Sunday, September 30, 2012

122. පිරිමි කෙනා කැවට පසු ගෑනු කෙනා කන්නෙ ඇයි ?

ඇය ගනිත ගුරුවරියක් . ඔහු මිනින්දෝරුවෙක් මොවුන් දෙදෙනා කසාද බැන්දෙ 1960 අවුරුද්දේ. ඒත් මේ අයට අවුරුදු 6ක් වනතුරු ළමයි හිටියෙ නෑ. ඔය ප්‍රශ්නේ නිසාම මේ අය දිකසාදවෙන්නත් හැදුවා. ඒත් අවුරුදු 6කින් මේ දෙන්නටම එක් ගැහැනු දරුවෙකුගේ දෙමාපියන් වෙන්න වාසනාව ලැබුනා. ගැහැනු දරුවා ලැබුනට පස්සේ මේ දෙන්නගෙ බැඳීම ගොඩක් වැඩිවුනා. හැමදේම කලේ දෙන්නම එකට

ඊට පස්සේ මේ තුන්දෙනා බොහොම ලස්සනට ජීවිතය ගතකලා. 


 මට අමතක වුනා මේ ලංකාවෙ කතාවක්. ඒත් මේ අය ඉංග්‍රීසි පන්නෙට තමයි කෑම බීම ගත්තේ ඇඳුම් පැලඳුම් ඇන්දේ ගමන් බිමන් ගියෙ හැමදෙයක්ම. ඉංග්‍රීසි පන්නෙට හැදුන වැඩුන හන්දා දුවත් ලොකුවෙලා වැඩිදුර ඉගෙන ගන්න මහ රැජින ඉන්න රටට ගියා. දුව හොඳට ඉගෙන ගත්තා. අන්තිමට දුවගේ අම්මටයි තාත්තටයි බෑන කෙනෙක් එංගලන්තයෙන්ම දුව හොයාගත්තා.

Friday, September 28, 2012

121.රුපියල් සත සහ මනුස්සකම

අපේ අම්මා රාජ්‍ය බැංකුවක සේවය කලබව මගේ පැරනි පොස්ටුවක්වන "98.පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම. " හරහා ඔබ කියවන්නට ඇත. මේ කියන්නට යන්නේ අසූව දශකයේ මැද ඇයට වූ සිදුවීමකි.

එකල අපේ තාත්තාට කලගෙඩි ලාම්පු හොලවන්නට ගොස් පැවති ආණ්ඩුවේන් රැකියාව අහිමි කරවා තිබූනි. ජනප්‍රිය පාසැලකට යන පිරිමි ළමුන් තිදෙනෙකු නඩත්තු කිරීම ලෙහෙසි කාරියක් නොවේ.ඒත් අම්මාගේ රැකියාව නිසා ඒ කාලය අපට අඩුවක් නොතෙරෙන්නට ගතවුනි. එලෙස අඩුපාඩුවක් දැනෙන්නට කිසි දිනක ඇය ඉඩ දුන්නේද නැත.

එකල ඇය මුදල් ගෙවන කවුන්ටරයේ හුන් සමයයි. දිනකට සිදුවන ගනුදෙනු ප්‍රමානය අප්‍රමානය. අද මෙන් පරිඝනක යුගයට අවතීර්න නොවූ යුගයක අත්වැරදීම් සිදුනොවූවා කීවොත් එය වරදකි.

Monday, September 17, 2012

120. පොහොර පාඩමක්

මේ පහුගිය සතියේ සිකුරාදා ලියපු කතාව රෑ වෙලා පොස්ට් කරනවා කියලා හිතාන උන්නට නන්දා මාලනී මහත්මියගේ ශ්වේත රාත්‍රිය අවසන් දැක්ම නැරබුවට පස්සෙ ඒ ගැන ලියන්න හිතුනා, ඒ පොස්ට් එක ඔය ගොල්ලො බලන්න ඇතිනේ, 

මේ එදා උදේ උනු අත්දැකීමක්. 

ගෑනු කවදත් සුපර්වයිසර් වැඩේට දස්සනේ. ඒගැන පිරිමි පාර්සවයට අමුතුවෙන් කියාදෙන්න උවමනා නෑනේ. කොහොමත් ඒ අය, මෙහෙම කරන්න අරම කරන්න කියලා කියන්නෙ තමන්ගෙ බැරිකමට. ඒගැන අනුකම්පාවෙන් පිරිමි පාර්සවය කරනවා කියලා ඒ අය දන්නෙ නෑ. මම නම් එහෙම කියන වෙලාවට අදාල වැඩේ කරන්නේ මගේ පාඩුවේ.. මගෙ වෙලාව අරගෙන.. මට ඕන වෙලාවට.  හැබැයි වැඩේනම් කරනවා. නැත්නම් විසුමක් නෑ. මතකනෙ  අර රෙදි හෝදන මැසින් ඇඩ් එක.  

  ඉතින් ඔය ටික කියුවේ අද උන සිදුවීම ගැන හැඳින්වීමක් විදියට.අද මගේ ලොකු දුවගේ පාසලේ ශ්‍රමදානයක්. දෙමාපියන්ගේ තමයි ශ්‍රමය. හොඳවෙලාවට කලින් දවසේ තමයි සිසුන්ට දැනුම්දීම කලේ. ඊයේ රෑ මට දැනුම් දෙනකොට මගේ රතු කට්ට නැග්ගා. ඒත් නොපෙන්වුයේ කොහොමත් අද මම නිවාඩු නිසා. උදෙන්ම පාසැලට ගියේ ශ්‍රමදානයේ වැඩටික අහවර කරලා එන්න හිතාගෙන.

Friday, September 14, 2012

119.ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට


අද නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රියෙ අවසන් දැක්ම. මගේ ප්‍රියතම ගායිකාවගේ ගීතකීපයක් සජීවීව ශ්‍රවනය කරන්නට ලැබෙන අවසන් අවස්තාවේන් ප්‍රයෝජනයක් ගතයුතුය. 

මීට ප්‍රථම අස්වැන්න ලියන දයානන්ද රත්නායකයන් සටහන් තැබූ ස්වේත රාත්‍රිය නම් ලිපියෙන් එහි 21වැනි ප්‍රසංගය ගැන සොඳුරු මතකයක් තබයි. …


මේ ලිපියෙ මා මේ ලියූ පදකීපය රඟහලෙන් එලියට එනවිට මගේ හිතෙ ඇඳුන පද පේලි කීපයකි. …


Tuesday, September 11, 2012

118.උදේ පාන්දර චන්ද්‍රිකා මැතිණිය සිහිවීම.

පහුගිය දවසක මගේ මිත්‍රයෙක් එයාගේ පොඩි පුතාව මොන්ටිසෝරියට ඇරලවන්න එන අතරෙදි මෝටර් සයිකලයට පැන්න දඩාවතේ යන වල් බල්ලෙක් බේරගන්න ගිහින් බයිසිකලය පෙරලිලා වැටිලා.

වැටෙන වෙලේ පුංචි පුතාව බදාගෙන පුතාට වෙන්න තිබුන අනතුර අවම කරගෙන. පුතාගෙනම් සුලු තුවාලයක් විතරයි.ඒත් තාත්තට සෑහෙන්න බරපතලයි දොස්තරවරු නම් කියන්නෙ තුවාල හොඳවෙන්නම මාස තුන හතරක් යයි කියලා. 

Saturday, September 8, 2012

117.දෙසවන සදා රැදුන සොඳුරු මිතුරෙකු වෙනුවෙන් ..

මේ අසූව දශකයේ අග බාගය. කෙටි නිවේදනයක් රැගෙන  ශිෂ්‍ය නායකයෙක් පන්තියෙන් පන්තියට ගියේ පසුදින පැවැත්වෙන ආධුනික නිවේදකයන් තෝරන සම්මුඛ පරික්ශනයට ජාතික රූපවාහිනියේ ප්‍රවීන නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය පාසැලට පැමිනෙන අතර ඒයට කැමති සිසුන් සූදානම් වී පැමිනෙන ලෙස දන්වමිනි.




එදා ගෙදර ගොස් පුවත්පත් වල පුවත් කියව කියවා පසු දින පැවැත්වෙන නිවේදක සම්මුඛ පරීක්ශනයට සූදානම් වූවා මට තාම මතකය. මාමෙන්ම මෙම කටහඬ පරීක්ශනයට අපේ වයසේ පසුවු බොහෝ අය ඉදිරිපත් වුනේ රූපවාහිනියේ කෙසේවෙතත් ගුවන් විදුලි මාධ්‍යයේ හෝ නිවේදකයෙකු වීම සිහිනයක් වු බැවිනි.


එම නිවේදක සිහිනය එදා ජයගත්තේ කෙට්ටු සුදු උස කොලු ගැටයෙකි. ඔහු නමින් සුරේශ් වික්‍රමසිංහය. එදා පටන් අප පාසලේ බොහෝ උත්සව වල නිවේදන කටයුතු කලේ ඔහුය.

Tuesday, September 4, 2012

116.වේදනාව තමයි

පහුගිය ලිපියෙන් පෙට්ටගම ලියන මගේ අනන්‍යතාවය හෙලිකලාට.පරන පුරුදු ලොකු ජෝන් නමින්ම ඉන්න ලොකු ජෝන් අදහස් කලා.
මෙන්න මේ වගේ

අද උදේ මහ වැස්සෙම පාරට ආවා. දන්න අදුනන අයියා කෙනෙක් අතත් අල්ලගෙන බස් නැවතුමෙ උන්නෙ වෙද ගෙදරට යන්න. උදෙ මල් කඩන්න වත්තට යනකොට මීමැස්සො ප්‍රහාරයක් එල්ල කරලා. අතෙ ඇඟිලි හරියට ඒ දවස්වල තිබුන අලිගෙදර ලිංගුස් කරල් වගේ. ඉදිමිලා පිම්බිලා. ඒ අයියගේ වෙදනාව මූනෙන් මට පේනවා.

මට එකපාරටම මතක් උනා පරන කතාවක්

Saturday, September 1, 2012

115. ආතම්මගේ පෙට්ටගම ලියන මම

ආතම්මගේ පෙට්ටගම නිල වශයෙන් පටන් අරගෙන 2012 සැප්තැම්බර් 1වනදට හරියටම අවුරුද්ද්ක්. මේ ගෙවුන අවුරුද්ද තුල පෙට්ටගමේ හාර අවුස්සපු දෙවල් නම් එච්චරටම නෑ. ඒත් ලැබුන ප්‍රතිචාරනම් සෑහෙන්න. මේ අවුරුද්ද තුල මාත් එක්ක හිටපු හැමෝටම ස්තුතියි.

මේ දිනවල තිබුන වැඩ රාජකාරිත් එක්ක එහෙන් මෙහෙන් නෙමේයි යන එන ගමන් බ්ලොග් කියවුවා මිසක එක තැනක අසුන් ගෙන කියවන්නට ඉඩක් ලැබුනේ නෑ ඒනිසාවෙන් හරියාකාර ලිපියක් ඉදිරිපත්කරන්නට හැකියාවක් ලැබුනෙ නෑ.