he

Saturday, August 25, 2012

113. පන්නාගෙන ඒම

අද පාන්දරම හදිසියේම කොට්ටාවට යන්න අවශ්‍ය තාවයක් ඇතිඋනා අධිවේගී මාර්ගෙත් ගැලනි ගමින් කොට්ටාවට ගිහින් ආයෙම පානදුරේට එන්න පුලුවන් නිසා අධිවේගය පාවිච්චි කරලා අපේ ගමන ගියා ඔය එන අතරවාරයේ එකපාරටම අපි ආපු වාහනේ පහුකරගෙන පොලිස් වාහනයක් ගියා. ඔන්න එතකොට තමයි මට මේ කතාව මතකෙට ආවේ. 

කතාවනම් එච්චර දිග එකක් නෙමෙයි. ඒ හන්දා කියවන්න අපහසුවෙන එකක් නෑ. 


ඔන්න දවසක් පොරක් එයාගේ වාහනේට නැගලා අධිවේගී මාර්ගයේ හැටට හැටේ නෙමෙයි 120 එනවාලු. 
ඔය එන ගමන් ඉදිරි පස තියන පසුපස බලන කන්නාඩියෙන් පේනවලු පොලිස් වාහනයක් එනවා. දැන් පොර තවත් හයියෙන් තමාගෙ වාහනේ පදවනවලු. පොලිස් වාහනේත් සයිරන් එක ගහගෙන පස්සෙන්ම එනවලු. කොහොම හරි සෑහෙන්න දුරක් ඇවිත් පොලිස් වාහනේ ජයගත්තලු. 

දැන් අපේ පොරගෙ වාහනේට ඉස්සරහින් පොලිස් වාහනේ නවත්වලා පොලිස් නිලධාරියෝ දෙන්නෙක් කෙන්තියෙන් බැහැලා ඇවිත් 

 "මොකද තමුසේ පොලීසිය දැකලා ඇරලා තියලා ආවේ

  අපේ කතානායකයා හොඳ සැනසුම් සුසුමක් හෙම ඇරලා 

"අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ රාලහාමි.
 පහුගිය සුමානේ මගේ ගෑනි අධිවෙගේ වැඩකරන පොලිස් රාලහාමිකෙනෙක් එක්ක පැනලා ගියා.
මම හිතුවෙ ආපහු එයාව දෙන්න මගේ පස්සෙ පන්නනවා කියලා"

42 comments:

  1. කතාව අහලා තියෙනවා. වෙනස් විදියකට. ජය...!

    ReplyDelete
    Replies
    1. මේ විදියටත් ඇහුවනෙ

      Delete
  2. මට තාම යන්න බැරිවුණා අධිවේග මාර්ගයේ... අද කෙටිම කෙටි කතාවක්. නියමයි.

    ReplyDelete
    Replies
    1. මමනම් නිතරම යැවෙනවා. ඇත්තටම වටිනවා කාලය සෑහෙන්න ඉතුරුයි

      Delete
  3. හි හි හි...මරු කතාව

    ReplyDelete
  4. ඔන්න ඔහොමනෙ ලොකු ජෝන් උඹලා වයිෆ් ගෙයි නැන්දම්මගෙයි හිට් ලිස්ට් එකට වැටෙන්නෙ. ඔය පොරම දවසක් මූණෙ දැලි කලු තෙල් තට්‍ටුවක් ගාගෙන වැඩට ගියාම යාලුවො අහලා මොකද කියලා. පොර ටිෂු එකක් අරගෙන පිහදාගන්න ගමන් කියනවලු "මම අද අවුරුද්දක් අපේ ගෙදර හිටපු නැන්දම්මව කෝච්චියට නැග්ගුව ගෙදර යන්න. කෝච්චිය අද්දනකොට සන්තෝසෙ ඉන්නම බැරුව ගිහින් මම එන්ජිමට උම්මා එකක් දුන්න," කියලා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හිට්ලිස්ට් එකට වැටෙන්නෙ නෑ මොකද දෙන්නගෙන් එක්කෙනෙක්වත් පෙට්ටගමට ගොඩවදින්නෙ නෑ ...

      …උම්මා කතාවනම් මරු

      Delete
    2. මේකත් මරු කතාව :D

      Delete
  5. පොර බේරෙන්න ඇති !

    ReplyDelete
    Replies
    1. හික් හික් අපේ බාප්පලාගෙන්ද ?

      Delete
  6. හේ හේ හේ එලම කතාව උදේම මගේ මූඩ් එක ෆ්‍රෙෂ් උනා තැන්ක්ස්. හම්මප මමත් ලංකාවට ආවේ යනවා කියල හිතාගෙන අධිවේගේ. කරුමෙට හම්බ උනේ නැහැනේ චාන්ස් එකක්

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් කැමතියි ප්‍රශ්න තිබුනත් ජොලියෙ ඉන්න. උදෙන්ම කතාවක් ලියන්න ලැබෙන්නෙ ගෙදර ඉන්න දවසට තමයි. එදාට ජොලිකතා තමයි

      …අපරාදෙ අධිවේගෙ යන්න තිබුනේ

      Delete
  7. එල කතාව.. දැන් ගොඩක් උන් අධිවේගේ 100khphනෙමේ යන්නේ ඊට වඩා වැඩි වේගෙන්...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. දැන් 120ට පුලුවන්නේ

      Delete
  8. මරු කතාව ලොකු ජෝන්.... ඒ වගේම ඩූඩ්ගෙ කතාවත්... හික්ස්...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත උම්මා කතාව නියමයි

      Delete
  9. හහ් හහ් හහ්. මරු ආතල් එක....

    ReplyDelete
    Replies
    1. පෙට්ටගමට සාදරයෙන් පිලිගන්නවා!

      Delete
  10. ආයෙත් අහලා.. එහෙම හිතුනම තව වේගෙන් යන්නනෙ හිතෙන්නේ..

    ReplyDelete
  11. සිරා කතාව... ඒ වගේම ඩුඩ් ගේ කතාවත් සිරා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මටත් ඩූඩ් ගෙ කතාව කියවලා තනියම හිනා

      Delete
  12. හෑක් ? පට්ට කතාව. එහෙම උනාම බය නොවී ඉන්නේ කව්ද ඉතින් :D

    ReplyDelete
    Replies
    1. නැතුව ආයෙම අමාරුවෙ වැටෙන්න කවුද කැමති

      Delete
  13. හි හි..මරු කතාව :)

    ReplyDelete
  14. කතාව මරුවට ලාංකීකරණය කරලා..

    ReplyDelete
    Replies
    1. අන්න තෙරුනා ඔරිජිනල් එක අපිට ගැලපෙනවා අඩුයි

      Delete
  15. අපරාදෙ පැනල ගියේ බලනකොට කියලමත් යන්න තිබුනා :D

    ReplyDelete
  16. පොලිස්කාරයත් බැඳලානං සමාව හම්බවෙන්ඩ ඇති

    ReplyDelete
  17. මේ වර්ෂන් එක අහලා නැත !!!

    ReplyDelete
  18. 120 ට නෙමෙයි 220 ට පාගලා යන්න ඕන සීන් එකක් ...

    ReplyDelete
  19. මේක වෙන රටක සිද්ද වෙච්ච විදියට අහල තියෙනවා. ලංකාවේ විදියටත් අද ඇහුවා..!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..