Tuesday, September 11, 2012

118.උදේ පාන්දර චන්ද්‍රිකා මැතිණිය සිහිවීම.

පහුගිය දවසක මගේ මිත්‍රයෙක් එයාගේ පොඩි පුතාව මොන්ටිසෝරියට ඇරලවන්න එන අතරෙදි මෝටර් සයිකලයට පැන්න දඩාවතේ යන වල් බල්ලෙක් බේරගන්න ගිහින් බයිසිකලය පෙරලිලා වැටිලා.

වැටෙන වෙලේ පුංචි පුතාව බදාගෙන පුතාට වෙන්න තිබුන අනතුර අවම කරගෙන. පුතාගෙනම් සුලු තුවාලයක් විතරයි.ඒත් තාත්තට සෑහෙන්න බරපතලයි දොස්තරවරු නම් කියන්නෙ තුවාල හොඳවෙන්නම මාස තුන හතරක් යයි කියලා. 



 … ඊයේ රෑ එලිවෙනකම් බල්ලො බුරනවා. මල කරදරේ, නින්දක් නෑ මුන්ට මදන කුලප්පුව.
 පාර කෙලවරෙ නෝනගෙ ගෙදර බූල් පිරුන බැල්ලියො දෙන්නයි. රෑට ලෙහලා දානවා. ඒත් වත්ත වටේටම තාප්පේ ගහලා ගේට්ටුව ලොක් කරලා නිසා එළියට යන්නෙ නෑ. ඒත් වටෙ පිටෙ බල්ලො ටික වත්ත වටෙ කැරකෙනවා. දන්න සෙල්ලම් සේරම දානවා, එකාට එකා මරාගන්නවා... ආයෙ සද්දයක් නෑ ටිකකින් ඔන්න ඇහෙනවා පොරකන සද්දේ ........ 


උදේ පාන්දර කරුවලේම රැකියාවට යන්න පාරට එනකොටම නමෝ විත්තියෙන් පාරෙ දකින සුබ පෙර නිමිති වලින් සිහියට නැගෙන්නේ අපෙ හිටපු ජනාධිපති තුමිය චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනියව. … …

68 comments:

  1. ආඃ ... ඒක තමයි උදේට උදේට චන්ද්‍රිකාට කිවිසුම් යනව කියන්නෙ.

    ReplyDelete
  2. ඇයි බන් උන්දැව සිහි වෙන්නෙ..? එයත් ඔහොම කරනවද ?

    ReplyDelete
    Replies
    1. දැන්නම් කමෙන්ට් කියවලම බලන්න

      Delete
  3. බට ලයිට් උනා...

    ReplyDelete
    Replies
    1. ස්ටාටර් එක හොලවන්න

      Delete
  4. මෙවට තමයි යාං හෑලී කියන්නේ... සුපිරියි ඕන් ඈ.. කී දෙනෙකුට තේරෙයිද දන්නෙ නෑ......

    ReplyDelete
    Replies
    1. දවසක් පාරෙ යනකොට බීපු මිනිහෙක් බනිනවා ඒක මතක්වෙලා තමයි ලියුවේ හුඟක් අයට තෙරිලා නෑ තමයි.

      Delete
  5. මටනම් තේරුනා ඔන්න මෝඩයට වගේ .

    ReplyDelete
    Replies
    1. අපිනම් මුකුත්ම කියුවෙ නෑ එයාමයි කියුවේ

      Delete
  6. තේරුනාද කියලා තේරෙන්නේ නෑ අෆ්ෆා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන්නම් තෙරෙනවා ඇති

      Delete
  7. සේහ් අප්පා තේරෙන්නේ නෑනේ මට යටි අදහස.

    ReplyDelete
  8. හි..හි.. ඒක නම් ඇත්ත..

    ReplyDelete
  9. ඔව් ඒ පනත තාම ක්‍රියාත්මකයි.. හැබැයි දැන් අර පැටව් හම්බ නොවෙන ඔපරේශන් එක කරනවා නේද පලාතෙන් පලාතට ඇවිත්. කොළඹ නම් කලා..පාරෙ ඉන්නෙ බැල්ලියො අල්ලලා ඔපරේශන් කරා..

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකෙන් පස්සෙනම් ටිකක් තෙරෙන්න ඕන

      Delete
  10. චන්ද්‍රිකාව කාටත් අමතක නොවන්නම හදපු පනත ඒකමද කොහෙද

    ReplyDelete
    Replies
    1. එයාව කාටද අමතක

      Delete
  11. Replies
    1. ඒකනේ ස්ටාටර් එක තියෙන්න ඕනේ

      Delete
  12. Replies
    1. කමෙන්ට් බැලුවම තෙරෙයි

      Delete
  13. අපූරුය් නොවැ..!
    මහ අප්පිරිය කේස් එකක් බං ..ගල් පතයකින් ඇද බෑවත්..කෑං කියාගෙන ආයිත් සීන් එකට උන් එන්ටර්..!

    ReplyDelete
    Replies
    1. ඊට වඩා දෙයක් තියනවා නොවැ

      Delete
  14. මටනං තේරුණේ නෑ.ඇන්ටි රට කාපු කාලේ අපි මිදුලේ චූ කරන ජුන්ඩි කොල්ලොනේ.ඒක හින්දා වැඩි විස්තරයක් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් කෑව කතාවට කැමති නෑ ඉන්න රට කරවන හැමෝම හොඳ නරක දෙකම කරනවා ඉස්මතුවෙන්නෙ නරක විතරයි. මටනම් හැමෝම එකයි

      Delete
  15. වෙනි අයියගේ කමෙන්ට් 1 දැක්කම තමයි තේරුනේ සීන් 1 මොකක්ද කියල!:D

    ReplyDelete
  16. මටද...? ඔන්න මගේ සිමාව පනිනවා..
    අපේ බෝඩිමේ අන්කලයත් ඔය වගේ. බල්ලෝ කිව්වොත් ඊට වඩා දෙයක් නෑ . ගමේම ඉන්න බල්ලොන්ට කතා කරලා කන්න දෙනවා. දැන් උන් ඉන්නෙම ඒ බෝඩිමේ.. පැටව් ගැහුවම තියෙන වදයක්.. කාමර ඇතුලෙයි. ඇයි ජරා කරාම.. මරන්නන තරහයි.. ඒ විතරක්ද සමහරක් දවස් වලට රෑ දෙගොඩ යාමෙට බුරන්න ගන්නවා.. අම්මප මට මරුවා වැහෙනවා.. එක දවසක් මහා රෑ කළුවරේ ජනේලෙන් බල්ලොන්ට වතුර ගහද්දි රෑ 2යි. ශීට් විඳපු දුකක්.. ඒ බෝඩිමේ ඔක්කොම හොඳයි බල්ලෝ නැති නම්
    ඒ මැතිනිය පනත ගෙනාවේ තමන්ගේ පුතාගේ (විමුක්ති කුමාරතුංග) ඉල්ලීමකට

    ReplyDelete
  17. ඇයි බං මලින්ද මාමා වගේම ඒ ගෑනිත් බල්ලො ගැන හිතන එක වැරදිද?

    බලපං මිනිස්සු මැරෙද්දි නෙනැගෙන හඩ එතුමා නගනනව බලු සොහොන ඉදිරිපිට !

    පට්ට ඇහ් !

    ReplyDelete
  18. මේ බල්ලන්ව හෙලා දැකලා ප්‍රකාශයක් නිකුත් කරමු!

    ReplyDelete
  19. මොකක්ද මේකෙ තේරුම? :/

    ReplyDelete
    Replies
    1. තාම තෙරුනෙ නැද්ද ?

      Delete
  20. චන්ද්‍රිකා නෝනා මතක් වෙනවා කිවුව කතාව තේරෙන්නේ නෑනේ අයියේ..

    ReplyDelete
    Replies
    1. කවුරු හරි වැරද්දක් කරාම බනින්නෙ අම්මටනේ

      Delete
  21. ඇයි ඇත්තට චන්ද්‍රිකා නෝනව මතක් වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. කවුරු හරි වැරද්දක් කලාම බැනුම් අහන්නෙ අම්මානේ

      Delete
  22. බලාගෙන ගියහම චන්ද්‍රිකා හොදයි දැ ඉන්න එකාට වඩා !
    දැන් ඉන්න එකා පවුල් පිටින්ම කනවා නෙව

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා ඔතනට යන හැමෝම වගේ ඔහොමයි මම ගියත් උඹ ගියත්. දුප්පතුන්ට බෙදන්න දීපු ටකරන් ශීට් විකුනපු මහත්වරුත් පානදුරෙ උන්නා

      Delete
  23. මට ඒකට උත්තරේ හිතාගන්න බැරුව වෙන වෙන අභූත දේවල් හිතුවා. ඔන්න අනිත් අයගෙ කමෙන්ට් දැක්කාමයි තේරුනේ

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන් ලංකාවෙන් පිට ඉන්නකොට මේ ගැන අවබෝදයක් නැතිවෙන්න පුලුවන්. ඕක පටන් ගත්ත එකත් දැන් රටේ නැ පොර පිට රට ඉඳගෙන ලංකාවෙ සත්ව කරුනාව ගැන කතාකරනවා. ... ඔන්න ඔන්න මට ආයෙම චන්ද්‍රිකා මැතිනියව මතක්වෙනවා

      Delete
  24. (බලු උනත්) ආදරයට කොහේදෝ බාදා නැත්තේ ?

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම කතාවක්

      Delete
  25. තේරුම් ගියේ නැති හැඩයි.

    ReplyDelete
    Replies
    1. බනින්න ඕනේ කොල්ලගෙ අම්මට

      Delete
  26. මෙහෙම කතාවක් දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන් පස්සේ තමා

    ReplyDelete
    Replies
    1. මට නම් බල්ලෙක් දැක්කම පොරව මතක් වෙනවා පොරව මතක් උන හැටියෙම ....

      Delete
  27. "සත්ව වන්ද්‍යාකරණ පනත" නේද ?

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම එකක් තමා

      Delete
  28. යන්තම් යන්තම් වගේ තේරුනා :)

    ReplyDelete
  29. බල්ලන්ට බලලු්නට සැත්කම් කරන්න පුලුවන් ඒත අපේ රටේ උන් විනාශ කරන්න බෑ.

    මිනිස්සුන් අතුරු දහන් වෙන්න පුළුවන් ඒත් බල්ලන්ට බලලුන්ට එහෙම කරන්න බෑ.

    අපි හරිම ධාර්මිකයි ඒ අතින්

    ReplyDelete
  30. අනේ මන් දා නෝනා මොනා ඒ කාලේ කොලාද කියලා

    ReplyDelete
  31. මම නම් පුද්ගලිකව බල්ලන්ට ගොඩාක් කැමතියි. හැබැයි වාත වෙනවට කැමති නෑ. බැල්ලියන්ව වන්ද්‍යාකරනය හොදයි. ඒත එහෙම කැන්නෙ ගෙවල්වල හදන බැල්ලියන්ව මිසක් දඩාවතේ යන උන්ව නෙවෙයි. ඉතින් මළ කරදරේ නිමක් නෑ.

    හැබැයි චන්ද්‍රිකා, එක වතාවක් පොලීසියට බල්ලො ගේන්න අදාල පත්‍රිකාව දාපු වෙලාවෙ රට බල්ලන්ට වඩා වල් බල්ලො හොදයි කිව්වා.... ;)

    ReplyDelete
  32. මම දැන් දෙලොවක් අතර ඉන්නේ. උඩේ පාන්දර චන්ද්‍රිකාව මතක් වුනේ බල්ලෝ කරපු වැඩේ තියෙන සමානාත්මතාව නිසාද, එහෙම නැත්නම් පනත නිඔසාද, දෙකම නිසාද?

    ඒ පනත ගෙනාවේ චන්ද්‍රිකා කියලා දැන ගත්තේ කමෙන්ට්ස් කියවලා ඕන්. ඔය පනත ගේන කාලේ අපි පොඩි එවුන් නොවැ.. ( තාමත් ඉතින් පොඩීනේ.. )

    ReplyDelete
  33. බලු වාඩනෙ අෆ්ෆා.....

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..