he

Monday, July 30, 2012

107.තාප්පෙන් පැන්න තාත්තා.

පාසැල් කලයෙ සුන්දර ඒ වගෙම නොමැකෙන මතක ගොන්නට වැටෙන කතාවක් අද කියන්නම්.…නුහුරු බීම හෙවත් තනි අකුර මේ මම ආසිරි ගැන ලියපු පලවෙනි කතාව. නොබලපු අය ඉන්නවනම් බලන්න. අද කතාවත් ආසිරි ගැන. පාසැල කිට්ටුවම පදිංචි වෙලා උන්න සිසුවෙක්. වෙලාවට කලින් පාසැලන් නික්මයාම ගැන හොඳ පළපුරුද්දක් මොහු සතුයි. පාසැලන් නික්මයම කියලා කියුවෙ ගේට්ටුවෙන් නෙමෙයි, තාප්පෙන්. මේ ඒ සම්බන්ද රසවත් කතාවක්.


ඒ අපේ උසස් පෙල අවසාන වසර, උසස්පෙලට එන පලවෙනි වසරෙ පලමු වාරයෙ ඉගනගැනීමට තියන උනන්දුව දෙවන නැත්නම් අවසන් වසරෙ මුල් වාරය වනවිට සෑහෙන්න අඩුවෙලා. අපෙ පන්තියෙ හුඟ දෙනෙකුට තිබුන මානසිකත්වය එහෙමයි. පළමු වාරයෙ ක්‍රීඩා තරඟ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරඟ ආදිය පැවැත්වීම අධ්‍යාපනයට තියන
උනන්දුව අඩු වීමට එක් හේතුවක්. අනික අපේ පන්තිය ගනිත පන්තියක් වුවත් වැඩිහරියක් උන්නෙ වෙන වෙන අංශවලට කැමැත්තක් ඒවගෙම දක්ශතාවයක් පෙන්වන අය. ඒ ගැන මගේ පන්තියෙ උන්න මිත්‍රයෙක් (දෙනුවන්) ලියු මේ සටහනින් බලන්න


ඉතින් ඔය මොනවා තිබුනත් වාර විහාගෙත් තියනවනෙ. ඒක ඉවර උන ගමන්ම අපිට දෙනවා ප්‍රගති වාර්තව. හැබැයි ඒ දෙන විදියෙ පොඩි වෙනසක් තියනවා. ගුරු දෙගුරු රැස්වීමක් කැඳවලා තමයි ප්‍රගති වාර්තාව දෙන්නෙ ඒ දෙන්නෙත් ළමයින්ට නෙමෙයි දෙමාපියන්ට.


මලලසේකර රඟහල එදා
මලලසේකර රඟහල එදා
අනූවෙ දශකයෙ මුල් කාලෙ …කොළඹ පාසැල් ශ්‍රවනාගාර අතුරින් මලලසේකර ශාලාවට හිමිවුනෙ ඉහල තැනක්. නාලන්දා විද්‍යාලයෙ ප්‍රථම විදුහල්පතිවරයාවන මහාචාර්‍ය ගුනපාල මලලසේකර මැතිතුමා සිහිවීම පිනිස නම් කර එම රඟහල, විශාල කාලයක් වගේම විශාල පිරිවැයක් යොදවලා අට පට්ටම් හැඩයට සදා
නිමකලත්, පාසැල් උත්සවවලට මුල්තැන දුන්නා මිස පොදු කටයුතු සඳහා එම ශාලාව එතරම් යොදා ගත්තෙ නෑ. ඒ නිසාම මේ ශාලාව එතරම් ප්‍රසිද්ද උනේ නෑ. ඒත් එහි පහසුකම් නම් එකල ඉතාම උසස්.
පසු කලක (2005 දී ) මෙ ශාලාව ගිනි ගැනීමෙන් විනාශ උනා. වත්මනේ ආදි සිසුන් මෙය ප්‍රති නිර්මානය කිරීමට උත්සහා කරනවා. ඒ ගැන විස්තර මේ ලින්කුවෙන් බලන්න

මම මලලසේකර රඟහල ගැන කියුවෙ අර කියුව ගුරුදෙගුරු රැස්වීම පැවැත්වුයෙ ඔය රඟහලෙ. ගුරු දෙගුරු කියුවට එකල සිසුවො වුනු අපිත් ඔය රැස්වීමට සිටිය යුතුයි. ඉදිරි පේලියෙ සිසුවා වාඩිවන අතර සිසුවාගෙ පිටුපසින් දෙමාපියන් සිටිය යුතුයි. අටපට්ටම් හැඩයට නිමවා තිබුන නිසා එක තැනක සිටින කෙනෙකුට මුලු ශාලවම හිස පමනක් කරකැවීමෙන් නැරඹිය හැකියි. ඔය කියුවට ඉස්සරහ උන්න අපි කවුරුත් ඔලුවක් උස්සලා වට පිට නම් බලන්නෙ නෑ . විදුහල්පතිවරයා වේදිකාව මත සිටිමින් එක් එක් සිසුවාගෙ නම කියන විට අදාල සිසුවා සමග දෙමාපියන් සිට ගත යුතුයි. ඉන් පසු මුලු ශාලාවට ම ඇහෙන්න ප්‍රගති වාර්තාව කියවනවා. (විළි ලැජ්ජාවෙ පණ යනවා ) …


13 වසර A පන්තියෙ උන්න අපි අසුන් ගත්තෙ ඉදිරි පසම පේලියෙ. පන්තියෙ අකාරාදි පිලිවෙලට අසුන් ගන්න ඇවැසි නිසා ආසිරි කියන මගෙ මිත්‍රයට අසුන් ගන්න නියමිත වෙලා තිබුනෙ ඉස්සරහම පේලියෙ ඉස්සරහම. එදා මිනිහා වෙන්න තියන දේ දන්න නිසා පාසැල් ඇවිත් තිබුනෙ නෑ. හැබැයි තාත්තා ඇවිත් තිබුනා. ආසිරිගෙ තාත්තා අදින්නෙ තනි සුදු ඇඳුම්. ආසිරිගෙ නම කියපු ගමන් තාත්තා නැගිට්ටා


"කො තමුසෙගේ තාත්තා මම් තමුසෙව තමයි අල්ලගන්න හිටියෙ"


"ඇයි සර් ?"


…"තමුසේ නේද එදා මම එනවා දැකලා තාප්පෙන් පැන්නෙ " …


"නෑ සර් මම තාත්තා පුතාට සනීප නෑ පුතා ගෙදර"

කලින් දවසක තාප්පෙන් පනිනකොට විදුහල් පති තුමා ආසිරිව දැකලා පස්සෙන් දුවලා ගිහින් තියනවා අල්ලගන්න . 

ඒවා කොහෙද මළල ක්‍රීඩාවට කප් ගහපු කොල්ලෙක්ව පලමු වාරයෙදි පස්සෙන් පන්නගෙන අල්ලගන්නෙ. 




පසු සටහන : විදුහල්පතිවරයාගේ ආමන්ත්‍රනය සැර පරුශ වුවත් ඒ එකල සිසුන් වූ අප හරි මගට ගැන්වීමටය. එලෙස බැනවැදීම අද නම් මානව හිමිකම් දක්වා දුර දිග යාමට පවා බැරි නැත. මේ මුල් ගුරුවරයාගෙම තවත් කතාවක් " පමා නොවී එමි අකුරට "මෙම ලින්කුවෙන් බලන්න

70 comments:

  1. තාත්තයි පුතයි එච්චරටම සමානද ?

    ReplyDelete
    Replies
    1. නෑ පුතා නැති තැන තාත්තා පුතා වගේ පෙනුනේ

      Delete
  2. ප්‍රින්සිපල්ගේ ඇස් හොඳට පේනවා වගේ.දැන් නම් ගුරුවරයෙක් ළමයෙක්ට බැන්නත් අම්මලා රෙදි උස්සන් යන්නේ :)

    ReplyDelete
    Replies
    1. වේදිකාවෙ කෙලවරක් තමයි විදුහල්පතිවරයා උන්නෙ අපි උන්නෙ අනිත් කෙලවරේ ඉතින් පෙනීමෙ අඩුවක් තියෙන්න පුලුවන්නේ. අනික වයසක ගුරුවරුනේ.
      …දෙවන කාරනේ ගැන ඒකනෙ පසු සටහනෙ දැම්මේ

      Delete
  3. තාත්තයි පුතයි දෙන්නම එක වගේම ඇති.
    ඒත්.... අඩුම තරමේ තාත්තට රැවුලක්වත් තිබ්බේ නැද්ද මන්දා. :)

    ReplyDelete
    Replies
    1. තාත්තට රැවුලක් තිබ්බට වේදිකාවෙ කෙලවරක ඉඳලා බලනකොට සුදු කලිසමයි කමිසෙයි විතරනේ පේන්නේ

      Delete
  4. තාප්පෙන් පනින එක මරුආතල් බං දවසක් පනිනකොට හොම්බෙන් ගියා අදවගේ මතකය්.......හෙහ්,..හෙහ්..!

    ReplyDelete
    Replies
    1. ඒවා තාම රසවත් ඒකනේ

      Delete
  5. තාප්ප කෝස් එකත් මරු ආතල්.එකම දවසයි තාප්පෙන් පැන්නේ.අපි සෞඛ්‍යදානෙ හිටපු හින්දා ගේට්ටුවෙන්ම බොරුවක් කියලා යන්ඩ පුළුවන්කම තිබ්බා.

    ඔන්න ඔහොම තමයි ළමයින්ට උනන්දුව ඇති කරන්ඩ පුළුවන්

    ReplyDelete
    Replies
    1. ගේට්ටුවෙන් යනවට වඩා තාප්පෙන් පනින එක කොච්චර ආතල්ද

      Delete
  6. සර්ට වහ කන්න හිතෙන්න ඇති.
    අපි නම් තාප්ප වලින් පැන්නෙ නෑ.(තාප්ප තිබ්බේ නෑ)
    අපි පැන්නේ කම්බි වැටෙන්...කොහොමද හදිසියට පනිනකොට....?

    ReplyDelete
    Replies
    1. නෑ ඊට පස්සේ තාත්තට කන්තෝරුවට එන්න කියලා පුතාගෙ කැරැක්ටුව ඉදිරිපත් කරලා

      Delete
  7. ආසිරියගේ තාත්තා එච්චරම තරුණයි ද.....

    ReplyDelete
    Replies
    1. තාත්තා තරුනම නෑ ඒත් සුදු ඇඳුමට ඈතට පැටලිලා

      Delete
  8. සැර ප්‍රින්සිපල්ලා හිටියේ නැත්නම් අපි වගේ එවුන්ව හදන්ඩ බෑ බං...එහේම අය ඒකාලේ හිටපු නිසානේව අපි මේතත්වේ හරි ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගුරුවරු කියන්නෙ දෙවිවරු වගේ කොටසක්

      Delete
  9. නයෙක් ගියාද මේ පැත්තෙන්?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ පලමු වරට තමයි මේ පැත්තෙ එන්න ඇත්තෙ. ඒකයි නයාවම දැක්කේ. මෙහේ නිතර යන එන අයනම් මේ ගැන හොඳට දන්නවා. නිවාඩු පාඩුවෙ අනිත් ලිපිත් කියවන්නකො
      …ස්තුතියි මේ පැත්තෙ ආවට.

      Delete
  10. ඇත්තටම ඒ කාලේ අධ්‍යයාපන ක්‍රමේ හොඳයි කියල හිතෙනවා දැන් ක්‍රමෙත් එක්ක සසඳන කොට

    ReplyDelete
    Replies
    1. ඇත්ත. දැන් ගුරුවරු අධ්‍යාපනය විකුනනවා සිසුන් ඒවා මිලදීගන්නවා එච්චරයි

      Delete
  11. ඒ වෙලාවේ ප්‍රින්සිපල් උත්තමය හිටියේ ඔටෝමැටික් මෝඩ් එකේ. ඉතින් තාත්ත පුතා පෙනෙන්නේ ටේප් එක ගියාට පස්සේ..

    ReplyDelete
    Replies
    1. නියම නිර්වචනය කිරිල්ල නියමයි

      Delete
  12. ආසිරියාට තාත්තගෙන් පස්සේ සබ්බුව හම්බෙන්න ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් ඇත්තටම මතකයක් නෑ

      Delete
  13. අපි ඉස්කෝලෙ යන කාලේ දෙමව්පියො විතරයි මලලසේකරේට ගත්තේ.. ඉස්සෙල්ලාම ප්‍රින්සිපල් තුමාගේ දේසනේ අහල අම්මලාව පන්තිවලට එවනවා.. ඊට පස්සේ අපේ පු‍ටුවල අම්මලා තාත්තලා අපි එලියේ.. පන්ති භාර තුමා/ තුමයි තමයි ගේම රන් කලේ...

    මොනව කිව්වත් කලත් නාලන්දාව සදා අමරණීයයි..!!

    ReplyDelete
    Replies
    1. මම කියුවේ 92-93දි. සුමනසෙකර සර් තමයි ඒකාලෙ උන්නෙ. කියලා වැඩක් නෑ. අපෙන් තමයි ගුරු දෙගුරු සිසු හමුව පටන්ගත්තෙ. මට මතක හැටියට කුලියට දෙමාපියන්ව ගෙනාපු උනුත් ඒකාලෙ උන්නා.
      …කොහොම උනත් ඉස්කෝලෙ එකෙක් දැනගන්න ලැබීම සතුටක්.

      Delete
    2. හෆ්ෆේ අපේ ආාාාාාදිම ශිෂ්‍යයෙක් නේ.. අපිනං අද ඊයේ අයියේ.. (07)

      //ට මතක හැටියට කුලියට දෙමාපියන්ව ගෙනාපු උනුත් ඒකාලෙ උන්නා.// මංතුමාත් දෙපාරක් විතර ඔය වැඩේ කොලා.. හිකිස්..

      Delete
  14. ඔයවගේ පැටලිලි වෙනව. අපේ ඉස්කෝලෙට අලුතෙන් ආව ප්‍රින්සිපල් කෙනෙක් ඇන්දෙ සුදු කලිසමයි ෂර්ට් එකයි. ඊට කලින් උදවිය සුදු කලිසම් ඇන්දෙ නෑ. ඒ මදිවාට මේ ප්‍රින්සිපල් මාර සැරයි. අවේලාවෙ එහෙ මෙහෙ ඇවිද්දොත් වේ වැල්පාර වදිනව. ලඟට එනකල් දන්නෙ නෑ. ඇයි ඉතිං කොල්ලෙක් වගේනෙ.

    මේ කියන විදුහල්පතිතුමා දැං ඉන්නෙ (පැන්ෂන්) අපේ ඔපීසිය කිට්ටුව. පැන්ෂන්එකේ වැඩ වලදි, වාහනේ ලයිසන් කරගන්න වගේ දේවල් වලදි මම උදව් කරනව. දැං මාර ආදරෙයි. ඒකාලෙ ළමයි/ගුරුවරු වගේ නෙවෙයි දැන් ළමයි/ගුරුවරු. මොනව වෙලාද මංද!

    ReplyDelete
    Replies
    1. උගන්නපු ගුරුවරයෙක් දැන් දකින්න ලැබුනම දැනෙන සතුට වචන වලින් කියන්න අමාරුයි නේද ? අද ගුරුවරු ගුරු වෘත්තිය විකුනනවා එදා ගුරුවරු කලේ සේවයක්

      Delete
  15. මාර සීන් එකක්නෙ වෙලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. තව ඔය වගේ සීන් තියනවා "මහේලගේ දහසත්" ඒ වගේ එකක් Link to මහේලගේ දහස

      Delete
  16. ජෝනා, මාත් ඔය ඉස්කෝලෙ තාප්පෙන් කොච්චර පැනලා ගිහින් ඇත්ද? හැබැයි ඒ උඹලට කලින්. එතකොට ඔය හෝල් එක තිබ්බෙ නෑ. කුලියට දෙමව්පියො පාරෙන් හොයාගන්න පුලුවන් රුපියල් දහයකට විස්සකට. ඇවිත් බැනුම් අහගෙන ඉඳලා යනවා.

    ඔය විදියට හෝල් එකේ හිටවාගෙන රිපෝට් කියවන එක එදා කලාට අද මම වැඩ කරන ඉස්කෝලෙ, මගේම දරුවගෙ OL result sheet එක මගෙ අතට දෙන්නෙ නෑ. මම ගන්නවානම් මම පුතාගෙන් ලියුමක් අරන්යන්න ඕනෙ අවසර දීපු. හැබැයි විභාග ගාස්තු ගෙව්වෙ මම. :D

    ඔය සුලෝහිතේ හිටපු හාමුදුරු කෙනෙක් ගැන මම ලියපු "ධර්මාරාම ධයන්න පුතා, ධර්මාරාම ධයන්න" පෝස්ට් එක බැලුවද ජෝනා?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම පුතාගෙන් ලියුමක් අරන්යන්න ඕනෙ අවසර දීපු. හැබැයි විභාග ගාස්තු ගෙව්වෙ මම. :D

      හරි කෙලියක්නේ බං ඒක

      Delete
    2. ඒකාලේ කියුවේ "සූවස් ඇල හරහා පැනීම" කියලනේ. කොහොමද සුවඳ තාම මතකෙට එනවා. ඒකාලෙත් කුලියට දෙමාපියො ගන්න එක තිබුනා එහෙනම්

      පුතාගේ රිපොට් එකට පුතාගෙන් ලියුමක් ගන්න එකනම් අනේ කාලේ වනේ වාසේ කියුවලු.
      …ඒ කියන්නෙ අපි නොදැනුවත්වම හරි යන්නෙ ආපස්සට ....

      Delete
  17. :D අපෙත් දෙමාපියන් එක්ක යන්න ඕන ඕක ගන්න! අපිට ස්කොලෙදි පලුයන්න බැන්නට මොකද අම්මලත් එක්ක ගියාම අම්මල බැන්නත් සර්ල මිස්ල ෂේප් එකේ අපිව ගලව ගන්නවා තව උනන්දුවෙයි අරකයි මේකයි කිය කිය!

    ReplyDelete
    Replies
    1. ගුරුවරු කියන්නේ අන්න ඒ අයට

      Delete
  18. අපේ පොරක් හිටියා කසුන් කියලා බුදු බුලට් එකක්.දෙමාපිය රැස්වීමට තාත්තා එනවා පොර එදාට නිවාඩු.දවසක් නිවාඩු කාලේ පන්තියකට එන්නේ නැතුව කිරි අම්මගේ මල ගෙදර ගියා කියලා තාත්තාගෙන් ලියුමක් අරන් ආවා.මිස් ඕක කට්ටියම ඉස්සරහ තාත්තට කිව්වා.බැලින්නම් පොරගේ තාත්තා ඒ දවස් වල ටුවර් එහෙකට ගිහිල්ලා රට ඉඳලා තියෙන්නේ.කිරි අම්මා නැතිවෙලා තියෙන්නේ අවුරුදු ගානකට කලින්

    ReplyDelete
    Replies
    1. හික් හික් ඔය වගේ එකම ආච්චි අපේ ඔපීසියෙත් තුන් හතර වතාවක් මළා

      Delete
  19. ඇඩෙනවා... මෙහෙම රිපෝට් ප්‍ර‍සිද්ධියෙ කියවලා දුන්නනම් අපිට ඉතින් දෙවියන්ගේම පිහිටයි... වෙලාවට එහෙම වුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. මටනම් හුඟක් දවස් වලට රිපොර්ට් එකට ලැබුනෙ Absolutely Brilliant කියලා

      …රසායන විද්‍යාව AB
      …භෞතික විද්‍යාව AB
      …ශුද්ධ ගනිතය AB
      …ව්‍යවහාර ගණිතය AB

      ඒ හින්දා ගානක් නෑ

      Delete
    2. උඹට අපි සලකනව මදිනෙ ජෝනා! :D
      henryblogwalker the Dude

      Delete
    3. හැබෑට ලොකු ජොන් මාර දක්‍ෂයෙක් නෙව. හෙහ් හෙහ් ...

      Delete
  20. අච්චෝ.......මාර වැඩ......හි හි....:)

    ReplyDelete
    Replies
    1. තව ලොකු මාර ගහකුත් තිබුනා ...

      Delete
  21. මරු තමා. ඇත්තටම මේ කාලේ නම් මානව හිමිකම් කඩ කලා කියල නඩු දාන්නත් බැරි නැහැ තමා. ඒත් ඒ කාලේ එහෙම හිටපු හින්ද කී දෙනෙක් නම් යහමගට හැරෙන්න ඇද්ද .. ඒත් ඉතින් කට්ටය ඉස්සරහ රිපෝට් ඒක කියවන ඒක නම් ඇඩෙන වැඩක් තමා.

    ReplyDelete
    Replies
    1. කීදෙනෙක්ද නෙමෙයි හැමෝම වගෙ හැදුනා ගුරු ගෞරවය කියන එක ඇතිවුනේ ඒකයි . හෙට ඒක ඉතිරි වෙන එකක් නෑ.

      ……අපිට ඒකේන් දරාගැනීමෙ ශක්තිය වැඩි දියුනු උනා හික් හික්

      Delete
  22. අපේ එකෙක් හිටියේ ඉස්කෝලෙ අල්ලපු වත්තේ. පනිනකොට සර්ට අහුවෙලා මොකද කොහෙද යන්නෙ ඇහුවම කිව්වලු..

    ‘සර් මට අම්ම කතා කරනව වගේ ඇහුන‘ කියලා..

    ReplyDelete
    Replies
    1. මේ කතාව තම මරුම කතාව.

      Delete
    2. ඒකට කියන්නෙ ඝනදෙවි නුවන කියලනේ. අම්මා කතාකලාම නොගිහින් ඉන්න පුලුවන්ද ...

      Delete
  23. මරු ප්‍රින්සිපල් ඈ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මරු විදුහල්පතිවරයෙක් තමා එතුමා

      Delete
  24. ප්‍රශ්නයක් නෑ අයියා. ඒ තාත්ත ඕක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඇති. මොකද තාත්තත් කොල්ල කාලෙ ඉස්කෝලෙ තාප්පෙන් පැනල ඇති නෙව.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හැමෝටම වගේ තමන්ගෙ අතීතය ගැන වැටහීමක් තිබුනා

      Delete
  25. මං ගිය එක ඉස්කෝලයකවත් තාප්ප තිබුන් නැ

    ReplyDelete
    Replies
    1. ඒත් උඹ වැට පැන්නා නේ.

      Delete
    2. ශා තාප්ප නොතිබ්බා කියන්නෙ හිතුනු ගමන් ගෙදර අපිට කොහෙද එහෙම වාසනාවක් කොමාන්ඩො පුහුනුවක් එපැයි අපිට

      Delete
  26. සිර සිද්දිය මචං..

    ReplyDelete
    Replies
    1. අපේ පන්තියෙ තව මරු සිරා සිද්දි උනා ඒවා පසුවට

      Delete
  27. අපේ ඉස්කෝලේ පනින්න තාප්පයක් තිබ්බේ නෑනේ.. කොම උනත් තාත්තයි පුතයි පැටලුන එක මරු.. අපේ සර් වගේ ඉස්සෙල්ලා ගහලා පස්සේ කතා කරන ජාතියේ කෙනෙක් උනානම් තමයි මරු වැඩේ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නැ සර් බනින්නෙ තරහට නෙමෙයි

      Delete
  28. තාත්තා කොල්ලෙක් වගේ කෙනෙක් වෙන්ට ඇතිනේද? :)

    ReplyDelete
    Replies
    1. තාත්තා කොල්ලෙක්වගෙ කොල්ලා තාත්තෙක් වගේ ... ම්ම්ම්ම්

      Delete
  29. කොහොමත් ඒකාලෙ තාත්තා, පුතා, ප්‍රින්සිපල්, මේ තුන් දෙනාම ඇන්දෙ තනි සුදු සූට් එක. මළ මගුලයි මෙහෙම ඇන්දාම පිටිපස්සෙන් හිටියොත් කවුද කියල එකපාර අඳුනා ගන්න අමාරුයි. මමත් උසස් පෙළ පන්තියේ ඉඳිද්දි එක දවසක් පිටිපස්සෙන් ගිහින් ප්‍රින්සිපල්ට "මචං" කිව්වා. ඊට පස්සේ අනූ නමයෙන් බේරුණා.

    අපිට තාප්ප තිබුණෙ නෑ. ඒත් අඟල් 6 න් 6 ට කම්බි ගහපු කම්බි වැටෙන් රිංගලා පැනලා යන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රින්සිපල් ආපු දවසේ ඔය විදිහෙම සිද්දියක් උනා අයිතිකාරයා තාම අවසරය දුන්නෙ නෑ දාන්න දුන්න ගමන් කතාව දැම්මා

      Delete
  30. දුවට සුකුරුත්තන් මුනේ උලාගෙන ඉස්කෝලේ එන්ඩ එපා කියපු විදිහල්පතිට තාත්තාගෙන් හම්බෙච්ච රිටන් එක මතක් වුනා. හොඳ වෙලාවට එතන එහම දෙයක් නොවුනේ. ඒ වෙලාවේ හිටපු කට්ටියට හිනා ගියේ නැද්ද ජෝන් ?
    ප්‍රින්සිපල් එහෙම කියපුහාම ඒ මනුස්සයට බඩ කපාගෙන මැරෙන්න හිතෙන්න ඇති.

    ReplyDelete
  31. අපොයි තාත්තගෙයි සර්ගෙයි දෙන්නගෙම පටි රෝල්නෙ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..