he

Tuesday, June 12, 2012

99.මම ලොකු ජෝන් වීමෙ කතාව

හරියටම කියනවනම් 1983 අවුරුද්දේ මුල් පාසැල් වාරය. මගෙ ලොකු මලයා පාසැලට ඇතුලත් කරපු අවුරුද්ද. පානදුරෙ ඉදන් පාසැල් බස් රථයෙන් පාසැල වෙත ගිය මට මලයාවත් කැටුව පසැලට යන එක අමුතුම අත් දැකීමක්. තාත්තා පානදුරයෙන් මාවත් මල්ලිවත් පාසැල් බස් රථයට බාරදීම සිදුකරයි. කමල් අයියා, අතුල අයියා, චතුර අයියා, තුශාර අයියා   වැනි වැඩිහිටි පාසැල් සිසුවෙකුට අපි දෙදෙනාව භාර දෙන්නේ බස් රථය තුලදී අපේ ආරක්ෂාව ගැන බලන්නටය. මෑත යුගය හා සසඳනවිට ආරක්ශාව ගැන දෙමාපියන් බිය වියයුතු නොවන්නෙ අදමෙන් පිරිහීගිය සමාජ වටපිටාවක් එකල නොතිබූ බැවිනි.



…පානදුරයෙ සිට කොළඹට පාසැල් යන කුඩා සිසුන් එකල විරලය. 5 ශ්‍රෙණිය සමත්ව කොළඹ පාසැලකට යනවා විනා පානදුර වැනි කොළඹින් සැතපුම් 17ක දුරක සිට සිසුන් ඇතුලත්කර ගැනීම, ඇතුලත් කර ගැනීමෙ ක්‍රමවෙදයට කොහෙත්ම ළං කල නොහැකි සුදුසු කමකි. අපෙ අම්මාගෙ මහගෙදර පුංචි බොරැල්ලෙ පිහිටා තිබීම නිසා ඉහත සුදුසුකම සපුරා ගැනීමට අපට හැකිවිය. උදෑසන 7.15ට අවදිඋනත් 7.30ට පෙර පාසැලට යාමට හැකියාවක් එහි වෙසෙනවිට අප සතුවිය.


නිවස කුඩාවුවත් ඡන්ද හීමි නාමලේඛනයට අනුව නිවැසියන් 53දෙනෙකු එහි වාසය කරයි. මෙය අප මහගෙදරට පමනක් පොදු වූවක් නොව අප මහගෙදර අවට සෑම නිවසකම පොදු සත්‍යයකි.  පාසැලට ඇතුලත් කරගත්තාට පසු නැවත අපෙ සුපුරුදු නිවසේ සිට පාසැල් යාමට සිදුවේ. පානදුරයෙ සිට පාසැල් යාමට අප තෝරාගත්තෙ පාසැල් බස් රථයයි.


දැන් කාලෙ දක්නට නොලැබෙන බාගේ ලේලන්ඩ් වර්ගයේ CTB බස් එකක් එකල පාසැල් සේවයට පානදුරේ සිට නාලන්දාව දක්වා යොදවා තිබුනි. බසයේ හරි මැදින් කුඩා ප්‍රමානයේ දොරක් ඇති අතර බසයට නැගීම සහ බැසීම සිදුකරන්නෙ එම එකම දොරෙනි. ඉහත පින්තූරයෙ තිබෙන්නෙ එවැනි බස් රථයකි. පිටුපස ඇති හදිසි දොරටුව විවෘත කරගන්නා ලොකු අයියලා පාසැලට යනතෙක් ගීත ගායනා කරයි


පැළඳ කටුගස්තාන
මගම ඩක්කුව ගේන
අපේ කොන්දොස්තර මැතිදා වීරයා .....
හූ හූ
අපේ කොන්දොස්තර මැතිදා ගොරකයා...
ලෝක පූජිත වූයේ
කොන්දෝ පරම්පරාවෙ
ලෝක පූජිත වූයේ
කොන්දෝ පරම්පරාවෙ
…සිංහ සෙයියාවෙන් මැශින් එකෙන් ටිකට් කඩන්නෙ 
ඉතිරි සල්ලි නොදෙන්නේ … 


ඔය බස් එකේ යන හැමෝම ජාතික ගීයකියන්නාසේ කියන ගීතයක්.


ඒ කාලෙ අපෙ බස් එකේ රියදුරු වැඩේයි කොන්දොස්තර වැඩේයි කලේ ජයසිරි අය්යා සහ සැම්සන් අයියා. සැම්පා කියලා අපි ආදරේට කියන්නේ. පස්සේ කාලෙක පොර ටික්කෙක් හැටියට උසස්වීමක් ලබලා විශ්‍රාම ගියා. ජයසිරි අය්යා නම් අපේ පාසැල් බස් රියම ඉස්සරහින් ආව බස් එකක වද්දවලා රස්සාවෙන් දොට්ට දැම්මා. දැන් ජයසිරි අයියා මාර්ග අංක 183 නුගෙගොඩ පානදුර බස් එකක් පදවනවා. හවසට බාර් එක ළඟ වැටෙන්න ගහලා ඉන්නවා නම් නිතරම දකින්න ලැබෙනවා.


…අපේ පාසැල් බස් රථයෙන් ගුරුවරියන් තිදෙනෙකුම පාසලට ගියේය. ඒ තිදෙනා සිටියත් නැතත් බස් එකෙ අයියලා කිසිදවසක කුණුහරුප ගීත ගායනා කලේ නැත.ඒ කාලේ හැටියට අයියලා කල ලොකුම නොහොඹිනා කටයුත්තනම් "පොදු පාසැල් පුරහල" නම් බාලිකා පාසැල් බස් රථයට උසුලු විසුලු කිරීමය. …


උසස් පෙල සිසුන් පමනක් පාපුවරුවේ එල්ලී යයි. ජේශ්ඨයා සැමවිටම පහලම පඩියෙ යයි.සමහර විටක පොලිස් නිළධාරින් දෙහිවල වැල්ලවත්ත අතර මගදී වේවැල් වලින් පාපුවරුවෙ යනවුන්ට පහර දෙයි. එවිට දින කීපයකට පාපුවරුව නිදහස් වෙයි.


…මතු සම්බන්දයි ....(මට නිදි මතයි තව ලියන්න ඇතත් දැන් ලිවීමට නොහැක )


මතු සම්බන්ද ලිපියට මෙතනින් යන්න  (යාවත්කාලීන දිනය 14-06-2012)  







 පින්තූරය උපුටා ගැනීම "SLTB buses - ශ්‍රී ලංගම බස්"

48 comments:

  1. නිදි මත ඔය මොකකට හරි දාලා ලියහන් යකෝ...

    ReplyDelete
    Replies
    1. නිදිමත කොහාටවත් දාලා බෑ බං ඌ හොඳම යාලුවා.
      …ලියනවා ලියනවා හෙට

      Delete
    2. මේ මොන නිදිමතයෙක්ද ? ඔෆිස් එකෙත් නිදාගන්නව කියන විදියට මුළු රෑම ඇහැරලා බ්ලොග් ලියන්න බැරියෑ :D

      Delete
    3. කෑල්ලක් වත් නැති අපෙ ඔෆිස් එකේ නිදාගන්නවා හැර වෙන කුමක් කරම්ද

      Delete
  2. ටිකක් දිගට ලිව්වනං මොකද.. ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. අදට සමාවෙන්න ඕනේ හෙට පොස්ට් එකත් බලලම ඉන්න

      Delete
  3. මොන නිදි මතයෙක්ද මේ !!

    ReplyDelete
    Replies
    1. නින්ද කියන්නෙ කොච්චර සම්පතක්ද. හික් හික් තරහ නැතුව හෙටත් එන්න හොඳේ

      Delete
  4. ලංගම පාසල් බස්.... නියම මාතෘකාව
    අපෙත් සුන්දර මතක ගොඩක් ඒකේ රැඳිලා තියෙනව. ඒක නිසාමයි තාමත් ලංගම බස් එකක් එනවා නම් ඒ බස් එකේ යන්න හිත කියන්නේ

    ReplyDelete
    Replies
    1. අන්න මම වගෙම හිතනවා ඒ කියන්නෙ ඒ ඇම්ම තියන තව අය ඉන්නවා

      Delete
  5. //නිවස කුඩාවුවත් ඡන්ද හීමි නාමලේඛනයට අනුව නිවැසියන් 53දෙනෙකු එහි වාසය කරයි. //

    හපොයි 53 ක් ?? ඕවා චෙක් වෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන් මම හිතන්නෙ චෙක් වෙනවා එකම පලාතෙ දෙතැනක ලියාපදිංචි වෙන්න බෑ. ඒකනෙ මෙ දවස්වල ළමයි ඉස්කෝලෙ දාගන්න දුක් විඳින්නෙ. අපෙ ගෙදරට ඉස්කෝල නෑ

      Delete
  6. චැහ් .... මෙහෙම මගින් නවත්ත නවත්ත කතන්දර කියනවද අෆ්ෆා. ඕක දිගටම ලියන්න තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ හෙටත් එන්නකො මෙ කතාව විතරයි ඔහොම ලියන්නෙ

      Delete
  7. ඊලග එක 100 නේද?
    ජය වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. ස්ස් ඕවා සද්ද කරලා කරන වැඩ නෙමෙයි

      Delete
  8. මොකක්ද.? මචං කොච්චර ආසාවෙන්ද කියවගෙන ආවෙ.....!!! :)

    ReplyDelete
    Replies
    1. අදට සමාවෙලා හෙටත් එන්න

      Delete
  9. අර සිංදුව නම් පට්ට...අපිටත් නිදිමතයි මදැ කෙටුවා

    ReplyDelete
    Replies
    1. ඕකේ තව ටිකක් තියනව ඒටික මතක නෑ

      Delete
  10. එක්දාස් අටසිය ගනංවල මාත් ගියේ ඔය ඉස්කෝලෙටමනෙ ලොකු ජෝන්. ඉතිරි ටික ඉක්මනට කොටලා දාපියෝ..


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මරුනෙ එහෙනම් මේ සමහර කතාවල කතානායකයො අදුනනවත් ඇති

      Delete
  11. ඇහැරුනාම ඉතුරු ටික දාන්නකො එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඇහැරුනාම ආයෙම නිදියන්නමයි හිත හෙටත් එන්න හෙට දානවා

      Delete
  12. Replies
    1. අමතක කරන්නෙ කොහොමෙයි බැ බැ එකනම් කොහොමත් බෑ හැබැයි හෙට ඉතිරි ටික ලියනවා හෙට ම ඇවිත් බලන්න

      Delete
  13. අයියෝ කතා රසය ? මගදී නතර කොරලා නේ ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හෙට ඇවිත් බලන්නකෝ

      Delete
  14. ඔය මාටියා ගහන කතාව කියද්දි මැතින්දා මොනවත් කියන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. සින්දුවට කියුවට සැම්පා කවදාවත් මාටියා ගහන කෙනෙක් නෙමෙයි. ඒකනෙ උසස්වීමක් ලැබුනෙ ටික්කෙක් විදියට

      Delete
  15. ඕකනේ බැරි ඉතින් කටපුරා හදාගන කියවගන එනකොට මතුසම්බන්දයි :/

    ReplyDelete
    Replies
    1. හෙටම ඇවිත් බලන්නකො

      Delete
  16. විනාඩි පහලොවට ඇද ගන්න පුලුවන්දැ..ගෙවල් ලඟ උනත්..

    අපෝ කතාව පටන්ගන්න කලින් ඉවරනේ අප්පා..

    ReplyDelete
    Replies
    1. වැටෙන් පනින්නෙ ඉස්කෝලෙට තව මොන කතාද. හෙට හෙට

      Delete
  17. මොකද්ද බං... මදැයි ලොකු ජෝන් වුනු හැටි බලන්න ආවා...!

    ReplyDelete
    Replies
    1. තරහ නැතුව හෙටත් එන්න

      Delete
  18. බොලේ මෙහෙමත් නවත්තන සිරිතක් තියෙනවයි ලොකු අයියේ? එහෙනම් ඒක 100න්ම කියමුකෝ නේ... :)

    ReplyDelete
  19. මටත් නිදිමතයි කමෙන්ට් දාන්නේ ඉතිරය බලලාය.

    ReplyDelete
  20. මරු කතාව හා නැවතීම...

    ReplyDelete
  21. පානදුරේ ඉඳලා ඉස්කොලෙ ගියෙන් පාන්දර නිදි කිරාවැටි වැටි නේද? ඒකයි මේ නිදිමත.

    ReplyDelete
  22. අපොයි ඒක නවත්තලනෙ....
    නියමයි නියමයි..

    ReplyDelete
  23. උඹ මහා නරකයි බං..

    ReplyDelete
  24. උඹේ නිදි මතයි බඩගින්නයි කක්කා බරයි මට වැඩක් නැ, මම ආයෙත් මේ පැත්තේ එන් නැ

    ReplyDelete
  25. ඉතුරු ටිකත් ලියව !!!!

    ReplyDelete
  26. //නිවස කුඩාවුවත් ඡන්ද හීමි නාමලේඛනයට අනුව නිවැසියන් 53දෙනෙකු එහි වාසය කරයි. //

    දැන් නම් ඒ සීන් බෑ මම හිතන්නේ කොලුවෝ . . හෙ හෙ හේ

    ReplyDelete
  27. ආ ජෝන් එතකොට අපේ ඉකෝලෙ ආදි සිසුවෙක් නෙවැ. පනදුර බස් එක තාමත් යනව මං දන්න විදිහට. කඩවත් බස් එකත් පහු ගිය කාලෙ හරි ප්‍රසිද්ධයි. දෙං නම් තියෙනවද දන්නෙත් නෑ.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..