he

Thursday, June 28, 2012

102. සල්ලගෙ තරම

දියනාන තැන ගැන දාපු සටහනේදි මම කියුවා මගෙ පාසැල් මිත්‍රයෙක් ගැන හැඳින්වීමක් හැටියට ඒ කතාව මතක තියාගන්න කියලා. අද කතාව අන්න ඒ මතක තියගන්න කියපු යාලුවගෙ කතාවක්.


 …මීට අවුරුදු 22කට විතර උඩදි තමයි මෙ පුංචි සිදුවීම උනේ. පුංචි කියලා කියුවේ මම මෙ කියන මිත්‍රයා ටිකක් පුංචියි. සමවයසෙ මිතුරන් හා සසඳද්දි මිනිහා කොටයි පොඩියි. හැබැයි කටනම් ලොකුයි. මිත්‍රයාට අපි කියන්නෙ සල්ලා කියලා.
හරි නම ඊට ටිකක් ලඟින් යන නමක්. මිනිහා පොඩි නිසාත් තව මෙ නමම තියන තව එකෙක් හිටි නිසාත් අපි මෙයාට කියුවෙ පොඩි සල්ලා කියලා.නාලන්දෙ- ආනන්දෙ සමකාලීනයෙකුගෙන් පොඩි සල්ලා
කියුවම තාමත් නොදන්න එකෙක් නෑ. සල්ලාත් මම වගේම පානදුරෙ තමා උන්නෙ. පාසැල් බස් රථය තමයි ප්‍රවාහන ක්‍රමය.


එතකොට අපි පොඩි කොල්ලො, කොට කලිසමෙන් දිග කලිසමට බහින දවස්වල තමයි මෙ සිද්දිය උනේ. ඔය සල්ලා හරිම කැමතියි පාපුවරුවෙ යන්න. පාසැල් බස් රථයෙ පාපුවරුවෙ යන එක හරිම ජොලි වැඩක්නෙ. ඒත් මූ පොඩි එකා නිසාත් ජේෂ්ඨයන්ට තැන දෙන්න ඕන නිසාත් බොහෝවේලාවට පා පුවරුවේ යාම අහිමි වෙනවා. ඒත් පා පුවරුවෙ උඩම පඩියෙ යන්තම් අඩිය තියාගෙ යන්නනම් පුලුවන්. මොකවත්ම නැති එකේ ඒකත් ලොකු දෙයක් කියලා කියලා සල්ලා එහෙම යනවා.


"මම ලොකු ජෝන් උන හැටි" කතාවෙදි මම කියුවනෙ ඔය පාපුවරුවෙයන කොට දෙහිවල වැල්ලවත්ත හරියෙදි පොලීසියෙන් වේවැල් තියාගෙන ගහනවා කියලා.මේ සිද්දිය උන දවසෙත් පොලීසියෙන් උන්නා. ඒත් එදා එහෙම ගැහුවෙ නෑ. බස් එක අයිනට කරලා නවත්වන්න කියලා පොලිස් නියෝග ලැබුනා. දන්නවනෙ පොලිස් අංකල්ලා දයාවෙන් කරුනාවෙන් පිරුනු කටහඩින්නෙ අමතන්නේ.


"සේරම ෆුට්බෝඩ් ආපු උන් බැහැලා අයිනට වෙයල්ලා " 


ඒ පොලිස් නියෝගයක්. පාපුවරුවෙ උන්න ලොකු අයියලා සෙරම වෙව්ල වෙව්ලා බැහැලා අයිනට ගියා. උඩම පඩියෙ උන්න සල්ලත් කොට කලිසම පිටින්ම අර අයියලා පිටි පස්සෙන් ගියා.


"ඈ බොල පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බෑ, ඒත් ෆුට්බෝඩ් යන්නේ " 

සල්ලා දිහා බලාගෙන එක් පොලිස් නිලධාරියෙක් ගිගුරුවා.


සල්ලත් අයිනට යනගමන් හිමිහිට ඇඟට පතට නොදැනී ,


"හැබැයි ලොකු එකක්නම් බෑ පොඩි පොල්කට්ටක් පිරෙන්නනම් පුලුවන්"

බස් එකෙ උන්න අපිට හිනා ආවත් හින නොවුනෙ බයට. ඒත් පොලිස් අංකල්ලා ටිකට නම් හොඳටම හිනා ගියා. ඊට පස්සෙ අර සැර සේරම නිවිලා ගිහිල්ලා කට්ටියට යන්න කියුවා.

57 comments:

  1. සල්ලා තමා සල්ල මූව අල්ලලා හොල්ලන්න එප ඈ යකෝ

    ReplyDelete
    Replies
    1. හපෝ හොල්ලන්න නම් කතා කරන්න එපා

      Delete
  2. වැල්ලවත්ත සැවෝයි එක තියෙන හරියේ හැමවෙලේම හිනාවෙන පොලිස් මහත්තයෙක් හිටියා මතකද ?

    ReplyDelete
    Replies
    1. විලියම්ස් එක ගාව(ඉස්සර ඔතන ෆිල්ම් හෝල් එකක් තිබුනා) උන්න කලු මහත ට්‍රැෆික් අංකල්ද නැත්නම් වයසක සුදු අංකල්ද ? එහෙම කට්ටිය දැන් නෑ ඒ සුදු අංකල්ට නම් මරු දුවෙක් හිටියා වගේ මතකයි

      Delete
  3. ගොඩගියවිදියනම් නියමයි.ඊටපස්සෙ ආශාවඉෂ්ටඋනාද?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ඌ දිගටම ෆුට් බෝඩ්

      Delete
  4. සල්ලා තමා සල්ලා..පොලිස් අන්කල් ලාට හිනා ගිය හන්දා හොදා..

    ReplyDelete
    Replies
    1. නැත්නම් හිනාවෙන් කොච්චර දේවල් කරගන්න පුලුවන්ද ?

      Delete
  5. හෙහ් හෙහ්..... ඒකත් නරක නෑ...
    චූ කතා නං ගොඩයි.... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙක චූ නෙමෙයි හුජ්ජ කතාවක් හික් හික්ස්

      Delete
  6. ඔන්න මමත් ආවා පෙට්ටගමේ දාපුවා කියවන්න.දැනට කියෙව්වේ මේ චූ කතන්දරේ විතරයි හැබැයි ඕන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවට.එහෙනම් හිමිහිට අනිත් එව්වත් කියවන්නකො

      Delete
  7. ෆට්ටයි බන් ......

    ReplyDelete
  8. හොදට වතුර බීවනම් ඒ කිව්ව එක කරන්න පුලුවන් වෙයි ලොකු පොල් කට්ටක් පිරෙන්න උනත් .

    ReplyDelete
    Replies
    1. ඒඋනාට ගැජට් එකේ හැටියටනෙ යන්නෙ

      Delete
  9. සල්ල අපූරු කොල්ලෙක් නොවැ, හොඳ අනාගතයක් තියන බව පේනව :D

    ReplyDelete
    Replies
    1. දැන් ඔය සිද්දිය වෙලා අවුරුදු 22ක් නොවැ

      Delete
  10. ඌ සුපිරි පොරක්නෙ....

    ReplyDelete
    Replies
    1. එදත් එහෙමයි අදත් එහෙමයි

      Delete
  11. ඒකත් අමුතු මේනියාවක් තමයි... ටික කාලයක් අන්තිම ශීට් එකේ යන්නයි ෆුට්බෝඩ් යන්නයි එක එක කාලෙට එක එක

    ReplyDelete
    Replies
    1. නැතිව. ඇයි බැටරි පෙට්ටිය උඩ යන එක . කන්දෙ උඩ සීට් එකෙ යන එක ..

      Delete
  12. ඒ..අර චිත්‍රය කව්ද බං ඇන්දෙ..?? දෙකක් වැදුන නම් වේවැල් පාරවල්..., පොල්කට්ටක් ඉබේම පිරෙවි..!

    ReplyDelete
    Replies
    1. පින්තූර සාප්පුවෙන් තමයි හැදුවෙ. . වෙවැල් පාරවල්නම් හොඳට හුරු පුරුදුයි

      Delete
  13. ඒ කියන්නෙ පොල් කට්ටක් දෙකක් පුරවන්න පුලුවන්නම් වැඩේ ගොඩ ආ....

    ReplyDelete
    Replies
    1. ඒ සයිස් එක මනින මිම්මනේ

      Delete
  14. මම හිතුවෙ ඌ ප්‍රැක්ටිකලි වැඩේ කරල පෙන්නල කියල, අර රූපෙ විදියට.

    ReplyDelete
    Replies
    1. රූපෙ නම් මම හැදුවෙ "පින්තූර සාප්පුවෙන්" ඌ කරන හැටි හිතෙන් මවාගෙන

      Delete
  15. අපිටත් ඔය වගේ වැඩක් උනා...
    ඒත් එතකොටනං කිව්වෙ පුක කහ ගන්න නියපොත්ත නෑ කියලයි..
    කොයිද නියපොතු අපේ එවුං කනවනේ...
    (හැබැයි ඇහෙන්නනං කිව්වෙ නෑ)

    ReplyDelete
    Replies
    1. අපේ එකානම් ඇහෙන්නම කියුවා

      Delete
  16. අපරාදේ පොල් කට්ටක් හොයන් පුරෝලා පෙන්නන්න තිබ්බේ... :)

    ReplyDelete
  17. පොලිසියෙන් හෝ වේවා කොතෙන්ට හරි වැරැද්දක් කරලා අහුවුණොත් හොඳ මෝඩ ජෝක් එකක් දාන්න පුලුවන් නම් බේරෙන්න පුලුවන් වගේ :D

    ReplyDelete
    Replies
    1. නෑ ඒකම නෙමෙයි කොල්ලන්ගේ කොලු කාලෙ ගැන අවබෝදයක් ඒ පොලිස් නිලදාරින්ට තිබුනා ඒකයි

      Delete
  18. හැක හැක හැක :)
    ඉතින් පොලිස් මාමාලා පොඩි පොල් කට්ටක් හොයලා දුන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම උනානම් කරන්න දෙයි.

      Delete
  19. ඇඟට පතට නොදැනී කටට ආ ගමන් මේවා කියන්න හේද මුඛරි කමක් තියෙන්න ඕනේ. සල්ලා දැන් මොකද කරන්නේ. සල්ලට හරියන්නේ ඝන දෙවි ණුවන පහළ වෙන රස්සාවක්.

    ReplyDelete
    Replies
    1. දැන්නම් හොඳ රැකියාවක් කරනවා. කටනම් තාම එහෙමයි.

      Delete
  20. Replies
    1. ඇයි අපි කොල්ලො නෙමෙයිද ?

      Delete
  21. ෂා ඒ කාලේ මරැ යාළුවො ටිකක් ඉදලනේ

    සුන්දර අත්දැකීම් ‍ගොඩක් ලැබිලා

    ReplyDelete
    Replies
    1. ඒකනම් කියලා වැඩක් නෑ තාම මතක් කරකර සතුටු වෙනවා

      Delete
  22. Hikz! ඔය පින්තූරේ කොහෙන්ද ජෝන්?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක මම "පින්තුර සාප්පුවෙන්" හැදුවෙ.

      Delete
  23. එකනේ ඇඟ නැතත් කට වැඩ කියන්නේ....

    ReplyDelete
    Replies
    1. නැත්නම් කටින් අද මොනවද කරන්න බැරි

      Delete
    2. අඩෝ ලොකු ජෝනා "සල්ලා" නම් හුජ්ජ කරයි පොල් කට්ට පිරෙන්න.උබට පුලුවන්ද පොල් කට්ටක් තියා ටොනික් මූඩියක්වත් පිරෙන්න හුජ්ජ කරන්න??? හිකිස්ස්ස්ස්.....

      Delete
  24. හික්ස්ස්.. සල්ලා මාර එක්කෙනෙක්නෙ..:D

    ReplyDelete
  25. පොඩි කාලේ පොලිසියට බය නැහැ කියන්නේ එළ කොල්ලෙක් නේ.

    ReplyDelete
  26. පට්ට කොල්ලෙක් නේ සල්ලා :ඩ්

    ReplyDelete
  27. ඒ කියන්නෙ පොල්කට්ටක් පිරෙන්න චූ කරන්ඩ පුලුවන්නං ෆුට් බෝඩ් යන්ඩ් පුලුවං......

    ReplyDelete
  28. හැහ්... ඌ හිතලා කිව්ව එකක්ද නැත්තම් කියවුණ එකක්ද?

    ReplyDelete
  29. අද කාලේ පොලිස් මාමෙකුට කීවානම් එහෙම...?? හිකිස්‌!!!11111

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..