he

Thursday, November 8, 2012

132.ඇතුලට දාමුද ? +

දිගටම බඩ යන සම්පාගේ අසනීපෙට බොන බෙහෙතින් සුව නොවුන නිසා ඉන්ජක්ශන් එකක් දුන්නනේ. ඒ කතාව එතනින් ඉවර කලේ නෑහැනේ. ඒ "පස්සෙ මයිල්" කතාව නොබැලුවනම් මෙතනින් කියවන්න. ඔන්න අද කියන්න යන්නේ ඊට පස්සෙ සම්පාට වුන කතාව.

…ෂේව් කරලා නිවියා ගාලා තිබුන පස්සට නර්ස් නෝනලා ඇවිත් හිනාවෙවී ඉන්ජක්ශන් එක ගහලා ගියා. ඉන්ජක්ශන් එක ගැහුවට පස්සෙනම් සම්පගේ අසනීපය හොඳවුන බව කතාවෙන් පෙන්නුවා. ලැජ්ජාව පිරිච්ච මූන හංගගන්න උවමනා නිසා ලෙඩේ හොඳ උනාද කියන්න දන්නෙත් නැ. කොහොම හරි සම්පා බඩයන අසනීපය සුව අතට පත්වූ බව කියලා රෝහලෙන් නික්මුනා. 

 අර කතාවක් තියනවනේ ඩොක්ටර්ලටයි ප්‍රොක්ටර්ලටයි බොරු කියුවොත් අඩි හයක් යට කියලා. අන්න ඒ කතාව එදා තව පොඩ්ඩෙන් ඇත්ත වෙනවා සම්පගේ යාලුවො ටික නොහිටින්න. 



රෑ හත අට වෙනකොට ආයම බඩ යන්න පටන් අරගෙන. මේ යකා කැගගහ මරලතෝනි දෙනකොට යාලුවො ටික එකතුවෙලා ආයෙම රොහල ගෙනියන්න වාහනේට දාගන්නකොට සම්පා කියනවලු 

"අනේ මචො වෙනතැනකට යමුද"

 දුක හිතුන යාලුවො කලින් දුන්නු බෙහෙත් තුන්ඩුයි විස්තරයි සෙරම අරගෙන තවත් පෞද්ගලික රෝහලකට ඇතුලු කලාලු.එතන බලපු දොස්තර තවත් පරීක්ශන දෙකතුනක් කරන්න කියලා ලෙඩාව සම්පාව නේවාසික රෝගියෙකු හැටියට රෝහලට ඇතුලු කරලා. පහුවනදා උදේ එක පරීක්ශනයක් කරලා ඒක කරලා තියෙන්නේ සම්පගේ පස්ස පැත්තට ජෙල්වගයක් ආලේප කරලා හීනි බටයක් ඇතුලුකරලා. ආයෙම දහවලේත් ඒ පරීක්ශනයම කරලා. එම පරීක්ශනය කරලා තියෙන්නේ රොහලේ ස්ථිර වෛද්‍යවරයා විසින්.

 එදා දවසත් රෝහලේ නේවාසිකව ඉඳලා පහුවදා උදේ සම්පාගේ ටිකට් කපලා. සම්පා දොස්තර ළඟට ගිහින් අහනවලු 
"ඩොක්ටර් මම හෙටත් එන්නද ?"

"ඒ මොකටද ? දැන් මිස්ටර් සම්පත්ට හොඳයි ආයෙ මේ පැත්තෙ එන්න ඕනෙ නැ "

 "නෑ ඩොක්ටර් අර බටේ අරින පරීක්ශනේ ආයෙම කරගන්න . ඒක ඇතුලට දානකොට මාර සනීපයි "




කොහොම හරි ඔය කතාව අනිත් යාලුවන්ගෙ කනට ගිහිල්ලා කවුරුහරි "බටේ ඇතුලට දාන පරික්ශනේ කරමුද ?"කියලා සම්පාගෙන් ඇහුවොත් ..........................................






පසු සටහන: මෙහි සඳහන් පරීක්ශන ගැන මාගේ දැනුමක් නොමැති අතර මා ඇසු කතාව ඔබවෙත ගෙන ඒම පමනක් සිදුකරන ලදි.මෙය මඩක් බවත් කරුනාවෙන් සලකනු මැනවි.(කොහොමත් මෙය පලකිරීමෙන් අනතුරුව මට කරුනාවෙන් සැලකීමක් ලැබෙන බැවුනම් ස්ථිරය)

52 comments:

  1. උඹ දාපු මාතෘකාව දැක්කාම මාත් ටිකක් සැකෙන් වගේ ආවෙ. ලෑලි කෑල්ලක් වත් බැඳං එන්න වෙයිද කියලා පස්සට...

    පව් බං අරූ. මට දැන් සම්පා කිව්වාම මතක් වෙන්නෙ එක දෙයයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  2. හිකිස්...!
    ලෙඩේ හොඳ වෙලාද..!

    ReplyDelete
    Replies
    1. නෑ දැන් වෙන ලෙඩක් හැදිලා

      Delete
  3. අනේ අම්මෝ ඕකට කියන්නේ එන්ඩස්කොපිද කොහෙද. ඕකේ ඇති ආතල් එකක් නැ මාර අමාරුයි බං.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා .සමහරු අමාරු දේට කැමතියිනේ

      Delete
    2. නෑ නෑ කොලොනොස්කොපි.

      Delete
  4. ඌ ඇත්තටම ඔහොම කියන්න නැතුව ඇති.. අපේ විරුද්ධ පක්ශෙට යවන්න වටින ගොබිලෙක්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රනිල් ගාවට යැව්වා නම් ගොඩ. මංගල මහත්තයා උනත් අවුලක් නෑ.

      Delete
    2. (මේක පොඩි මඩක් )මෙයාවත් නියමෙට ගැලපෙනවා

      Delete
  5. හික්ස් :)
    සම්පා පට්ට මනුස්සයෙක් නෙව.

    ReplyDelete
  6. සම්පාට සනීපෙට ලෙඩෙත් අමතක වෙන්න ඇති...

    ReplyDelete
  7. අයියෝ සම්පා පවු මෙයා...
    ලොකු ජෝන් මහතා අපේ කාමරය පැත්තෙත් එන්නකො ඉදලා හිටලා නැතුව..

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා නෙමෙයි නිතරම එනවා

      Delete
  8. හි හි... හීනි බටයක් නිසා සනීප ඇති...


    ජය..

    ReplyDelete
    Replies
    1. බටේ තරමනම් දන්නෙ නෑ අපි දන්නෙ ඌ කියපු සනීපෙ විතරයි

      Delete
  9. ලෙඩේ අමතක වෙන්න ඇති... හි හි

    ReplyDelete
    Replies
    1. නැ වෙන ලෙඩක් හැදිලා

      Delete
  10. ඕකට ඉතින් ඉස්පිරිතාලෙම යන්න ඕනෙයි ....

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින් ඉස්පිරිතාලෙදිනේ අත්දැකීම ලැබිලා තියෙන්නේ

      Delete
  11. බටේ ඇතුලට දාන කොට ඩොකාගෙ අත්දෙක කොහේ තියෙන්න ඇතිද...

    ReplyDelete
  12. සම්පා නම් කතා සාගරයක් නෙ..අපෙත් ඔහොම ගෝරිල්ලෙක් හිටියා..අපේ වැඩේ උගේ මයිල් වලින් අදින එක..කුණුහරුප ඉවරයි එතකොට..පස්සෙ පස්සෙ මූ අපි ළඟ ඉන්නකොට කුනුහරුප කියලා බනිනවා..අපි මයිල් වලින් ඇදලත් නෙවෙයි..උගේ ආතල් එකට ! මොකද ඇද්දෙ නෑ කියලා අපිට ඔප්පු කරන්නත් බෑනෙ !

    ReplyDelete
  13. හීනි බටයක්ද දාලා තියෙන්නේ ?
    අනේ පව් සම්පා

    ReplyDelete
    Replies
    1. මොකක් උනත් ඌට ආතල්ලු

      Delete
  14. ලෙඩේ හොඳ කර ගන්න ගිහින් වෙන ලෙඩක් සෙට් වෙලානෙ

    ReplyDelete
  15. දැන් කියමු බලන්න සම්පට පරික්ෂණේ කලේ ඩොකෙක්ද ඩොකියක්ද කියලා

    ReplyDelete
  16. අයියෝ ඒ යකාට කට තියන් ඉන්න බැහැනේ :D

    ReplyDelete
  17. සම්පා තමයි දන්නේ ඒකෙ තියෙන සනීපේ..

    ReplyDelete
  18. මරු යාළුවොනෙ ඉදල තියෙන්නෙ....

    ReplyDelete
  19. හිකිස්.... මරු කතාව ජෝන් අයියේ

    ReplyDelete
  20. ආයේ ගියාද දන්නේ නෑ බඩේ අමාරුව හදාගෙන..:D

    ReplyDelete
  21. හරි හොඳ ඒවා කියනවා ඇති එතකොට හහ් හහ්

    ReplyDelete
  22. සනීපයි කියලා වෙන දේවල් වලට පුරුදු උනාද දන්නේ නෑ... :)

    ReplyDelete
  23. සම්පා කෙල්ලන්ට කැමති නැති එකෙක්ද ඈ...?

    ReplyDelete
  24. පට්ට
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකේ නම යන යන තැන ටයිප් කර කර යන්න ඕන නෑ. ඕන කෙනක් ඉන්නවා නම් ප්‍රොෆයිල් එකට ඇවිත් ඒක හොයාගනීවි. ඒ ඇරත් සින්ඩි කියලා දේකුත් තියනවානේ ලිපි ගැන දැනුවත් කරන්න.

      Delete
    2. නමක් නැ කියන්නේ අවජාතක වගේ.ඔබ ඉතිං කොහොමත් නමක් නැතිව උපදෙස් දෙන කෙනෙක් නේ.ඔබේ මානෂිකත්වයෙන් මට ඉන්න උවමනාවක් නැ.

      Delete
  25. ඕක සිරා කතාවක්ද බං මඩක් නෙමේද... පට්ට චාටරේ

    ReplyDelete
  26. අනේ මන්දා. අපේ එකෙක්ට ඔය බටේ පරීක්ෂණේ කරලා තිබුණා අසනීපෙකට. ඌ නම් කිව්වේ ඒක කළාට පස්සේ කෙලින් ඇවිදින්නත් බැහැ කකුල් දෙපැත්තට තිය තිය එන්න වෙන්නේ ඒ තරමට අමාරුයි කියලා

    ReplyDelete
  27. යාලුවෙකුට උනත් ඔයවගේ මඩක් ගහන්න පවු නැද්ද? අසරනයා!

    ReplyDelete
  28. ඊට පස්සෙ මිනිහ බිස්නස් කරයෙක් උනාද?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..