he

Saturday, November 3, 2012

130.පස්සේ මයිල්

ඔන්න පටන් ගන්නකොටම කියුවා මේක මඩක්. හැමදාම ඇහෙන්නේ ගාල්ල මාතර පැත්තෙ අයගේ මඩ කතානේ.ගාල්ල මාතර යාලුවන්ගෙන් එහෙම නැත්නම් කතා නායකයන්ගෙන් ටික ටික බැනුම් අහන එකත් ඔය අතරෙම සිද්ද වෙනවා. මොනවා කරන්නද ඉතින් මට අහන්න ලැබෙන්නෙම ඒ පැත්තෙ අයගෙ කතා හන්දා වෙන පලාත්වල කතාවලට වඩා දකුනු පලාතට සම්බන්ද කතා පෙට්ටගමට එකතු වෙනවා. අද කතාවත් මාතර අහංගම පැත්තෙ යාලුවෙකුට උන කතාවක්.

මෙ යාලුවගේ නම සම්පත්. යාලුවො හැමෝම කියන්නෙ නම කෙටි කරලා සම්පා කියලා. සම්පා හොද දෙකේ හතරේ පොරක් සම්පගේ හැඩ රුව කොහොමද කියනවනම් හොඳ වලස් නාම්බෙක් අනිත් පැත්ත හැරිලා හිටගෙන ඉන්නවා කියලා හිතාගන්නකො. හරියටම කියනවනම් ගෝරිල්ලෙක් කියුවත් වැරදි නැ.


ගෝරිල්ලෙක් වගේ ඇඟ තිබුනට මිනිහා ලැජ්ජා කාරයා. කාන්තා පාර්ශවය ඉන්න තැන්වල වැඩිපුර ගැවසෙන්නෙත් නැ. කසාද බැඳලත් නෑ. බැඳලා නැති උනාට බදින්න කැමැත්තකුත් තියනවා . අර ආසයි බයයි කියලා කියන්නේ.

සම්පත් අපේ සිරා වගෙම මාතර ගමේ යන්නෙ සති අන්තෙ විතරයි. සති අන්තෙදි යාලුවො ටික සෙට් වෙලා උන්න වෙලාවක තමයි මේ කියන්න යන කතාව දිග ඇරිලා තියෙන්නේ. 

කොහොමින් කොහොම හරි මෙ සම්පට ආමාශය සම්බන්ද ලෙඩක් හැදුනා. හැදුනෙත් මේ මනුස්සයා රැකියාව කරන අතරෙදි. ඔය කාපු මොනවාහරි ඇඟට අල්ලලා නෑ දැන් අර සොරොව්ව කඩා දාලා වගේ පිටාර ගලනවා කොටින්ම කියුවනම් සංගීත සංදර්ශනයක අන්තිම ටික යනවා වගේ, නන්ස්ටොප් .

 ඉතින් බෙහෙත් ගන්න සම්පා වැඩ කරන කන්තෝරුවෙන්ම තමයි එක්කරන් ගිහිල්ලා තියෙන්නේ. නර්සිං හෝම් එකේදිත් කාපුවා පිටකරන්න හතර පස් වතාවක්ම වැසිකිලි ගතවෙලා තියනවා. දොස්තරත් රෝග ලක්ශන එහෙම බලලා බෙහෙත් ලියලා දීලා ඒ වෙලේම බොන්න කියලා පෙත්තකුත් දීලා පැයක් විතර නවතින්නත් කියලා අඩු උනේ නැත්නම් ගන්න කියලා ඉන්ජක්ශන් එකකුත් ලියලා දීලා. නවතින්න කියපු පැය ඇතුලතදිත් දෙවතාවක් වැසිකිලි ගතවෙන්න සම්පට සිද්දවෙලා. අනේ ඉතින් ඒකියන්නෙ ඉන්ජක්ශන් එක ගහගන්න වෙන එක නේද කියලා සම්පට හිතිලා. මෙයාව බලාගන්න ඉඳලා තියෙන්නේ 30+ හෙදියන් දෙදෙනෙක්. සම්පාගේ සමවයසේ අය හන්දා අර කලින් කියුව ලජ්ජාව ටිකක් ඉස්මතුවෙලා. 

පොර දැන් හොඳටම දන්නවා තමාට ඉන්ජක්ශන් එකක් ගහගන්න වෙන වග ඉතින්,

"මේ... මේ මිස් ඉන්ජක්ශන් එක කොහාටද ගහන්නේ ? " 

"කොහාටද ඉතින් පස්සට මිසක්
ඒ නර්ස් නෝනාගේ වදන් .

 අයියෝ දැන් මේ මනුස්සයට තවත් ප්‍රශ්නයක්. කන්තෝරුවන් ආපු අනිත් සගයට කනට කරලා රහසින් මොනවදෝ කියලා අත මිට මොලවලා මොනවදෝ දුන්නාලු. කන්තෝරු සගයත් හිමිහිට නැගිටලා රෝහල් කාමරයෙන් පිටවෙලා ගිහින් විනාඩි කීපයක් ඇතුලත ආපහු ඇවිත් තියෙන්නේ පොඩි කරදහි බෑගයකට මොනවදෝ ඔතාගනිමින්. සම්පා ගෙනාපු කරදහි බෑගයත් රැගෙන ආපහු සැරයක් දිවුවලු වැසිකිලියට. ටිකවෙලාවකින් සම්පා එනවලු හීන් සතුටු හිනාවක් මූනෙ පුරෝගෙන. නර්ස් නෝනල දෙන්නටත් ඉතින් බාර දීපු කටයුත්ත කරන්න එපැයි බොන්න දීපු බෙහෙත වැඩ නොකල නිසා අනිත් බෙහෙත උන ඉන්ජක්ශන් එක ගහන්න නර්ස් නෝනා සම්පට කලිසම පාත් කරගෙන ඇඳේ හාන්සිවෙන්න කියලා . ලැජාවෙන් ඇඹරි ඇඹරි සම්පා කලිසම පාත් කරනකොට නර්ස් නෝනලා දෙන්නට විතරක් නෙමේයි කන්තෝරුවෙන් ගිය සගයටත් හිනාලු ...
.
.
.
.

…මුලු පස්සම වැහෙන්න ගෝරිල්ලා වගේ තිබුන මයිල් ගස් සෙරම එකක්වත් නැතිවෙන්න බාලා. ඒ විතරක්නම් මැදෑ තව "නිවියා" ක්‍රීම් තලියකුත් ගාලා (මම  හිතන්නෙ ගඳ යන්න වෙන්ටැ )


 කන්තෝරු සගයට කියලා කරදහි බෑග් එකට ගෙන්නව ගෙන තියෙන්න නිවියා ක්‍රීම් එකයි රේසර් එකයි. 

සම්පාගේ  ලෙඩේ හොඳ කරගත් ආකාරය ඉදිරි ලිපියකින් කියවන්න 

58 comments:

  1. සම්පා කියන්න්නේ ටිබෙට් රටේ ජාතික ආහාරය වගේ එකක්. ඇඟේ මයිල් ගොඩක් තියෙන මිනිස්සු හරිම හිත හොඳ අයලු. සම්පත් එහෙමද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හිත හොඳ වගේම මහ තුච්ච ඒව්වොත් ඉන්නවා මම දන්න.

      Delete
  2. අපරාදෙ එච්චර මහන්සි උනේ . නර්ස් නෝනලට ඕව බලල හොඳට පුරුදුනෙ අනේ . :D

    ReplyDelete
    Replies
    1. නර්ස්ලා බලලා තිබ්බට සම්පා නර්ස්ලට මීට කලින් පෙන්නලා තිබුනෙ නෑනේ

      Delete
  3. යකෝ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න මයිල්බානව කියල ඇහුවමයි! බි.පෙ.සි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඉන්ජක්ශන් ගහන්න නෙමෙයි ඌ මයිල් පේනවට ලැජ්ජාවේ

      Delete
  4. අපරාදේ සම්පා මයිල් බෑවේ ආඩම්බර වෙන්න එපැයි යකෝ මයිලානන්ද උන එකට

    ReplyDelete
  5. ලෝකය විවිධාකාරයි. මිනිසුන් ගෝලාකාරයි කිව්වලු. :D පට්ට බුවෙක් නේ. ඉතිරි ටිකත් ඉක්මනින්ම දාන්න ජෝන් අයියේ.

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් අසංවරයි මම මෙ දහ අතේ කල්පනාකරේ කොහොමද ලියන්නෙ කියලා

      Delete
  6. අයියෝ සම්පා... සීලා සීලා ඇති වෙන්න ඇති එදානම්...

    ReplyDelete
    Replies
    1. සීලා සීලා නම් මැදෑ ඇයි බාලා බාලා

      Delete
  7. මයිලෝබිව්වම ඔහොම වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිනම් බොන්නෙ නෙස්කැපේ

      Delete
  8. හි හි.. පොරට එච්චර අමාරු වෙලත් ඒක නම් අමතක වෙලා නෑ නේද...

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව ඊට වැඩීනේ

      Delete
  9. අපොයි කේස කල්‍යාණය.. :)හදිස්සියට කපා ගන්නේ නැතුව වැඩේ කරගත්තා මදැයි.

    ReplyDelete
    Replies
    1. මිනිහා රැවුල ගානට තනිවම කපන මනුස්සයා ඉතින් ඕක මහ දෙයක් යැ

      Delete
  10. ආයේ වැවෙන්න ගොඩක් කල් ගියාද දන්නේ නෑ නේද? :D

    ReplyDelete
  11. බ්ලොග් ළොව පළමු මකේ පුයිල් කතාව....

    ReplyDelete
    Replies
    1. නෑ ! එහෙනම් කොලර් අප් කර ගන්න ඕන

      Delete
  12. Replies
    1. මේකේ තව ටිකක් තියනවා

      Delete
  13. Replies
    1. අයියෝද තමයි නිවියාත් ගෑවනේ

      Delete
  14. නර්ස්ලට ඕවා දැකලා ගානක් නැතුවත් ඇති.. :)

    ReplyDelete
    Replies
    1. නර්ස්ලා නම් දැකලා ඇති ඒත් සම්පා නර්ස්ලට මීටකලින් උගෙ පස්ස පෙන්නලා නෑනේ

      Delete
  15. "මුලු පස්සම වැහෙන්න ගෝරිල්ලා වගේ තිබුන මයිල් ගස්" සෙරම එකක්වත් නැතිවෙන්න බාලා.

    ඈ බොල, කොහොමද අනිත් උන් දන්නෙ එහෙම තිබ්බ බව?

    මේක සැක කටයුතුයි!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවා, මේ ගැන හොයන්න කමිටුවක් පත් කොරන්න වෙනවා,,

      Delete
    2. නෑ නෑ හොයන්න කමිටු ඕනෙ නෑ මේකා කෙල්ලන් ඉදිරියේ ලැජ්ජා කාරයා උනාට කොල්ලොත් එක්ක සෙට් උනාම එහෙම නෑ ඇලට පනින්නෙත් හෙලුවෙන් . මේකේ දෙවන කොටසක් දැම්මෙ ඉතිරි ටික අර සැක කටයුතු කාරනේ හා සම්බන්ද නිසා. ඒවට කැමති නැති අය ඒක නොබල ඉන්න පුලුවන් වෙන්න

      Delete
  16. අයියෝ මයිල්
    ඉන්ජෙක්ෂන් ගහන්නේ මුළු පස්සටම කියලා අසරණයා හිතන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පස්ස වැහුනු මයිල් පෙන්නන්න ලැජ්ජාවේ

      Delete
  17. මට හිතේනේ මෙච්චර අමාරුවෙන් හිටිය එකා කොහොමද ඔය ටික කරගත්තේ කියලා.මේ මනුස්සයට ඉන්ජෙක්ෂන් ගහනවා කියපු වෙලාවේම ලෙඩේ හොඳවෙලා..

    ReplyDelete
    Replies
    1. ඉන්ජක්ශන් වලට බයේ නෙවෙයි පස්ස පෙන්නන්න ලැජ්ජාවෙ

      Delete
  18. kathawak tiyenawa nurse nonala kamukai kiyala.attada?

    ReplyDelete
  19. එච්චර ලජ්ජයිද? .මම එහෙම කිවුවත් මටනම් බැහැ ඕක ගලවන්න..

    ReplyDelete
    Replies
    1. කොහොමද ලස්සනට ශෙව් කරලා නිවියා ක්‍රෙම් ටිකක් ගාලා තියනකොට උම්මා එක්ක දෙන්න හිතෙයි කියලා හිතන්න ඇති

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. පශ්චාත්භාගය කපාගන්නේ නැතුව ඔච්චර ඉක්මනට ඕනේ හරිය විතරක් කපාගන්න කොල්ල සෑහෙන වැඩකාරයෙක් වගේ.

    දෙලොවක් අතර සිට

    ReplyDelete
    Replies
    1. රැවුල ගානට කපන එකාට පස්ස කපන එක මොකක්ද. හැඩේකට කපන්න කියලැ.

      Delete
  22. හි හි... මාර වැඩේ නර්ස් නෝනල අතගාල බැලුවද දන්නෑ..
    හැබැයි මයිල් කැපුවට පස්සෙ සෑහෙන්න සනීප ඇති..

    ජය..

    ReplyDelete
  23. හැකැස්!! මං තාම හිනා වෙනවා !! දවසටම ඇති ජෝන් අයියා.. :ඩී

    ReplyDelete
  24. මාතරම විතරද ඕවා වෙන්නේ.හිකිස්............
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  25. හික්ස්ස්ස් මාර සීන් එක තමා... ඉතින් අන්තිමේ ඉන්ජක්ෂන් එක ගැහැව්වද? :P

    ReplyDelete
  26. ඉතිරි කොටහත් ඉක්මනට දාහං

    ReplyDelete
  27. මටත් දවසක් ඩොක්ටර් කෙනෙක් ගාව කලිසම ගලවන්න වුනා. මම කලිසම ගලවද්දී නර්ස් නෝනා දිව්වා.

    ReplyDelete
  28. අයියෝ .... මම හිතුවෙ වෙන දෙයක්. මෑන් යටට ඇඳල ඉඳල නැතුව හරි ඇඳල හිටපු එකේ මල් මල් රටා තිබුනු නිසා යාළුව යවල අළුත් එකක් ගෙන්වගෙන කියල.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..