

    ReplyDelete
  5. හික්..හික්...හික්... ඇද්ද තාත්තට...!!

    ReplyDelete
    Replies
    1. ඔය හිනා උනේ මටද ?.... අපි බලමුකො ඉස්සරහට

      Delete
  6. දැන් කාලේ ඉන්න පොඩිවුන් අන්දන්න හරි අමාරුයි අපි අන්දන්න හිතන කොට එයාල අපේ කනෙනුත් රිංගලා
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙමයි කෝරලේ මහත්තයො

      Delete
  7. සමහර ගෙවල් වල ළමයි කතා කරන්නෙ දෙමළෙන්. වැඩිහිටි අයට තේරෙන්නේ නෑ. කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. සමහර පොඩි උන් හින්දිත් දන්නවා. කොච්චර දෙයක්ද....?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට මොන මොනවා වේවිද ?

      Delete
  8. අදකාලේ හැදෙන පොඩ්ඩෝ ලොකු තාත්තලටත් උගන්වයි..

    ReplyDelete
  9. පේනවා නේද..දැන් ඉන්න දූලා තාත්තා හැරෙන්න කලින් කනෙන් රිංගන සයිස්. මම හිතන්නෙ ඒ මේ කාලේ හැටි. අපි හිතනවට වඩා ළමයි ඉදිරියෙන් ඉන්නවා..ඒක හොඳ පැත්තට තිබුනොත් හොඳයි. නැත්තම් ඉතින් බ්ලා බ්ලා තමා...

    ReplyDelete
    Replies
    1. අපි ඇලට් එකෙ ඉන්නවා වෙන මොනවා කරන්නද

      Delete
  10. හැහ්...
    මාත් මේ දවස් වල බලං ඉන්නේ අපේ නංගි තාත්තගේ කනෙං රිංගන හැටි තමා...
    අපේ තාත්තා පවු කීලා හිතෙනවා...
    තව කොල්ලෙක් හදා ගත්තනං ඔය සෙල්ලං නෑනේ..
    අපිට වගේ සද්දේ දාලා රෙස්පට් පිට ඉන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. "තව කොල්ලෙක් හදා ගත්තනං ඔය සෙල්ලං නෑනේ..
      අපිට වගේ සද්දේ දාලා රෙස්පට් පිට ඉන්න තිබ්බා..."
      -දවසේ කතාව-

      Delete
    2. කොල්ලො ගැන නම් මොන කතාද අපේ ගෙදරත් කොල්ලො තුනක් හිටියනේ

      Delete
  11. මුන් හැදිලා ඉවරයි දැන්!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තාම හැදෙනවා

      Delete
  12. ඕක නිසා අපිත් දැනගත්තා.දෙමව්පියො කිව්ව එක හරි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් දෙමව්පියො හරි තමා

      Delete
  13. මුලදීම ගත්තු තිරනයනම් ගොඩාක් හොඳයි. ගොඩාක් ජාත්‍යන්තර පාසල් වල ඉන්නේ වෙනත් රටකින් ඇවිල්ල විසා පිට ජිවත් වෙන පිරිසක් වගේ හිතන ළමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිතන්නේ ඉංග්‍රීසියෙන් කරන්න සිංහලෙන්

      Delete
  14. දැන් පොඩි උන් දියුණුයි :)

    ReplyDelete
  15. දැන් ඉන්න පොඩි උන්ව තම්බන්න ගියොත් අපිටමයි කෙල වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තම්ම්බන්නනම් අමාරුයි ඒක මම අත්දැකීමෙන් දන්නවා

      Delete
  16. ඉස්සර අපිත් දන්නවා අම්මලා තාත්තලා හැරෙනකොට අපි ගැනද කියන්නෙ නැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ කාලෙට වඩා දැන් උන් හැරෙන්න කලින් දන්නවා

      Delete
  17. අයියෝ ජෝන් මහත්තයා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. අපෙ ගෙවල් ලඟත් ඉන්නවා ඔහොම ඇට්ටර පොඩි එකෙක්, අපි අහන්නෙ, "පුතේ.. අද මොන්ටිසෝරි ගියාද.. ට්ට්චට හොඳට ඉගැන්නුවද.." කියලා. හි හි...

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒකනම් මරු

      Delete
  19. පුදුම වෙන්න දෙයක් නෑනේ.. අප්පොච්චගෙම දූනේ...

    ReplyDelete
  20. පොඩි එවුන් එහෙම තමයි අපි හිතනකොට උන් ඒක කරලා අහනවා මෙහෙම නේද හරි කියලා.. දැන් අපි හිටපු යුග වලට වඩා ලෝකය පුළුල්

    ReplyDelete
  21. ඔව් බං අපිට බ්ලා..බ්ලා කියයිද කියල මටත් බය.!

    ReplyDelete
    Replies
    1. උන් එක්ක අපිත් යන්න ඕන

      Delete
  22. මට බය මුන් අපිට බ්ලා බ්ලා කියයිද කියලා//
    අනිව! ලෑස්ති වෙලා හිටපං අනාගතේට.

    ReplyDelete
    Replies
    1. අනාගතෙ සුබයිනේ ....හික්

      Delete
  23. :D හැබැයි ලංකාවේ පාවිච්චි වෙන භාෂා ටික කතා කරගන්න පුලුවන් කියන්නේ සෑහෙකගේ කල යුතු දෙයක්!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..