he

Tuesday, December 31, 2013

හිතේ පැතුම් ඉටුවන වසරක් වේවා !

දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද. 

ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ වගේ පැතුම් ඉටුවෙනවට. මම මගේ බ්ලොග් එක කියවන ඔය හැමටම පතන්නෙ හිතෙ හැංගිලා තියන අන්න ඒ ප්‍රාර්ථනා මේ අවුරුද්දෙ ඉටුවෙන්න කියලා. 


වසරක් ගියා අපහට නොකියම ගෙවිලා
නොලියු ලිපිත් ඇත පතුලට වී පිරිලා
අලුත් වසරේ ඔබහට පවසන්නට කියලා
කවියක් ලීවා සුබ නවවසරක් කියලා


…සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා !!

Monday, November 11, 2013

කුණු ගොඩ

සෑහෙන්න කාලෙකින් පෙට්ටගමට ලිපියක් ලියන්නේ. බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග්‍ රෝල් යාවත්කාලීනවෙනවද බලන්නත් එක්ක දාපු "විශේෂ නිවේදනය!" ලිපිය හිතුවට වඩා සාර්ථක උනා


  අද මට ලියන්න හිතුනේ අත්දැකීමක්. මගේ අත්දැකීමක් කියුවට මේ අත් දැකීම බොහෝ දෙනෙකුට ඇති. සමහරවිට මෙ අත්දැකීමට නැත්නම් මේ ගැටලුවට පිලියමක් තවම හමුවෙලත් නැතිව ඇති. බලන්න මේ ගැටලුවට ඔබ ඔබ මුහුන දුන්නානම් ඔබ කරන්නෙ කුමක්ද කියා.

…ලොකු ජෝන් ගෙ මහගෙදර ඒ කියන්නෙ අපි පුංචි කාලෙ හැදුන වැඩුන, සෙල්ලම් කරපු, මගේ අතීත කතා ගනනාවකට සම්බන්ද වුනු මහගෙදර. අද මම එහෙ නැතත් අම්මයි තාත්තයි ඉන්නෙ එහේ. තව මගේ මල්ලිගේ ජීවිතෙ ගතවෙන්නෙත් එහෙම තමා. අම්මයි තාත්තයි මුනුපුරු මිනිපිරියන් එක්ක දවස ගතකරන්නේ මේ මහගෙදර තමා.

…මහගෙදර කියුවම කාගේත් හිතෙ මැවෙන අක්කර ගානක පොල්ගස් දෙල්ගස් කොස්ගස් පිරුනු වත්තක් නම් නෙමෙයි අපට තිබුනේ. පර්චස් 20කට සීමාවුන ටිකක් හිමින් හූවක් කීවත් අල්ලපු ගෙදරට ඇහෙන සාමාන්‍ය නිවසක් තමයි අපේ මහගෙදර.

Sunday, November 10, 2013

විශේෂ නිවේදනයයි !

කාලයක් ගතවුනා පෙට්ටගම මකුලු දැලුත් බැඳිලා. සැරින් සැරේ එක එක්කෙනා මතක් කරකර පෙන්නනවා. දැක්කම මටත් දුකයි. අස්පස් කරන්න කියලා බලනකොට වෙන වැඩකට යොමුවෙන්න වෙනවා.

 හරියටම මාස දෙකකට කිට්ටු වෙන්න ආවා. දූවිලි ගසලා මකුලි දැල් කඩලා ගන්න තරම් අවශ්‍යතාවයක් නොතිබුනේ නිතර ගොඩවදින අය මේ පැත්තෙ ඇවිත් ගිය හන්දයි ඒ ආව ගිය හැමොටම හොයල බලපු හැමෝටම මගේ ප්‍රණාමය පලකරන්නේ සතුටින්.

Friday, August 2, 2013

සිනහවට කල හැකි දෙ බොහෝය

 
පින්තූරය ගත්තෙ  www.olaalaa.com

මම බොහෝ දිනවල මාර්ග අංක 141 වැල්ලවත්ත නාරහෙන්පිට බස් සේවාවෙන් ප්‍රයෝජන ගන්නෙක්මි. එදත් සුපුරුදු පරිදි වැල්ලවත්තෙන් බසයට ගොඩවූයේ පාමංකඩින් බසින අදහසිනි. බස් ගාස්තුව රුපියල් 9ක් වුවත් කිසිම දිනක ඉතිරි රුපියල ලැබුන බවක් මතකයේ නැත. නාරහෙන්පිටට රුපියල් 12ක් වුවත් රුපියල් 20ක් දුන්නොත් ඉතුරු ලැබෙන්නේ රුපියල් හතකි.

රුපියල ගැන කතාකිරීම අද මගේ කතාවේ මාතෘකාවයැයි ඔබ වරදවා වටහාගනීයැයි සිතුන නිසා මා කියන්නේ එය එසේ නොවන බවයි.

කොන්දොස්තර මහතුන්ගේ ආමන්ත්‍රන හා ඔවුන්ගේ මුහුනුවල රලු ස්වභාවය රාජකාරී වෙලාවන්හි ගමන්බිමන් යන ඔබට අමුතුවෙන් හඳුවාදිය යුතු නැතැයි සිතමි. 

Tuesday, July 30, 2013

ගුරු දෙගුරු රැස්වීමක්

ලිපියක් ලියන්න නොසිතූ මොහොතක පොඩි කෙල්ලගේ මුවින් පිටවූ වදන් කීපයක් නිසා ඇතිවූ සිතුවිල්ලක් අද සටහන ලෙස ඉදිරිපත්කරන්නට සිතුනි. 

පහුගිය ජනවාරියේ මගේ පොඩි එකී ඉස්කෝල ගියාකියලා මේ පෙට්ටගම කියවන අය නොදන්නවා කියලා මම හිතන්නෙ නෑ. ඒ ගැන මම ලියපු සටහන මෙතනින් ගිහින් බලන්න ඉතින් පලවෙනි පාසැල් වාරේ නිවාඩුව පහුගිය සිංහල අවුරුදු සමයේ සතුටින් ගතකල මේ කෙල්ල දෙවන පාසැල් නිවාඩුව නැත්නම් අගෝස්තු පාසැල් සමයට සූදානම් වෙනවා.

පහුගිය සතියෙ දවසක චූටි එකීගේ ගුරු දෙගුරු පොතේ ගුරුතුමිය විසින් සටහනක් දාලා තිබුනා අගෝස්තු 1වනදා ගුරු දෙගුරු රැස්වීමට පැමිනෙන්න කියලා. 
පහුගිය මාස කීපයෙත් වරින් වර ගුරු දෙගුරු රැස්වීම් කීපයක් තිබුනා. ඒ සියල්ලටම ගියේ මම. ඔය රැස්වීම් වලට හුඟක් වෙලාවට යන්නෙ අම්මලා. මමත් ඉතින් වැඩි කැමැත්තකින් යන්නේ ඒකනේ අම්මලා අතරේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් තාත්තලා ඉන්නකොට කැපීපේනවනේ. 

ඒත් පහුගිය ගුරු දෙගුරු පොත දුන් හැටියෙ මගේ පොඩි එකී කියුවනේ මෙන්න මෙහෙම කතාවක්,

Tuesday, July 23, 2013

වසර 18 කට පෙර අද වගේ දිනක

නාරහෙන්පිට ඇල්විටිගල ෆ්ලැට් එකේ යට තට්ටුවේ තිබුනා රෙදි කඩයක්. මට මතක හැටියට නිරෝමිද කොහෙද නම. අදනම් කාන්තාවන්ගෙ හිත දිනාගත්තු රෙදි සාප්පු අනන්තයි. ඒත් ඔය මම කියපු රෙදි කඩේ තරම් එදා කාන්තාවො අතර ජනප්‍රිය තැනක් වෙන තිබුනයි කියුවොත් මම ඒක පිලිගන්න ටිකක් මැලි කරනවා. ඉතින් මගේ ගෑනු ළමයත් නිතරම ඔතනට යනවා. එයාගේ රැකියාව කරන ස්ථානයත් තිබුනෙ ඔය කිට්ටුව නිසා එතන දෙවල් යාවත්කාලීන වන වේගය වැඩියි.


… ගෙදරට හොරෙන් ලව් කරන කාලේ ගෑනු ළමයව වේලපහින් ගෙදර යවන්න ඕන. නැත්නම් වීසා කැන්සල් වෙනවා. ඒ නිසා වැඩ ඇරුනට පස්සේ අතන මෙතන තැග් ගැහෙන්නෙ නැතිව වේලාසන ගෙදරට යවන්න මම උත්සාහා කරනවා. එයත් එහෙමයි. ඔන්න එක දවසක් හවස රැකියාව නිමකරලා එන අතරෙදි අර කලින් කියපු යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කලා.

Friday, July 12, 2013

භයානක ලෙඩක් !

සෑහෙන්න දවසකින් බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයාගත්තෙ. ඇත්තම කියනවනම් බ්ලොග් එක ලියන්න පරිඝනකය ළඟට ආවත් හිත එකලාසයක් කරන් ලියන්න අමාරුයි.මොකද ලියන්න සූදානම් වෙනකොට  ක්‍රිකට් තරඟයක් පටන් ගන්නවා. කවුරු තරඟ කරත් සජීවී තරඟයක සජීවී අත් දැකීමක් අතපසු කරගන්න එක මම අතපසු කරන්නෙ නෑ. 
ඔන්න යන්තම් ඒකත් ඉවර උනා.හරියටම මාසයකට කිට්ටුවෙන්න මොනවත් ලියන්න ලැබුනෙවත් හරියාකාරව බ්ලොග් පොස්ට් එකක් කියවන්නවත් ලැබුනෙ නෑ.

ඉතින් ඒ විරාමයට තිත තියලා අද මට ලියන්න හිතුනෙ අපිත් එක්ක ඉන්න සමාජයේ හුඟ දෙනෙකුට තියන ලෙඩක් ගැන කියන්න. ලෙඩ ගැන කියන්න මම වෛද්‍ය වරයෙක් නෙමෙයි. ඒ උනාට මේ ලෙඩේ ගැන කියන්න වෛද්‍යවරයෙක් වෙන්න උවමනාම නෑ. 

මේන්න මේ පුංචි කතාව කියවලම ලෙඩේ ගැන අවබෝදයක් ගන්න. සමහරවිට මේ ලෙඩේ ඔයගොල්ලො දන්න කියන අයටත් තියෙන්න පුලුවන්.

…ඔන්න එක විශ්‍රාමික ස්වාමි පුරුශයෙකුට තමන්ගේ බිරිඳගේ ශ්‍රවන තත්වය හරියාකාරව පවතිනවද කියලා දැනගන්න උවමනා උනාලු.…මේක තමන්ගේ බිරිඳගෙන් එක එල්ලේ අහන එකත් හොඳමදි හන්දා, තමන්ම වෛද්‍යවරයෙකු ළඟට ගිහින්, තමන්ගෙ බිරිඳගේ ශ්‍රවන තත්වය බලාගන්න ස්ව‍යං පරීක්ශනයක් එහෙම තියනවද කියලා අහලා. වෛද්‍යවරයත් ටිකක් කල්පනා කරලා ස්වාමි පුරුශයට self-test එකක් නැත්නම් ස්වයං පරීක්ශන ක්‍රමයක් කියලා දීලා. 

Friday, June 14, 2013

නිදිමරා මැච් බැලීම.

ශූරයන්ගේ කුසලානය උදෙසා පැවැත්වෙන තරඟාවලියේ ශ්‍රීලංකාව හා එංගලන්තය අතර තරඟය නරබා අවසානවෙනවාත් සමගම මතකයට නැගුන සිදුවීමක් පෙට්ටගමේ තැන්පත් කරන්න සිතුනි.

හුඟදෙනෙක් ක්‍රිකට් තරඟ නරඹන්න අකමැතියි. ඒ වෙලාව කන ක්‍රීඩාවක් නිසාය. එහෙම කොහොම කීවත් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් නම් නිදිමරාගෙන තරඟයක් බලන්නේ ඒ අවස්තාවෙ වින්දනය ඒ අවස්තාවෙ විඳින්න උවමනා නිසා.
…සරල උදාහරනයකින් කියනවනම් මෙ වනවිට පවත්වපු ශ්‍රීලංකව සහභාගීවුන තරඟ දෙකම ගතහොත්,

පලමු තරඟය ශ්‍රීලංකාව පරාජය වුනා.
දෙවන තරඟය ශ්‍රීලංකාව ජය ගත්තා.

ඔය නිකම්ම නිකන් වැකි දෙකක් උනාට තරඟය ඒ අවස්තාවෙ බලපු අයට අමතක නොවන අත්දැකීම් දෙකක්. තරඟය නොබලපු අයටනම් නිකම්ම නිකන් වැකි දෙකක්.


සමහරු ඇත්තටම ක්‍රිකට් වලට ආසයි. ඒ කියන්නෙ තදබල  ක්‍රිකට් ලෝලීන්. ක්‍රිකට් මැච් අතහරින්නෙ නෑ. තව සමහරු ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒත් ක්‍රිකට් ලෝලීන් කියලා පෙන්නන්න හදනවා.

මම මේ කියන්න යන අත්දැකීම අපේ මාමා කෙනෙකුට වුන සිදුවීමක්.මේ සිදුවීම පහුගිය 2011 ලෝක කුසලානය දවස්වලදි සිදුවූවක්.

Saturday, June 1, 2013

ඈත කඩේ ටොපි

මාමේ අන්දරේ
මොනවද ඔය පැදුරේ ?
මේවා තමා ඩොට් කියන්නෙ හරි පැනි රස ටොපී
ඩොට් කියලා අලුත් ටොපී ...
පුතේ දුවේ මේ අහන්න……
පැනි රස ගැන කියාදෙන්න…
මටත් වඩා ජගතෙක් නෑ
ඩොට් ටොපියේ රස දැනුනම සීනි කෑවා සිහිවෙනවා..

--------------------------------------------------------

වෙද මහත්තයො
මේ ළමයා හරි මලානිකයි ....

…කෝ බලන්න ...…
දිව දාන්න එලියට...…
මේන්න මේ වට්ටෝරුව පත අට එකට හිඳුවා ඩොට් සමග තුන් වේලක් දෙන්න
අනේ දුවේ උඹේ කටේ ... බෑ බෑ බෑ මගේ කටේ .


මේ ඉස්සරම ඉස්සර අහලා පුරුදු නැත්නම් රූපපෙල ඉබේම හිතෙ මැවෙන වෙළඳ දැන්වීම් දෙකක්. සමහරුනම් දන්නෙත් නැතිව ඇති. අද කාලෙනම් ටොපි විකුනන්න මහන්සිවෙන්න ඕනෙ නෑනේ. ඉතිරි සල්ලි වෙනුවට ටොපිනෙ දෙන්නෙ.
 

Sunday, May 26, 2013

මේ දෑස කුමකටද ?

කන්නාඩි දාගෙන 3D පින්තූර චිත්‍රපටි බලන යුගයට දැන් අපි ඇවිත් ඉන්නවා. ඒ කාලේ රූබි එකෙ ඔය කන්නාඩි දාගෙන චිත්‍රපටි බැලුවා මට මතකයි මතකය නිවැරදිනම් ඒ 1989 නැත්නම් 1990..ඒත් හරියටම මතක නැ. 3D හන්දම බැලුවා මිසක චිත්‍රපටය ගැන මතකයක් නෑ මොකද හරියටම මතක Garden of Eden, Emmanuelll වගේ ඒවනේ. ඒ ගැන මගේ පරන පෝස්ටුවක විස්තර තියනවා "විසිපහේ නිල් චිත්‍රපටි" බැලුවේ නැත්නම් බලන්න. රූබි එකෙ 3D බලලා ඒ අත්දැකීම හිතෙම යන්තමට ඉතුරුවෙන්න කාලය ගතවුනා.


1995-96  කාලේ සිදුවීමක් තමයි මෙ කියන්න යන්නෙ. තොරතුරු තාක්ශන ඩිප්ලෝමාව හදාරන්න මමත් NIBM ආයතනයට සම්බන්ද උනෙ ඒකාලෙ. දෙශන ශාලාවට වඩා වැඩිවෙලාවක් ඉන්නෙ පුස්තකාලෙ නැත්නම් කැන්ටිමේ තමයි. කැන්ටිමට යන්නෙ කන්නම බලාගෙන නෙමෙයි. අපිට වඩා ඉගෙන ගන්න දක්ශ අය පොත් කියවලා ඉගෙන ගත්තු දේවල් ඉක්මනට ඉගෙන ගන්න තමයි. ඉගෙන ගත්තු දේ තව කාත් එක්ක හරි බෙදාගත්තම ඉගෙන ගත්තු දේ මතකින් ගිලිහෙන්නෙ නෑ.

Sunday, May 12, 2013

මුන්ගේ අම්මලට

පහුගිය ලිපිය ලියලා ටික දවසක් ගතවුනා. හිතාමතාම මේ ලිපිය ලියන්න පමාකලේ කලින් ලිපියෙ අහපු ප්‍රශ්නෙට මම බලාපොරොත්තු උන උත්තරය අද මේ ලියන්න යන ලිපියට අදාල නිසා. 

 කලින් ලිපියේ මම ඇහුවේ දුම්රිය
"ඒ දුරකතන ඇමතුම දුන්නෙ කවුද? 

ඒකෙන් කියවුනෙ කුමක්ද ?"




හරි පිලිතුර උනේ
 "දුම්රිය රියදුරගේ අම්මා"
 "අම්මට නහය දැවිල්ලට කිවිසුම් යනවා කියලා." 
හරි පිලිතුරු දෙකක් ලැබිලා තිබුනා.

 කොහොමින් කොහොම හරි ප්‍රායෝගික ජීවිතයෙදි අපිට අම්මව මතක්වෙන අවස්තාවක් මතක් කරන්න ඕන නිසා පහුගිය පෝස්ටුව ලියුවා. 
පින්තූරය www.faithhill.com පිටුවෙන්
ඒවගේම තව පරන පෝස්ටුවකුත් තියනවා "උදේ පාන්දර චන්ද්‍රිකා මැතිණිය සිහිවීම." කියලා. ඒකත් තියෙන්න ඒ සම්බන්දවම ලියපු හෑල්ලක්. නොබැලුවනම් ගිහින් බලලා එන්න. 

…අපිට හැම කරදරයකදිම ගැටලුවකදිම අමාරුවකදිම සිහියට නැගෙන්නෙ අම්මව. අම්ම ළඟ උන්නත් නැතත් සිහියට නැගෙන්නෙ අම්මව. ඒ හැම දුකකදිම,කරදරයකදීම ඒ දුක හදවතින්ම බෙදාගත්තෙ අම්මා නිසා. ඒක අපේ ඇඟෙන්ම එන්න ඒකයි. 

Thursday, May 2, 2013

පුලුවන්නම් කියමු බලන්න

අද මට හිතුනා පොඩි ප්‍රශ්නයක් අහන්න හැබැයි සීරියස් ප්‍රශ්නයක් නෙමෙයි. හරි උත්තරය දන්නවනම් කමෙන්ට් කරන්න. හරි උත්තරය හරියටම නැකතට පබ්ලිශ් කරනවා

… උදේ හවා රාජකාරියට යන්නෙ එන්නේ දුම්රියෙන් වුන මගේ කතා බොහෝමයකට වස්තු බීජ සැපයුවේ ඔය දුම්රියම තමයි. මේ අහන්න යන ප්‍රශ්නයත් ඔය උදෙ වරුවේ දුම්රියෙ යනවිට මුහුනදුන්න අත්දැකීමක් මුල්වෙලා හැදුන ප්‍රශ්නයක්. 

 අත්දැකීම මෙන්න මේකයි. උදෙ පන්දර රාජකාරි කටයුතුවලට පිටත්වයන්නෙ කවුරු කවුරුත් කරදහි ලිපේ දාලාවගේ කඩිමුඩියේ. අන්තිම තත්පරයේ තමයි දුම්රියට ගොඩවෙන්නෙත්. ඒතරමටම කාලය සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිතත් සමග සටන් කරනව. ඔය සටනට මූන නොදුන්න දුම්රියෙන් …ගමන් බිමන් යන මධ්‍යම පාන්තික පුරවැසියෙකු සොයාගැන්ම අපහසුයි. ඉතින් මට කියලා වෙනසක් නෑනේ.

Friday, April 26, 2013

කබ්බො සහ ටොයියො

අද හුඟ දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තට ආවේ. සාමාන්‍යයෙන් මම අප්‍රේල් මාසේ බ්ලොග් පොස්ට් දානවා අඩුයි. මොකද අප්‍රේල් නිවාඩු කාලෙනේ. ඒ ඉතින් ඉස්කෝලෙ යන අයට, ඒ උනාට මට තාම අප්‍රේල් දෙසැම්බර් මාස නිවාඩු මාස කියලා හිතෙනවා. මීට අවුරුදු ගානකට ඒකියන්නෙ අවුරුදු 20කට විතර ඉස්සර මතකය මට තාම අමතක කරන්න බෑ.

ඉස්සර පාසැල් නිවාඩුව ලැබුනම අපි කොච්චර නම් සෙල්ලම් ජාති කරනවද. චක්ගුඩුපනිනවා, වලකජුගහනවා, ටින් කඩනවා, අයිස්පයිස් කරනවා ඇයි ටොපිකොල ඔට්ටුවට ජිල් බෝල ගැහිල්ල. මේවායින් මම ආසම ජිල් බෝල ගැහිල්ලට.


 හවසට හතරවටෙම ඉන්න කොල්ලො කුරුට්ටන්ගේ ටොපි කොල ටික එකතු කරගෙන පොඩි උන ඒවා පොත් අස්සෙ දාගෙන මැදගෙන පරන සූට් කේස් එකේ දාලා ගනන් කරන එකතරම් වින්දනයක් තවත් නෑ.

Tuesday, April 2, 2013

IPL රස්සාව

රැකියාවක් යනු සෑම කෙනෙක්ම ජීවත්වීම සඳහා කරන්නකි. රැකියාවෙන් ලැබෙන වැටුප තම තෘප්තිය උදෙසා විවිධාකාර ලෙස යොදවා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. එය විනාසකර මහමගට වැටීමේ හැකියාවද ඇත්තෙ ඔහුට හෝ ඇයටයි. ඒ නිසි කලමනාකරනයක් නොලැබුන තැනය. කලමනාකරනය ගැන කතාකිරීඑමට මම යන්නෙ නැත. ඒත් මා කලමනාකරනයෙදි උක්තවන වැටුප සම්බන්දව කතාකිරීමට හා එම වැටුප ගැන ඇස් යොමාසිටින අය ගැන අද මේ ලිපිය කතාකරනු කැමැත්තෙමි.


…අද ඉන්දියානු ප්‍රිමිය ලීග් තරඟාවලිය ආරම්භ වනු ඇත. විස්සයි විස්ස තරඟාවලි අතර ප්‍රමුඛතම තරඟාවලිය මෙම තරඟාවලිය කීවොත් එය බොරුවක් නොවේ. විශාල මුදල් ප්‍රමානයක් ආයෝජනය කර විශාල ප්‍රවර්දන උපක්‍රම භාවිතාකර මුදල් ඉපයීමේ අරමුන පෙරදැරිකරගනිමින් ආරම්භ කර තරඟාවාලියක් ලෙස මෙම තරඟාවලිය හඳුන්වාදිය හැක. ක්‍රීඩකයන්ගේ ජනප්‍රියත්වය ඒවාගේම ඔවුනගේ හැකියාවට ලන්සු තබා අරඹන මෙම තරඟාවලිය ක්‍රීඩාශීලීත්වය අංක එකෙහි තබා පවත්වන්නක් නොවේ. උදාහරනයකට ගන්නවානම් තුරඟ තරඟ ක්‍රීඩාවක් ලෙස ගෙන බලන්න. IPL යනුද එවැනිම වෘත්තීය තරඟාවලියකි. ඔට්ටු තබන්නෝද ව්‍යාපාරිකයෝද මෙම තරඟාවලියට ආයෝජනය කරන්නේ ක්‍රීඩාවේ උන්නතියට කියා ඔබ හිතනවානම් ඔබ වැරදිය.

Friday, March 29, 2013

කැඩුන හිනාව

මේ සටහන ලියන්න මුල් උනේ පහුගිය කාලෙ ලියපු මෙන්න මේ පොස්ටුවයි. එය මම නම් කලේ " උදෑසන චන්ද්‍රිකා මැතිනිය සිහිවීම කියලයි " නොබැලුවනම් බලන්න. ඔය කතාව සමහරුන්ට තෙරුනාට සමහරුන්ට තෙරුනේ නැ.තව සමහරුන්ට පස්සෙ තෙරුනා.
…මම මේ කියන්න යන්නේ අත් දැකීමක් මෙය කියවන බොහෝදෙනක් අත් දුටු අත් දැකීමක්.


…ඔන්න විශාල පිරිසක් සහභාගීවුන රැස්වීමක්, හිතන්න මහජන පුස්තකාලයේ ශ්‍රවනාගාරයේ දේශනයක් කියලා. නොමිලේ පැවැත්වෙන නිසා හුඟදෙනෙක් ඔය වගේ දෙශනවලට යනවා. සමහරු ගෑනු ළමයා පාඩම් කරලා එනතුරු වෙලාව ගතකරන්න යනවා. තවත් සමහරු සහභාගීවන දෙශකයන්ව බලන්න යනවා . තවත් සමහරු ඇත්තටම දේශනයට සවන් දෙන්න යනවා. කොහොම හරි අන්තිමට ශාලාව පිරෙන්න සෙනග. දේශනය පවත්වන අයට හරි සතුටුයි. අර ස්ටේශන් ළඟ බස් නැවතුම් පලවල ඡන්ද රැස්වීම්පවත්වලා ඒවාට එන සෙනග දැකලා සතුටුවෙන බංකොලොත් දෙශපාලකයො වගේ.

Wednesday, March 27, 2013

අනියත බිය හා වෛද්‍ය සේවය

 පින්තූරය  calibermag.org එකෙන්
ඔබ කුමන හෝ දෙයකට බියවී තිබෙනවද ? උත්තරය නෑ කිය කියනවා නම් එය විය නොහැක්කක්. අපි හැමෝම කුමක් හෝ දෙයකට බය වී තිබෙනවා. නැත්නම් ඒ බය හිතෙ තබාගෙන ඉන්නවා. සමහරු ලෝකයට නොපෙන්නුවට හිත ඇතුලෙ ඒ බය හිරකරගෙන ඉන්නවා. ඔය ලොකු ව්‍යාපාරිකයො , මැති ඇමති ගොල්ලො කොච්චර බලය තිබුනත් අනුන්ගෙන් ආරක්ශාව හොයන්නෙත් ඔය බය හන්දනේ.

…ඒ උනාට මම අද කියන්නෙ ඔය එක එක්කෙනාගෙ බය ගැන නෙමෙයි. මගේ හිතෙ පැලැපදියම් වෙලා තියන බය ගැන. සමහර විට මෙය අනියත බියක් යැයි ඔබ කියන්නට පුලුවන්. ඒත් මේ නියත හෝ අනියත බිය මගේ හිතෙ නිරන්තරයෙන්ම තිබෙන්නක්.

Saturday, March 23, 2013

වියදම් පියවීම

එන්න එන්නම ජීවන බර ඉහලට යනවා. සාමාන්‍ය ජනයට ඒ ගැන විස්තර කියන්න උවමනාවක් නෑ. ඒත් ඔය බර හැමෝටම තේරෙන්න නෑ. ඒත් මේ කතාව කියන්නේ ජීවන බර ඉහල යන එක ගැන අවබෝදයක් තියෙන අයට. ඔය ජීවන බර ඉහල යන එක දැනෙන්නේ ජීවන බර උහුලන අයට විතරයි. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයො දැනටමත් ඔය බර ඔලුවෙ තියාගෙන ඉන්නෙ .

පින්තූරය www.onoffbeirut.com
පින්තූරය www.onoffbeirut.com  
…මම මේ කියන්න යන්නේ පහුගිය දවසක මා ඇසූ සිද්දියක්. ඒත් මේ කතාව ලු කතාවක් නෙමෙයි මගේම කනින් ඇසු මම දුටුව කතාවක්. දිනය පහුගිය තෙල් වැඩිවීම වුන දිනයට පසු දිනය. මගේ ස්කූටර් කට්ටට තෙල් ගහගන්න කියලා ළඟ තිබුන තෙල් පිරවුම් හලට ගොඩවුනා.

Saturday, March 16, 2013

බ්‍රොකර් කොමිස්


මේ කියන්න යන කතාව කොමිස් ගැන කතාවක්. මම දන්න බ්‍රොකර් මහතෙක් කියපු කතාවක්.

 හුඟදෙනෙක් පුරුදුවෙලා ඉන්නෙ අඩුවෙන් වැඩකරලා වැඩියෙන් හම්බ කරන්නනේ. මම දකින විදියට මෙ කොමිස් ගැහිල්ලත් අන්න ඒ වගේ අඩුවෙන් මහන්සිවෙලා වැඩියෙන් හම්බ කරන්න පුලුවන් දෙයක්. හැබැයි හැකියාව වගේම හොඳ පුද්ගල සබඳතාවයන් එහෙම තියෙන්න ඕන

…විකුනා ගන්න බැරි කුනු බඩු විකුනලා ලොකු කොමිස් තියාගන්න අයත් අප අතරෙ ඉන්නවා.… හැබැයි ඒකට කට්ට කෛරාටික වෙට්ට පිත්තල වෙන්න ඕන. නියම තැනට ඒ කියන්නෙ හරි තැනට හරි ඇනේ ගහන්න පුලුවන් කමක් තියෙන්න ඕන.ඒක හැකියාවත් එක්ක යනදෙයක්.

විකුනුම් කරන බොහෝ දෙනෙක් කාලාන්තරයක් ප්‍රගුන කරපු කලාවක් තමයි ගැනුම් කරුවන් ඇන්දිල්ල. ඔය ඇන්දිල්ල හරියට කලාම තමයි අර මම කලින් කියපු කොමිස් එක ලොකුවට ලැබෙන්නේ. දෙශපාලුවොන්ටනම් නම් ඕක ජන්මයෙන්ම පිහිටනවා. ඒ ගැන මම කියන්න යන්නෙ නෑ.

Tuesday, March 5, 2013

පඩි නැත්නම් වැඩක් නෑ

අවූරුදු ගානකින් පඩි වැඩිකලේ නෑ කියලා අපේ කට්ටිය ගියා ලොක්කා හම්බවෙන්න. ලිඛිත ඉල්ලීමක් කල කට්ටියට සම්මුඛ සාකච්චවකට ඉඩක් ලොක්කගෙන් ලැබුනා. රාහුකාලය හෙම මග හරවලා ග්‍රහ චක්කරේ ලොක්කගේ පැත්තට කරකැවෙන්න පිහිටුවාලා තමයි කාලවේලවත් දුන්නේ.

ඉතින් එකා එකා එකා ලොක්කා දුන්න වෙලාවට ලොක්ක හමුවන්න ගියා. තනි තනිව කල සාකච්චාවට කට්ටිය ගියේ වීරයො වගේ උනාට එලියට ආවේ මූනු හකුලුවාගෙන.


Friday, March 1, 2013

බොරදිය මාලු බැමට නොව රෙද්ද විකිනීමටය

සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟ එනවා. මාර්තු මාසේ මුල ඉඳලම අවුරුද්ද පිලිගන්න කවුරු කවුරුත් ලක ලෑස්තිවෙනවා. සමහරුන්ගේ අතට පාරිතෝෂික දීමනා ලැබෙන්න මේ කාලෙට. එහෙම නැතත් අවුරුදු අත්තිකාරමක් හෙම ගන්න කවුරු කවුරුත් පසු බට වෙන්නෙ නෑ. ළමයින්ගේ ඇඳුම් පැලඳුම් වගේම ගෙදරට ඕනකරන බඩුමුට්ටු අරගන්නත් මේ අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියෙ යෙදෙන්න අපි කවුරුත් වගේ උත්සහා කරනවා.

…මේ අවුරුදු සාප්පු සවාරිය පහුගිය අවුරුදු වලට වඩා ටිකක් වෙනස් තාලෙන් සමරන්න ඒ කියන්නෙ සාප්පු සවාරිය තෝරාගත් සාප්පූ වලින් කරන්න සූදානමක් අද සමාජය තුල ඇතිවෙලා තියනවා. ඒ තෝරා ගැනීම හරිද වැරදිද කියලා කියන්න මම උත්සාහා නොගන්නේ එම ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් වීමට ඉඩ තියන නිසා. 

 මා අද ලියවිල්ල පොඩි කතාවකින්ම පටන් ගන්නම්

Friday, February 22, 2013

අනාවැකිය

හුඟ දවසකින් විහිලු කතාවක් ලියන්න බැරි උනා. පහුගිය 2012 ලෝක විනාස අනාවැකිය පස්සේ ගොහිල්ලා සම හරක් ඇනගත්තා. … සමහරු අනාවැකි කියන්න රුසියො. ඒත් තමන්ට වෙන්න තියනදේ පේන්නෙ නෑ. තව සමහරුන්ට මේ ඇස් පනාපිට පේන්න තියනදේ පේන්නේ නෑ . පෙනුනත් නොපෙනුනාවගේ වෙනදෙයක් කියවනවා.

 අපේ කාලගුනේ කියන අනාවැකිනම් සියයට සීයක්ම මම පිලිපදිනවා. රෑට ප්‍රවෘත්ති ඉවරවෙලා යන කාලගුන අනාවැකිය නිසැකවම මාව වැස්සෙන් ආරක්ශාකරලා දෙනවා. හැබැයි ගිගුරුම් සහිත වැසි කියුවොතින් පහුවනදාට මම කුඩය ගෙනියන්නෙ නෑ . වියලි කාලගුනයක් කියුවොත්නම් අනිවාර්‍යයෙන්ම කුඩයක් අරගෙන යනවා. ඔන්න ඔහොමයි මම අපේ කාලගුන අනාවැකි විස්වාස කරන්නේ.

…අද කියන්න යන මේ ලියවිල්ල අනාවැකි විස්වාස කිරීම සම්බන්ද ලියවිල්ලක්.

Tuesday, February 19, 2013

වැඩේ Bla.. Bla .. මුන් සෙරම දන්නවා

මගෙ ලොකු කෙල්ල පොඩි කාලේ එක්තරා ජාත්‍යන්තර පාසලකට පෙර පාසැල් අධ්‍යාපනය සඳහා යොමු කලා. ඇයට එහිදී විධිමත් අයුරින් මැනවින් අධ්‍යාපනය හදාරන්න හැකිවුනා. ඉංග්‍රීසි අධ්‍යාපනයෙ මුලකුරු ඇය එහිදී ඉතාමත් හොඳින් හැදෑරුවා. 

ප්‍රාථමික අධ්‍යාපනයේ මුල්වසරෙදිම මට තෙරුනා ජාත්‍යන්තර මට්ටමින් හිතලා ඉගෙන ගන්නවට වඩා සාමන්‍ය අධ්‍යාපන රටාවට ඉගෙන ගත්තොත් අඩුගානේ පොලවෙ පයගහලා ඉන්නහරි ඉගන ගනී කියලා. පොලවෙ පය ගහලා ඉන්න එකාට ජාත්‍යන්තරේට යන එක අමාරු දෙයක් නෙමෙයිනේ.

…අද මම කියන්න යන්නේ ජාත්‍යන්තර පාසැල් ගැනවත් සාමාන්‍ය පාසැල් ගැනවත් නෙමෙයි.

…දෙමාපියන්ගේ කතාවලට පොඩිඋන් හොටදාන එක නරක පුරුද්දක් වෙනවා වගෙම, පොඩි උන් ඉස්සරහ පොඩි උන්ගෙ ගුන අගුන කියවන එකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි.

හුඟක් වෙලාවට ලොකු අයගේ කතාවලට පොඩි උන් හිමිහිට කන්දීගෙන ඉන්නවා. ඒවගේ වෙලාවට ලොකු අයට කතාව නතර කරගන්න එක කරන්න අමාරුයි. ඔන්න එතකොට පොඩි එකාට නොතෙරෙන බාසාවලින් කතාව ගෙනයන්න උත්සහා කරනවා.

ඔන්න අපේ ලොකු කෙල්ලත් පන්තියෙ තවත් ළමයෙක් එක්ක පොඩි පහේ සන්ඩුවක් වෙලා. ඉතින් පාසැල අවසන් උනාම එක්ක යන්න යන්නෙ මම හන්දා පන්ති බාර ගුරුතුමිය මට සම්පූරන විස්තරය කීවා. මමත් ගෙදර ඇවිත් ගෙදර උන්දැට විස්තරය කියන්න යනකොට මට තෙරුනා කෙල්ල රබර් කන දාගෙන ඉන්න විත්තිය ඉතින් මමත් අර කලින් කියපු විදියට ,

Sunday, February 10, 2013

මීයා ඉස්සීම හුනු ගෑම හා තමාටම සිනාසීම

හුගිය දවස්ටිකේම හවසට වැස්ස. දවාලට නැතිව රෑට වහින නිසා වැස්සේ සැරබව පේන්නේ නෑ. රට උලු වහලේ උලු කැඩිලා ඒ අස්සෙන් වැහි වතුර ගලාගෙන යනකොට මතක් වෙන්නේ, අපේ වහලේ උඩින් අල්ලපු කෙහෙල් වත්තෙ කෙහෙල් කොටුවට පැනයන වදුරු රංචුව. වදුරො පනින වෙලාවට උන් බය කරන්න රතිඤ්ඤා පත්තු කරනවා. මුන් රතිඤ්ඤාවලට බයත් නෑ. රතිඤ්ඤෙ පිපුරුනාට පස්සේ අපේ දෙස බලන්නේ නක්කලේට.

Thursday, February 7, 2013

ව්‍යාග්‍රා කාලක් ඇති.

ම වයසක සීයා මහලු නිවාසේ උන්නු කතාව කියවන ඔබට මතකනේ. අමතකනම් ව්‍යාග්‍රා සහ හොට් චොකලට් කතාව මෙතනින් බලන්න. හුඟ දවසකින් පොස්ටුවක් දාන්නත් නොහැකි උනේ වැඩ අධිකවීම හන්දම නෙමෙයි. කම්මැලි කම හන්දා. කොහොම හරි බාගෙට අමුනලා තිබුන කතාවක් මෙන්න මෙහම ඉවර කරගන්න පුලුවන් උනේ අර මම කලින් කියපු කම්මැලි කම හන්දා.

… මේ කතාව ලංකාවේ අපට ටිකක් නුපුරුදු වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නත් අමාරුයි. මගේ ජීවන වටපිටාව වගේ නෙමෙයිනේ ලංකාවේ අනිත් ප්‍රදේශ. නාගරික සමාජයේනම් හැංගි හොරා හෝ නැතිව උත්තෙජන පාවිච්චිය සිදුවෙනවා. මේකතාව උත්තෙජන සම්බන්ද කතාවක්.


… දැනට අවුරුදු 80 ගානක් ආයුවලඳපු සීයාකෙනෙක් දවසක් ඔසු හලකට ගොඩවුනාලු.

Friday, February 1, 2013

විසිපහේ නිල් චිත්‍රපටි

මේ කතාවේ කාලය 1991 නැත්නම් 1992. ඉස්කෝල යනකාලේ සිදුවීමක්. අද වැඩිහිටියෙකු ලෙස මම මෙම සිදුවීම අනුමත නොකලත් සීමාව දැන කටයුතු කිරීමේ හැකියාව අප සතුවිය. එලෙස කීවේ මා කියන්නට යන කතාව සාධාරණීයකරනය කරන්නට නොව. වරද වරදමය. ඒත් ඒ වරද තුල මා අත් විඳින කතාවක් ඇත. එය කියවීමේ අවස්ථාව ඔබ වෙත ඉදිරිපත් කරමි.

…එදා මමත් තවත් මිතුරන් දෙදෙනෙකු සමග පානදුරයෙන් මරදාන බලා ආවේ මරදානේ අපේ සෙට් එකත් සමග හැට් කලෙක්ශන් යාමටය. ශාප් එයිට් තර්ටි නැත්නම් හරියටම අටහමාරට මරදානේ දුම්රිය නැවතුමට පැමිනීමට අපි පාසලේදී කතාකර ගත්තෙමු.


බිග් මැච් කාලෙට හැට් කලෙක්ශන් යාම තරම් විනෝදජනක ක්‍රියාවක් තවත් නැත්තෙය. …කාන්තා පාසැල් අසලට ගොස් නටා ගයා විනෝදවී කීයක් හෝ කඩා ගැනීම අතිශයින්ම විනෝදජනකය. එහි කිසිවිටක අසංවර විහිලු තහලු නොතෙබූන බව අවදාරනයෙන් මතක් කලයුතුය. කලෙක්ශන් එක වැඩි වන්නේ සුන්දර විහිලු තහලුවකින් සුන්දර ගීතයකින් සංග්‍රහකල විටය.

Thursday, January 24, 2013

මගේ ලැප් එක

පහුගිය ලිපිය මගේ පොඩි එකීගේ ඉස්කෝලේ ගමන ගැන ලියුවනේ. සුබ පතපු හැමෝටම ස්තුතියි.
…අතේ ගෙනයන පරිඝනකයට නෝට්බුක් නැත්නම් ලැප්ටොප් කියලනේ කියන්නෙ. තවත් කොට කරලා ලේසියට කියන්නේ ලැප් එක කියලා. මේ කතාව ලියන්න හිතුනේ ඊයේ … සිදුවුන සිදුවීමක් නිසා.

…ඊයෙ හවස වැඩ අහවර වෙලා ගෙදර ගියේ "වැටුනා නින්දගියා" කියන න්‍යායෙ හැටියට. ඒතරමට ඇඟට මහන්සියි . කෝච්චියෙත් ගියෙ හතර පැත්තෙන් වැටෙනවට දක්වපු සහයෝගයෙන් කිසිම ආධාරකයක් නොඅල්ලා. ඒතරමට සෙනග.

ස්ටෙසමෙන් බැහැලා යතුරු පැදියෙන් ගෙදරට ගියෙ ඇඟපත හෝදගෙන හාන්සි වෙන්න හිතාගෙන.කාමරයට ගොඩවුන ගමන්ම ලැප නැත්නම් මගෙ කොම්පියුටරය ඇඳෙ කෙලවරකින් තිබ්බා (ලේසියට තියන්න එතන).

Thursday, January 17, 2013

වේලාසන ගෙදර යන්න ඕන උම්මා එකක් දෙන්න

හුඟක් දවසක් බ්ලොග් ලිපියක් ලියන්න නොහැකි උනා. හේතුව නම් වෙලාව මදිකම. අදත් ලියන්න කියලා වෙලාවක් නැතත් අද නම් ලියන්නම වටින දවසක්. මම කලින් ලියපු "තැඹිලි වතුර" කතාව සහ "කොචිචි මිරිස්" කතාවල මගේ පොඩි දුවගේ වැඩ ගැන කතාකලා. ඒ කතා දෙක නොබැලුවනම් බලන්න. අද මම කියන්න යන්නේ ඒ වගේ දඟ වැඩක් ගැන නම් නෙමෙයි.


පුංචි පුතා මගේ …ඉස්කෝලේ ගිය
…මුල්ම දවස අදවේ
…මුල්ම දවස අදවේ
…බුලත් අතක් දී …ගුරුතුමියට වැඳ …
…මා තනි කල මොහොතේ
…මා තනි කල මොහොතේ

…අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
…මතු යම් දවසක වියතෙක් වනු මැන
…සිතෙන් පැතුම් පතලා
…ඔහු පන්තියෙ තියලා
…මා වෙන්වෙන මොහොතෙ
…පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
…ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට

Wednesday, January 2, 2013

බිරිඳට හොරෙන් සිගරට් බීමෙන් වලකින්න

පහුගිය දවස් ටිකේම කොම්පියුටරයෙන් ඈත්වෙලා උන්නේ. ලියන්න කතන්දර සෑහෙන්න ලැබුනත් පවුලේ උදවියත් එක්ක ඇවිදින්න ගිය හන්දා බ්ලොග් එක පැත්ත පලතෙ තියා අන්තර් ජාලයටත් එබෙන්න ලැබුනෙ නෑ. සෑහෙන්න අලුත් දෙවල් බ්ලොග් අවකාසෙට එකතුවෙලත් තිබුනනේ. මම නොහිටි දවස් ටිකේ අපේ කට්ටිය ලෝක වාර්තාවකුත් පිහිටෙව්ව. නොහිටිය හන්දා ඒ ලෝක වාර්තාවට මම ඇතුලත් නෑ. දැක්කද අපි කොච්චර හොඳද කියලා.

…31 රැ මොකද කලේ කියලා ඇහුවම හුඟක් දෙනා බොහොම උජාරුවට දෙන උත්තරයක් තමයි "අපි එදා සෙට් උනා" "එළිවෙනකම් බිව්වා " "කන පැලෙන්න බිව්වා " වගේ උත්තර. මතට තිත තබපු රටක අහන්න නොලැබෙන පිලිතුරු තමයි. ඒත් හුඟදෙනෙක් එහෙම තමයි.

 බීම ගැන අවතක්සේරුවෙන් කතාකලාට අනේ රටක් කරවන්න ඔය බීම කොච්චරනම් සහයෝගයක් දෙනවද. ඉතින් හුඟදෙනෙක් බොන්නෙ රටකරවන්න සහයෝගය දෙන්න කියලයි මට හිතෙන්නේ.