Thursday, June 28, 2012

102. සල්ලගෙ තරම

දියනාන තැන ගැන දාපු සටහනේදි මම කියුවා මගෙ පාසැල් මිත්‍රයෙක් ගැන හැඳින්වීමක් හැටියට ඒ කතාව මතක තියාගන්න කියලා. අද කතාව අන්න ඒ මතක තියගන්න කියපු යාලුවගෙ කතාවක්.


 …මීට අවුරුදු 22කට විතර උඩදි තමයි මෙ පුංචි සිදුවීම උනේ. පුංචි කියලා කියුවේ මම මෙ කියන මිත්‍රයා ටිකක් පුංචියි. සමවයසෙ මිතුරන් හා සසඳද්දි මිනිහා කොටයි පොඩියි. හැබැයි කටනම් ලොකුයි. මිත්‍රයාට අපි කියන්නෙ සල්ලා කියලා.

Saturday, June 23, 2012

101. විකී අංකල් ගේ ගැස්සීම

සියවෙනි ලිපිය ලියලා හරියටම සතියක් ගෙවුනා අලුතින් ලිපියක් ලියන්න තරම් වෙලාවක් තිබුනෙ නැ. පහුගිය දවසක අපෙ කන්තෝරුවෙ වැඩකට නුවරඑලිය පැත්තෙ ගිහින් එන්න සිද්ද උනා. ඔය ගිහින් එන අතරතුරෙදි පේරාදෙනිය හරහා තමයි ආපහු ආවේ. පේරාදෙනියෙ පදිංචි වෙලා උන්නු අපේ පරන මිත්‍රයෙකුගෙ ගෙයක් පහුකරගෙන එනකොට තමයි මෙ කතාව මතක් උනේ.


මිත්‍රයාට අපි ආදරේට කියන්නෙ විකී අංකල් කියලා. ඇත්ත නම වික්ටර්. විශ්‍රාම යන වයස ඔන්න මෙන්න පහුකරලා ඒත් තාම රැකියාව කරන්නෙ ජීවන වියදම විශ්‍රාම සුවයට වඩා දැනෙන නිසා. විකී අංකල් උපතින්ම කතෝලිකයෙක්.


වයස අවුරුදු 50 පනිනතුරුම රැකියාව කලේ නුවර පැත්තෙමයි. මගේ අද කතාවට විකී අංකල් සම්බන්ද වෙන්නෙ කොළඹ රැකියාවට ආපු දවස්වල උනු සිදුවීමක් නිසයි.




Thursday, June 14, 2012

100. ඔබ සැමට ස්තුතියි !

පොස්ට් 100 ක්  දක්වා මාසමග සිටි ඔබට ස්තුතියි !!පෙර ලිපිය (මම ලොකු ජෝන් වීමෙ කතාව) මතු සම්බන්ද කර නතර කලේ මෙ ලිපිය විශේෂ ලිපියක් වීම හෙතුවෙනි. එබැවින් ඒ විශේෂත්වයත් සමගම මම ලොකු ජෝන් උන හැටි කියවන්නට ඔබට ආරාධනා කරමි.…

1979 වසරේ ඔක්තොම්බර් මාසයෙ තිරගත වුන සිනමාපටයක් "සව්දන් ජෙමා". මෙහි රඟපෑවා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග බොහෝ චිත්‍රපටවල දුෂ්ටයාවු ලයනල් දැරණියගල. ඉතින් මෙහෙම විත්‍රපටියක් ගැන කියුවෙ ඒ චිත්‍රපටිය අද මගෙ මේ පොස්ට් එකට මාතෘකාවක් නිසයි. ……

Tuesday, June 12, 2012

99.මම ලොකු ජෝන් වීමෙ කතාව

හරියටම කියනවනම් 1983 අවුරුද්දේ මුල් පාසැල් වාරය. මගෙ ලොකු මලයා පාසැලට ඇතුලත් කරපු අවුරුද්ද. පානදුරෙ ඉදන් පාසැල් බස් රථයෙන් පාසැල වෙත ගිය මට මලයාවත් කැටුව පසැලට යන එක අමුතුම අත් දැකීමක්. තාත්තා පානදුරයෙන් මාවත් මල්ලිවත් පාසැල් බස් රථයට බාරදීම සිදුකරයි. කමල් අයියා, අතුල අයියා, චතුර අයියා, තුශාර අයියා   වැනි වැඩිහිටි පාසැල් සිසුවෙකුට අපි දෙදෙනාව භාර දෙන්නේ බස් රථය තුලදී අපේ ආරක්ෂාව ගැන බලන්නටය. මෑත යුගය හා සසඳනවිට ආරක්ශාව ගැන දෙමාපියන් බිය වියයුතු නොවන්නෙ අදමෙන් පිරිහීගිය සමාජ වටපිටාවක් එකල නොතිබූ බැවිනි.

Sunday, June 10, 2012

98.පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම.

ගෙ පවුලෙ මට වඩා බාල තව සහෝදරයෝ දෙදෙනෙක් සහ බාලම සහෝදරියක් සිටියි. මේ සිද්දිය වන වකවානුවෙ, 1985 හෝ 86දී බාලම සහෝදරිය මෙලොව එළිය දැක තිබුනේ නැත. ඒ කියන්නෙ ඒකාලයෙ මට සිටියෙ මල්ලිලා දෙදෙනෙක් පමනි.


ඒ කාලයෙ අපෙ අම්මාගෙ කෑම පැය දහවල් 2.30සිට 3.30ටය. අපි තුන්දෙනා පාසැල් අහවර වී ගෙදර එන වේලාවට සරිලන්නට ඇය කෑම පැය සකසා ගෙන සිටියාය.ඇයගෙ කාර්‍යාලයේ සිට සැතපුම් 2ක් දුරින් අපෙ නිවස පිහිටා තිබුනි.


කොළඹ සිට පානදුරයට කෙතරම් වෙහෙසකර ගමනක පැමිනියත් කෙතරම් බඩගින්නෙ පැමිනියත් බත් බෙදාගෙන කෑමෙ පුරුද්දක් අප තුල නොවීය. ඊට වඩා අපට අවශ්‍ය වූයෙ සෙල්ලම් කිරීමය. ගෙදර ආ විගස අපි කරන්නෙ ඇඳුම් උනා දමා නිවස ඉදිරිපස පන්සල් වත්තට ගොස් ක්‍රිකට් ගැසීමය. එයටම සැදී පැහැදී උන් කොලු රෑනක් ඒ කාලයෙ අපිත් එක්ක විසීය. අපි නැවත ගෙදර එන්නේ අම්මා කාර්යාල කටයුතු නිමවා නැවත ගෙදර පැමින අපට කතාකරන විටය. බොහෝවිට එවිට වේලාව හවස 7 පසුවී තිබේ.


Wednesday, June 6, 2012

97. මා දුටු මගුල් කෑම

මේ මගුල් මාසෙ. ඉතින් මගුලක් ගැන කතාකරන්න හිතුනා. මගුලක් කනවා කියන එකත් ලේසි පාසු වැඩක්යැ බර ගානක් යටවෙන, බර ගානක් නැතිවෙන, බර ගානක් ණයවෙන කටයුත්තක්. ඒත් මගුලට මාස ගානක හිටන් සූදානම් වෙලා එකදවසකින් ඉවර කරන කටයුත්තක්.


දැන් කාලෙ මගුලක ප්‍රධානම කටයුත්ත කසාද බඳින කටයුත්ත වෙනුවට නැදෑ හිතවතුන්ට තරු පන්තියේ හෝටලයකින් කෑමක් දෙන එක, පිරිමි පාර්ශවයට බොන්න රට බීම ටිකක් දෙන එක, මංගල ඡායාරූප ගන්න එක වගේ දේවල් ප්‍රධාන තැන අරගෙන.

Friday, June 1, 2012

96. සිරා වැල්ල ( කොළඹ ආ හැටි )

චන්දරේ කොළඹ ආපු කතාව පහුගිය දවසක දැම්මනේ නොබලපු අය ඉන්නවනම් මෙන්න ලින්කුව "චන්දරෙ කොළඹ ආ හැටි" ගිහින් බලා ගන්න. මොකද මේ කතන්දර මාලාවෙ නිදන් කතාව තියෙන්නෙ එතන. ඒක නොකියෙව්වා කියලා මෙ කතාව වෙනම කතාවක් හැටියට කියවන්න අපහසු නෑ.


අද කියන්නෙ චන්දරේගෙ සගයා "සිරා" කොළඹ ආපු හැටි. මෙ දෙන්න එකතුවෙලා සොසේජස් බැදපු හැටි මතක ඇතිනෙ මතක නැත්නම් "මල්ටි purpose අයන්" මෙතනින් පොස්ටුවට යන්න. ඒ කතාවට අනුව මෙ දෙන්නගෙ බඩවලුත් දැන් හරි ගානට පදම් වෙලා. අවුරුදු ගානකට පස්සෙ බඩවල් පදම් උනාට කොළඹ එනකොටනම් එහෙම නෑ කියලා තමා තතු දන්නෝ කියන්නෙ. කොහොමින් කොහොම හරි මෙන්න මෙකයි අද කතන්දරය