he

Sunday, June 10, 2012

98.පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම.

ගෙ පවුලෙ මට වඩා බාල තව සහෝදරයෝ දෙදෙනෙක් සහ බාලම සහෝදරියක් සිටියි. මේ සිද්දිය වන වකවානුවෙ, 1985 හෝ 86දී බාලම සහෝදරිය මෙලොව එළිය දැක තිබුනේ නැත. ඒ කියන්නෙ ඒකාලයෙ මට සිටියෙ මල්ලිලා දෙදෙනෙක් පමනි.


ඒ කාලයෙ අපෙ අම්මාගෙ කෑම පැය දහවල් 2.30සිට 3.30ටය. අපි තුන්දෙනා පාසැල් අහවර වී ගෙදර එන වේලාවට සරිලන්නට ඇය කෑම පැය සකසා ගෙන සිටියාය.ඇයගෙ කාර්‍යාලයේ සිට සැතපුම් 2ක් දුරින් අපෙ නිවස පිහිටා තිබුනි.


කොළඹ සිට පානදුරයට කෙතරම් වෙහෙසකර ගමනක පැමිනියත් කෙතරම් බඩගින්නෙ පැමිනියත් බත් බෙදාගෙන කෑමෙ පුරුද්දක් අප තුල නොවීය. ඊට වඩා අපට අවශ්‍ය වූයෙ සෙල්ලම් කිරීමය. ගෙදර ආ විගස අපි කරන්නෙ ඇඳුම් උනා දමා නිවස ඉදිරිපස පන්සල් වත්තට ගොස් ක්‍රිකට් ගැසීමය. එයටම සැදී පැහැදී උන් කොලු රෑනක් ඒ කාලයෙ අපිත් එක්ක විසීය. අපි නැවත ගෙදර එන්නේ අම්මා කාර්යාල කටයුතු නිමවා නැවත ගෙදර පැමින අපට කතාකරන විටය. බොහෝවිට එවිට වේලාව හවස 7 පසුවී තිබේ.






අපෙ දහවල් කෑම ගැන දන්නා අම්මා දහවල් ආහාරය සඳහා නිවසට පැමිනෙන්නේ ඔය හේතුව නිසාය. එලෙස ගෙදර පැමිනෙන ඇය ලොකු පලංගානකට අපි තිදෙනාගෙම බත් එකට දමා කවන්නීය. අපට බත් කවන ඔය ලොකු පලංගාන අපෙ අත්තම්මගෙ එකකි. ඉස්සර අම්මාටත් මාමලාටත් පුන්චි අම්මාටත් ඔය පලංගානෙන් බත් කවන හැටි අම්මා කෑම කවන අතරතුර අපට කියන්නීය කෙතරම් වාරයක් ඔය කතාව අසා තිබුනත්, තවත් වාරයක් ඒ කතාව අසීමේ පුදුමාකාර ආසාවක් එකල අප තිදෙනා තුලම විය.


කෙසේ නමුත් විනාඩි කීපයක් තුල රුවන්වැලි සෑයට වඩා මදක් කුඩාවට බෙදන කෑම පලංගාන අවසන් වන්නේය. එහි අවසන් කට කෑමට අපි තිදෙනාම පොරකන්නෙමු. එයට හේතුව අන්තිම කට කන කෙනා ඉක්මනින් ලොකුවන බවට ඇය පැවසීමයි. අපි තුන්දෙනාටම උවමනා ඉක්මනින් ලොකුවීමය.


ඔබා මාමාට තරම් පඳුර වටේ තැලීමේ හැකියාවක් මාහට නැතත් මා කලෙත් පඳුර වටෙ තැලීමය. නමුත් අනාගත කතන්දර කීපයකට අඩිතලම මෙම පඳුර වටෙ තැලීම තුල අන්තර්ගතය.


අපෙ අම්මා කාර්යාලයේ සිට නිවසට පැමිනෙන්නෙ කාර්යාලය ඉදිරිපිට ඇති ත්‍රීරෝද රියකිනි. දිනක් සුපුරුදු පරිදි නිවසට ඒම සඳහා ත්‍රී රෝද රථයට ගොඩවූ ඇයට වැඩි දුරක් ඒමට ඉඩ නුදුන්නේ මග සිට අත දැමූ පොලිස් නිලදාරියෙකි. වාහනය නවතාගත් ඔහු කිසිම වග විභාගයකින් තොරව ,


"මාව පොලීසිය ගාවින් දාගෙන යන්න"


ත්‍රීරෝද රථ රියදුරාට විධානයක් දුන් හෙතෙම අම්මාගෙ ළඟින් හොඳට හරි බැරි ගැසී වාඩිවී තම හිස් වැසුමද අතට ගත්තේය.


"මේ රාලහාමි, 
දැන් මෙ හයර් එක ගෙවන්නෙ රාලහාමිද ? නැත්නම් මමද ? "


අපෙ අම්මා අසා ඇත්තෙ එපමනය. 

පොලිස් නිලදාරියා ත්‍රී රෝද රථයෙන් බැස්සේ කෙසේදැයි වත් ඇය දැක නැත. 

මෙම කතාව මේ කාලයට වලංගු නොවීමට පුලුවන එහෙත් අපේ අම්මා රැකියාව කලේ රාජ්‍ය බැංකුවක වීමත් ඒ කාලයෙ ඕනෑම ලොක්කෙකු පඩි ගන්නට බැංකුවට ගොඩවීමත්, පෝලිමෙ සිටීමත් අනිවාර්යයෙන්ම සිදිවිය යුතු බැවින් මේ කතාව එලෙසම එදා සිදුවී ඇත.

77 comments:

  1. පොලිස් කරයාට මොනා හිතෙන්න ඇත්ද...!!!

    ReplyDelete
    Replies
    1. උන්ට හිතක් පපුවක් නෑ ඒ හින්දා මොනවත් හිතෙන්නෙ නෑ

      Delete
  2. පොලව පලාගන යන්න හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නෑ. මුන්ට ලැජ්ජාවක් නෑ වෙන එකකට අත දාන්න ඇති

      Delete
  3. හුක් හුක්.. මරු... උන් හිතන් ඉන්නෙ මේ ලොකේ උන්ට වඩා එවුන් නෑ කියලා... හොඳවැඩේ

    ReplyDelete
  4. එළනේ ඔයාගේ අම්මා මරැනේ.ඔකූන්ට කරන්ඩ ඕන එහොම්මම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා මරු වැඩ තියනවා

      Delete
  5. හාමුදුරුවරුයි, පොලිස්කාරයොයි, ගුරුවරුයි අතේ දුරින් ආශ්‍රය කරන්න ඕනෙලු :D

    ReplyDelete
    Replies
    1. ඇයි දෙශපාලුවො

      Delete
    2. උන් ඔය ඔක්කොගෙම සංකලනයක් නේ.

      Delete
  6. හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති !

    ReplyDelete
    Replies
    1. මොන උන්ට ඉගෙන ගන්න බෑ

      Delete
  7. //විනාඩි කීපයක් තුල රුවන්වැලි සෑයට වඩා මදක් කුඩාවට බෙදන කෑම පලංගාන අවසන් වන්නේය.// අම්මෝ.. ඒ උඹලා දසමහ යෝදයොන්ගෙන් පැවතගෙන එන අයද...?
    පොලිස්...මේ ගැන කවර කතාද.....!

    ReplyDelete
    Replies
    1. අපෙ අම්මා අපිට කවනවා නෙවෙයි ගිල්ලනවා. කොහොමත් හිත තියෙන්නෙ බත් එකෙ නෙමෙයි ඒ හන්දා කන එව්වා ඇඟට අල්ලන්නෙ නෑ

      Delete
  8. නියමයි නියමයි.... රාලහාමිගෙ උද්ද්ච්ච්කම නැතිවෙන්න්නම දෙකක් කියල තියනව...

    ReplyDelete
    Replies
    1. ඒකනම් නැතිකරන්න අමාරුයි

      Delete
  9. තව අවරුදු තුනහතරක් එහාමෙහා උනානම් කාලහමාරයිනොවැ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කතාත් පෙට්ටගමෙ තියනවා වෙලාව තියන වෙලාවක බලන්න

      Delete
  10. හොඳ වැඩේ කොස්සට...මචො අදටත් ඔන ජගතේක් පොලිමේ ඉන්ඩ ඔන බැංකුවට අවොත්..නමුත් කාරුණිකව ඉල්ලා සිටියොත් අපි නොසලකා ඉන්නේත් නෑ..රාජ්‍ය සේවය නොවැ..මවුගේ අද්දැකුම් ඔබට ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන කතාවක් තියනවා DRAFT කොරලා publish කරන්න වෙලාවක් එනකන් ඉන්නෙ

      Delete
  11. අම්මනම් එක වචනෙන් වැඩේ ගොඩ දාගෙන , මම මේ කල්පනා කරන්නෙ මේක පුතාට උනානම් මොනා කරයිද කියලා :D

    ReplyDelete
    Replies
    1. වෙන මොනා වෙන්නද පොලිස් නිලදාරියා ලවා හයර් එක ගෙවලා පුතා ගෙදර යනවා. අන්න එහෙමයි වෙන්නෙ

      Delete
  12. සහතික ඇත්ත නිට්ටඹුවෙ පොලීසියෙ මාමලාටත් ටවුමට යන්න ත්‍රීවීල් නැතුවම බෑ.

    ReplyDelete
    Replies
    1. රාජකාරී බලතල පුද්ගලික වැඩට යොදාගන්න එකනෙ වැරැද්ද

      Delete
  13. e kale neme adath karanna ona oka samahara ape police ayyalata.
    Jhonata loku wenna sahena asawak thibila ehenan.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ ආසාවල්නෙ

      Delete
  14. කරපු වැඩේ හරියට හරි. හයර් එකකට වාහනයක් ගත්තම කොහේවත් නැතිඑවුන් දාගෙන යන්න ඕනද. ඊටත් බලෙන්. අනෙක "පොලිස් කාරයෝ". ;-)

    ReplyDelete
    Replies
    1. හදිසි රාජකාරියකට නම් කමක් නෑ කියමුකෝ

      Delete
  15. හොදම වැඩේ පොලිස් කාරයට හිතන්න ඇති ගෑණියෙක් නිසා සද්ද නොකර ඉදී කියල..එක එචනෙන් වැඩේ හරියටම කරලා.නිර්භීත අම්ම කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. නැත්නම් මෙ වගෙ සිරා පොරවල් බිහි කරන්නෙ එහෙම අම්මලා තමා හික් හික්

      Delete
  16. හි... හි ... හොඳ වැඩේ. ඔහොම තමයි ඕකුන්ට කරන්න ඕන. කිසිම ආචාරශීලීබවක් නෑ. අඩුතරමෙ හයර් එකක් ද යන්නෙ, මාත් පොඩ්ඩක් ඉස්සරහින් දාගෙන යන්න පුළුවන් ද වගේ වත් අහන්න තිබ්බනේ.
    (බ්ලොග් කියවන පොලිස්කාරයො නැත්ද මන් ද?)

    ReplyDelete
    Replies
    1. පරිගනක සාක්ෂරතාවය වගෙම ආචාරශීලීබවත් NILL

      Delete
  17. දැන් කාලේ එහෙම උනා නම් මෙලහකට ගෙදර මිනිස්සුන්ට ගමෙත් ඉන්ඩ නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. //මෙම කතාව මේ කාලයට වලංගු නොවීමට පුලුවන // කීවේ ඒකයි

      Delete
  18. හොද වැඩේ ,ඕකුන් ඔහොම්මමයි ....

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔය අතර හොඳ අයත් ඉන්නවා මම හොඳට note කරපු එක්කෙනෙක් ඉන්නවා එයා කවදාවත් ඩියුටි ඉවර වෙලා යනකොට පුද්ගලික වාහනවලට අත දාන්නෙ නෑ CTB එකක් එනකන් බලන් ඉන්නවා. මම අනන්තවත් දැකලා තියනවා පාරට වෙලා බස් එකක් එනකන් බලන් ඉන්නවා

      Delete
  19. නැතිව මෙ ඒ පන්තියෙ හිටපු ජෝනා තමා තමා මට wordpress password එක මතක නෑ හිටහන් මතක් උන ගමන් එනවා

    ReplyDelete
  20. සමාජ මෙහෙවරක් කරන අය යැයි සිතා පුද්ගලික වාහන වල සමහර පොලිස් කරුවන් දාගෙන යාම අගය කල යුතුය. ඒ ඔවුන් කරන සේවය නිසාය. එහෙත් අදට නම් කෙසේ වේදැයි නොසිතේ. ඒ උන් කරන වැඩ නිසාමය.

    ජය !

    ReplyDelete
    Replies
    1. රොබින්ට දීපු පිලිතුරම ඔබටත්. හැබැයි ඒ නිලදාරියව හුඟක් දෙනෙක් බලෙන් වාහනයට නග්ගගන්න අවස්තා තියනවා. ඒ ඔහු අර ඔබ කීවා වගෙ "සමාජ මෙහෙවරක් කරන අය යැයි සිතා" නෙමෙයි කරන බව දන්න නිසා.

      Delete
  21. පෙට්ටගමට ගොඩ වැදුන පලවෙනි වතාව,., ම්ම්ම් ගොඩක් හොදයි වටිනවා ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩ වැදුනට. දිගටම එන්න පහුහිය ලිපිත් වෙලා තියන වෙලාවට බලන්න

      Delete
  22. habai mata eeye siddiyak unaa. kalpitiya handiyata yaamata bus ekak enakam siti welawaka bus parakku weema nisaa mama hitiye godaak tharahen :/
    thrweel ekak man lagin nathara karalaaa maawa handiyata daagenama giyaa. ethakotath eke gahanu kenek hitiyaa. mama bahala salli denna hadaddi epaa kiyuwaa :)

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය අයට වඩා පොලීසිය වෙනස් පොලීසිය ලඟ ආචාර ධර්ම අඩුයී.

      Delete
  23. හොඳ වැඩේ... ඔය හැතිකරේ හිතන් ඉන්නෙ උනිෆොර්ම් එක ඇන්දහම උන් තමා පොරවල් කියල....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට හැමෝම එකම මිම්මෙන් මනින එකත් වැරද්යි කියලයි මට හිතෙන්නෙ.

      Delete
  24. ඒ කාලේ නිසා මෑන්ස්ට අප්සට් හිතෙන්න ඇති වැඩේට.. දැන්නම්ම් ඉතින්..

    අපේ දිහාත් දවල් රෑ අක්කටයි මටයි බත් කවන්නේ අම්මා ඔහොම තමා.. පොඩි කාලේ විතරක් නෙමෙයි දැනටත්.. ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේ මම කෑවෙම ඔහොමමයි..

    ReplyDelete
    Replies
    1. මමත් තාම ගෙදර ගියාම එහෙම තමා

      Delete
  25. පව් හැබැයි හදිසියක්ද දන්නේ නැහැ..එත් ඉතින් ලොකු කම් පෙන්නන් නැතුව කාරණාව කියලා උදව්වක් ඉල්ලා හිටලා ගියා නම් වරදක් නැ.. :)

    ReplyDelete
    Replies
    1. මොන කිසිම හදිස්සියක් නෑ ඒ වෙලාවට කට්ටිය ඩියුටි ඕෆ් වෙලා ආපහු පොලීසියට යන වෙලාව

      Delete
  26. හොදවැඩේ ඔය ජරා කාක්කන්ට

    ReplyDelete
    Replies
    1. පොලීසියත් එක්ක කට්ටිය මෙච්චර තරහද ?

      Delete
  27. මට එදත් අදත් පෙනෙන්නට බැරි සත්තු පොලිස් කාරයෝ කියන උන්. 99% ම හිතන් ඉන්නේ කාකි කෝට් ඒක දැම්මාම ඕනේ පුකක් සත පනහයි කියල. කෝට් එක ගැලෙව්වම උන් හම ගහපු කුකුලෝ වගේ..

    ReplyDelete
    Replies
    1. පෙන්ශන් ගිය පොලිස් කාරයෙක් ගෙන් අහලා බලන්න දැන් ලැබෙන සැලකිලි ගැන. අහන්නත් දුකයි

      Delete
  28. හිහි..හොදම වැඩේ....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඔහොම හිනාවෙනවද ? පව් නේ

      Delete
  29. අම්මා ගහයි බැට් එකෙන්.... :-)))))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  30. අන්න නියම කාන්තාවක්!!

    ReplyDelete
  31. අන්න පෞරුශයක් ඇති ගැහැණියක්!
    henryblogwalker the Dude

    ReplyDelete
  32. හොඳ වැඩේ ඕකුන්ට. හදිස්සියකට වතුර උගුරක්‌ දෙන්න නරකයි ඒ හැතිකරේට....

    ReplyDelete
    Replies
    1. එහෙමම බනින්න එපා

      Delete
  33. රාජ්‍ය බැංකු වලට ජය වේවා.. මමත් එහෙම එකක තමා රස්සාව කරන්නෙ...

    ReplyDelete
  34. හැබැයි පොලීසිය මෙහෙමවත් පාඩමක් ඉගනත්තෙ නැත්නම් ඉගනගන්නෙ නෑ කවදාවත්ම. ඒක්කෝ පොලීසිය කරත් කරන්නෙම ගොන් පාට් එකක්. අර හින්දි චිත්‍රපටවල තියෙන් ඉන්දීය පොලිස්කාරයොත් මෙහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි පොලීසියෙ වැරදිත් පෙන්නන්න කවුරුහරි ඉන්න ඔනෙ

      Delete
  35. පොලිස් කාරයට හූ..............................................

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..