he

Wednesday, January 2, 2013

බිරිඳට හොරෙන් සිගරට් බීමෙන් වලකින්න

පහුගිය දවස් ටිකේම කොම්පියුටරයෙන් ඈත්වෙලා උන්නේ. ලියන්න කතන්දර සෑහෙන්න ලැබුනත් පවුලේ උදවියත් එක්ක ඇවිදින්න ගිය හන්දා බ්ලොග් එක පැත්ත පලතෙ තියා අන්තර් ජාලයටත් එබෙන්න ලැබුනෙ නෑ. සෑහෙන්න අලුත් දෙවල් බ්ලොග් අවකාසෙට එකතුවෙලත් තිබුනනේ. මම නොහිටි දවස් ටිකේ අපේ කට්ටිය ලෝක වාර්තාවකුත් පිහිටෙව්ව. නොහිටිය හන්දා ඒ ලෝක වාර්තාවට මම ඇතුලත් නෑ. දැක්කද අපි කොච්චර හොඳද කියලා.

…31 රැ මොකද කලේ කියලා ඇහුවම හුඟක් දෙනා බොහොම උජාරුවට දෙන උත්තරයක් තමයි "අපි එදා සෙට් උනා" "එළිවෙනකම් බිව්වා " "කන පැලෙන්න බිව්වා " වගේ උත්තර. මතට තිත තබපු රටක අහන්න නොලැබෙන පිලිතුරු තමයි. ඒත් හුඟදෙනෙක් එහෙම තමයි.

 බීම ගැන අවතක්සේරුවෙන් කතාකලාට අනේ රටක් කරවන්න ඔය බීම කොච්චරනම් සහයෝගයක් දෙනවද. ඉතින් හුඟදෙනෙක් බොන්නෙ රටකරවන්න සහයෝගය දෙන්න කියලයි මට හිතෙන්නේ.

…බීම එසේවෙතත් දුම්බීම ගැනනම් දුම් බොන උදවියම කතාකරන්නෙත්  ටිකක් විතර කනස්සල්ලෙන්. නොකර බැරි දෙයක් විදියට නැත්නම් පුරුද්දට වගේ තමයි දුම් පානයට ඇබ්බැහිවුවන් ඒ ගැන කතාකරන්නේ. නැතිකරලා දාන්න උවමනා උනත් අමතක කරන්න බැරි දෙයක් හැටියට තමන්ගෙ දිනචරියාවට එක්වුන දෙයක් කියලා තමයි දුම් බොන්නන් බොහෝ දෙනෙක් කියන්නෙ.

…අරක්කු බොනබව ගෙදරට කියුවත් (පෙන්නුවත් ) දුම්පානයනම් හොරෙන් තමයි හුඟදෙනෙක් කරන්නෙ. මේ අද කියන්න යන කතාවත් ත්‍රිවිධ හමුදාවට අයත් එක් හමුදාවක මගෙ මිතුරෙකුට අත්විදින්නට සිදුවුන අකරතැබ්බයක් ලෙස කියන්නට පුලුවන්. මේ මිත්‍රයා ගැන මම කලින් කතාවක කියලා තියනවා ඒ කතාව "ලයිසන් එක ගෙදරටම ලැබුන හැටි " යාලුවාගෙ නම සේකර.

…සේකර සුරාව නම් මද පමනට ගන්න කෙනෙක් නෙමෙයි .එයාගෙ කන සාක්කුවට වැටෙනකම් බොන්න පුලුවන් කෙනෙක් . හැබැයි කෙලින්. කරනදේ ගැනත් හොඳ සිහියෙන් තමයි ඉන්නෙ. සේකර හැමතැනින්ම බොන කෙනෙකුත් නෙමෙයි. මූලස්තානයේ මෙස් එකෙන් තමයි බොන්නෙ. සෙකරට බිල එන්නෙ මාසෙ අන්තිමට නිසා අපෙ හුඟදෙනෙකුට වගේ අතෙ තියන ගානට බොන කෙනෙකුත් නෙමෙයි. ඇති වෙන්න බොනවා කනවා. 

ඇයි සිගරට් බීම. ඒ ගැනනම් මම අර කලින් කීව වගේම සේකරත් ඉන්නෙ කනස්සල්ලෙන් . ඒත් පුරුද්ද අතහරින්න බෑනේ. වරුවට සිගරට් පැකට් එකක් එහෙම නැත්නම් දවසට සිගරට් පැකට් දෙකතුනක් පුච්ච්ලා දානවා.

…සේකරගේ පවුල නැත්නම් ආදරණීය බිරිඳත් ත්‍රිවිධ හමුදාවට සම්බන්ද කෙනෙක් නිසා ලැබෙන බීම කෑම ගැන ඒ වගේම පඩි වාර්තා, වෛද්‍ය හිමිකම් (Medical Claim) වගේ දෙවල් ගැන හොඳ අවබෝදයක් තියනවා. කාට බොරු කරත් පවුලට බොරු කරන්න ටිකක් අමාරුයි. 

ඇය නිතරම සේකරගේ විය හියදම් ගැන හොයනවා. හොඳ බිරිඳක් උනාම ස්වාමියාගේ වියදම් ගැන හොයලා බලන එක යුතුකමක්නේ. ඒත් සේකරගේ බීම ගැන ඇයගේ ප්‍රසාදයක් නොවුනත් සේකරට කවදාවත් තහංචි නම් දාලා නෑ.

 ඒත් දුම්බීම ගැන නම් අපේ කාන්තාවො බොහෝ දෙනෙක් වගේම සෙකරගේ පවුලත් ඉන්නෙ දුම්මල වරම අතට අරගෙන. ඉතින් සේකරත් පුරුද්ද අතහරින්න බැරිකමට බොන සිගරටුව බොන්නෙ පවුලට හොරෙන්. කොටින්ම කියනවනම් මෙස් එකේ මාසේ අන්තිමට කාපු බීපු ලිස්ට් එකට පවා සිගරට් ඇතුල්කරන්න එපා කියලා බාර් එකේ ඉන්න කෙනාට කියලා තියෙන්න.

 පහුගිය නොවැම්බර් මාසේ අන්තිමට ආපු බාර් එකේ ලිස්ට් එකේ තියනවලු මෙන්න මෙහෙම



……
නොවැ 1 - …කොකා කෝලා 2යි  …ගිනිපෙට්ටි 1යි 
නොවැ 2 - …කොකා කෝලා 2යි  …ගිනිපෙට්ටි 1යි 
නොවැ 3 - …කොකා කෝලා 2යි …ගිනිපෙට්ටි 1යි 
නොවැ 5 - …කොකා කෝලා 2යි …ගිනිපෙට්ටි 1යි 
නොවැ 7 - …කොකා කෝලා 2යි …ගිනිපෙට්ටි 1යි 
නොවැ 8 - …කොකා කෝලා 2යි …ගිනිපෙට්ටි 1යි 
නොවැ 10 - …කොකා කෝලා 2යි …ගිනිපෙට්ටි 1යි 
..........................
..........................
..........................
.........................
..........................
....................

බිල දැක්ක ගමන් සේකරගේ පවුල සේකර දිහා නෝන්ඩි හිනාවක් දාලා,

"ඈ.. මනුස්සයො.. කොකා කෝලා රත්කරන්නද ගිනිපෙට්ටියක් හැමදාම ගත්තෙ ?".


…පසු සටහන
…මේ මම දුම්බීම ගැන කියවපු මගෙ හිතට වැදුන සටහනක් දුම්බීම නවත්වන්න විදියක් හොයන කෙනෙක් ඉන්නවනම් මෙ ලිපිය කියවන්න හෙන්රි නැත්නම් Dude ලියන "මගේ ඩෙනිම My Blue Jeans" න් අහුල ගත්ත "ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු"

54 comments:

  1. හික් හික් හික්... අයියෝ........ ලොකු ජෝන් අයියේ මමත් චාටර් වෙලා ඉන්නේ ඔය කේස් එක නිසා.

    ReplyDelete
    Replies
    1. මේක කොමන් චාටර් එකක්

      Delete
  2. සිකරට් බොන එකනම් හොඳම නෑ... ඒත් මමත් තවම එකක් දෙකක් බොනවා සැට් වෙන වෙලාවට...

    ReplyDelete
    Replies
    1. ඇඩික්ට් නොවිච්ච අයගේ කුලකය

      Delete
  3. ඕ .... න්න ලයිටරයක අගේ.

    අපි නම් ඔව්වට නෑ, අපි හොඳ ළමයි. අපේ තාත්තත් කොච්චර එපා කිව්වත් සිගරට් බොනව, අපරාදෙ සල්ලි, පෙන්ෂන් එකෙන් භාගයක් විතර සිගරට්වලට ඉවරකරල දානව හැම මාසෙම.

    ReplyDelete
    Replies
    1. විකාරද බං, ලයිටරයක් වාහනේ කැබියේ දාල තිබ්බත් අපේ එවුන් ගිණි පෙට්ටි පුරවනවා කැබියේ..

      ලයිටරේ තියන් ඉන්නෙ මම බොන නිසා නෙවේ ඕං

      Delete
    2. ලයිටරයක් ළග තියාගත්තා කියන්නේ මම සිගරට් බොනවා කියලා එලිපිට පෙන්නීමක්නේ

      Delete
  4. හික්ස්.. දවස ගානේ ගිනිපෙට්ටියක් ගන්න හිතා ගන්න පුලුවන් මිනිහගේ සිගරට් බීම.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ගිනිපෙට්ටිය පහුවදාට තියාගන්නෙ නෑ. කොකා කෝලා බෝතලයක් කියලා කියලා තියෙන්නේ සිගරට් පැකට් එකක් කියන එකට ඒ කියන්නෙ පොර සිගරට් පැකට් දෙකක් බොනවා

      Delete
  5. කොකා කෝලා එක්ක ගිණිපෙට්ටි..හි හි හී...හාමිනේගේ හැදිමිටෙන් පනින්න හිතුවා මදි...

    ReplyDelete
  6. හි හි බාර්මන්ට කිවුවේ ලිස්ට් එකට සිගරට් ඇතුල් කරන්න එපා කියලා විතරනේ.ගිණි පෙට්ටි ගැන කිවුවෙ නෑනෙ..... :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වැරදිච්ච තැන. බලන් ගියාම බාමන්ට සාමන්‍ය දැනීම නැ

      Delete
  7. මටනම් ඉතා පිලිකුල් සහගත දෙයක්...බොන ලඟක වත් ඉන්න බැහැ.

    පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් නිසා දන්නැති දෙයක් දැනගන්න කැමතියි. අලුත් ඩෙස්ක්ටොප් පරිගනකයක් එකලස්කරන තැනකින් ගන්න හිතුවා..මට දැනගන්න උවමනායි..ලෙඩ අඩුම මදර්බොඩ් එක මොකක්දකියල.විවිධ අය කියන දේ වලින් හොල්මන් වෙලා ඉන්නෙ. මම Auto CAD..වලින් වැඩකරන්නෙ.
    පුලුවන් නම් උත්තරයක් දෙනවද..?

    ReplyDelete
    Replies
    1. ප්‍රවීනයෙක් කීවේ මටද? හික් හික්.. කොහොමත් අද පරිගනකනම් ගන්නකොටම සේවය අවුරුද්දකට හිතාගෙන ගත්තම හරි. සේරම එකම තැන හන්දා මමනම් ගන්නේ INTEL තමයි

      Delete
  8. කියන්න තිබුනේ ගිනි පෙට්ටියක් ගත්තම කෝලා එකක් නිකන් දෙනවා. ඔය අනිත් දෙකට විතරයි සල්ලි ගෙවලා තියෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න තිබුනා පවුල මෙස් එක ගැන නොදැන හිටියනම් ... හික් හික්

      Delete
  9. රත් කරන්න වෙන්න ඇති බං...පව්....

    ReplyDelete
  10. කොහොමත් සිගරට් අරක්කු බීලා ගෙදරට බොරු කරන්න අමාරුයි මචංස්ලා...

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත බොරු කරන්න ගියොත් නෝන්ඩි වෙනවමයි

      Delete
  11. බුදු අම්මෝ මෙච්චර කල් හිටියා ඇතිනේ මේකා........

    ReplyDelete
    Replies
    1. අපේ එක පුද්ගලික ගුරුවරයෙක් උනා සිගරට් පැකට් 2ක් එක පන්තියක් පවත්වනකොට බොන . අනේ පන්තියෙ උන්න අපිත් නොමිලේම 1 විතර බොනවා (second hand smoking) මේ ගුරුවරයා දවසට පන්ති 6ක් කරනවා පැකට් 12ක් දවසට. ඔය තාම අපූරුවට කැහ කැහ ඉන්නෙ ..

      Delete
  12. බටේ දාන එකනම් පෙන්නන්න බෑ .අරක්කු පානයටත් තිත තිබ්බා අවතාර් නම්

    ReplyDelete
    Replies
    1. මට නම් ඔය දෙකෙන්ම වින්ද්නයක් ලැබෙන්නෙ නෑ ඒත් යාලුවො සෙට් වෙන හන්දා බිග් මැච් එකෙදි නම් බොනවා. ඒ අතීතය මතක් කරන්න.

      Delete
  13. සිගරට් බොන උන්ට මම කැමතිම නෑ...ඒත් මගේ යාලුවො සැට් එකේ බහුතරයක් ඉන්නෙ සිගරට් බොන උන්...ඒ කාලකණ්නි ටික ඒකෙන් මුදව ගන්න මම කොච්චර වෑයම් කලත් ඵලක් නෑ... උන් සිගරට් බොන වෙලාවට මම ඈතට යනවා... අපේ පැත්තෙ තදට බීඩි බීපු කෙනෙක්ගෙ පොඩි තුවාලයක් නිසා කකුල් දෙකම කපලා දස වධ විදලා අන්තිමට මලේ....හේතුව දුම් පානය....

    ReplyDelete
    Replies
    1. ඔව් දුම්බීම මටත් පෙන්න බෑ

      Delete
  14. මූ ලයිටර් ගැන දන්නෙම නැද්ද බං?

    ඔන්න මම නම් මේ අවුරුද්දටම කටේ තිබ්බ් නෑ ඕං. එකම එක ජින් ෂොට් එකක් දැම්මා එච්චරයි. සිගරට් බිව්වේ නෑ. ට්‍රැ‍ෆිල් පොලෝසියට අහු වුනේත් නෑ. ෂෝයි නේ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ලයිටර් එකක් තියනවා කියන්නෙ සිගරට් බොනවා කියන එක පෙන්නන සලකුනක්නේ. මූ එච්චර මෝඩ නෑ

      …ආ ඒකිව්වේ 2013ට වෙන්න ඇති හික් හික්

      Delete
  15. දුම් බිම හැමොටම හොඳ නැ.

    නිරෝගිමත් නව වසරක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මමත් අනුමත කරනවා. ඔබටත් සුබම සුබ එකක් වේවා!

      Delete
  16. හෙහ්. ඕක කරන්න බැරි දෙයක් ජෝන්. පවුලට මොනව නැතත් ඕව නං අහුවෙනවා..

    ReplyDelete
  17. මට නම් ඔය වැඩේ දැන් කියලම එපා වෙලා තියෙන්නේ...

    කෙලින්ම කියලා තියෙන්නේ.. සිගරට් බීලා බීලා ලෙඩ උනොත් මගෙන් නම් සාත්තු බලාපොරොත්තු වෙන්න එපා කියලා... මට බෑ ඉල්ලන් කන උන්ට වෙදකම් කරන්න... ආදරේ පැත්තකින් තියලා මං යනවා ගෙදර.. එච්චරයි.. මං ඉතිං කිව්වොත් කිව්වම තමයි....

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න අත්දුටුයි ප්‍රත්‍යක්ශයි. මම කිව්වෙ දුම්මල වරම අරගෙන ඉන්නෙ කියලා ඔන්න ඕකට තමා

      Delete
  18. අප්පා . . මිනිහා අල කරගෙන මුලින්ම . .ඇයි දෙයියනේ පොර කියලා තියෙන්නේ සිගරට් බිලට දාන්න එපා කියලනේ.
    සිගරට් නම් අපේ උන්දැටත් මල . .
    දවස් දෙක තුනක් යමු කියලා යන ට්‍රිප් එකක් උනත් පලවෙනි දවසේ උදේ දැක්කොත් එකක් බොනවා සොරි තමා . . මට සනීප නෑ ආපහු ගෙදර යමු කියනවා . . .ගෑනුන්ට සිගරට් ඇයි මන්දා

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ දැක්කේ අදමද මන්දා.
      …අනේමන්දා ඇයි මෙතරම් ගෑනුන්ට සිගරට් අරහං කියලා

      Delete
  19. නියම කථාව.. සිගරට් ගැන නම් කථා කරලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. පුරුදුවෙන්න නරක පුරුද්දක්

      Delete
  20. එසේම වේවා මහරජ

    ReplyDelete
  21. ඔන්න ඕක කියවද්දී මට මතක් උනා ඇම්ඩන් ගේ කතාවක් ලීවට කමක් නැද්ද මන්දා. ඔන්න ඔහේ ලිව කැමතිනම් මකලා දැම්මත් කමක් නැ .
    ඇම්ඩා කොල්ලා කාලේ හෙන බඩු කාපර්ලු මුගේ තියන නරක පුරුද්ද කියන්නේ හැමදාම මේක කරලා ඩයරියේ ලියනවලු ගිය වියදම.
    ගොනෙක් ගැහුවා 1300
    ගොනෙක් ගැහුවා 1500 කියලා
    දවසක් මුගේ තාත්තා ඩයරිය හොරෙන් බලලා. දැන් මිනිහට හෙන හිතට අමාරුයිලු මෙච්චර ලොකු ගණන් දීල මේකා කරන වැඩේට. පොර ඉතින් හවස ඇම්ඩා ගෙදර ආවට පස්සේ හෙමිහිට ලඟට කතා කරලා කියනවලු. පුතේ උඹ ඔය කරන වැඩේ එච්චර හොඳ දෙයක් නෙවේ උඹට නොකරම ඉන්න බැරිනම් ඔච්චර ලොකු ගණන් වලට ඕක නොකර පොඩි පොඩි ගණන් වලට කරපන්. අනික ඔයලියන එකත් ඔහොම කෙලින්ම ලියන්නේ නැතිව කාටවත් හිතන්න බැරි විදිහට මෙහෙම ලියපන් කියලා.
    කොකෙක් වෙඩි තිබ්බා 1500
    කොකෙක් වෙඩි තිබ්බ 1000
    මුත් ඉතින් තාත්තා කියන එක අහලා අඩු වියදම් කොක්කුන්ට වෙඩි තියන්න ගත්තලු. දැන් මු ඩයරියේ ලියනවලු
    කොකෙක් වෙඩි තිබ්බ 300
    කොකෙක් වෙඩි තිබ්බ 500 කියලා
    තාත්තා ටික කාලෙකට පස්සේ මුගේ ඩයරිය අරන් බලනකොට තියනවලු මෙන්න මෙහෙම
    කොකෙක් වෙඩි තිබ්බ 300
    කොකෙක් වෙඩි තිබ්බ 500
    කොකෙක් වෙඩි තිබ්බ 250
    ........................................
    ........................................
    මාසේ අන්තිමේට තියනවලු
    තුවක්කුව සුද්ද කරා රුපියල් 12000 කියලා

    ReplyDelete
  22. ගිනිතපින්න වෙන්නඇති ගිනිපෙට්ටි දෙකක් ගත්තේ මොකද සේකර කොකාකෝලා බෝතල් දෙකක් බොනකොට සිතල හැදෙනවා ඇති :P

    ReplyDelete
  23. ගෑණු රවට්ටන්න බෑ කවදාවත්

    ReplyDelete
  24. අරක්කුවලටත් වඩා සිගරැට් අවුල්.අපි නොහිතන ලෙඩවලට සිගරැට් සම්බන්ධ වෙනවා.ගැස්ට්‍රයිටිස් වගේම හර්නියාවලට එහෙම.

    මටත් කතාවක් මතක් උනා.

    ඔන්න මිනිහෙක් හිටියලු හරිම අහිංසක ගෑනි කියන දේ අහගෙන ඉන්න එකෙක්.මුගේ මාසේ පඩිය හම්බ උනාම ඔක්කොම ගෙනිහිං දෙන්නේ ගෑනිගේ අතටලු (එහෙම දෙන්ඩ ඕනෙලු ).ගෑනි ඊටපස්සේ මූට වැඩට යන්ඩ ඕනෙ කරන ගාණ හරියට සතේට බලලා දෙනවලු.

    ඔන්න දවසක් පොර ගෙදර ආවලු හෙන සන්තෝසෙං. ඇවිල්ලා කිව්වලු ගෑනිට 'මට අද ස්වීප් එකකිං ලක්ෂ දහයක් ඇදුනනේ' කියලා.
    ගෑනි ටිකක් කල්පනා කරලා අහනවලු 'තමුසෙට කොහෙන්ද ස්වීප් එකක් ගන්ඩ රුපියල් දහයක්??'

    ReplyDelete
  25. සිගරට් නම් බොන්නේ නෑ මමත්. ගෙදර අයට නම් ඕවා හංගන්න බෑ. කොහොම හරි අහු වෙනවා.

    ReplyDelete
  26. නියම පෝස්ට් එක, .....................

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..