he

Monday, December 10, 2012

අදුනන මනමාලයා

සෑහෙන්න වැඩ ගොඩක හිරවෙලා උන්න සතියක් ඉවර වුනා ඉදිරි සතියත් ඒවගේම වැඩ අධික සතියක් වෙන බවනම් ඉස්තිරෙන්ම කියන්න පුලුවන්. ඒත් මේ බ්ලොග් එක ලියන්න වෙලාවක් හදාගන්නත් එපැයි. 

ඒ හන්දා උදේ පාන්දරම ලියන්න පටන්ගත්තා. මොකද අද උදේම ලොක්කා එන්නෙත් නෑ කියලා විස්වාසයි. ඈ ඒ කොහොමද විස්වාස ? ඇයි වදේ අද සඳුදනේ සඳුදට රාහු කාලය තියෙන්නේ උදේ 7.35 ඉඳන් උදේ 9.20 වෙනකන්නේ. හුඟදෙනෙක් ඔය දේ විස්වාසකරලා වැඩකරන්නේ. මම දන්න තරමින් නම් එහෙම කට්ටියට වැරදිලත් නෑ.

ඉතින් අද කතාවට රාහු කාලයෙන්ම මුල පුරන්නම්කො. රාහු කාලය ගැන කතාකරන්න මගේ ඔය ගැන දැනුමක් නෑ ඒත් ඔය රාහු කාලයේ සුබ කටයුතු එහෙම කෙරෙන්නෙ නෑ නේ. මගුල් තුලා වගේ කටයුතු අරබන්නෙ රාහු කාලය එහෙම මග හැරලා තමයි. අපි ඕවා විස්වාසකරන්නෙ නෑ කියුවට නොදැනුවත්ව හරි ඕවා මග හැරලා තමයි කෙරෙන්නේ.




පහු ගිය මාසේ ඒ කියන්නේ නොවැම්බර්. මළවුන්ගෙ මාසය කියලානේ හදුන්වන්නේ. සාමාන්‍යයෙන් මගුල් කටයුතු ඔය මාසෙදි සිදුකෙරෙන්නෙ නෑ. ඇත්ත නැත්ත ගැන මට දැනීමක් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒකට කමෙන්ට් බොක්ස් එකේ ඕනතරම් ඉඩ තියනවා. 

හැබැයි පහුගිය නොවැම්බරයේනම් මගුල් කටයුතු අප්‍රමානයි.(හරි බොරුද මම අහන්නේ) මටනම් හිතුනේ ලෝකවිනාසේ ගැන ආරන්චි වෙලා අන්තිම මොහොතෙ කසාද බදින්න හිතෙන්න ඇති කියලයි. අඩුතරමින් මාසයක්වත් විවාහයේ ගුන අගුන බලන්න.

…මම දන්න මනාලියන්ට අන්දවන කෙනෙක් ඉන්නවා ටිකක් ප්‍රසිද්දයි. ඒ හන්දා වැඩි විස්තර කියන්නෙ නෑ මොකද එයාගේ වෘත්තීය අත්දැකීමක්නේ මම මේ බෙදාගන්න යන්නේ.

 මේයාට සැලූන් එකක් එහෙම තියනවා. ඒත් මනාලියෝ හුඟදෙනෙක් ගෙදරට ඇවිත් තමයි ඇඳගන්නේ. සැලුන් එකට වඩා ඡායාරූප ගන්න ඉඩකඩ වගේම ලස්සන පිහිටීමක් යාගේ ගෙදර තියනවා. ඔක්කොටම වැඩිය ගෙදර අන්දනකොට සැලුන් එකක වගේ නෙමෙයි පෞද්ගලිකත්වයත් ඉහලින්ම රැකෙන නිසා.

…සමහර පිටිමුට්ට වගේ අය අන්දලා ගත්තට පස්සේ සමහරවිට මනමාලයටවත් හිතාගන්න බෑ.  ඒ තරමටම ලස්සන කරලා. මම කියුවෙ උපන් කැත ඡායාරූපයට ගැලපෙන විදියට හදලා ගන්නවා මේකප් එක හේදුවට පස්සෙ ආපහු පුරුදු විදියම තමයි. හැබැයි මේකප් එක හේදෙන්න කලින් මගුල් ඡායාරූපය ගන්න කියලා තමයි අනුමත කරන්නේ. ඒත් කොහෙද මේ මනමාලි ඡායාරූප ගන්න කලින් අඩන්න ගන්නවනේ. ඉතින් ආයෙම පොඩි "ටච් අප්" එකක් දෙන්න වෙනවා.

…දැන් මේ මනමාලියන්ට අන්දන හුඟක් වෙලාවට මනමාලයත් ඒ එක්කම යනවා මනමාලි පැයගානක් අදිනතුරු මනමාලියන් ගැන විස්තර තියන සඟරා පිටු පෙරල පෙරල ඉන්න එක තමයි මනමාලයගේ රාජකාරිය. 


එදා ඇවිත් උන්න මනමාලයත් ඔය විදියට පොත් පෙරල පෙරල එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නකොට මගේ මනමාලියන්ට අන්දන මිත්‍රයා එයාගෙ සහායිකාවට මනමාලිගේ අන්දන කටයුත්ත බාරදීලා එලියේ ඇවිද ඇවිද ඉන්න මනමාලයත් එක්ක කතාකරන්න ටිකක් එළියට ඇවිත්. එහෙමනේ පාරිබෝගික සම්බන්දතාවය ඇතිකරගන්නේ.

පාරිබෝගික සම්බන්දතාවය කෙසේවෙතත් මේ මනමාල මහත්තයාව දැක්ක ගමන් ටිකක් හුරු පුරුදු බවක් මගෙ මිත්‍රයට දැනිලා තියනවා.
… ම්..ම්.. නලුවෙක්ද ... නෑ.. නෑයෙක්ද ...ඒත් නෑ ...පොලිටීශන් කෙනෙක්ද?... නෑ නෑ නෑ ... ඔන්න මගෙ මිත්‍රයට හිතුන දෙවල්
… 

 "මට මේ මිස්ටර්ව කොහෙදි හරි දැකලා පුරුදුයි
 ඒ මගේ මිත්‍රයා.

"ඔව් ඇයි මතක නැද්ද ?   මීට මාස හතකට කලින් මගේ කලින් වයිෆ්ට ඇන්දුවෙත් ඔයානේ ".

58 comments:

  1. හි හි... අන්දන එක්කෙනාට මොනවා හිතුනද කියලා කිව්වේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. පොරට හිනාව හිරවෙලා ඇතුලට ගිහින් බඩ අල්ලගෙන හිනාවෙලා. ඒ ජොලියෙන්මයි මට කතාව කියුවේ

      Delete
  2. ආ මෙයත් අර අරය වගේ එක්කෙනෙක් නේද :D

    ReplyDelete
    Replies
    1. ඒක පොර කරන්නේ තමන්ගේ පරපුර ගෙනියන්නනේ දැන් බලන්නකො ඔය මුස්ලිම් ප්‍රජාවත් කරන්නෙ ඕකමනේ ජාතිය බෝ කිරීම ඉතින් පොර කලාම තමා කාටත් වැරදි පේන්නේ. ඔය දේශපාලන කුහකත්වය .. ඕක මට නෑ ඒකයි මේකේ ඒ ගැන සඳහන් නොකලේ

      Delete
    2. නෝන මේව නොබලන නිසා හොදයි ඉතින් .

      Delete
    3. හපෝ මටනම් පරපුර ගෙනියන්න කියලා උවමනා නෑ පුලුවන් උනත් නඩත්තු කරන්නත් එපැයි. ඒ හන්දා ඕන නෑ.
      …පවුලට අමාරුවෙන් හරි පෙන්නන්න හැදුවා කෝ බලන්නෙ නෑනෙ

      Delete
  3. අනේ අපොයි කියලා හිතෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. තව පාරක් එයි කියලා බලාපොරොත්තුවක් ආවලු

      Delete
  4. ඇන්දිල්ල හිතට වැදෙන්ඩ ඇති නේද මනමාලයට පලවෙනි පාර. එකනේ ආයෙම පාරක් ආවේ. ආයේ බැන්දොත් ආයෙත් එයි... :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සාමාන්‍යයෙන් අන්දන කෙනා හොයාගන්නේ මනමාලිනේ මේක අහම්ම්බෙන් වෙලා තියෙන්නෙ

      Delete
  5. පට්ට බුවෙක්නේ.. තව කීපාරක් ඒවිද දන්නේ නෑ...මම හිතන්නේ ආයෙමත් එන්න අදහසක් ඇති.

    ReplyDelete
  6. හි හි... මාරයිනේ.. මාස 7ට දෙපාරක්...

    ReplyDelete
  7. ඔය තරම් ඉක්මන්ට ලංකාවේ දික්කසාද විීමට තරම් නීතිය ප්‍රබලනැති බැවින් කතාව පිළිගත නොහැක ිබව මගේ අදහස වෙයි...

    ReplyDelete
    Replies
    1. එක දවසට තීන්දු දෙන ලංකාවෙ ඕක සුලු දෙයක් (කවුද දන්නෙ කලින් ගෑනි මලාද කියලා )

      Delete
  8. අන්න බුවාල කිසිම චකිතයක් නෑ. තමං තින්දුවක් ගත්ත ඒක කල් යල් නොබලා ක්‍රියාවට නැගුවා. හැබැයි මචෝ මුට දික්කසාදය ලැබුණද මාසයක් ඇතුළත. ඒකනම් සැක සහිතයි. නැත්නං පරණ මනමාලි මැරුණද.

    ReplyDelete
    Replies
    1. අයියෝ නැට්ට දාන්න බැරිව ගියා..
      මම සමකය වටේ ලියන නලීන්

      Delete
    2. ඒ ගැන විස්තරනම් හරියට දන්නෙ නෑ හැබැයි කතාව නම් ඇත්ත

      …කොහොමහරි නැට්ට දැම්මනෙ

      Delete
  9. තුන්වෙනි එකටත් එතනටම එනවා. :D

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න බෑ සමහරවිට මේක හරිගියොත්

      Delete
  10. හපොයි..මාස හතට දෙන්නයි...නරකමත් නෑ වගේ.. :P

    ReplyDelete
  11. උහ්... නරකම නෑ වගේ... මාස හතට දෙපාරක්... :D

    ReplyDelete
    Replies
    1. කවුද කියුවෙ නරකයි කියලා

      Delete
  12. Replies
    1. ඔහොම එවුන් ඉන්නවනේ

      Delete
  13. අඩේ! අන්දවන එකාට කලන්තේ දාන්න ඇති!

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඌ මේක තවත් හොඳට කරන්න ඇති .ඊගාව එකටත් ගෙන්නව ගන්න

      Delete
  14. කෙලින් පොරක්.. ඇත්තම කියල..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ගොඩක් උන් ඔය වගේ අවස්තාවල බොරුවක් කියලා ශේප් වෙනවා

      Delete
  15. හෙහ් හෙහ්, අර එක බුවෙක් හොලිවුඩ් නිළියකගෙ වෙඩිමකට යන්න බැරිවෙච්ච එක ගැන සමාව අයැදුවාම නිලිය කිව්වලු හයියෝ ඕක මොකක්ද ඔයා ඊ ලඟ එකට එන්නකෝ කියලා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇයි හොලිවුඩ් නිළියො. දැන් අපේ එවුනුත් එහෙම තමයි අයියා. ඔය පහුගිය දවස්වල පෝලිමට කටුගෑවෙ. කාටද ආඩම්බර.

      Delete
    2. අනේ හැබෑට මෙහටත් බෝවෙලා නොවැ ඒ මගුල් කෑම

      Delete
  16. ජාතිය ගොඩනගන්න වෙන්න ඇති :D

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට ගොඩ නැගෙයි

      Delete
  17. ජාතික වස්තුවක් අපි මිනිහව රැක ගන්න ඕනි
    මට ඇඩ්රස් එක දෙන්න මිනිහව රක්ෂණය කරන්න

    ReplyDelete
    Replies
    1. ඈ බන් උබ ඌව නැතිකරන්නද

      Delete
  18. නයි කයිද රෝස් පාන්...

    ReplyDelete
  19. හත් ඉලව්වේ කිව්වලු නියමයි ජෝන් අයියේ. අන්න මිනිස්සු. හිකිස්...........

    ReplyDelete
  20. හැක්.. පටන් ගත්තගමන්ම නැවැත්තුව වගේ නෙව බං කතාව.. අරූ කොහොමද දන්නෑ හිනා උනේ...

    ReplyDelete
    Replies
    1. ෴ අරූ කොහොමද දන්නෑ හිනා උනේ. ෴

      මගේ හිතේ කටින්. :)

      Delete
  21. මරුනේ, මාත් උත්සාහ කරල බලන්න ඕන. ඇයි වදේ දෙන උන්ටම දෙයියො හිටගෙනම දෙනවනේ.

    ReplyDelete
  22. අන්න ඩයල්... ;)

    ඌට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  23. මාස 7ක්? අපෝ එච්චර කල් ගියාද? ඔන්න අපිට නම් මාස 6ක් උපරිම...

    ReplyDelete
  24. පාරිබෝගික සම්බන්දතාවය ඇතිකරගන්න එක අමාරු වෙලා නෑ. කාඩ් එකක් දුන්න නම් තව මාස දෙක තුනකින් තව වැඩක් සෙට් වෙනව ෂුවර්

    ReplyDelete
  25. අහ්හ්..... හපොයි....දෙයියනේ......

    3වෙනි එක්කෙනාවත් අන්ද ගන්න එයා ලගටම යයිද දන්නේ නෑ....හික්....

    ReplyDelete
  26. අස්පට් ජොකියෙක් නොවැ...

    ReplyDelete
  27. මටත් ආයේ බදින්ඩ හිතෙනවා ජෝං අයියේ

    ReplyDelete
  28. එකත් මරු වැඩේ නේ..යාළුවා මේකප් එක එහෙනම් හොදටම කරන්න ඇති.මොකද තුන් වෙනි ඕඩර් එකත් ආවොත් කියලා..:)

    ReplyDelete
  29. හික් හික් .....ඔන්න අද කාලේ කසාදෙක පැවැත්ම !

    ReplyDelete
  30. අනේ අප්පෝ මාස 7කට කලින් කියන්නෙ කළින් බැන්ද Wife බැන්ද ගමන් මැරෙන්න විදියක් නෑනේ..දෙවෙනි Wife ටත් ඔය සෙතේම තමයි

    ReplyDelete
  31. අන්තිමටම අවේ පරිගණකයේ අවුල්ක තිබුණා වගේම මිදෙන්න බැරි තරමට වෘත්තීය කටයුතු ගොඩ ගැහිලා.. ඒකයි..

    ඒ කොහොම වුනත් මිත්‍රයාට හිතෙන්න ඇති මුල් ඇන්දිල්ලෙන් ප්‍රයෝජනයක් වෙලා නැහැ කියලා. මාස 07ක් ඇතුළත විවාහ දෙකක්. මාරයිනේ..

    ReplyDelete
  32. අහෝ බේදයකි! ඉරකි! තිතකි!

    ඔන්න මමත් පෙට්ටගම ඇරියා.. කලිනුත් සැරයක් දෙකක් ඇරලා බලලා තියෙනවා. ඒත් දැන් නම් පස්සෙන්ම එනවා... :-D

    ReplyDelete
  33. කථා කරන්න ආපු එක අපරාදේ කිය‍ලා හිතුනද දන්නෙත් නෑ.. හැබැයි තවත් හොදට සැලකුවනම් තව මාස ගාණකින් තව එක්කෙනෙක් එක්කන් එයි..

    ReplyDelete
  34. ඇන්දිල්ලේ හොඳ කම නිසා නේ තව සැරයක් එතනටම ගිහින් තියෙන්නේ..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..