he

Friday, November 16, 2012

134.FB අඟන





මා යන බසය හැව්ලොක් ටවුමට ආවා
ඩික්මන් පාර හරහා එය හැරවූවා
රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා
යාබද අසුන ගෙන ඇය වාඩි වුවා



වටිනාකමින් හරි ඉහලයි ඇගේඅත
වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත
බි පිප් බි පිප් නද දෙනවා එය දසත
හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙවත




මූනු පොතේ පිටුවයි එහි පෙනෙන්නේ
නිතර නිතර "නොටිෆයි" පිටු පනින්නේ
ඇයත් නිතර මොන මොනවද කොටන්නේ
බලන්නමයි මගේ හිතනම් කියන්නේ



බසයේ ඉදිරි පස බලනා විලස මම
හිමිහිට එබී බැලුවා ඇගේ ඉස්ටේටස් දෙසම
යනබව කීවත් එහි ගන්නට ඇය දහවලකෑම
මෙවැනි කතාවක් නොකියා ඉන්නේ කොහොම


  
එක්කෙනෙකුට තවුසන්ඩ් ෆයිව් ඕනෑ කීවා
තුන්දෙනෙකුට එකපාරට බෑ කීවා
කාමරයට ඒසී නැතුවත් බෑ ඇය කීවා
අනිත් පැත්තේ අය අකමැති නැතිබව කීවා


    
බම්බලපිටිය හන්දිය වෙත බසය ගියා
එම් සී එක පැත්ත බලමින් බැස්සාඑයා
සන් කරමින් ටෙලිපෝනය කනේ තියා
තරුණ ගැටව් තිදෙනෙක් ඈ ළඟට ගියා


     
ඊට පස්සේ කුමක් උනේ බලනු රිසී
නැගිටලා පොඩ්ඩක් බැලුවා මා ඉස්සී
රියදුරු තැන ගැහුවා තිරිංගයක් ඉස්සී
අනේ මාව වැටුනා බිමටම විසිවී

71 comments:

  1. වැඩේ කැතයිනේ ලොකු ජෝන්.. අනුන්ගේ ෆෝන් වලට එබිලා බලන එක....

    කවි ටික නම් නියමයි...ඊට පස්සෙ ටිකත් හොයලා බලලා දැම්ම නම් තමා හොඳ...හි හී

    ReplyDelete
    Replies
    1. කැත උනාට බ්ලොග් එක කියවන කට්ටියට මොනවා හරි හොයන්නනේ එබුනේ. මම මෙහෙමෙ කියුවට, හුඟක් අය හොරෙන් ඔය අනුන්ගේ පෝන් වලට එබෙන වැඩෙ කරනවනේ. අපරාදෙ ඉතුරු ටික ...

      Delete
  2. හික්ස්

    ReplyDelete
    Replies
    1. කරදරේක වැටුනම හිනාවෙනවද ?

      Delete
  3. අනේ හෆොයි මොකට එබුනද? තව ටිකෙන් හොම්බ තලා ගන්නවනේ.....

    හිකිස්...

    ReplyDelete
    Replies
    1. එබුනෙ නැත්නම් කතාවක් කෝ

      Delete
  4. පාට ගාපු අරුමෝසම් ගෑනු ලමයි
    කොළඹ පැත්තේ ඉන්නා බව සත්තයි
    ඔහොම දේත් වෙන බව දැන් නම් ඇත්තයි
    වෙච්චි දේට ලොකු ජෝනට මට හිනහයි

    ReplyDelete
    Replies
    1. එබී බලා ෆෝනය වෙත රහසේම
      …අද දැනගත්තා ගෑනුන්ගේ ජාම
      ……ස්තූතියි නුඹට කවියෙන් පිලිතුරු කීම
      ……වැරදියි හැබැයි වැටුනම හිනහීම

      Delete
  5. උඹට තුවාල ද.....?

    ReplyDelete
    Replies
    1. මොකද නිකන් ඕනවට එපාවට වගේ ‘නැහැ‘ විතරක් කිව්වෙ. කොහෙන්ද බෙහෙත් දැම්මෙ. :)

      Delete
    2. හික් හික් තුවාල උනෙ නෑ බං

      Delete
  6. අපරාදේ වැරදි වෙලාවක තිරිංගේ ගැහුවේ . ජෝන ෆෝන් එකට එබෙන වෙලාවෙ ගහන්න තිබුනේ .

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙනම් මාව එක්කරගෙන යනවා

      Delete
  7. ona nethi ekak nehene.
    Hoda wede ahinsaka genunta katha hadanawata
    :P

    ReplyDelete
    Replies
    1. අහිංසක ...? කවුද? කොයිහරියද?

      Delete
  8. අනේ මන්ද මොනවා කියන්නද? අපි නිසාලු වැරදි කරන්නෙ ආන්ඩුව වගෙනෙ.

    ReplyDelete
    Replies
    1. හප්පේ හුඟ දවසකින් දැක්කේ ..කොහොමත් අපි ලොක්කන්ව අනුකරණය කරනවනේ

      Delete
  9. හිකිස්.... හොඳම වැඩේ ඕප දූප හොයනවට......

    ReplyDelete
    Replies
    1. හප්පේ අදනම් ඉල්ලගෙන කනවා වගේ

      Delete
  10. ඈහ් දැන් ඒ බිසිනොස් එකත් ෆේක්බුක් එකෙන්ද කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ බලන්න කොච්චර දියුනුද

      Delete
  11. ජරා ඩ්‍රයිවර් කෙනෙක්.. හි හි....

    ReplyDelete
    Replies
    1. බලන්න ඒකනේ නැත්නම් තව ටිකක් කවි ලියන්න තිබුනා

      Delete
  12. කවි නම් පට්ට.එත් ............

    ReplyDelete
    Replies
    1. ඇයි ඒත් කියුවේ ? ඒකනෙමෙයි කෝ අද ලින්ක් එක ?

      Delete
  13. මං මේ කල්පනා කොලේ ජෝන් අයියගේ ඇස් දෙක ගැන. ඉලාස්ටික් ඇස් දෙකනේ තිබිල තියෙන්නේ හෙහ් හෙහ්....එතකොට අර තුන් දෙනා තෝර ගන්නේ කුසපත් ඇදලද ජෝන් අයියේ. ශික් මේ වැඩේ කාල තියෙන්නේ බස් එකේ රියදුරු තැන...නැත්තම් ඉතුරු ටිකත් කවියට ලියවෙයි

    ReplyDelete
    Replies
    1. ඇස් දෙකක් දීලා තියෙන්නෙ හොඳට බලන්න කියනවනේ. ඉතින් මම හොඳට හැමදෙම බලනවා . කොහොම තෝරගත්තද දන්නෙ නැ
      …ඇත්තම කියනවනම් ඉතිරිටික මොනවා ලියවෙයිද නොදන්න නිසා තමයි ඩ්‍රඉවර්ගෙ බ්‍රෙක්පාරින් කතාව නැවැත්තුවේ

      Delete
  14. ගානක් නෑ..... අනුන් කියවන පත්තරේට එබෙන කස්ටියනේ.. සංස්කෘතික උරුමයන්.. ආඩම්බර විය හැකි....

    ReplyDelete
    Replies
    1. කවුරු කවුරුත් කරනදෙ මම කියන්න ගිහින් නාගන්නවා වගේ

      Delete
  15. හයියෝ උඹත් කරගන්න දේවල්. ඔය බස් එකේ ඉන්දෙන්න වැටෙන එකනම් හොඳ දෙයක් නෙවෙයි ජෝනා. පස්සටයි කරදර. පස්ස කියන එකේ තේරුම් දෙකටම.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  16. පේන්නට කලේ උඹටත් බලන්නට
    මතකයි නේද නම අපහට නොකිව්වට
    කොල්ලා ඇඩ් කරන් ඇත ඇය ගානට
    යන්නෙමි හනික එෆ්බී ෆ්‍රෙන්ඩ්ස් බලන්නට

    ReplyDelete
    Replies
    1. ඇගෙ මූනු පොත් නම කියුවා සේ බලලා
      …හිතුවා කරන්නට මම රේවෙස්ට් කරලා
      …නැ මිතුර එහි නෑ ඇගෙ නම ඉතුරුවෙලා
      …කරුමෙට මගෙ යාලුවො 5000ත් පැනලා

      Delete
  17. Face book eke name eka balaa gaththe nedhdha ban ????

    ReplyDelete
  18. Replies
    1. උබට විතරයි තෙරුනේ

      Delete
  19. චැ ... චැ ... අයියට බස් එකෙන් බැහැල ඉතුරු ටිකත් බලලම හිතේ දුකට අපිට කයි කියන්නනේ තිබුනෙ.

    ReplyDelete
  20. හිමිහිට නම බලාගෙන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැන්න තිබුණානේ පස්සෙ චැට් එකකට අල්ලගන්න.

    දැන් කාලෙ ෆේස්බුක් හරහාත් "ගනුදෙනු" සිද්දවෙනවද? හෑ..... මාරයි.

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන උනේ fb හරහා ඔය ගනු දෙනු වෙනවා කියලා . ඒ උනාට මට පේන්නෙ මම නාගත්තා වගේ

      Delete
  21. හික්ස්! ජෝන් නම එහෙම බලා ගත්තේ නැද්ද? ;)

    ReplyDelete
    Replies
    1. කතාව ඉන්ටරෙස්ටිං වැඩියි ඒ හන්දා ඒක තමයි බැලුනේ

      Delete
  22. හෙහ් හෙහ්... නියම වැඩේ. ඉතුරැ ටිකත් තිබුනනම් තමයි හොද.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික තිබුනනම් මට බනියි මූ කුනුහරුප කියනවා කියලා

      Delete
  23. එෆ් බී නේම් එක උඹ කොපි කෙරුවානේ
    රික්වෙස්ට් එකක් හේමත් උඹ දැම්මානේ
    එපොයිමන්ට් එකක් උන්දෑ දුන්නානේ
    ඉතුරු හරිය උඹ කරලම ලියපන්නේ

    ReplyDelete
    Replies
    1. නියමයි අටම් අයියේ නියම කතාව

      Delete
    2. අමතක උනා ඇගේ "නම" කතාව මරු හන්දා
      …රිවෙස්ට් ගැන හිතුවේ නෑ පන්දාහට වැඩි හන්දා
      …අටමා හා වැස්සීයො කතාව අමතක නැති හන්දා
      …එපොයින්මන්ට් දම්මෙ නැ මගේ ලොව හොඳ හන්දා

      Delete
  24. ජෝන් අයියා සෙරෙප්පු පාරක් නොකා බේරිලා තියෙන්නේ පූරුවේ පිනකටද කොහේ.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක අතෙ තියෙද්දි සෙරප්පු අල්ලන්නෙ නෑ

      Delete

  25. ඔහොම කෙනෙක්ට ආදරේ කරලා තියෙනවද
    කවද හරි ? ඒ ගැන බ්ලොග් එක පටන් ගත්තම
    දාන්න ඉන්නේ...
    එල මචන් කියෙව්වා මන් .මොනවා කියන්නද මන්ද ,
    බට් හැම කෙනෙක්ම මචන් ඔහොම කරනවා .
    සමහරු සල්ලි වලට සමහරු ඇත්තටම
    වලත්ත කමට .. මන් නම් ඔය දේ නිසා
    පුදුම විදිහට මානසිකව විදවන කෙනෙක් අදටත්..
    සල්ලි වලට ඔහොම කරන එක නම්බුයි
    වලත්ත කමට පන වගේ ආදරේ කෙනෙක් ඉද්දිත්
    එක එකා එක්ක බුදීයන්න යන අයට වඩා ..

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු .
      …මම කතාකරන්න හිතපු පැත්තක් //සමහරු සල්ලි වලට සමහරු ඇත්තටම
      වලත්ත කමට //

      Delete
  26. කවි පෙළ හලිම සෝයි... MC එක ලගින් බැස්සා නම් ඊළග සීන් එකට ඇන්ටර් වෙන්නත් තිබුනා නොවැ...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් දෙන්නම්කො අද හෙටම මේ දවස්වල ටිකක් බිසී

      Delete
  27. හැබෑට M C එක ලඟ බැස්ස නම් තව 18+ කවි හතර පහක් ලියාගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. අද හෙටම ඒ ගැනත් දෙනවා

      Delete
  28. ඊට පස්සේ වෙන ටික දාපන් වැඩිහිටියන්ට පමණයි ලේබලේ යටතේ ..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හිතලා තියෙන්නෙ

      Delete
  29. බම්බලපිටිය ඕවට ටිකක් ෆේමස් වගේ...පරණ කතාවක් මතක් වුණා...

    ReplyDelete
  30. මට හිතෙන විදියට ඔච්ච්ර ඒවා බලපු එකේ ලොකු ජෝන් අයියා නම බලා ගත්තේ නෑ කියලා හිතන්න අමාරුයි..හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බැලුවා බැලුවා ඒත් වැඩක් නෑ මට req දාන්න බෑ මගෙ 5000 පැනලා

      Delete
  31. එන්න එන්න ඕනවෙලාවක මෙතන ඕපන්

    ReplyDelete
  32. බැහැල පස්සෙන් යන්නනෙ තිබුනෙ. ඉතිරි ටික යතුරු සිදුරෙන් බලාගන්න තිබුන....

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..