he

Thursday, January 24, 2013

මගේ ලැප් එක

පහුගිය ලිපිය මගේ පොඩි එකීගේ ඉස්කෝලේ ගමන ගැන ලියුවනේ. සුබ පතපු හැමෝටම ස්තුතියි.
…අතේ ගෙනයන පරිඝනකයට නෝට්බුක් නැත්නම් ලැප්ටොප් කියලනේ කියන්නෙ. තවත් කොට කරලා ලේසියට කියන්නේ ලැප් එක කියලා. මේ කතාව ලියන්න හිතුනේ ඊයේ … සිදුවුන සිදුවීමක් නිසා.

…ඊයෙ හවස වැඩ අහවර වෙලා ගෙදර ගියේ "වැටුනා නින්දගියා" කියන න්‍යායෙ හැටියට. ඒතරමට ඇඟට මහන්සියි . කෝච්චියෙත් ගියෙ හතර පැත්තෙන් වැටෙනවට දක්වපු සහයෝගයෙන් කිසිම ආධාරකයක් නොඅල්ලා. ඒතරමට සෙනග.

ස්ටෙසමෙන් බැහැලා යතුරු පැදියෙන් ගෙදරට ගියෙ ඇඟපත හෝදගෙන හාන්සි වෙන්න හිතාගෙන.කාමරයට ගොඩවුන ගමන්ම ලැප නැත්නම් මගෙ කොම්පියුටරය ඇඳෙ කෙලවරකින් තිබ්බා (ලේසියට තියන්න එතන).


ගෙදර ආපු හැටියෙ ලැබුන තේ කොප්පය ඇඳ මත හිඳගෙනම බිව්වා. ඔන්න එතකොටම අර මගේ දඟ මල්ල නැත්නම් පොඩි එකී දුවගෙන ආවා

"අනේ තාත්තෙ ලැප් එක පොඩ්ඩක් දෙන්නකො මට නිදාගන්න "

…මම ඇඳ කෙලවරක තියන මගෙ ලැප්ටොප් එක දෙස බලාගෙන

"අනේ දුවේ දැන් ඒක ගන්න බෑ "

මෙ කෙල්ල රෑට Angry Birds සෙල්ලම කරන ගමන් හැමදාම නිදාගන්නව. ඒත් අද මට සෑහෙන්න මහන්සිය්.

…ටික වෙලාවකින් මට ඇහෙනවා කුස්සිය පැත්තෙන් කං කෙඳිරියක්.

 "බලන්න අම්මෙ තාත්තා එනකන් හිටියෙ එයාගෙ ඔඩක්කුවෙ නිදාගන්න "
මට පොලව පාලාගෙන යන්න හිතුනා.
 ඒවෙලෙම ගිහින් චූටි කෙල්ලව අරන් නින්දයනකම් ඔලුව අතගෑවා .

59 comments:

  1. හෙ හෙ ඒකත් ලැප් එක තමයි... 27 හමු වෙමු...

    ReplyDelete
  2. හික්ස්
    එහෙම ලැප් එකකුත් තියනවනෙ නේද...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව තියනවා නේන්නම්

      Delete
  3. හි හි.. හැබෑට අපි හැමෝටම ඒ ලැප් එක අමතක වෙනවා නේන්නං... හි හි

    ReplyDelete
    Replies
    1. අමතක වෙනවා නෙමෙයි අමතක කරනවා

      Delete
  4. හික්ස්! හොඳටම ටැපලිලා වගේ! :D

    ReplyDelete
  5. අපි හිතනවට වැඩිය පොඩි එවුන් හිතනවා...

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්.... ඒ ලැප් එක නේන්නං ඕනි පුන්චි හිතකට

    ReplyDelete
  7. පොඩි එවුන්ට පොඩි කාලෙදි වගේම ලොකු උනාමත් ආදරය සෙනෙහස දක්වන්න ඕනේ...
    ‍ඒ සෙනෙහස නැති එකෙන් තමා ලොකු උනාම ප්‍රශ්න..

    ReplyDelete
    Replies
    1. සියයට දෙසීයක් ඇත්ත

      Delete
  8. මචං ඔය කෙල්ලො කියන ජාතිය මහ පුදුම ජාතියක්. උන්ට පුලුවං ලෝකෙම කන පිට පෙරලන්න.

    ReplyDelete
    Replies
    1. ඒකතාව හැම පැත්තෙන්ම ඇත්ත

      Delete
  9. මම අදමයි මේ පැත්තට ආවේ.මම දන්න ගොඩක් අය මේකට එනවනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි යසිරු පහුගිය පොස්ට් සෙරටම කමෙන්ට් කලේ කියවන්නෙ බලන්නෙ නැතිවද ?

      Delete
    2. හෙහ් හෙහ්

      Delete
  10. කාලීන සොදුරු කතාවක් :)

    ලැප් එක ‘උකුළ‘ ටත් යෙදෙන බව සිහි තබා ගන්න :)

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙන පොස්ට් එකක් දාන්න ඉන්නකොට මේ සිදුවීම උනේ ඒ හන්දා කාලීන වැදගත්කම තෙරුනා

      Delete
  11. නියම අර්තය අපිට අමතකම වෙලා ගිහින් නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සෙන්නා දැන්වත් පුරුදුවෙන්න ඔනේ හරි අර්තයෙන් හිතන්න

      Delete
  12. පොඩි උන් දැන් හරි දැණුවත්. කියවන කොටම හිතෙනවා මහ දඟ මල්ලක් වගේ සුරතල් කෙලි පොඩ්ඩියෙක්.

    ReplyDelete
    Replies
    1. මේ මගේ දෙවනි කෙල්ල ලොකු කෙල්ල මෙහෙම දඟ නෑ මම හිතන්නෙ දෙවනියා දඟයි මම දන්න හුඟ තැන්වල එහෙමයි

      Delete
    2. ඇවිල්ලා අපේ ගෙවල් පැත්තේ බලහං, රුපියල් එකසිය හැටපහේ සර්ප්එක්සෙල් එකක් මාව ටැංකියට දිය කරලා

      Delete
    3. ආ අමතක උනා මම ගෙදර ඉන්න වෙලාවක වරෙන්

      Delete
  13. ඔය වගේ පැටළිලි නම් වෙනවනේ.. කමක් නෑ ඉතින්.. ආයෙ කියද්දි කල්පනාවෙන් ඉන්න මොන ලැප් එක ගැනද කියන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. අඩේ දෙන්න අලුත් මූනකින්

      Delete
  14. ඊට පස්සෙ ගෙදර නඩුකාරි කුස්සියෙ ඉඳන් ඇවිත් ලොකු ජෝන්ට හොඳටම දෙසා බෑවලු :D

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ නඩුකාරී එන්න කලින් මම පැමිනිලිකාරිව ශේප් කරගත්තා

      Delete
  15. Replies
    1. නෑ නෑ මෙක උනේ ජනවාරියේ හික් හික්

      Delete
  16. දෝණිගේ ලැප් එක තමයි නියම ලැප් එක..දරුවන් අපි හිතනවාට වඩා දෙතුන් ගුණයක් ඉදිරියෙන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත දයා, අපි පුන්චි කාලේ හිතුවට වඩා සෑහෙන්න වෙනස්විදියට ඒ අය හිතන්නේ

      Delete
  17. අඩේ පව් බොල කෙල්ල

    ReplyDelete
  18. ලැප් කිව්වම අපිට එකපාරට කල්පනාවට එන්නේ ලැප්ටොප් තමයි..

    ReplyDelete
    Replies
    1. ඊයෙම වචනේ මාරු කරගත්තා මගේ ශබ්ද කෝශයෙන්

      Delete
  19. හුටා ඒකටත් ලැප නේන්නං කියන්නේ..

    ReplyDelete
    Replies
    1. නැතිව ඒකට කියනෙත් ලැප තමා

      Delete
  20. චුටි දෝණි අපච්චිට චුටි කාලේ පාඩමක් මතක් කරලා දීල වගෙයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ලොකු පාඩමක් තමා

      Delete
  21. මදෑ කෙල්ල ලැප කියලා තියෙන්නෙ ඔරිජිනල් ලැපටනේ. :D
    දැන් අපිට ඒක අමතක වෙලාම ගිහින් නෙ.

    ReplyDelete
    Replies
    1. එකනේ මට පොලව පලාගෙන යන්න හිතුනේ

      Delete
  22. පොඩි එවුන්ගේ සිතුම් පැතුම් හරිම අමුතුයි ලොක්කයියේ. එව්වා තේරුම් ගන්න අපි එයාලත් එක්කම ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත කෝරලේ මහත්ත්යො

      Delete
  23. පුංචි දරුවෝ අපි හිතනවාට වඩා දේවල් හිතනවා.....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අරුන්දතී

      Delete
  24. මම හැම තිස්සෙම කියනව වගේ .. චූටි කෙල්ලනම් ඔයාම තමා :D

    ReplyDelete
    Replies
    1. හික් හික් එහෙම නැතිව ......

      Delete
  25. ඕන් ... ඕන නැති කෙටි වචනවලට හුරු උනාම වෙන වරදවා වටහාගැනීම්. දරුව මොනව හිතන්න ඇද්ද තාත්ත එහෙම කිව්වහම.

    ReplyDelete
    Replies
    1. ඇයි කලවම් බාසාව .. අපි ලමයින්ටත් ඒක පුරුදු කරනවනේ (ලොකු කමට )

      Delete
  26. පොඩි අයගේ හිත රිදවන්න එපා කවදාවත්....

    ReplyDelete
  27. අප්පටසිරි කවුද දන්නේ පොඩි එකී ලැප් එක කිව්වේ උකුලටය කියලා. හික්ස් :)

    ReplyDelete
  28. ඔය වචන කොට කරනවට අපිට ලැබෙන දඬුවම්. මගේ කෙල්ල නිතරම කියන එකක් තමයි ඇප් එක කියන එක. මේ කියන මොහොතේදීත් ඇය නොට්බූක් එක ඉල්ලනවා.

    ReplyDelete
  29. අප්පා.... මදැයි..... දැන් අපිට ලැප් කිව්වොත් මතක් වෙන්නේ වෙන එකක්නේ..... කාලේ වැරැද්ද..... කාලේ වැරැද්ද.... :D
    පව් පොඩි එකා.....

    ReplyDelete
  30. අනේ හැබෑටම... මොනව උනත් දරුව කියල දුන්නෙ නම් ජීවිතේට අමතක නොවෙන පාඩමක්...

    ReplyDelete
  31. මේක මම දැක්කෙ නානෙ ජෝන්.මේක මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් වුනේ නෑ. මම මේ දැන් වෙන එකකින් දැක්කෙ.

    ඔය ලැප්ටොප් එකට ලැප් එක කියන එකෙන් ඔය වගෙ තවත් අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙනවා.

    මේක අර ඇස් අරවන්නක් (eye opener) නේ?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..