he

Friday, August 3, 2012

108.මසාලා තෝසේ කෝලා සහ ප්ලේන් ටී

දාඩිය බේරෙන දවසක අව්වත් එක්ක හරි හරියට හෙට්ටුවෙලා දිවා ආහාරයත් සමග සීතලම සීතල කෝලා වීදුරුවක් රසබැලුවොත් නරකද. මෙවැනි ග්‍රීෂ්ම දවසක ඔබ මේ ඉල්ලීම පැහැර හරීවි යැයි මම නම් හීනෙන්වත් හිතන්නෙ නෑ.


දිනය ගැන අවබෝදයක් හරියාකාරව මතකයට නොනැගුනත් ඒ 1998 වසර බව හොඳටම විස්වාසයි.ස්ථානය කොටුව බංගසාල වීදිය. ඉර හරියටම මගේ හෙවනැල්ල මකාගෙන මාත් සමගම ඇවිද යන වෙලාවක්. ව්‍යාපාර කටයුත්තකට කොළඹ ආ දිනයක්. බොහෝවිට දිවා ආහාරයවන්නේ මසාලා තෝසේ එකක් බොන්ඩාවක් සමග, උනු උනු සම්බාරු සමග මුසුකොට රසනහර පිනා යන අයුරු මටනම් අමතක වන්නේ නෑ     ඒ සියල්ල අවසානයෙ සීතලම සීතල කෝලා බෝතලයක් හිස්කිරීමටද අමතක කරන්නෙ නෑ



එදත් සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතු අවසන් කරලා මාත් මගෙ මිතුරත් දිවා ආහාරය සඳහා අපේ සුපුරුදු "තොසේ කඩේට" ගියේ බඩ කට පුරා කන්න.සතියකට දෙවරක් අපි නොවරදවාම  එනබව එහි සේවකයන්ටද නොරහසක්.
ආම්පන්න මල්ල මේසයෙ පැත්තකින් තබා මා අත සෝදා එනතුරු මගෙ මිතුරා මේසයට වී හිඳියි. මා ආ පසු ඔහු ගොස් අත් සෝදා එනවිට  හෝටල් සේවකයන් අපි දෙදෙනාගේ මසාල තෝසේ දෙක මේසයට ගෙන පිගන් වලට දමා නවා සම්බාරුද දමා අවසානය.


අප මේසයට යාබද මේසයේ දුහුවිලි ගැසුනු කමිසයක් හා සෑහෙන කාලයකින් වතුර පොදක් හා නොගැටුන ඩෙනිමකින් සැරසුන අවුරුදු හතලිස් පහක පමන වූ  අයෙක් තෝසේ දෙකක් සීරුවට බුදිමින් සිටියේය. ඔහු කෑම කා අවසාන බව මට අවබෝද වුයේ හෝටල් සේවකයාට "ස්ට්‍රෝං ප්ලේන්ටී" එකක් ගෙනෙන්නට කී නිසාවෙනි. 

මේ ගිනි ගහන අවුවේ හිරු රැස් මුලු කොළඹම වෙලාගෙන උන්න මොහොතක දුම් දමමින් කහට කෝප්පයක් ඔහුගෙ මෙසය මතින්  හෝටල් සේවකයා ගෙනවිත් තිබුවේය.  


"මේ අවු කාස්ටකේ කොහොමද බන් මේ මිනිස්සු තේ බොන්නේ"


 මගෙ හිතෙ තිබුනු පැනය වචනවලට පෙරලී මගෙ මිතුරාගෙ දෙසවනේ තැබුවේ එලෙසය. ඒවනවිටත් අප ඇනවුම් කල කූල් කෝලා බෝතල දෙක මේසය මත තබා යන්නට තරම් හෝටල සේවකයො කඩිනම් වී සිටියහ. මම කෑම කා අවසන් බැවින් අත සේදීමට පසු පස කරාමය වෙත ගියෙමි.


මා නැවත අතසෝදාගෙන පැමිනෙනවිට මගෙ මිතුරා හෝටලයෙ පිටවීමේ දොරටුව දෙස බලමින් සිටියේය. අප අසල හුන් පුද්ගලයා කෑම අවසන් කොට ගොස් තිබුනි.


"උඹ කියපු  එක අර මනුස්සයට ඇහිලා  පොර මට කියුවා උඹට මෙහෙම කියන්න කියලා"

"මහත්තයා ඔයාගෙ යලුවට කියන්න අපි දවල්ට කාලා ප්ලේන්ටී බොන්නේ  අපි කන ටික ඇඟට අල්ලගන්න ඕන නිසා. අපි කරන්නෙ බර වැඩ . අපිට මහත්තයලට වගේ කාලා පුටුවකට වෙලා වාඩිවෙලා ඉන්න බෑ  "


මුලු හෝටලයම මගේ හිසමත පාත්වූවාසේ හැඟීමක් මට දැනුනි. මා ඇනවුම් කල කෝලා බෝතයල මේසයමත සීතල වතුර බිංදු බේරමින් මේසයමත තිබුනි.
ඒවනවිට අප මේසය අසලට පැමිනි හෝටල් සේවකයා දෙසට හැරුනු මම,


 "අයිය මට තරහ නැතිව ස්ට්‍රෝංග් ප්ලේන්ටී එකක් ගේනවද ?"

47 comments:

  1. ඊට පස්සෙ කොකාකෝල එක බීල ස්ට්‍රෝං ප්ලේන්ටී එක බිව්වද?

    ReplyDelete
    Replies
    1. නෑ එදයින් පස්සෙ ප්ලේන්ටී විතරයි

      Delete
  2. ඔව්ව ඔහොම තමා යාළු.

    ReplyDelete
    Replies
    1. එදා මම පාඩමක් ඉගෙන ගත්තා

      Delete
  3. කෝක් කියන්නෙ ශරීරයට අහිතකර පානයක්...මේ පානය පිටිපස්සෙ ඇමරිකන් මාෆියාවක් ක්‍රියාත්මකයි... විවිධ රටවල කෝක් වලට එරෙහිව කථා කල අයට රහසිගත මරණයකට මුහුණ දෙන්න සිදුවෙලත් තියෙනවා විශේෂයෙන් බ්‍ර‍සීලයේ... දත් වල හා අස්ථිවල කැල්සියම් කෙරෙහි අහිතකර ප්‍ර‍තිඵල ගෙනදෙනවා කියලයි මම අහලා තියෙන්නෙ... අපි නම් ඉතිං කෝක් බිව්වොත් බොන්නෙ සැර ජාතියක් එක්ක විතරමයි... කාලයක් අපේ රටේ අංක එකේ අළෙවි උනත් ජනතාවගේ අවබෝධය නිසා දැන් ඔවුන්ට කලින් තරම් අළෙවියක් ලංකාවෙ නෑ... දැන් ලංකාවෙ අංක එක අලියා ක්‍රීම් සෝඩා

    ප්ලෙන්ටි කථාව නම් මට හිතට වැදුනා... පවු කියලත් හිතුනා ඒ මනුස්සයා...

    වෙලාවක අපේ දිහාටත් ගොඩ වැදිලා යන්න එන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැන් මම කෝලා වලින් තොරයි ඒකනෙ Brand Name පාවිච්චි නොකලෙ

      …සමාවෙන්න මට ඔබෙ බ්ලොග අතපසු උනාට

      Delete
  4. ඒ මනුස්සය කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත බං..! ඒ වගේම ඒකතාව සාධාරණීකරනය කරන්න හිතිච්ච එකත් හොඳ ගතිගුනයක්..!

    ReplyDelete
  5. ඔය මොනව උනත මාසාල තෝසෙයි බොන්ඩ එකයි කෝක් එකයි...

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................:):)

    ReplyDelete
    Replies
    1. කෝලා වෙනුවට උනු උනු ප්ලේන්ටී එකක් අත්හදා බලන්න

      Delete
  6. ඇත්ත කතාව කාලා ඉවර වෙලා සීතල වතුරවත් බොන්න හොද නෑ.කෑමවල තියෙන තෙල් ඝන වෙනවලු.

    ReplyDelete
    Replies
    1. අත් දුටු සත්‍යයක්

      Delete
  7. හප්පා අපේ සෙට් එක නං ඔහොම කාලා ඉවරවෙලා තව එකක් ඕඩර් කරනවා ඒක බිව්වම තමා කාපු කෑමක් ඇඟට අල්ලන්නේ....

    ReplyDelete
    Replies
    1. හරි කෑම ගැන ලියුවෙ නෑ ලැජ්ජා හිතුනා මූ කන හැටියට ඇඟ නෑ කියලා කව්රුහරි කියුවොතින්

      Delete
  8. haiyo.....ayyatath wena wada....:):)

    ReplyDelete
    Replies
    1. එහෙම වැඩත් වෙන්න එපැයි

      Delete
  9. දොස්තරලා නම් කියන්නෙ ප්‍රධාන කෑමවේලට පැයක් දෙකක් එහා මෙහා මොකුත් බොන්න එපා කියලා..

    ReplyDelete
    Replies
    1. දොස්තරලනම් කියයි. මට කියන්න වෙන්නෙත් අර මෑන් මට කියුව දේම තමයි

      Delete
  10. කෝක් නැතුව මොන කෑමද...

    ෂොරි ඈ...

    මොන බීමද...

    ReplyDelete
  11. සමහර මිනිස්සුන්ට ප්ලේන්ටිය තරම් කිසිම දෙයක් හරියන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. සියරට දේ බොක්කටම වදිනවා

      Delete
  12. මම දන්න විදිහට නම් බත් කාලා ප්ලේන්ටී බිව්වොත් ගුණ මැකෙනවලු.හැබැයි ඉතින් කෝක් වලට වඩා ඒක හොඳයි
    හැබැයි ඔය බර වැඩ කරන මෑන්ස්ලට නම් ප්ලේන්ටිය නැතුවම බැරි දෙයක්

    ReplyDelete
    Replies
    1. පිටකොටුවේ ප්ලේන්ටි තහනම් කලනම් බලාගන්න තිබුනා වැඩ කෙරෙන හැටි

      Delete
  13. ඒවගේ දෙයක් වෙන්නම ඕන ඒ වගේ පාඩම් ඉගෙන ගන්න. ජිවිතයට වටිනා පාඩම්.

    ReplyDelete
    Replies
    1. හොඳ පාඩමක් ඉගෙන ගත්තා

      Delete
  14. උගත් පාඩම් කියුවලු
    මටත් එච්චර අල්ලන්නේ නෑ ඔය කෑම කාල බීම බොන එක , තේ බොන එක අල්ලන්නෙත් නෑ, වතුර තමයි හොඳම :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත වතුර තමයි හොඳම. ඒත් වෙලාවට ඇඟට වදින්නෙ ප්ලේන් ටී එක

      Delete
  15. ප්ලේන්ටි බොන්න හොඳ නෑ කාපු ගමං.මොකද කෑමවල තියෙන යකඩ අවශෝෂණය වෙන එක අඩු වෙනවා.ඉතිං බර වැඩ කරන කෙනෙකුට දීර්ඝකාලීනව හිමොග්ලොබින් අඩු වෙලා නිරක්තිය එන්න පුළුවන්.කෝක්නං බොන්ඩ හොඳම නෑ නෙව.විමල් අයියා උඹලගෙ ගෙදර තාප්පෙත් ගහයි මව්බිමද කෝලා ද? කියලා.

    වෙන මොනාහරි බොන්ඩ පුරුදු උනොත් හොඳා ඕං.....

    ReplyDelete
    Replies
    1. මම කාලා කෝලා බොන එක නැවැත්තුවෙ එදා. මිනිස්සු අත්දැකීම් මත ඉගෙන ගන්නවා

      Delete
  16. ලංකාවේ දේනේ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. කෑමට පෙර පසු බීම ජාති ගන්න එක හොඳ නෑ(සැර එව්ව ගැන නෙවේ). කොහොම උනත් උඹේ උණු උණු රෙසිපියට කෝක් ගැලපෙන්නෙ නෑ.

    ReplyDelete
  18. නොකා හිටියත් මට තේ නම් බොන්න ඕන..:)
    ප්ලේන්ටි නම් වැඩි කැමැත්තක් නැහැ.:)
    නියම කතාව :)

    ReplyDelete
  19. ඔය කෝලා නම් බොන්න හොඳම නෑ. බොන අයටත් එපා කියනවා මම නම්. කෑම කාලා වතුර ටිකක් බොන එක තමයි හොඳම. ඒ මනුස්සයා හොඳ කතාවක් කියල තියෙන්නේ.

    ReplyDelete
  20. කොහොමත් තෝසේ කෑවම හොද ප්ලේන්ටී එකක් බොන්න තමා.. එතකොටයි රසේ වැඩි..

    ReplyDelete
  21. හ්ම්ම් තොසේ රසයි තමා. නමුත් මට තේරුම් ගන්න අමාරුයි කොහොමද ප්ලේන් ටී එකෙන් කෑම ඇඟට අල්ලන්නේ කියල. කෝක් බොන්න හොඳ නෑ තමා නමුත් ටී එකේ කෙස් එක මට තේරුනේ නෑ. සමහර විට මම අහල තියෙනවා. කාම කාල කූල් දේවල් බොන්න එපා උණුවෙන් දෙයක් බොන්න කියල.

    ReplyDelete
  22. අපි මෙහෙම හිටියට කොච්චර දුක් විඳින මිනිස්සු ඉන්නවද මේ රටේ...

    ReplyDelete
  23. මට නම් කොහේ ගියත් ප්ලේන්ටී තමයි... ඕන වෙලාවක.. ඕන තැනක...කෝලා ජාති බොන්නෙම නැ.. ඒකනේ මේ හැඩට ඉන්නේ.. හික්ස්....

    ReplyDelete
  24. කෝක් නම් හොඳ නැති එක අමුතුවෙන් කියන්න හොඳ නෑනෙ. කෑම කාපු ගමන් තේ, කෝපි බිව්වාමත් කාපු කෑමෙ තියෙන යකඩ පදාර්ථ ශරීරයට උරාගැනීම අඩපන වෙන බව තමයි ජෝනා මාත් අහලා තියෙන්නෙ.
    මෙතන ඉගෙනගන්න ඕනෙ පාඩම නම් හයියෙන් හිතන්න හොඳ නෑ කියන එකයි මම හිතන්නෙ.
    Never Think Aloud In Public.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  25. ප්ලේනටි කක බිවුවාම අමුතු ගතියක් තියෙනවා. එත කාල බොන්න හොඳ ස්ට්‍රෝන් ටි එකක්.

    ReplyDelete
  26. ඔය මාසාලා, බොන්ඩා පාරක් දානවනම් කියාපු තැන් තමයි කොල්ලුපිටියෙ ඉන්දු සිලෝන්, වැල්ලවත්තෙ සරස්වතී ලොජ්, තුම්මුල්ලෙ ශාන්ති විහාර් ( දැන් වහලා) ඒ එක්කම ඒ තැන්වල ඉඟුරු ප්ලේන්ටිය ෂාහ්.. කියල වැඩක් නෑ.

    මොනව උනත් අර මනුස්සයා දුන්න පැහැදිළි කිරීම හරි.

    ReplyDelete
  27. සාමාන්‍යෙයන් නම් එලවලු පළතුරු වල ඇති විටමින් ඛනිජ ඇඟට උරාගන්න එක ප්ලෙන් ටී එකක් නිසාත් අඩු වෙනවා. කෝලා නම් කොහොමත් අහිතකරයි. ඒත් කොයි තරම් උණුසුම් වේලාවක උනත් උණු උණු ප්ලේනිටියක් බීවාම වැඩ කරන්න ඇඟට අලුතින් පණක් එනවා තමා.

    ReplyDelete
  28. කාලා ප්ලේන්ටි බොන්න හොද නෑ බං. ඔන්න ලයිම් ජූස් නං නියමයි ඒත් ඒක බ්ව්වහම බඩගින්න වෙඩිවෙනවා

    ReplyDelete
  29. ඒ උනාට කටට ඩැරට කාලා උනුවට ප්ලෙන්ටියක් බොනකොට තියෙන රස වෙන දෙකින් ලැබෙන්නෙ නෑ

    ReplyDelete
  30. ඔය දෙකම නෙමෙයි. කෑම කාල බොන්න ඕනෙ ග්‍රීන් ටී. ග්‍රීන් ටී එකෙං තමන්ගේ කෑම වෙලේ තියෙන තෙල් වගේම පිළිකා කාරක වලටත් ගේම දෙනවා. ප්ලේන් ටී බිවම කෑම එකේ තියන ගුණේ නැති වෙනවා

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..