Tuesday, March 27, 2012

ගැබිණි මාතාවන්ට පමණයි .

ලියන්න ගිය කතා සෙරම පැත්තක දාලා මෙ කතාව ලියන්නෙ මෙ කතාව උනු උනු කතාවක් නිසා, උනු උනුවෙම ලියුවොතින් හොඳයි කියලා හිතුනු නිසා.


වෙනදා වගෙ වැඩ අහවර කරලා 6.53ට තියෙන කෝච්චිය අල්ලගන්න වැල්ලවත්ත දුම් රිය ස්ථානයට එන්න පුලුවන් කමක්  තිබුනෙ නෑ. වැල්ලවත්තෙන් 6.53 මග හැරුනොත් ආයෙත් පානදුරෙට එන්න තියෙන්නෙ 8.05 ට. එච්චර වෙලා දුම් රිය ස්ථානයෙ ඉන්න තරම් උවමනාවක් තිබුනෙත් නෑ. එහෙම උන්නනම් මෙ කතාව ලියන්න වෙන්නෙත් නෑ. 


…ඉතින් කෝච්චිය මාව දාලා ගිය එකෙ එතන බලා ඉඳලා වැඩක් නැති නිසා ආපහු වැල්ලවත්ත හන්දියට ආව බස් එකක වත් එනවා කියලා. බස් වල සෙනග දැක්කම රස්සාවට යන්න එපාවෙනවා. ඒ එපාවිල්ල දන්නෙත් බස් වල කෝච්චි වල  යන එන අපි වගෙ උදවිය විතරයි. ඒත් ඉතින් පොදු ප්‍රවාහන සේවය කියලා රටෙ ඉන්න අපිවගෙ  සාමාන්‍ය ජනතාවට යන්න එන්න තියන ක්‍රමය ඔච්චරනේ.

…සෙනග පිරුනු බස් දෙකතුනක් ගියා. යන්න අමාරුම නිසා මම නැග්ගෙ නෑ. මගෙ අතෙ සාමාන්‍ය ෆයිල් කවරයක් තරමෙ ප්ලාස්ටික්  බෑග් එකක් තිබුනා. ඒකෙ ඇතුලෙ වැඩියමක් තිබුනෙ නෑ කිලෝ දෙකහමාරක් විතර බර රක්ෂන සංස්ථාවෙන් මුද්‍රනය කල දින පොතයි මගෙ එක්ස්ටර්නල් හාර්ඩ් ඩිස්ක් එකයි තව මෙ දවස්වල කියවමින් යන පොත් දෙකතුනකුයි විතරයි තිබුනෙ. ටිකක් වෙන්න බර තිබුනනිසා බෑග් එකෙ  එක පැත්තක ප්ලාස්ටින් අඩුව ගැලවුනා.


ඔන්න එතකොටම කලුතර බස් එකක් ආවා. ආසන පිරෙන්න පමනක් වගේ  සෙනග හිටපු නිසා මාත් නැග්ගා. කොහොමටත් බස් එකට නැග්ගම ඇහට ප්‍රිය දසුනක් ළඟට ආකර්ශනය වෙන එක වැරැද්දක් නෙමෙයිනෙ. මොකද දාඩිය පෙරාගෙන, උස, මහත, කොට, කෙට්ටු, නාකි, මෙකී නොකී පිරිමි පරාණයක් ළගට වෙලා යන්න මෙ අපි වගෙ කොල්ලො කැමතියැ.  ඉතින් මාත් හිත ඇදිල යන රූ සපුවක් තියන ගෑනු ළමයෙක් වාඩි වෙලා උන්නු තැනකට ලං වුනා (ළමයෙක් කියුවට කවුද දන්නෙ හුඟක් අය යන්නෙ මුද්දත් හංගගෙනනෙ )  මෙ ළමයා වාඩි වෙලා උන්නෙ අර ගැබිනි මාතාවන්ට වෙන් කරපු ආසනයෙ ඒක තිබුනෙ ඉස්සරහ ඉඳන් දෙවන පේලියෙ. මමත් ගිහින් එතන හිට ගත්තා


ටිකක් අපහසුවෙන් වගෙ  පටිය ගැලවුන බෑග් එක මම එල්ලගෙන උන්නට මේ ගෑනු ළමයනෙමෙයි ඇහැක් ඇරලා බැලුවෙ. මටත් දෙන්න උවමනාවක් තිබුනත් මමත් දුන්නෙ නෑ. ඉල්ලයි දෝ ඉල්ලයි දෝ කියලා බෑග් එක වනවන උන්නා.  ම්හු ඉල්ලන පාටක් නෑ.     

වැල්ලවත්තෙ ඉදන් රත්මලානට යනකම් මම වන වන ආවත් මේකි නෙමෙයිනෙ මගෙ බෑග් එක දිහා බැලුවෙ.
 
කොහොම හරි රත්මලානෙදි එක පාරටම කෝ දෙන්න. කෝ දෙන්න  කියලා මගෙ බෑග් එක උදුර ගත්තා. මට හරි පුදුමයි.

…එතකොටම බස් එකට ගොඩ උනා අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්
…මම අර ලස්සන ගෑනු ළමයගෙන් මගෙ බෑග් එක ඉල්ලගෙන මෙ අම්මට ආසනෙ දෙන්න කියුවා. ඒ ලස්සන ගෑනු ළමයා ලස්සන  මූන කැතකරගෙන මටත්  ඔරවලා අර අම්මට ආසනෙ දීලා පිටිපස්සට ගියා. ගියා නෙමෙයි දිව්වා.   

61 comments:

  1. සාටර් නේ...හොඳ වැඩේ ඔයා නම් කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ මූන පවු අනෙ

      Delete
  2. ඔයාගේ බෑග් එක දැක්කම ගෑනු ලමයෙක් ගනීද අනේ?:D

    ReplyDelete
    Replies
    1. ඒක ගන්නනම් බයයි තමා ඒ ඉතින් දන්න අයනෙ. මෙ ගෑනු ළමයා නොදන්න කෙනෙක් හන්දයි ළඟට ගියෙ.

      Delete
  3. හොඳ වැඩේ ගෑනු ලමයි ලඟින් හිටගන්ට යනවට....:D

    ReplyDelete
    Replies
    1. හෑ මෙකෙ මෙ මමම මඩක් ගහගෙනද ?

      Delete
  4. නියම වැඩේ, ගොඩක් කාන්තාවෝ ඇඟිල්ලෙන් ඇනලා කියනකල් තමන්ගේ සීට් එක කාටවත් ම දෙන්නෙ නෑ, ඇයි ඒ?

    ReplyDelete
    Replies
    1. ඒකතමා මාත් අහන්නෙ

      Delete
  5. සීට් දීම ගැනනම් මට තියෙන්නෙ මේ වගේ අදහසක්..

    ගැබිනි මාතාවකට හරි ළමයෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙකුට හරි වෙනත් ආබාධිත කෙනෙකුට සීට් එක දෙන්න මඟී ජනතාව බැඳිලා නෑ.. ඒක මඟීන්ගේ යුතුකමක් මිසක් වගකීමක් නෙමෙයි.. මොකෝ හම්බෙන්න ඉන්න ළමයා හෝ වඩාගෙන ඉන්න ළමයා අපේයැ..

    මම දැකලා තියෙනවා ඔය වගේ කෙනෙක් දැක්කම සීට් එක දෙන්න වෙයි කියලා අහක බලාගන්න නින්ද යන ගොඩක් අය.. විශේෂයෙන් ගැහැණු අය.. නමුත් පහත කාරණාත් පොඩ්ඩක් හිතන්න..

    ඔය වගේ සීට් එකක් ඕනා අය බස් එකක් ලෝඩ් වෙනකන් ඉඳලා සීට් එකක් ගන්න නඟිනකොට මල පනින්නෙ නැද්ද? සීට් එකක් හම්බෙනකන් බස් පෝලිමේ ඉඳලා ඉඳලා නැග්ගට පස්සෙ මේ වගේ සීට් එක දෙන්න වුනොත් මොනා හිතෙයිද? මම ගොඩක් දුර යන කෙනෙක් නම්..

    අනික ඒ වගේ අය නැගලා සීට් ගන්න හදන්නෙ බලෙන්... සමහරවිට වඩාගෙන ඉන්නෙ නාකි බබෙක්ව..සීට් එක දුන්නම අඩුම ගානෙ ස්තුතියි කියලා කියන්නෙවත් නෑ..හරියට එයාට අයිති සීට් එකේ අපි වාඩිවෙලා හිටියා වගේ.. අනිත් කාරණය තමා ඔය වගේ අය බහිනකොට සීට් එක දුන්න කෙනාට ආයෙ සීට් එක දෙන්නෙ නෑ.. දුර ගමන් යන කෙනෙක් වුනොත් සොරිම තමා.. සීට් එක පිදුවා මදිවට ගත්තු එකා බැහැලා ගියත් හිටන් යන්න වෙන්නෙ.. අනික මගෙන් සීට් එක අරන මගේ අතේ තියෙන බෑග් එක තියාගෙන යන්න කැමති නැති මිනිස්සුත් ඉන්නවා..

    ඔන්න ඔය වගේ ලබාපු අත්දැකීම් නිසාම මම නම් සීට් එකක් දෙන්න වෙන තැන්වල (දොරවල් කිට්ටුව, වෙන්කරපු ආසනවල) ඉඳගන්නෙත් නෑ... සීට් එක දෙන්නෙත් නෑ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ".........සීට් එක දෙන්න මඟී ජනතාව බැඳිලා නෑ"
      ඒක වැරදියි! පූජ්‍ය පක්ෂයට, ආබාධිතයන්ට සහ ගැබිණි මවුවරුන්ට වෙන්කරපු ආසනයක් නම් අනිවාර්යෙන් දෙන්න වෙනව. ඒක නීතියෙන්ම වෙන්කරල තියන එකක්. වෙනත් සීට් එකක් දෙනව නම් එතනදි හරී කියන කතාව හරි.

      දෙවනුව හරී මතුකරන කාරණාව නං හරියටම හරි. "සීට් වෙන්වූ වර්ගවල" මගීන් කරන පොදු වැරදි කිහිපයක් තියනව. දුර ගමනක් යනකොට ලගම තියන බස්නැවතුමට ගිහිල්ල ආරම්භයේදීම සීට් එකක ඉදගන්නෙ නැතිව මගින් බස්වලට නැගීම. ඒකෙන් සිද්ධ වෙන්නෙ තවත් මණුස්සයෙකුට සීට් එකක් නැතිවීම. අනිත් කාරණාව තමයි ඉක්මනින් යන්න හිතාගෙන එතරම් දුර නොවූ තැනකට යාමට දුරගමන් යන බසයකට නැගීම. උදාහරණයක් විදියට ගාල්ලෙ ඉදල කලුතරට යන කෙනාත් නගින්නෙ තංගල්ල කොලඹ බස්වලට. මේකෙන් සිද්ධ වෙන්නෙ දුර යන අය අපහසුතාවයට පත්වීම. මේවගේ වැරදි අනන්තයි.

      Delete
    2. මම පොළොන්නරුවෙ යද්දි ඔ්ක වෙලා තියෙනවා... පොලිමේ ඉඳලා ඉඳලා නැග්ග බස් එකට මගින් ළමයෙක් වඩාගෙන අම්මා කෙනෙක් නැග්ගා... මම ශීට් එක දුන්නාම එයා බහින තැනින් එයා අඳුනන වෙන ගෑනියෙකුට දීලා බැස්සා.. මැඩම් කරුණා කරලා මගේ ශිට් එක ආපහු දෙන්න.. අරයට මමයි දුන්නෙ කිවුවාම රවලා අහක බලා ගත්තා... ලැජ්ජාවයි හැදියාවටයි වඩා කකුල් අමාරුව ඉස්මතු වෙලා හොඳවයින් හමන්නන්න ගත්තාම නැගිටල ගියා බැන බැන

      Delete
    3. කමෝන් නරකයා...වෙල් ඩන්..!!!

      Delete
    4. මෙකට මම උත්තර නොදී ඉන්නම් මොකද මම දෙන්න හදපු උත්තරේම රාජ් දීලා තියෙනවා

      Delete
    5. රාජ් ගේ කතාව ඇත්ත ඒ දුක දැනෙන්නේ දුර යන්න දිගු පෝලිම වල ඉන්න මගීන්ට.

      Delete
  6. මට මේ පිළිබද අත්දැකීම් දෙකක් තියෙනවා.

    1. මං ගර්භණී අම්ම කෙනෙකුට සීට් එක දුන්නා. පැය දෙකක විතර ගමනක් යන්න බස් එකක ඉදිද්දී. ඒ අම්මා වැඩිදුර යන්න නෙවෙයි පොඩි දුරයි ගියේ. බහින්න කිට්‍ටු වෙනකොට මමත් සීට් එක බලාපොරොත්තුවෙන් හිටියෙ. ඒත් ඒ අම්ම කලේ බස් එක වටේම බලලා පිටිපස්සෙම හිටපු එයා අදුනන තවත් ගෑනු කෙනෙකුට කතා කරලා අතෙනුත් ඇදලා එයාව වාඩි කරවලා ගියේ. ඔන්න හැටි. මම ඉතින් එතකොට ඒ ලෙවල් ක්ලාස් යනවා. ලැජ්ජයිනෙ කතා කරන්න. පැය දෙකම හිටගෙන ගියා මං.

    2. මං පුතා ලැබෙන්න ඉදිදී මටත් බස් එකේ යන්න වුණා බොහෝ අවස්ථාවල. බොහෝ මිනිස්සු සීට් එක දෙන්න වෙයි කියලා බය වෙනවා. ක්ශණිකව නිදියනවා. පරක්කු වෙන නිසාම සෙනග ඉන්න බස් එකට නගිනවා මිසක වෙන කිසිම දවසක සෙනග ඉන්න බස් එකකට නැංගෙ නෑ මංනම්. මොකටද නිකන් ලේ කෝප කරවන්නෙ මිනිසුන්ගෙ. ඒත් අපිත් අසරණ වෙන අවස්ථා එනවා. අතරමග්දි බස් එකට නගිනවානම් කොහොමද සෙනග නැති බස් එකක් ‍තෝරගන්නෙ. එකම එක දවසක් නුගේගොඩ ඉදලා ගෙදර යන්න පැයක් හිටියා මං සීට් එකක් තියෙන බස් එකක් ගන්න. හිටගෙන ඉදල කලන්තෙ හැදෙනකොට 3 වීල් එකක ගියා.

    ReplyDelete
    Replies
    1. 1 කතාව නම් සහතික ඇත්ත... ඒ වගේ අත්දැකීම් මටත් තියෙනවා,
      මාර මිනිස්සු තමයි ඉන්නේ.... නේද.....?

      Delete
    2. 1 කොහොමත් අපේ අය මුල අමතක අයනෙ.
      …2 මටත් ඔය අත් දැකීම අහන්න ලැබුනා මගෙ පවුලගෙන්

      Delete
  7. hmm ගොඩක් අය සීට් දෙන්නේ නෑ තමයි.ඒත් නගින අයත් ටිකක් හිතන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ඒ අය ඉන්න අමාරුවෙ හැටියට හිත හිත ඉන්න අමාරුයි නෙද ?

      Delete
  8. අපේ රටේ ඉන්නේ මහ ආත්මාර්ථකාමී මිනිස්සු. විශේෂයෙන් සිංහල ජාතිය. මනුස්සයෝ නෙමෙයි තිරිසනුන්ටත් එහා. කතකරන්නේ අවුරුදු 2500 ක් ඉතිහාසය සංස්කෘතිය සහ හැදියාව ගැන. නමුත් නැත්තෙත් ඒවම තමයි. කතාකරන්නේ ඇමරිකාවට ගහන්න බස් එකේ පැය දෙක තුනක් හිටගෙන යන්න පන නෑ. කකුල් කඩුත්තුව. මම කියන්නේ බොරු නෙමෙයි කියන එක කොමෙන්ට්ස් වලින්ම ඔප්පු වෙනවා. අපේ බූරූවන්ට යමක් තේරෙන්නේ තම්න්ටම හරි තමන්ගේ කෙනෙක්ටම හරි ඒ දේ අදාල උනොත් විතරයි. බස් එකට නැග්ගම ඉස්සටහට යන්නේ නෑ. ගොම තැම්බ වගේ එක තැන. කොන්දා උගුර ලේ රහ වෙනකම් කෑ ගහනවා. රාජ් කිව්වා වගේ අපි සීට් දෙන්න බැඳිලා ඉන්නවා. අනික මේ බස් එකේ යන්නේ තමන්ගෙම පන්තියේ ජනතාව. ඒ යන්නේ තමන්ගේම දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ දරුවෝ කියලා හිතන්න බැරි ඇයි. ඒ වගේම එහෙම උදව්වක් කලාම ස්තූතියි කියලා සිනහවකින් සංග්‍රහ කරන්න බැරි ඇයි. පිරිමි නැගිටිනකන් ඉන්නේ කෙල්ලකුට කාන්තාවකට ඒ දේ කරන්න බැරි ඇයි. කෙල්ලන්ගේ අස්ථි දිරලද. බහින කොට සීට් එක දුන්න කෙනාටම නැවත් දෙන්න බැරි ඇයි. ඒවා කොහෙද බස් නියමිත බස් ගාස්තුව අතට අරගෙන නගින්නේ නැතුව කොන්දත් එක්ක මරාගන්න දූපතක හිරවුන නොදුණු ගෝත්‍රික ජනතාවකගෙන ඒවා බලාපොරොත්තු වෙන එකයි වැරද්ද..

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කාන්තාවන්ට පමණයි සීට් එක බස් වලින් අයින් කලෙ. නැද්ද මම අහන්නෙ

      Delete
  9. කොල්ලෙක් නම් බොහෝ විට දෙපාරක් හිතන්නෙ නැහැ. ටක් ගාල සීට් එක දෙනවා, ඒත් ගෑනු පරාන එහෙම නැහැ, බොහෝ විට නිදි වගේ ඉන්නවා නැත්තං ඈත බිල්ඩින්, ගස්, කඳු, ගනන් කරන්න පටන් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. එතන පොඩි පැණි ගතියකුත් තියනවා. ඒත් අපහසු තාවයට මුහුන දුන්න කෙනෙක් නම් කවදාවත් එහෙම කරන්නෙ නෑ (මම කියුවෙ කාන්තාවන්ගෙ පැත්තෙන් )

      Delete
  10. ගැබිණි මාතාවන්ට පමණයි . කියලා තිබුන නිසා එම්දෝ නොයෙම්දෝ කියලා හිතලා ආපහු ආවා ඔන්න

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ආවනෙ. කොහොමත් මෙ බ්ලොග් අවකාශෙ මාතෘකාවට සෑහෙන්න දෙයක් කරන්න පුලුවන්

      Delete
  11. මාතෘකාව දැකල ලේ වතුර වුනා, මම පෝස්ට් එකක් ලියමින් ඉන්නෙ 'පුජ්‍ය පක්ෂයට' කියල, බැරි වෙලාවත් ඒ වගේ එකක්ද කියල හිතුන :-)

    ReplyDelete
    Replies
    1. මම ඉස්සර උනා . කොහොමත් අපායට ගියත් ඉස්සර වෙන්න ඕනෙනෙ. මෙන්න ඔබා මාමගෙ පොස්ටුවට මෙතනින් යන්න …
      "පුජ්‍ය පක්ෂයට"

      Delete
  12. සමහරු ඉන්නවා වයසක කෙනෙක් නැග්ගා උනත් සීට් එකක් දෙන්න අකමැති.. සමහර වෙලාවට කොන්දා කියලා සීට් එක ඉල්ලලා දෙනකම් සමහරු නැගිටින්නේනෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ඒ අය වයසට යන්නෙ නෑ කියලා හිතන අය

      Delete
  13. පෝස්ට් එකේ තිබුණ සියළුම කරුණු වලට වගේම කමෙන්ට්ස් වල තිබුණ සියලුම දේත් නැවත නැවතත් සාකච්ඡාවට බඳුන්විය යුතු කරුණු. මේවා නිරන්තරයෙන් පොදු මගී ප්‍රවාහන සේවා භාවිතා කරන ඔබට මට අපි කාටත් පොදුයි.

    කොහොම වුණත් ලංකාවෙ බහුතරයක් හරිම අත්මාර්ථකාමී පිරිසක්. තමන්ගෙ අවශ්‍යතාවය ඉටුවන තාක් හරිම පුණ්‍යවන්තයි.

    මට මේව කියවෙන කොට මතක්වෙන්නෙම සිංදු. මේතියෙන්නෙ මේගැන මාලනී බුලත් සිංහල කියපු හැටි.

    " දකින විට පන්සලක් පල්ලියක් බෝධියක්
    හුනස්නෙන් නැඟිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා පුරෝගෙන
    අඩවන්ව නෙත් බරව බලනවා.....
    ගැබිණි මව් කෙනෙකු හෝ රෝගියෙකු
    දුටු විටක හුනස්නෙම නිදි කිරා වැටෙනවා".....

    එච්චරයි මට මතක..

    ReplyDelete
    Replies
    1. "කවුළුවෙන් අනන්තය සොයනවා..." කියල කෑල්ලකුත් තියනවද කොහෙද..

      Delete
    2. ඒත් හදවතින්ම මිනිස්සුන්ට උදවු කරන මිනිස්සුත් මෙහෙ නැත්තෙම නෑ

      Delete
  14. Replies
    1. පෙට්ටගමට ගොඩවැදුනට ස්තුතියි

      Delete
  15. ඇත්තට දැන් කාලේ පිරිමි උදවිය නම් අනිවා පූජක පක්ෂයේ හෝ ගැබිණි මාතාවක් දැක්කොත් අසුන දෙනවා ඒත් තරුණියෝ නම් එහෙම නැහැ.(වැඩිහිටි කාන්තාවන් එහෙම නැහැ )

    ReplyDelete
    Replies
    1. දුක්වින්ද අය අය දුක අඳුනනව

      Delete
  16. මට මචං හොදට නෝට් වෙලා තියෙනවා ගෑනියෙක් කවදාවත් බබෙක් හම්බෙන්න ඉන්න‍ කෙනෙක්ට සීට් දෙන්නේ නැහැ. පිරිමියෙක්මයි දෙන්නේ..

    ඇයි බං උන්ට උන්ගේ දුක නොතේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ අවස්තාවට මූන දුන්න අයනම් එහෙම කරන්නෙ නැ

      Delete
  17. මමත් අත්දැකලා තියෙන දේ තමා ගොඩක් වෙලාවට ගැබිණි අම්මා කෙනෙක්ට නැත්නම් දරුවෙක් වඩාගෙන නගින අම්ම කෙනෙක්ට ශීට් එකක් දෙන්න පිරිමි කෙනෙක්ම තමා.ගැහැණු ශීට් දෙන අවස්ථා අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි . . . ඒ තත්වෙට වගකියන්න ඕනෙ පිරිමි කෙනෙක් නිසා වෙන්න ඇති

      Delete
    2. අඩුයි තමා ඒ ගෑනු අය ඒ අයට වඩා පිරිමින්ට බස් වල හිටන් යන්න පුලුවන් කියලා හිතන නිසා

      Delete
  18. මොන දේ උනත් මම සීට් එක දෙනවා... මම මාසෙකට දෙවතාවක්වත් නුවර යනවා කොළඹ ඉඳන් ඒ යන්න පැය 4ක් හෝ ඊට නොඅඩු වෙලාවක් යනවා.සීට් හම්බුවෙලත් ආච්චම්මා කෙනෙක්ට හරි ගැබිණි මාතාවකට හරි කැමැත්තෙන්ම සීට් දීපු වාර අනන්තයි... හිටගෙන නුවර ගිහින් දවසම නොකා නොබී ඉඳලා හවස එද්දිත් හිටගෙනම ආපු වාරත් සෑහෙන්න තියෙනවා...හැබැයි දෙන සීට් එක මලාට හම්බුවෙන්නේ නෑ අදාල කෙනා බැහැලා යද්දි...

    දවසක් මම වාඩිවෙලා හිටියේ සීට් එකට එහායින් පොල්ලක් ගහපු තැනක එතනට යන්නනම් රිංගන්නත් වෙනවා... බබෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක් පැය 4ක් යන බස් එකකට නැග්ගම බස් එකේ හැමෝටම නින්ද යනවනේ ඉතිං මම සීට් එක දුන්නා...ඒත් එයා දෙතුන් පාරක් අමාරුවෙන් රිංගන්න ට්‍රයි කලත් බැරි වුනු නිසා තැන්කූ මල්ලි කියලා හිටගෙන හිටියා එතකොටම කොහෙන්ද පැන්න ගෑණු කෙනෙක් මගේ සීට් එක අයිතිකරගත්තා...කොන්දා මාමා ඇවිත් මග බහින එකෙක්ව නැගිට්ටවනකන්ම අර අක්කා හිටගෙන...

    ආ අනික තමයි ගෑණු ලමයි කාන්තාවන් කොච්චර හිටියත් මම ජීවිතේට දැකලා නෑ ඒ කවුරුත් පුටුව දෙනවානම්

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ අපි අපෙ යුතුකම් ඉටුකරනවනම් ඉවරයි

      Delete
  19. වල්ලද මල්ලද කියලා හිතෙන්න ඇති...දෙකම ගෙනියන්න බෑ නේ.....හික් හික් ....හැබෑටම දිල්ට මොකද උනේ...ආරංචියක් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. ? ඇත්තටම කෝ

      Delete
    2. තොපි ඔක්කොම එකතු වෙලා ඒකිව විනාස කලා,
      පව් යකෝ
      ඒකිගේ අඩ නිරුවත් රූපයක් දැම්ම අබේපාලයා {http://tikakhinawenna.blogspot.com/2012/01/blog-post_24.html } උගෙ බ්ලොගේ
      දන් තොපි අහනවා දිල් කෝ කියලා... මොනවද බන් මේ සවුත්තු වැඩ

      Delete
  20. බස් එකේ යද්දි සීට් දීල කෙලවාගත්ත වාර ගනන නං අනන්තයි අප්‍රමානයි. ඒත් තවම බොක්ක උනුවෙන ගතිය තියන නිසා උවමනා කෙනෙක් බස් එකට නැග්ගොත් මම ඉන්න සීට් එක දෙනව

    ReplyDelete
  21. සිස් දැන් කාලෙ කෙල්ලෙන්ගෙ කප්ටි වැඩ :\

    ReplyDelete
  22. හොඳම වැඩේ අයිය කරල තියෙන්නෙ නියම වැඩක්.....

    ReplyDelete
    Replies
    1. හැංගුනු කේන්තියකුත් තිබුනනෙ

      Delete
  23. සමහර උන් බස් වල යන්නෙ උන් අම්මගේ බඩෙන් අවේ නෑ වගේනේ!:-/

    ReplyDelete
    Replies
    1. ඒකහරි ඒ දුක විඳලම බලන්න ඕන

      Delete
  24. මිනිස්සු බලන්නේ තමන්ගේ සැප පහසුව විතරයි.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ සැප බැලුවට කමක් නෑ අනුන්ගෙ දුකත් තෙරුම් ගන්න ඕන

      Delete
  25. හොඳ වැඩේ කලේ...මම මේ ළඟඳි ඔහොම බස් එකේ සීට් එකක් ළඟ හිට ගෙන ආවා.. එතන ඉඳ ගෙන හිටිය කෙනා බහින්න සීට් එකෙන් නැගිටින බව තේරිච්ච මට එහායින් හිටිය ගෑනු කෙනෙක් මාවත් තල්ලු කරන් ආවා ඒ සීට් එකේ ඉඳ ගන්න..මන් පොඩ්ඩක් කේන්තියෙන් උනත්..අර බහින්න නැගිටින කෙනා ළඟින් ඒ ගෑනු කෙනාට හිට ගන්ඩ දුන්නා..දැන් ඒ සීට් එකේ හිටි අනිත් කෙනාත් බහින්න හදන්නෙ.ඒ සීට් එකේ අයිනට අව්ව වැටෙනවා..දැන් අර මාව තල්ලු කරන් ආපු ගෑනි මට ඉඳ ගන්ඩ ඉඩ දෙනවා..මමත් කේන්තියෙන් හිටි නිසාම ඉඳ ගත්තා අව්ව නොවැටෙන අයිනෙන් ඉඳ ගෙන කකුල් දෙක මෙහාට කරලා ඕන් නම් ඉඳගනින් කියලා මන් පාඩුවෙ හිටියා..අර ගැනි කේන්තියෙන් පුපුර පුපුරා ඉඳ ගත්තා..

    ReplyDelete
  26. කපටියාට ඔහොම බැස්ටි තමයි දෙන්න ඕනේ :)

    ReplyDelete
  27. මරු වැඩේ තමා වෙලා තියෙන්නේ....

    ReplyDelete
  28. පූජක පක්ෂයට වෙන්උන ෂීට් එකේ දවසක් බස්එකක අංකල් කෙනෙක් ඉදගන හිටියා.මගදි හාමුදුරැවරැ දෙන්නෙක් නැග්ගා. මනුස්සයෙක් අංකල්ට මතක්කරලා දුන්නා ෂිට් එක දෙන්න කියලා. මැන් හෙන හයියෙන් මෙහෙම කියුවා

    අපි මොකටද හාමුදුරැවන්ට ෂීට් දෙන්නේ අපි කතෝලිකයො

    හාමුදුරැවොයි බස් එකේ හිටපු උනුයි බඩ පැලෙන්ඩ හිනා උනා.හාමුදුරැවො වෙන තැනක අසුන් ගත්තා.

    පස්සේ අංකල්කාරයටත් හිනා

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..