Friday, March 30, 2012

පමා නොවී එමි අකුරට..

හැමදාම ලියන කතාවගෙ අද කතාවත් මඩ ගොඩකින් ගොඩදාගත් එකක්. විශේෂත්වය නම් මෙ මඩ වෙන එකෙකුගෙ නෙමෙයි. කතාව ලියන ලොකු ජෝන් වන මගෙ ම එකක් වෙච්චි. මෙකත් වත්මනෙ කතාවක් නොව 90 ගනන්වල මුල් කාලයෙ කතාවක්


 මම පදිංචි වෙලා උන්නෙ පානදුරෙ. පාසැල් ගියෙ කොළඹ. පාසැල් බස්‍ රථයෙන් තමා පාසැලට ගියෙ. ඒකාලෙ එක එක පාසැලට වෙන වෙනම බස් රථ CTB එකෙන් දාලා තිබුනෙ. පානදුරෙ CTB බස් නැවතුමෙන් පටන් ගන්න බස් එක අල්ල ගන්න උදෙම එතනට යනවා. එතන රස කතා බොහොමයි. ඒවා පස්සෙ වෙලාවල ඉඩ ලැබුන විදියට බ්ලොග් පොස්ට් හරහා ඉදිරිපත් කරන්නම්.



මට  මතක විදියට ඒකාලෙ අපි උදෑසන 6ට පානදුරෙන් බස් රථය පිටත් උනාම. ඉස්කෝලෙට බස් එක එනකොට 8 පහුවෙනවා. ඒතරමටම පාරෙ ට්‍රැෆික්. වෙන මොකවත් හන්දා නෙමෙයි දෙහිවල පාර මට මතක දා ඉදන් හදනවා. දැන් ඔය ගුවන් පාලම මාස 4න් හැදුවට මම ඉස්කෝලෙ ගිය මුලු ජීවිතකාලෙම මට මතක විදියට දෙහිවල ගල්කීස්ස පාර හදනවා. අපිට පැයෙන් පානදුරෙ ඉඳන් කොළඹ එන්නනම් රෑ දහය පහුවෙන්නම ඕනෙ.ඒ තරමටම පාර ඇහිරිලා.


 මට කියන්න ඕන වුනෙ පාරෙ අවුල නෙමෙයි. පාසැල් බස්‍ රථය පාසලට එන්න යන වෙලාව ගැන. හැමදාම 8 පහුවෙනවා. ඒ කියන්නෙ පළමු කාල පරිච්චෙදය පහු උනාම තමා අපි පාසැලට එන්නේ. අපිට තව පරක්කු වෙන තැනක් තමා හන්දියෙ තෝසෙ කඩෙ. එතනින් තෝසෙ එකක් නොකෑවොත් ඉතින් දවසම නිකන් හිස් වගෙ. ඒ හන්දා එතනත් විනාඩි 15ක් විතර ඉඳලා තමා පාසැලට එන්නෙ. ඔය වගෙ හෙතු හන්දා අනිවාර්‍යයෙන්ම පානදුරෙ ඉඳන් යන අපි දෙවන පරිච්චෙදයෙ ඉඳලා තමා වැඩ පටන් ගන්නෙ.


ඔන්න ඔය කාලෙ තමා අපෙ පාසලට අලුත් විදුහල්පතිවරයෙක් පත්වෙලා ආවෙ. සුදූවුනු උඩුරැවුලක් කාටත් නොතෙරෙන්න කලු කරපු ටිකක් කොට මහත කෙනෙක් තමා අලුත් විදුහල්පති. ආදරෙට අපි කියුවෙ මෝසා කියලා. ඒ නම අපි දාපු එකක් නෙමෙයි එතුමා කලින් හිටපු පාසලෙ ගෝලයෝ දාපු නමක්. ඒනම දාන්න හෙතුවෙලා තිබුනෙ ඒ කාලෙ රූපවාහිනියෙ ප්‍රචාරය වුනු ටෙලි නාට්‍යක චරිතයක්. ඒ චරිතය රගපෑවෙ බුද්ධි වික්‍රම …මහතා. හැබැයි අපේ විදුහල්පතිතුමා බුද්ධි වික්‍රම මහත්මයාට වඩා කොටයි මහතයි. දැන් අපෙ විදුහල්පති තුමා ගැන චිත්ත රූපයක් මවාගන්න හැකි යැයි සිතනවා. 

එදත් සුපුරුදු පරිදි අපි අපේ වෙලාවට පාසැලට ආවා. මෙන්න එදා පාසැල ඉදිරිපිට සෙරම පරක්කුවෙලා ආපු ළමයි පෝලිමට හිටගෙන ඉන්නවා. අපිත් ඉතින් පිට එවුන්යෑ මාත් හිට ගත්තා පිටිපස්සෙන්ම. ටික වෙලාවකින් අර මම කලින් කියපු කොට මහත අපෙ අලුත් විදුහල්පතිතුමා අත් දෙක පිටිපස්සට බැඳගෙන පැද්දි පැද්දි අපි හිටගෙන ඉන්න පෝලිම් පෙරට්ටුව පරික්ශා කරනවා.

ඔන්න දැන් මා ගාව. මාව පහුකරගෙන ගිහිල්ලා ආයෙත් මං දිහා බැලුවා උඩ ඉඳන් පහලට,
"මෙහට වරෙන් "

"ඇයි සර් ?"

"තො දන්නවද ඇයි මම කතාකතා කලේ කියලා? " 

"ඔහ් ඔව් සර් " 

"කියපිය ඇයි ?" 

"මගෙ කොන්ඩෙ වැඩියි නෙද ?" 

මට කියන්න ලැබුනෙ එච්චරයි. චටාස් පටාස් මගෙ ඔලුවටයි මූනටයි .. තව කොහාට වැදුනද මතක නෑ තාමත් මතක හිටින්න වැදුනා . 

"තෝ හෙට කොන්ඩෙ කපාගෙන උදෙ හත වෙනකොට මාව හම්බවෙන්න ඕනෙ ? " ඒකාලෙ මම කොන්ඩෙ වැවුවා. සාමාන්‍යයෙන් අගල් 2ක් විතර මගෙ කොන්ඩෙ වැවිලා තිබුනෙ. 

 ඉතින් කාපු කෑම මතක හන්දා එදා හවසම බාබර් සාප්පුවට ගිහින් කොන්ඩෙ කොටම වෙන්න කැපුවා. 
පහුවදා උදෙ පහ මාර වෙනකොට වෙනදා යන CTB නැවතුම දිහා නොබලාම දුම් රිය ස්ථානය වෙත ගියේ උදෙන්ම මරදාන බලා පිටත් වෙන දුම් රියෙන් පාසැලවෙත යන්න. හරියටම 7 වෙනකොට පාසැලට ගිහිල්ලා ගැහෙන සිතින් විදුහල්පතිතුමාගෙ විදුහල්පති කාමරය වෙත ගියා. 

පෙරදා මෙන් නොව සිනහමුසු මුහුනින් යුතුව මාදෙසත් තම අතෙහි බැඳි ඔරලෝසුව වෙතත් ඔහු  බැලූ ඔහු 

"බලන්න පුතා අද ඔයාගෙ මූනෙ ලස්සන. ඕනෙනම් අද ඔයාට ඉස්කෝලෙ පටන් ගන්න කලින් සෙල්ලම් කරන්නත් පුලුවන් " 

කියමින් ළඟ තිබූ තෙ පෝච්චියෙන් තේ එකක් වත් කර මට පිළිගැන්වීය. මට අදහ ගන්නට බැරි වූයේ.

මේ පෙරදා මාවෙත කඩා පැන්න  විදුහල්පතිවරයාමද යන්නය.

එදයින් පසුව මගේ අඟල් භාගයකට  කට වඩා කිසිදිනයක කොන්ඩය වැවුනේවත්, පාසැල් දිනකදීනම් 7.30න් පසු පාසැලෙන් පිටත්දීනම් දකින්නට නොලැබුන වගනම් නිසැකය. 



ප.ලි. මෙම විදුහල්පතිවරයාට ගරු කිරීමක් වශයෙන් මෙ ලිපිය ලියන ලදි.

28 comments:

  1. නියම විදුහල්පති වරයෙක්......!

    ReplyDelete
  2. අදහන්න වටින සර් කෙනෙක්...
    මෙන්න මිනිස්සු!!

    ReplyDelete
  3. දැන් කාලෙ විදුහල්පතිවරුන්ට ඕව කරන්න වෙලා නෑ.....මොකක් හරි සල්ලි ලැබෙන විදියක් පස්සෙ දුවනව ඇරෙන්න.......

    ReplyDelete
  4. අන්න මිනිස්සු.. ඔහොම අය තව ඉන්නවා

    ReplyDelete
  5. කතාව මුල කියවද්දි මම මෙහෙම අවසානයක් හිතුවෙම නෑ.. මම හිතුවේ පරක්කු වෙලා එන එකට පනිශ්මන්ට් එකක් කියලා.. ඒත් එක පාර වැරදි දෙකක්ම එතුමා හදලා.. නියම විදුහල්පති වරයෙක්..

    ප.ලි
    අර තෝසේ කන විනාඩි 15ට මොකෝ උනේ??

    ReplyDelete
  6. විදුහල්පතිත් එල උබත් එල.

    ReplyDelete
  7. හ්ම්ම් මගේ ජිවිතේදීත් මට මුණගැහිලා තියෙනවා විදුහල්පති කන්‍යා සොහොයුරියන් දෙන්නෙක්. අදටත් මම එයාලාට ගොඩාක් ආදරෙයි :

    ReplyDelete
  8. ඔන්න ජාතියේ පිනට පහල වෙන මිනිස්සු .....

    ReplyDelete
  9. ගුරුවරයෙක් විදුහල්පති වරයෙක් පසල් සිසුවකුට දඬුවම් කරන්නෙ තරහකට නෙවේ. යමක් කියා දීමටයි. නමුත් අද දඬුවම් කරපු ගමන් මනව හිමිකම් කඩවුණු බවට චෝදනා කර අධිකරනයට යනවා.

    ReplyDelete
  10. තමනුත් මේ වයස පහු කරානෙ කියලා හිතන ගුරුවරු නම් අල්පයි..ඔබට එවැන්නෙක් හමුවී තිබීම වාසනාවක් යැයි හැඟේ..පාසල් සිසුවෙකුගේ අභිමානයට ගරු කල විදුහල්පතිවරයකු සිටීම පුදුමයකි..

    ReplyDelete
  11. ලොකු ජෝනත් යහමග ගිය වගයි. :D

    ජෝන් කිව්වානෙ ඉස්කෝලෙ යනකම් පාර හැදුවා කියලා. මම ඉස්කෝලෙ ගියේ ඔයිට කලින්නෙ, ඒ කාලෙ අපි කොළඹට ඇතුල්වෙන කොටම ග්‍රෑන්ඩ් පාස් වල තිබ්බා කුණු ගෙනත් දාලා ගොඩ කරන සයිට් එකක්. බස් එකේ නින්දක් ගහගන ආවත් ඔය කුණු ගඳට අනිවා ඇහැරෙනවා පොල්ලකින් ඔලුවට ගැහුවා වගෙ.. :D ඒ පැත්තෙ මිනිස්සු කොහොම ජීවත් වුනාද මන්ද ඒ කාලෙ.

    ReplyDelete
  12. ගහල බැනල හැදුවට නියම වෙලාවට වෙනස් වෙන සිරා ගුරුවරු..

    ReplyDelete
  13. එක වසරෙ ඉදල ඒලෙවල් කරනකංම මාව වෙලාවට ඉස්කෝලෙට ගෙන්නගන්න මොන දඩුවම දීලත් බැරි උනා

    ReplyDelete
  14. නියම විදුහල්පති තුමෙක්..ඒක නෙමේ උඹ පානදුරේ කොහේද....

    ReplyDelete
  15. හොඳ ගුරුවරු ඉන්නවා හැබැයි හරි අඩුයි.

    ReplyDelete
  16. ජෝන්ට අගල් දෙකකට වඩා කොන්ඩේ වැවෙන විට ඔලුව කැක්කුම හැදීමෙ රහස සොයාගතිමි .

    කොහොම උනත් කොන්ඩේ වාවාගන ගත්තු පින්තූරේනම් මාර ලස්සනයි.

    ReplyDelete
  17. ඉතාම හොඳ විදුහල්පතිවරයෙක්...වැරැද්දක් දැක්කාම ඒක පෙන්නල දීලා ඒ වැරැද්ද හදාගත්තම අගය කරන එක කොයි තරම් හොඳ දෙයක්ද.එතකොට තමයි ආයෙත් කවදාවත් ඒ වැරැද්ද කරන්න හිතෙන්නෙ නැත්තෙ

    ReplyDelete
  18. අන්න දෙවිවරු වගේ මිනිස්සු

    ReplyDelete
  19. මෙන්න ගුරු දෙවිවරු

    ReplyDelete
  20. තව ඩිංගෙන් රස්තියාදුකාරයෙක් බිහිවෙනවා...

    ReplyDelete
    Replies
    1. හොඳ විදුහල්පතිවරයෙක්......

      Delete
  21. කමෙන්ට් කල හැමෝටම ස්තුතියි. මෙ දවස්වල full busy ඒ හන්දා හැම එකටම කමෙන්ට් කරන්න බැරි උනා. තනි තනිව පිලිතුරු ලියන්න ඇවැසි කමෙන්ට් දෙකතුනක් තිබුනා ඒවාට ඉඩ ලැබුන හැටියෙ පිලිතුරු සපයනවා



    …ඇත්තටම ඒ විදුහල්පතිවරයා ගැන තරහක් අපි පාසැල් යනකාලෙ තිබුනෙ. ඒ උනාට මම වගේම අපෙ කාලයෙ උන්න හැම කෙනෙක්ම වගෙ අද හදවතින්ම ඒ විදුහල්පතිවරයට ගරුකරනවා.

    ReplyDelete
  22. පට්ටයිනෙ බං.එක පාරක් ගුටි කාපු ගමන් උඹ හැදුනා එහෙනං???

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්ගේ හැටියට කාපු කෑම ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ

      Delete
  23. His Name was: Mr. D.G.Sumanasekara, now heading the Vidura college. Tribute to our Past Principal!

    Hey loku John Umba koi avuruddeda?, im 93

    ReplyDelete
    Replies
    1. මමත් ඒ බෝට්ටුවෙම තමා

      Delete
  24. ඔය කියන විදුහල්පතිතුමාගෙන් මාත් එකපාරක් ගුටි කාලා තියෙනවා. පංති වෙලාවේ පිට්ටනියේ ඉදලා..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..