Friday, October 5, 2012

124.පෝලිමට පිටින්

මගේ මේ කතාව ටිකක් පරන එකක්.  මේ සිද්දිය වෙලා තියෙන්නෙ රජයෙ බැංකුවකදි. රජය කියපු ගමන් තරහගන්න උදවිය ඉන්නවනම් දැන්ම තරහව ඉවර කරගන්න. තරහව ඉවර කරගන්න කියුවෙ මෙ කතාව කියන කොට තිබුන රජය ඒ ගොල්ලන්ගෙ හන්දා. කොහොමත් කියන්න යන කතාවනම් කිසිම රජයකට සම්බන්ද කතාවක් නෙමෙයි. කාලය 89-90 විතර ඇති.



පහුගිය රුපියල් සත සහ මනුස්සකම කියන කතාවෙදි මම කියුවනේ අපේ අම්මා රාජ්‍ය බැංකුවක වැඩ කලේ කියලා මේ ඇයට උන සිද්දියක්.

බැංකුවල වැඩ අධිකම දින කීපයෙන් එකක් තමයි විශ්‍රාම වැටුප් ගෙවන දිනය. සාමාන්‍යයෙන් මාසෙ 10වනදා තමයි ඔය විශ්‍රාමිකයන්ගෙ සතුටුම දවස. ළමයින්ගෙන් වැඩිපුර සැලකිලි ලැබෙන්නෙත් ඔය දවසටනේ. 

වයසක දෙමවුපියන්ව උදේම බැංකුව ලඟින් කාර් එකේ බස්සලා යන ළමයිනුත් මෙ අතරෙ නැතුවම නෙමෙයි. සමහර වයසක අය උදෙ 9ට බැංකුව විවෘත කලාට විශ්‍රාම වැටුප් පෝලිමට එන්නේ උදෙ 6ට විතර.බැංකුවෙ පඩියකට හෙත්තු වෙලා බැංකුව අරිනතුරු මග බලාගෙන ඉන්නවා. සමකාලීනයන් සමග ආගිය තොරතුරු කතාකරමින්. වැඩිහරියක් තම තමන්ගේ දූ පුතුන්ගෙ වරුනාව. ඒත් පංපෝරියට කියෙව්වට ඒ බොහෝමයක් දෙමාපියන්ගේ මනඃකල්පිත කතා.


ඔන්න හරියට 9ට බැංකුවේ දොර විවෘත කරන කොටම විශ්‍රාම වැටුප් පෝලිමට කට්ටිය එකතු වුනා.ඔය පෝලිම 9 සිට 2.30 වනතෙක්ම නොකඩවා ඇදෙන පෝලිමක්. 

එදා අපෙ අම්මත් ඉඳලා තියෙන්නේ ඔය එක කවුන්ටරයක. කොහොමත් ඔය කවුනටරෙ ඉන්නකොට ළඟම ඉන්න කෙනා දෙස මිස ඊට පිටුපස ඉන්න අය ගැන බලන්න ලැබෙන්නෙ නෑ.

 අම්මා උන්න කවුන්ටරයෙ විශ්‍රාම වැටුප් ගන්න අයට අමතරව තව තව කට්ටිය ඉඳලා තියනවා. ටික වෙලාවක් ගනුදෙනු කරමින් ඉන්නකොට අම්මා දැකලා තියනවා අවුරුදු 75ක විතර ජාතික ඇඳුම ඇඳගත්තු කෙනෙක් අම්මා දිහා බලාගෙන ඉන්නවා. අම්මා ඒ මනුස්සයව දැකලා තියෙන්නෙ ටිකවෙලාවක් ගියාට පස්සෙ. පෝලිමේ ඈත් කෙලවරක උන්න ඔහුව දුටු සැනින් ඇය හිඳි පුටුවෙන් නැගිටලා ඔහු ළඟට ගිහින් ඔහුගේ අතෙ තිබුන පෝරමය රැගෙන ඔහුට අදාල විශ්‍රාම වැටුප් මුදල වහාම ලබාදී ඔහුව පිටත් කරලා.

 ඔන්න ඉන් පස්සෙ අම්මා ඉන්න කවුන්ටරයට අදාල පෝලිමෙන් කසු කුසු අස්සෙන් රැවුම් ගෙරවුම් හඬ ඇසෙනවලු.

"අපිත් පෝලිමෙ  ඉන්නේ හුඟවෙලාවක ඉඳලා තමයි "

"පිටිපස්සෙ ඉන්න අයට ඉස්සරවෙලා දෙන්න නම් පෝලිම් මොනවටද ? "

ඔය වගේ නොයෙක් අවලාද ඇහෙනවලු. අපේ අම්මට හරියට කේන්තියනවා . නැගිට්ටලු පුටුවෙන්

 "මේ ඔය කියවන හැමෝටමයි මම මේ කියන්නේ. ඒ මම උදවුකලේ මට පුංචි කාලේ උගන්නපු ගුරුවරයෙකුට. කාට හරි ප්‍රශ්නයක් තියනවනම් කළමනාකාර තුමාට පැමිනිලි කරන එකයි ඇත්තෙ."



…පසු සටහන
…මේ කතාව මතක් උනේ අද ඔක්තොම්බර් 5වනදා. අද "ගුරු දිනය" ගුරුවරුන් අපිට ඉගැන්වුයෙ අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒත් ඒ අය බලාපොරොත්තු නොවන වෙලාවක අපිට යමක් දෙන්න පුලුවන්නම්, ගුරුවරයෙකුට කරන්න පුලුවන් හොඳම උපහාරය ඒකයි කියලා මට හිතෙන්නේ. 

Image Source: Microsoft Clipart

සිංහලෙන් ලියන අය වෙනුවෙන් පටන්ගත්තු සිංඩියට ඔබේ බ්ලොග් එකත් එකතු කරන්න
http://i-am-a-blog-reader.blogspot.com/
 

39 comments:

  1. අපේ තාත්තනම් දවල් 1ට 2ට තමයි බැංකුවට යන්නෙ පෙන්ෂන් ගන්න, හදිස්සිකාරයො දැන් ගිහින් ඇති කියල.

    ReplyDelete
    Replies
    1. කොහොමත් පෙන්ශන් කියන්නෙ සමහර අයට තියන එකම සතුට ඉති ඒකට හදිසි නොවී කොහොමද

      Delete
  2. පෝලිම් පෝලිම්..... අනේ මන්දා.. මම නම් ඕනේ වැඩකට යන්නේ කලබලකාරයොන්ට ඉඩ දීලා... ඔය පොලිමක උනත් දැරුවෙක් වඩා ගත්ත කෙනෙක්, වයසක කෙනෙක් හරි මොකක් හදිසි අවශ්‍යතාවයක් ඇති බව පේන කෙනෙක් ඉන්නවා නම් මම හිනා වෙලා පස්සට වෙලා ඉඩ දෙනවා...

    හැබැයි ඉතිං ඩෙනිමක් ගහගෙන සෙල් ෆොන්එක කනේ ගහගෙන රටේ නැති වැල් බයිලා කිය කිය ඉන්න සෝබන හදිසිකාර ඇන්ටිලාට අන්කල්ලාට නම් ඒ චෑන්ස් එක මගෙන් හම්බුවෙන් නෑ.. හි හි... ඒ වෙන එකක් හින්දා නෙවෙයි.. එයාලට තියෙන්නේ බොරු හදිසියක් නිසා.. පෝලිම් පනින සහ පෝලිම් අයිති කරගන්න .... අර කලින් එක්කෙනෙක් ඉඳලා පස්සේ දහයක් විතර එතනට සෙට් වෙන වෙලාවක උනත් කෙලින්ම කියනවා පස්සට යන්න කියලා වංචාවල් කරන්නේ නැතුව... ඕක හින්දා අපේ අම්මලා මාව ඔය වගේ තැන් වලට යවන්න කැමති නෑ... වලි දාගන්නවා කියලා.... හි හි

    ReplyDelete
    Replies
    1. නියමයි කතාකරන්න ඕන තැන්වල කතාකරන්න ඕනේ. මම නම් මාසේ මුල සීසන් පෝලිමේ කාත් එක්ක හරි කොක්කක් දාගන්නවා

      Delete
  3. ගුරු දෙවිවරු වගේම ගුරුහොරුත් මට හම්බවෙලා තියෙනවා.ගුරු දෙවිවරු හින්දා අද කාළකන්නි නොවී ඉන්නවා.ඔවුන්ට මාගේ ප්‍රණාමය!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගුරු දෙවිවරු හන්දා තමයි අපි මෙ තත්වෙ ඉන්නෙ ඒත් අද ගුරු දෙවිවරු අඩුයි.

      Delete
  4. අනිවාරෙන්ම! එහෙම නොකලානම් තමා වරදක් වෙන්නෙ ඒක.ගුරුවරයාටත් දුක හිතෙන්න ඉඩ තිබුනා..

    ReplyDelete
    Replies
    1. ඔව් අම්මා දැකලා තියෙන්න පස්සෙ ඒක ගුරුවරයත් තෙරුම් ගත්තා

      Delete
  5. අපි යම් තැන්තැන්වල ගැවසෙන විට අහම්බෙන් හෝ දන්න අදුනන කෙනෙක් මුණගැහුනාම ඒ උදව්ව හෝ යුතුකම කවුරු බලන් හිටියත් කරනවා. මේක ඇතැම් අයට රූස්සන්නෙ නෑ.

    ඒ අතින් එව්තුමිය ඒයුතුකම තම ගුරුවරයා වෙනුවෙන් කරල තියෙනවා. මම හිටියනම් කරන්නේත් එ් ටිකම තමා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ හැදිනුම්කමේ වටිනාකම කියන්නෙ

      Delete
  6. අපට උගන්වපු ගුරුවරයෙක් හම්බවුනොත් දැනට උනත් අපි පුටුවෙන් නැගිටිනවා. ඒ ගුරු ගෞරවය. කොහොමද අහක බලාගෙන ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒත් ඕක මතු පරම්පරාවට ගෙනියයිද කියන එක සැකයි

      Delete
  7. ජෝනාගෙ අම්මා කරපු උතුම් ක්‍රියාව ගුරුදිනයටම දාපු එක ගැන මම ගුරුවරයෙක් හැටියට හුඟාක් අගය කරනවා.

    ගුරුවරු අතර ගුරු හොරුත් ඉන්න බව ඇත්ත. වෙනත් ඕනැම වෘත්තියක් එහෙමනෙ. ඒ වාගෙම අඬබෙර නොගහා නිහඬව තමන්ගෙ රාජකාරිය නිසි අයුරින් ඉ‍ටුකරන ගුරු මහත්ම මහත්මීනුත් ඉන්න බව අපි අමතක කරන්න හොඳ නෑ. අන්න ඒ අයටජෝනාගේ මේ පෝස්ට් එක උපහාරයක් වේවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ කතාව මම draft කරගෙන උන්නෙ පහුගිය අප්‍රෙල් වල ඉඳලා ගුරුදිනයටම දාන්න ඕන කියන අවශ්‍යතාවයෙන් හිටියෙ. මම පොඩි දවස්වල ගනන් වලට ගියා එක ගුරුවරයෙක් ළඟට කවදාවත් සල්ලිවලට උගන්නපු කෙනෙක් නෙමෙයි.හැමදාම හවසට කැමති තරම් වෙලා ගනන් අහගන්න පුලුවන් මම දැක්ක අවංකම ගුරුවරයෙක් එතුමා

      Delete
  8. ඔව්... ඕනෑම වෘත්තියක් කරන අය අතර හොඳ හා නරක දෙගොල්ලොම ඉන්නවා. අපේ යුතුකම තමයි අපි වෙනුවෙන් පුංචි දෙයක් හෝ කරන්න මහන්සි වුණු කෙනෙක් වෙනුවෙන් ගෞරවය හා කෘතඥතාවය දැක්වීම....

    ReplyDelete
    Replies
    1. එහෙම එකක තමයි මේ

      Delete
  9. අද ගුරු දිනයටම ගැලපෙන පෝස්ට් එකක්...නියමයි...

    ReplyDelete
    Replies
    1. අප්‍රෙල් මාසේ ලියපු ලිපියක් ගුරු දිනේ වනතුරු හිටියා දාන්න

      Delete
  10. ජෝනගේ මෑණියන් කල දේ මම උතුම් කොට සලකනවා . ඒක තමා වෙන්න ඕනෙ . අපි දෙමාපියන්ට වගේම ගුරුවරුන්ටත් ආදරය හා ගරු කිරීම කල යුතුයි . මගේ දෙමාපියන් ගුරු වෘතියේ නිසා මට මේ දේ හිතට දැනෙනව වැඩි .
    …බොහෝ වෙලාවට මගේ මව එක්ක කොහේ ගියත් ඔවුන් උගන්වපු සිසු දරුවන්ගෙන් ජෝනගේ මව කලා වගේම සැලකිලි ලැබෙනව . විශේශයෙන් මගේ පියාගේ අවසාන කාලේ ඔහු රෝගිව සීටියා , රෝහලේදි ඔහුට ප්‍රථිකාර කලෙත් ඔහුගේම සිසු දරුවෙක්. ඒක ලොකු සතුටක් ගුරුවරයෙකුට .

    …ඔබගේ මේ ලිපිය සියලු ගුරුමෑණිවරුන්ට, පියවරුන්ට උපහාරයක් වේවා !.

    ReplyDelete
    Replies
    1. ගුරුවරු අපට කල සේවයට අපි සේවයක් කරනවද කියල මට වෙලාවකට හිතෙනවා. අහම්ම්බෙන් හරි වෙලාවක් හම්බ උනොත් ගුරුවරයෙකුට සේවයක් කරන්න කෙනෙකු නොපැකිලෙන්නේ ඒ උපහාරය හදවතින්ම නැගෙන හින්දා නේද ?

      Delete
  11. මම නම් දකින්නේ අසාධාරනයක් ලෙසයි. එක්කෝ අම්ම ඒක හොරෙන් කරන්න ඕන. මොකෝ ඔය පෝලිමේ ගුරුවරු කීයක් ඉන්න ඇද්ද...?

    ReplyDelete
    Replies
    1. හොරෙන් කලානම් ඒක හොරකමක් වෙනවා.හැබැයි ඊට පස්සේ ඉඳන් ඒ ගුරුවරයගෙන් උදෙම පෙන්ශන් ෆොම් එක අරගෙන හවසට ගෙදරටම ගිහින් දෙනවා

      Delete
  12. නෑ නෑ අපි ඉගෙන ගත්ත වටපිටාව අනුව තාමත් ‍අපේ ගුරුවරයෙක් දැක්කම ඉබේම ගරු කරනවා. ඒක ඉස්කො‍්ලේදි කරපු විදියටම තාමත් කරනවා. ජෝන‍ගේ අම්ම කරපු දේ හරියට හරි. නමුත් දැං තියෙන මේ විපරීත සමාජයේ සංවේදි සිසුන් හෝ ගුරුවරුන් හුගක් අඩුයි. මම දන්නවා විසි වැනි සියවසින් පසුව වගේ ඉගෙන ගත් සිසුන් ගුරුවරුන් ට සලකන විදිය. ඇත්තටම දුකයි. ගුරුවරයා කියන්නේ අපි ඉන්න තැනට අපිව තල්ලු කරපු උත්තමයෝ. ඔවුන් අපේ ජීවිතයේ අඩිතාලම නිසි ලෙස සකස් ක‍ලේ නැතිනම් අපි අසරණ වෙනවා. එකක් කියන්න ඕන මේ කාලේ මම දැකල තියෙකවා ඉස්කෝලේ ගුරුවරයත් එක්ක පවා මත්පැන් පානය කරන සිසුන්. වැරැද්ද කොතැනද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ගුරුවරුන්ගෙ තැන නැතිකලෙ ටියුශන් කඩ දාපු ගුරු හොරු

      Delete
  13. ඒ කරපු දේ හොඳදෙයක්...!

    ReplyDelete
  14. ඇත්තටම ජෝන් අයියේ අදකාලේ ගොඩක් දේවල් තීරණය කරන්නේ මේ මිල මුදල් මත වීම හරිම කැත වැඩක්. ආන්ටි ඒ කරලා තියෙන දේ මම ගොඩක්ම අගය කරනවා. හැබැයි එතන ලොකු අසාදාරනයක් වෙලා තියෙනවා. අර පොර තමා අනිවා සල්ලි ගන්න ඇත්තේ. දිවුරන එක බොරුවටත් කරන්නේ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයො කලින් පොස්ටුවෙ කොමෙන්ට් එක මෙතනට වැටිලා

      Delete
  15. හ්ම්ම්... ඒකනම් ඇත්ත... ගුරුවරු උගන්නපු දේ නිසානේ අපි අද මේ විදිහට බ්ලොග් එකකට කමෙන්ට් එකක් වුණත් දාන්නේ? ඒ නිසා පුලුවන් හැම වෙලාවකට උදව්වක් කිරිම හරිම වටිනවා...

    ReplyDelete
    Replies
    1. මම ඉන්නෙත් ඔය මතයෙමයි

      Delete
  16. ගුරුවරුන්ට ගරු කිරීම සැලකීම හොඳ දෙයක්. මටත් අද වුනත් මගේ ගුරුවරයෙක් දැක්කම වාඩිවෙලා හිටියොත් ඉබේම නැගිට්ටෙනවා.

    ReplyDelete
  17. ගුරුවරු කියන්නෙ දෙවි වරු වගේ. ඇත්තටම වටිනා පොස්ටුවක්. කවදාවත් තමන්ට උගන්නපු මොන්ටිසෝරි ටීචවත් අමතක කරන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්නෙ නැ

      Delete
  18. දැන් වගේ ගුරුවරු නෙමෙයිනේ ඒ කාලේ හිටියේ!ගුරුතුමන්ලා,සැබෑම උත්තමයෝ.දැනුත් එහෙම අය නැත්තේ නෑ!එත් එහෙමය අඩුයි කියල හිතනව
    ගුරුවරයා අපි තුල මවපු ප්‍රතිරූපය අනුව ගෞරවය කියන දේ ඉබේම ඇතිවෙනවා කියල මට හිතෙන්නේ!

    ReplyDelete
  19. ඒ ගුරුවරු නිසා අද මේ වගේ තැනකට ආපු නිසා කල යුතුකමලන් අගේ කරනවා.. හැබැයි අර මාතලන් දාපු කමෙන්ටුවෙත් ඇත්තක් තියෙනවා.. (තරහා අවසර)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට වලට තරහා වෙන්නෙ මොකාටද

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..