Friday, September 28, 2012

121.රුපියල් සත සහ මනුස්සකම

අපේ අම්මා රාජ්‍ය බැංකුවක සේවය කලබව මගේ පැරනි පොස්ටුවක්වන "98.පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම. " හරහා ඔබ කියවන්නට ඇත. මේ කියන්නට යන්නේ අසූව දශකයේ මැද ඇයට වූ සිදුවීමකි.

එකල අපේ තාත්තාට කලගෙඩි ලාම්පු හොලවන්නට ගොස් පැවති ආණ්ඩුවේන් රැකියාව අහිමි කරවා තිබූනි. ජනප්‍රිය පාසැලකට යන පිරිමි ළමුන් තිදෙනෙකු නඩත්තු කිරීම ලෙහෙසි කාරියක් නොවේ.ඒත් අම්මාගේ රැකියාව නිසා ඒ කාලය අපට අඩුවක් නොතෙරෙන්නට ගතවුනි. එලෙස අඩුපාඩුවක් දැනෙන්නට කිසි දිනක ඇය ඉඩ දුන්නේද නැත.

එකල ඇය මුදල් ගෙවන කවුන්ටරයේ හුන් සමයයි. දිනකට සිදුවන ගනුදෙනු ප්‍රමානය අප්‍රමානය. අද මෙන් පරිඝනක යුගයට අවතීර්න නොවූ යුගයක අත්වැරදීම් සිදුනොවූවා කීවොත් එය වරදකි.


රුපියල් 1000ක් ගෙවීම්ක් වෙනුවට ඇය අතින් රුපියල් 10000ක් ගෙවා තිබුනි. සවස මුදල් පියවීමෙදී පැන නැගුන මුදල් හිඟකමේදී මේ පිලිබඳව සොයාබැලුවත් වරද වූ තැන හොයා ගත්තා මිසක ඒ අඩුවූ මුදල ඇයට නැවත නොලැබුනි. මුදල් ගෙවූ පුද්ගලයා සොයා ගියමුත් ඔහු එම මුදල ලබා නොගත්තාම යැයි ඔහු ඔහුගේ දෙමාපියන්ගේ නාමයෙන් දිවුරමින් පැවසා ඇත. ඒ පුද්ගලයාද මුදල් අඩුපාඩුවක් තිබූ පුද්ගලයෙකු නොව යහමින් මුදල් තිබූ අයෙකි.
කෙසේ වෙතත් ඇය, ඇය අතින් වූ වරද ඇගේ අතේ කරේ බැබෙලෙමින් තිබූ රන් වලලු කීපය හා රන් මාලය උගසට තබා පියවන ලදි.


මට මේ කතාව මතකයට නැගුනේ පහුගිය දිනක මට සිදුවූ අකරතැබ්බක් හේතුවෙනි. මාසික වාර ප්‍රවේශපත්‍රයෙන් දුම්රියෙන් යාම් ඊම් කරන මට බම්බලපිටිය දුම්රිය ස්ථානයේ සිට කාර්‍යාලය වෙත යාමට බසයට ගෙවීමට සිදුවන්නෙ රුපියල් 12කි. එදා උදේ මා සන්තකයේ තිබුනේ හරියටම රුපියල් 20නෝට්ටුවක් හා සිල්ලර රුපියල් 2කේ කාසියකි. දහවල් කාලයේ මුදල් ගැනීමට බැංකුවට යාමට සිටි නිසා රුපියල් 22 මට හොඳටෝම ප්‍රමානවත්ය

කිලිටි  ඇඳුමින් සැරසුන පුද්ගලයෙකු මා අසලින් සෙමින් සෙමින් ගොස් පහත්වී යමක් අහුලා ගන්නා ලදි. ඉන්පසු අත්ල මුහුනට ලංකර සිඹිමින් එය ඔහුගේ උඩ සාක්කුවේ දමාගන්නා ලදි.

බසයට නැගීමට ගොස් අතෙ තිබූ මුදල දෙස බැලීමි. මගේ ඉහමොල රත්වුනේ මා අතේ තිබූ රුපියල් දෙක දැකීමෙනි. රුපියල් 20 නැත. එවිටම යමෙක් මගේ පිටට තට්ටු කරමින්

"මහත්තයා මහත්තයගෙ මොනව හරි නැතිවුනාද ?"

මට කියන්නට වචන තිබුන මුත් වචන නොපිටවුනි.

"මම හිතන්නෙ මේ මහත්තයගේ රුපියල් විස්ස

ඔහු මට කිසිවක් කීමට පෙරම රුපියල් විස්ස මා අත තැබුවේ මා පත්ව සිටි අපහසුතාවය ඔහු තෙරුම්ගත්තාසේය

හැකිනම් මට කියන්න ඔහුට මා ස්තුති කල යුතු ආකාරය ?

42 comments:

  1. මමත් අනන්ත ඔහොම බස් එකට ඕන ගාන විතරක් අතේ තියන් වැඩට ගිය දවස් නිමක් නෑ.. හුඟක් වෙලාවට මාසෙ අග හරියෙදි.. ඒ වගේ වෙලාවක ඔහොම දෙයක් වුනොත් කියන්නෙ මොන දෙයියන්ටද..? පුලන්නො වෙච්ච අපිට හිගන්නත් බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය ගැටලු මේ මැද පාරෙ යන අපිට තමා

      Delete
  2. ඒ රු.20 ඒ අවස්තාවේ ඔබට රු.1000කට වඩා වටින්නේය. ඔහු නිර්මල මහතෙකි.
    මම දවසක් ලක්බිම ඉරිදා පත්තරේ සෙනසුරාදා අරගෙන ගෙදර අරගෙන ඇවිත් බලනකොට..පත්තර දෙකකි. ආපසු එකක් ගිනිහින් දුනිමි...ඔවුන් පුදුමවී බලාසිටියා මිස කතාකර ගන්නට බැරිවිය.
    මහත්තයා පොඩි දෙයක් උනත් හිතාගන්න බෑ ...කිව්වේ එපමනය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කාලයක් මමත් පොඩි ව්‍යාපාරයක් කරපු නිසා දන්නවා ඒ පොංචි අතපසුවීමෙ පාඩුව

      Delete
  3. ස්තුති කරන්න විස්ස දෙන්න තිබ්බා :)

    අද දවල් මම ඉන්න බැරි අමාරුවෙන් වාහනේ තේවත්ත පල්ලිය පැත්තෙ ගාල් කොරං නිදන් හිටිය. ඇන්ටි කෙනෙක් ඇමතුවා පුතා කන්න දෙයක් නැද්ද කියල. මම මුනවත් නොබල පිටිපස්සෙ සීට් එකෙ තිබ්බ බත් මුල දුන්න. අම්ම බැදල එව්වට දිග ඇරල කනකල් ඇතුලෙ මොනවද කියල දන්නෙ නැති නිසා ගෙදර ඇවිත් ඇහුවම ‘චිකන් ඩෙවල්‘ පාරකුත් තිබිලා.. :ඩී

    අම්ම කිව්ව ඒ මනුස්සය පිං දිදි කන්න ඇතිලු..

    මේක තමා බං සතුට.. ජය !

    ReplyDelete
    Replies
    1. අම්මට උයන්න උදව් වෙයන්...:-)

      මට මතක් වුනේ අර පොරක් තමන්ම උයන් එන බත් එකට, බොරුවට ගෑනිට බැන බැන කන කතාව..

      Delete
    2. කොහෙද ඒ වෙලේ ඒ මනුස්සයට වඩා මමයි අසරනවෙලා හිටියෙ

      Delete
  4. නැති වෙච්ච දෙයක් අයිතිකාරය හොයල භාර දෙන්න තරම් වැදගත් කමක් තියෙන මිනිස්සුත් තවම ඉඳල හිටල හරි ඉන්නව. මම නම් පාරට බහින කොට පුළුවන් හැම වෙලාවෙම කීයක් හරි වැඩිපුර අරගෙන යනව, කවුද දන්නෙ හදිසියක් වුනොත්, කාගෙන් කියල ඉල්ල ගන්න ද?

    ReplyDelete
    Replies
    1. මමත් හුඟ වෙලාවට සාක්කු හැම එකකම කීය කීය හරි දාගෙන යනවා කරුමෙට එදා එහෙම දවසක් නෙමෙයි

      Delete
  5. මේ වගේ මිනිස්සු අඩුයි .....

    ReplyDelete
    Replies
    1. ඒකනේ පොස්ට් එකක් ලියුවේ

      Delete
  6. අම්මට උනා වගේ සිද්ධියක් අපේ ඔපීසියෙ මුදල් ගෙවන කෙනාට උනා. අපි 7දෙනෙක් 1000ගානෙ දාල ඕන කරන රුපියල් 8000ක් හැදුව.

    ReplyDelete
    Replies
    1. ඒත් බැංකුවල එහෙම වෙනවා අඩුයි මොකද ඒ තනතුරේ වගකීමක්නේ හරියාකාරව මුදල් පරිහරනය කරන එක

      Delete
  7. හප්පේ..ඇඟේ ලේ වතුර වෙන්න ඇති නේ සල්ලි තිබුනේ නැතිවහම!

    ReplyDelete
    Replies
    1. හික් හික් කොහොමත් ඒ වෙලාවෙ මගෙ ලේ වතුර වෙලා තියන වෙලාවක් මොකද කන්තෝරුවෙලාව පරක්කුවෙන නිසා ඇත්තටම ඒ වතුර ටික ලේ උනා

      Delete
  8. අවතාර්ටත් ඔය වැඩ වෙලා ඇති අනන්තවත්
    ඒ වෙලාවල් වලට ඉතින් පිහිට වෙන මනුස්සයෝ දෙවියෝ වගේ තමා

    ReplyDelete
    Replies
    1. කාටවත් අපි වරදක් නොකරන නිසා ඔය වෙලාවට අපිට පිහිට වෙනවා

      Delete
  9. රුපියල් විස්සක් අහුලා දුන් පිනින් දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු!!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ මැරෙන්න කලින් නිවන් පතන්න බෑ

      Delete
  10. තවමත් මෙ රටේ මිනිස්සු ඉන්නවා. තිරිසනුන් ගොඩක් මැද..

    ReplyDelete
    Replies
    1. ඒකනේ වෙනස පේන්නේ

      Delete
  11. මිනිසුන් අතර දෙවිවරු වගේ මිනිස්සුත් ඉන්නවා තිරිසනුන් වගේ මිනිස්සුත් ඉන්නවා.

    ReplyDelete
  12. සල්ලි වලිං මිනිස්සුංගේ මනුස්සකං මනින්න බෑ කියන්නේ මේකයි එහෙනං..

    ReplyDelete
    Replies
    1. සල්ලිවලට හැමදෙම කරන්න බෑ

      Delete
  13. ඔහු සැබෑ මහත්මයෙක්....

    ReplyDelete
  14. මෙවනි අත්දැකීම් ගැන අපි වැඩි වෙඩියෙ කතා කරන්න ඕනෙ. ඉන්ද්‍රජිත් කිව්වා වගේම ඔහු සැබෑ මහත්මයෙක්....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බ්ලොග් පොස්ට් එකක්ම දම්මේ

      Delete
  15. මට දවසක් අකරතැබ්බයක් වුනා. මම අපේ ගමේම ආපිකෝ සුපර් එකට ගිහින් බදු ටිකක් ගත්තා. අරගෙන ඉක්මනටම ගෙදරට දුවගෙන ආවා. ගෙදර ඇවිත් බලද්දී බිස්කට් පැකට් එකකුත් තියනවා. පස්සේ මම ආපහු ඒ ගමන්ම දුවගෙන ගියා ඒක අරගෙන. පවු නේ. කාගේ හරි සල්ලි නේ. අහිංසක කැෂියර් කෙල්ලෙක් ඕක අන්තිමේ ගෙවන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ලොකු තැන්වල පාඩු විඳින්න ඕනේ පොඩි අය

      Delete
  16. ඇඳුම කිලිටි උනත් ඒ මනුස්සයාගේ හිත පිරිසින්දුයි. එහෙම මිනිස්සු අද සමාජයේ හොයාගන්න නැහැ. කළුනික හොයනවා වගේ වැඩක්. රු 20 උනත් ගන්න එකෙක්ටනම් ඇති තව කීයක් හරි දාල සිගරට් එකක් හරි බොන්න. ඒ මනුස්සයාට මාගේ උත්තමාචාරය

    ReplyDelete
  17. මට උනානම්..වෙලාවෙ හැටියට ඒ රු 20 මට කෝටි ගානක් වටිනවා... ඒ මනුස්සයට ස්තුති කරන්න මට වචන නැතිවෙයි

    ReplyDelete
  18. සැබැ මිනිසත්කම ...

    ReplyDelete
  19. මොනවා කියනවද? නිවන් ගියා කියලා හිතට දැනෙන්න ඇති.රුපියල් විස්ස අහලලා දුන් මනුස්සයාට ඒවගේම සැනසිමක් තියෙන්නත් ඇති.

    ReplyDelete
  20. කෙනෙක්ගේ නැති උණ දේ සොයා දීමත්,
    වෙන්න ගිය අපහසුතාවයෙන් මුදා ගැනීමත්,
    සිතට සතුටත් එකතු කීරීමත් වැනි වූ යහපත් ක්‍රියා හේතුවෙන් ඒ පුද්ගලයා පිනක් සිදුකරගත් බව පැහැදිළියි :) :) :) :) :)

    මිනිස්කම යනු එයයි...

    ReplyDelete
  21. ඒ උපකාරයට වැඩි වැඩියෙන් ලැබේවි ඔහුට.. සැබෑ මනුෂ්‍යත්වය..
    තවමත් අප අතර එවැනි අය ඉන්න බවට අහන්න ලැබෙන එකත් සතුටක්.. :)

    ReplyDelete
  22. කුරිරු වුවන් සිටින අතරේ සොඳුරු මිනිසුන් ඉන්න බව ඇත්ත.

    ReplyDelete
  23. නොහිතූ වෙලාවට, නොහිතූ පුද්ගලයෝ, නොහිතූ දේවල් කරලා අපිව පුදුමයට පත්කරනවා, නේද ජෝනා?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  24. හම්මෝ..වෙලාවට එහෙම උනේ........හොඳ කෙනෙක්..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..