he

Thursday, July 12, 2012

105. ලොක්කා Shut down

1997 දි විතර තමා සිද්දිය උනෙ. අදාල කන්තොරුවෙ නම නොකිය ඉන්නම්. තාම එතන ලොක්ක මම හිතන විදියට ඒ කන්තොරුවෙ වැඩ කරනවා. නිකන් ඉල්ලගෙන පාන් කාලා ඇමරිකාවට ගැතිවෙන්නෙ මොකටද. ඒ හන්දා නම් ගම් මන:කල්පිතයි.


ඒකාලෙ මම වැඩකලෙ කොම්පියුටර ගෙන්වන කොම්පැනියක. කොම්පියුටරයක වයර අමුනන එකත් ඒකාලේ හැටියට මාරම ජොබ් එකක්.
ඒ කාලෙ ඔය වැඩෙට කවුරුවත් අත නොගහපු එක තමයි  ඒ ජොබ් එක මාර ජොබ් එකක් වෙන්න හේතු වුනේ. ඔය කාලේ අපි ගෙන්වුයෙ ජපානයෙ මවු සමාගම ස්තාපිත වර්ගයක පරිඝනක.
තිබුන හොඳම පරිඝනකය තමයි ඉන්ටෙල් පෙන්ටියම් 166MMX ප්‍රොසෙසර් එක තියන පරිඝනකය. මතක ධාරිතාව උපරිම 256Mb. ඒඋනාට පරිඝනකයට එන්න 64Mb දෙකක් ගහලා 128Mb. අද ඒවාත් එක්ක සැසඳුවම අහසට පොළව වගෙ. ඒත් ඒකාලෙ ඔය කියුව පරිඝනකය රුපියල් වලින් නම් රුපියල් 160,000ක් විතර වෙනවා. ඔය වගෙ එකකට සල්ලි යොදන්නෙ ඉතින් ඒහෙමත් තියන කෙනෙක් . නැත්නම් පිලිගත් ඒ වගේම යහමින් මිල මුදල් තියන සමාගමක්.


මෙ කියන තැනත් එහෙම තැනක්. ඒ කන්තෝරුවේ ලොක්කා පරිඝනකයක් ගත්තෙ ලොකු කමටමයි. ලියුම් ටයිප් කරන එක තමයි ලොකුම දේ. ලොක්කා කොච්චර ලොක්කෙක් උනත් තම සහයට ලස්සන හුරුබුහුටි පුද්ගලික ලේකම්වරියක් බඳවා නොගත්තෙ ලොක්කට වඩා ලොකු ලොක්කියෙක් ගෙදර ඉන්න නිසා. ඒහන්දා තමන්ගෙ වැඩ කරගත්තෙ තමන්මයි.
අපෙන් පරිඝනකයක් ඇනවුම් කරලා අපි ඒ අවශ්‍යතාවය ඉටුකරලා දුන්නා. පරිඝනකයට ඇතුල්කරලා තිබුනෙ Windows 95 සහ Office 95.


ඒ කාලෙ පරිඝනකයක් ගන්නකොට අපි පොඩ්ඩක් පරිඝනකය හසුරවන ආකාරය උගන්වනවා. පැය කීපයක් ඒ සඳහා වැයකරන්නත් ගන්න පුද්ගලයට සිදුවෙනවා.


 හිරිමල් පොඩි කෙල්ලො කොල්ලො 40 පැන්න අයට උගන්වනවට ඒ අයගෙ වැඩි මනාපයක් නෑ ඒ සන්දියේ. තාමත් සමහරු එහෙමයි. ඉතින් මේ ලොක්කත් හිටියෙ අන්න ඒ මාන්නෙ හිතෙ පුරෝගෙන. අපේ ලොක්කට කියලා තිබුනා එයට ඉගැන්වීම් අනවශ්‍යයි කියලා. පරිඝනකය විතරක් ගෙනත් සවිකරන්න එයා පරිඝනකය හසුරවන්න දන්නවා කියලා.


අපිත් ඉතින් ඉල්ලාගෙන කෑම අනවශ්‍ය නිසා කියපු විදියටම පරිඝනකය ඒ ලොක්කගෙ කන්තොරුවේ සවිකරලා ආවා කෝකටත් කියලා පරිඝනකට පන ගන්වලා MS Word පිටුවක් අරඹලා දීලා ඒකෙ අපෙ පරිගනක ආයතනයෙ නම එහෙම යතුරුකරණය කරලා අපි ආවා. සති තුනකට පස්සෙ මේ ලොක්කා අපෙ ලොක්කට පැමිණිලි කරලා තිබුනා අපෙ පරිගනකය Shut down වෙන්න නෑ හැමදාම එකම තැන තමයි තියෙන්නෙ කියලා. එයා හැමදාම shut down කරලා ගියාම පහුවනදා on කරනකොට කලින් දා වගේම තියනවා කියලා.


"මට හිතෙන්නෙ ඔයගොල්ලන්ගෙ කට්ටිය මගෙ කම්පියුටර් එකේ Shut down disable කරලා. කරුණාකරලා ඇවිත් මේක හදලා යන්න නැත්නම් මම return කරලා වෙන තැනකින් ගන්නවා" 

ඒ ලොක්කා අපෙ ලොක්කට ගෝරනාඩු කරලා.

දැන් මෙක ලොකු තැන් වලින් විසඳන්න ඕන එකක් නිසා අපෙ ලොක්ක මාත් එක්ක අර ලොක්කා ලඟට ගියා . 

"හරි මිස්‍ටර් .......... මට දැන් ඔයාගෙ කම්පියුටර් එක off කරලා පෙන්වන්න " 

ඒ අපේ ලොක්කා.

මිනිහා ඒක පරටම මේසේ උඩ තිබුන මොනිටර් එක නිවා දැම්මා. (මටයි මගෙ ලොක්කටයි හිනා ආවෙනම් නෑ )
මගෙ ලොක්කත් ඔරලෝසුවෙන් වෙලාව කරකැවෙන හැටි විනාඩි ගානක් බලලා ආපහු පරිගනකය පනගැන්වුවා. 

"ඇත්ත නේන්නම් අපේ මිනිස්සු මෙක disable කරලනෙ"

 කියලා පොඩ්ඩක් මට එලියට යන්න කියලා අර ලොක්කට shut down කරන හැටි කියලා කියලා දුන්නා.

42 comments:

  1. හෙ හේ..:)

    ReplyDelete
  2. pandithayata edande yannath bayilu ne.

    ReplyDelete
    Replies
    1. නෑ පොර කාර් එකෙමයි යන්නෙ හික් හික්

      Delete
  3. සමහරක් ගෑණු ඉන්නවා ‍මහන මෙෂින් වලට නූල් දාන්නේ වැරදියට
    හරි විදිහ කියලාදුන්නහම කියනවා මම අවුරැදු 40ක් දැම්මේ මේ විදිහට තමා කියලා
    පරණ විදිහටම දානවා

    ReplyDelete
    Replies
    1. ඉතින් බලහං උබ උන් අවුරුදු 40ක් කරපුවා වෙනස්කරන්න හදනවා පවුනේ

      Delete
  4. හප්පොච්චියේ ඕක ජාලෙ දැම්ම කියල ඔය බොසා දැනගත්තොත් ඌ ජොබ් එකෙන් අයින්වෙනව.

    ReplyDelete
    Replies
    1. ඌ අයින් වෙයිද මට කෙල වෙයිද දන්නෑ

      Delete
  5. හප්පොච්චියේ කාලේ හැටියට සෑහෙන යමක් දන්න මහතැන් කෙනෙක්නෙ. මමත් මුලින්ම පරිඝනකයක් ගත්තේ 2002 විතර ඔය සන්තෑසියම මටත් වුනා ගෙදර ගිහිල්ල මෙකෙන් කොරන්නේ මොනවද කියලා මටම හිතා ගන්න බැහැ. පස්සේ අර xxx බලන්න ගිහිල්ල වෛරස් එකක් ගියා. හදන්න ගියාම ඔය වගේම ලොක්ක මට විතරක් ඒවා බලන විදිහ කියාදුන්නා. වෛරස් ගාඩ් එකකුත් දාල දුන්න. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් මේක මස් කරන්න වුනත් මට පුළුවන්. දැන් සොෆ්ට්වෙයා ගැනත් අහගන්න කට්ටිය ඉන්නවනේ.....ඔන්න ඔහොමලු වුනේ

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියන්න බෑ ඇත්තම ලියල තියෙනෙවා :D

      Delete
    2. ඔව් ඉතින් මම ජොබකට කියලා පරිඝනක අතගෑවෙ ඒකාලේ තමයි. ඒ අතින් ඔබතුමා වෙදකමට අමතරව පරිඝනක වැඩත් දන්නවා නොවැ

      Delete
  6. ඕකනේ කියන්නේ ඉතිං....
    දන්නවා වගේ හිතං හිටියට හැම දේම දන්නෙ නෑ කව්රුත්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි දන්නෙ කොච්චර පොඩ්ඩද ? ඒත් නොදන්න දේ තියනවා කියලා දන්නවනම් වරදින්නෙ නෑ

      Delete
  7. අපොයි අපොයි පණ්ඩිත උනාම ඔහොම තමයි.....

    ReplyDelete
  8. හප්පුච්චියේ..... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකපාරටම බැලුවා කවුද කියලා රජානේ

      Delete
  9. හී හී... ඊට පස්සේ වත් ලොක්කා හිතාගත්තද දන්නෑ මේ වගේ බලු නොවී නොදන්න දෙයක් ගෞරවනීය ලෙස අහගන්න එක ගොඳයි කියලා

    ReplyDelete
    Replies
    1. ලොක්කොන්ට එහෙම හිතෙන්නෙ නෑ

      Delete
  10. හයියෝ..ලැජ්ජාවයි,මෝඩකමයි.
    පස්සෙ ඉතිං වහ කන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ ඊට පස්සෙත් අපිට ඔයවගෙ පණ්ඩිත ටෝක් දැම්මා

      Delete
  11. හක් හක්.. පවු අප්පා ලොක්කා... 1997 නිසා හොදා.. තාමත් ඉන්නවා ඔහොම ලොක්කො..

    ReplyDelete
    Replies
    1. නැතිව මට අද උදෙත් හමුවුනා එහෙම කෙනෙක්

      Delete
  12. අපේ මැනෙජර් කෙනෙක් හිටියා බ්‍රාන්ච් එකක. මිනිහා මට දවසක් කිව්ව කවුන්ටරේ පින්ටර් එකක් (ප්‍රින්ටර් කිව්වේ නෑ) කැඩිලා කියල. මම ගිහින් බැලුව. ප්‍රින්ටර් කැඩිලා නෑ. ටර්මිනල් එකක් තමයි කැඩිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම අය එමටයි ඒගොල්ලො කවදාවත් ඒකියන එක හදාගන්නෙ නෑ

      Delete
  13. අයියට කියන්න විලි ලැජ්ජයි මාත් මුල්ම කාලේ සට් ඩව්න් කියන්නේ මොකක්ද කියලවත් දැන උන්නේ නෑ :D

    ReplyDelete
  14. ඔය යක්කු ඔහොම්මමයි හැබැ සහෝ ගේ බොසා තැනට සුදුසු විදිහට වැඩේ දිලා තියෙනවා

    ReplyDelete
  15. මමත් ජොබ් එකට ආපු දවස් වල කොම්පියුටර් එක තැනක ඉඳල ඔෆිස් එකට ගෙන්න කිවුවා. එතන අ හිටිය කෙනා අපිට අරන් යන්න දුන්නේ මොනිටරේ.ඔයාල ලොක්කෝ කිවුවේ කොම්පුටෙර් එක ගෙන්න කියල නේ මේක ගෙනියන්න දෙන්න බෑ කියල හෙන සද්දයක් දැම්මා.

    ReplyDelete
  16. අයියෝ පව් බං................

    ReplyDelete
  17. මටත් ඔහොම අය හම්බු වෙලා තියෙනවා. මම නම් මොනවත් කියන්නවත් යන්නේ නෑ.

    ReplyDelete
  18. දන්නැති දෙයක් කාගෙං හරි අහගන්න දන්නෙනැති මෝඩයෙක්නෙ...

    ReplyDelete
  19. සිරාම කතාව...!
    ඔයවගේ ඈයො පිරිල ඉන්නව ලේකම් කාර්යාලවලත්...පු‍ටුවලින් ලොක්කො වගේ හිටියට මෙලෝ දෙයක් දන්නෙ නැහැ...ඒ උනාට වැඩක්කරගන්න යන්න ඕන බලන්න රෙක්ස්පැට් එක.... හික්...!

    ReplyDelete
  20. ඇයි බං ඒ දවස්වල මම ට්‍රේනින්ග් ඉන්න කාලෙ google doodle දාපු දවසට google යන්න බෑ කියලා කෝල් කරන වුන් හිටියනෙ..

    ReplyDelete
  21. :D පුහුමාන්නේ නිසා සමහරු ඔය විදියට ගොඩක් තැන්වලදී චාටර් වෙනවා

    ReplyDelete
  22. තාම ඒ බොස් කම්පූටර් එක ඔෆ් කරන්නේ කලින් විදිහටමද දන්නේ නෑ.. :)

    ReplyDelete
  23. සමහර ලොක්කො ඉන්නවා මොලේ කලදක් නැති.. ඒ උනාට කථාවට ගියාම නොදන්න දෙයක් නෑ.... මෙයත් ඒ වගේ... පෙට්ටගම වහපු වෙලාවක අපේ දිහාවටත් වරෙන්..

    ReplyDelete
  24. " හිරිමල් පොඩි කෙල්ලො කොල්ලො 40 පැන්න අයට උගන්වනවට ඒ අයගෙ වැඩි මනාපයක් නෑ"'

    ඇත්ත නේන්නම් මේ කිරි කජු කොලේලෙක් මට මොනව උගන්වන්ද කියලා හිතන්න ඇති. හැබැයි ඉතින් ෂට් ඩවුන් කරපු හැටියෙන්ම ලොක්ක ගැන පුදුම හිතෙනවා. ඔෆිස්එකේ අනික් වැඩ කොහොම කරන්න ඇද්ද කියලා.

    ReplyDelete
  25. හම්මප ඔය කාලේ වෙද්දී පැන්සලකින් වචනයක් පැටලෙන්නේ නැතිව ලියාගන්න බැරිව හිටි කාලේ කොම්පූටර් ගැන කවර කතාද? ඉස්කෝලේ 3 වසරේදී නොවැ. හැබැටම ලොකු ජෝන්ගේ වයස කීයක් විතර ඇතිද??? ඔය පරිගණක ගල් යුගයේ ඔයවගේ හපන් කමක් කොලා කියන්නේ හැක් හැක් හැක්

    ReplyDelete
  26. ඕක හැමදාම සමාජෙ තිබුණ දෙයක්..හුගක් වැඩිහිටයො කැමති නැහැ බාල අය යමක් උගන්වනකොට.....

    ReplyDelete
  27. ඕක අර ඊගෝ එකද මොකක්දනෙ ජෝනා. ඕක හරස් වුනාම මොකුත් කරන්න බෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  28. හයියෝ සල්ලි.. ටොපයි හරිය!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..