he

Sunday, March 11, 2012

හාදු දෙන්න පෙර ....

 පහුගිය පොස්ටුව බීප් බීප් මම දැම්මෙ මගෙ බ්ලොග් පොස්ට් ගැන තක්සෙරුවකට එන්න. මට දැනගන්න උවමනා වෙලා තිබුනෙ මම ලියන බ්ලොග් පොස්ට් කියවනවද කියලා. එක් අතකින් මමඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා එවන් පරීක්ශනයකට ඔබව ලක් කිරීම ගැන. ඒත් සමහරවිට බ්ලොග් ලියන ඔබටත් මට සිතුන දෙම සිතුනු දවසක් තිබුනා නොවන්නට නුපුලුවන්. එම පරීක්ශනයෙන් මා ලද නිගමනය නම් මගෙ බ්ලොග් එක කියවන ඔබට ස්තුති කිරීමට මෙතරම් පමාවුනෙ ඇයි යන්නයි.


 බීප් බීප් පොස්ට් එකේ සද්දෙ නැවතුනෙ නැත්තෙ ඇයි කියලා පසු සටහනක් ලෙස දැන් ලියා ඇත්තෙමි. බීප් බීප් ලින්කුව මතකොටා පැනයට පිළිතුර බලන්න . මෙය මා මුහුනදුන් සත්‍ය අත් දැකීමක් නිසා NIBM හි මාසමග සිටි සමීපතම අය හැර අන් අය මෙම සිද්දිය පිලිබඳව අදවනතුරු නොදන්නාබව මට සැකයක් නැත.

 දැන් මම මගෙ බ්ලොග් එක ලියන අයට ස්තුතිය ප්‍රකාශකලා. ඔය ස්තුතිය ප්‍රකාෂ කරන ආකාර රාශියක් තියනවනෙ. අද මගෙ කතාව බිරිඳ තම ස්වාමි පුරුශයට ස්තුතිය ප්‍රකාශ කිරීමක් ගැන.


ඔන්න දවසක් ගෙදර වැඩකරමින් උන්න අතරතුරෙදි ප්‍රෙශර් කුකර් අනතුරකට බිරිඳ මුහුන දීලා. ඔය ප්‍රෙශර් කුකර් අනතුරු ගැන දැනගන්න ඕනෙම නම් මේ ලින්කුව මත කොටලා මම ප්‍රෙෂර් කුකර් එකේ පුඩිං හදපු හපන්කම බලන්න

 කොහොමහරි ඉතාම දරුනු පිලිස්සුම් තුවාල සහිතව බිරිඳව රෝහලට ඇතුලත් කරලා. මුලු මූනම ඉතාම දරුනු විදියට පිලිස්සිලා. සුමාන ගනනාවක් දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ගන්න අතරතුරෙදි ප්‍රධාන වෛද්‍යවරයා ස්වාමි පුරුශයව අමතලා කියලා තියනවා මෙයාගෙ මුහුන යථාතත්වයට පත් කරන්න නම් අනිවාර්‍යයෙන්ම චර්ම බද්දයක් සිදුකල යුතු බව.

 ප්‍රධානම ගැටලුව වන්නෙ ඇය ඉතාම කෙට්ටු කාන්තාවක් බැවින් චර්ම බද්දයට සුදුසු සමක් ඇගේ සිරුරෙ නැතිබවයි. මෙයින් කම්පනයටත් දුකටත් පත් ස්වාමි පුරුෂය, බොහෝ වේලා කල්පනාකොට, තමා බිරිඳට දැඩි ලෙස ආදරය කරන බැවින් තමාගෙ ශරීරයෙන් එම චර්ම බද්දයට අවැසි සම ලබාගන්නා ලෙස වෛද්‍යවරයාට පවසන ලදි. 

එහෙත් වෛද‍යවරයාට තිබූ ඊලඟ ගැටලුව වුයෙ ස්වාමි පුරුශයාගෙ ශරීරය ඉතා තද බැවින් සම ලබාගත හැකි එකම තැන ඔහුගේ තට්ටම් ප්‍රදෙශය පමනක් බවය. අවසානයෙ ස්වාමි පුරුශයා වෛද්‍යවරයාට මේ බව කිසිවෙකුට හෝ නොපවසනබවට ගිවිසගෙන තමාගෙ තට්ටම්ප්‍රදේශයෙන් තම සහකාරියගෙ මුහුනට චර්ම කොටසක් ලබාගන්නා ලෙස පවසන ලදි.

අවසානයෙ චර්ම බද්දය ඉතාසාර්තකව නිමකරන ලදි. හිතුවාටත් වඩා සාර්තකවු එම චර්ම බද්ද්යෙන් අනතුරුව ඇයගෙ මුහුන පෙර තිබුනාටවඩා පියකරු ලෙස පෙනෙන්නට විය. සියල්ලොම සතුටු වූහ. ඇගෙ දෙමාපියන් පැමින ඇයව වැලඳ ගෙන හාදු දුනි.

දිනක් බිරිඳ සැමියා අමතා "අනෙ ඩාලිං ඔයා මාව පිච්චුනු දවසෙ ඉඳන් හොඳට බලාගත්තා. මගෙ අම්මයි තාත්තයි කොච්චරනම් ඔයාට බැන්නද. ඒත් මම දන්නෙ නෑ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා, " යැයි පැවසීය .

"ඒකට කමක් නෑ සුදූ ඔයාගෙ අම්ම ඔයාව බදාගෙන ඉඹිනකොට මට ඒ සේරම අමතක කරත හැකියි."

37 comments:

  1. අම්මා ඉඹිනකොට විතරද දන්නේ නෑ නේද??? හිකිස්.....

    ReplyDelete
    Replies
    1. වැරදියට තෙරුම් ගන්න එපා

      Delete
  2. සිරාම සීන් එක... ශුවර් එකටම නැන්දම්මා හැමදාම බාල්දි දාන කෙනෙක් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඔය කොල්ලට තෙරිලා තියෙන්නෙ

      Delete
  3. සිකේ නැන්දම්මට වෙච්චි දේ :P

    ReplyDelete
  4. මේ වගේ කතාවක් අහලා තිබුනා. ඒත් එන්ඩ් එක වෙනස්. මේකේ එන්ඩ් එක මරු...

    ReplyDelete
    Replies
    1. කතාව ටිකක් වෙනස් කලා.

      Delete
  5. Replies
    1. කොහොමද පාඩම ඉගැන්වීම !

      Delete
  6. මාතලන් කියන්නෙ කුනුහපර කතාව

    ReplyDelete
    Replies
    1. කුනුහරුප කියලා බෑ ගෙදර උන් බලනව මෙක

      Delete
  7. ඔව් ඔව් මාතලන් අයියගේ වර්ෂන් එක 'වෙනම' එකක්

    ReplyDelete
    Replies
    1. හැමෝම එකම කියුවම අගයක් නෑනෙ

      Delete
  8. හික් හික් හික් ......MILF කියන්නේ ඕකට වෙන්නෑ......

    ReplyDelete
    Replies
    1. හපෝ එහෙම කතාවක් නෙමෙයි

      Delete
  9. හුහ් හූ........................

    ReplyDelete
    Replies
    1. එහෙම හිනාවෙන්න එපා පවුනෙ

      Delete
  10. මෙව්වට තමා කියන්නෙ, අයියෝ සල්ලි...
    දැන් ඉතින් තමන්ගෙම තට්ටම ඉඹ ගනින්කෝ

    ReplyDelete
    Replies
    1. සල්ලි දීලා හරි එහෙම කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද ?

      Delete
  11. නොහිතූ විදියකට සොඳුරු පළිගැනීමක්.......

    ReplyDelete
    Replies
    1. අන්න වචනෙ "සොඳුරු පළිගැනීම"

      Delete
  12. ඉතින් බං අනික් උන්ට විතරක් නෙමේ තමනුත් අර ගෑණිව උම්මා කරනකොට තමන්ගෙම පු* ඉම්බා වගේනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කාට ද එහෙම වාසනාවක් තියෙන්නෙ ? හරි ට්‍රයි කරලා තියනවද තමන්ගෙ එක ඉබගන්න කවදකම හරි

      Delete
  13. හැබැයි ඉතිං නෝනා දැනගත්තොත් චර්ම බද්ධය ඇත්ත තොරතුරු ඉඳල හමාරයි. අන්තෝ ජටා බහි ජටා..

    ReplyDelete
    Replies
    1. එච්චරම අවුලක් වෙන එකක් නෑ ගෑනිට මූනෙ ලස්සන තියනවනෙ. මූනෙ ලස්සන තියනවනම් වෙන මොනවද ?

      Delete
  14. ‍ෆට්ට තට්ටම් කතාවක් නොවැ..

    ReplyDelete
  15. නෝනා දැනගත්තොත් ඉතිං......

    ReplyDelete
    Replies
    1. මිනිහත් බයේ ඉන්නෙ අනිත් තට්ටම බේරගන්නෙ කොහොමද කියලා

      Delete
  16. ආදරේ හින්දා කල සුපිරි පරිත්‍යාගයක්..........

    ReplyDelete
    Replies
    1. එහෙම පරිත්‍යාගත් තියෙන්න එපැයි

      Delete
  17. අවුලක් නැහැ මල්ලි, හම කියන්නේ මාසෙකට සැරයක් රෙෆ්රේෂ් වෙන දෙයක්. හම මතුපිට ස්තරය නිතර අපට නොපෙනෙන තරම්
    ප්‍රමාණයකින් ගැලවී ගැලවී ඒ වනුවට අලුත් චර්ම සෛල හැදිලා රෙෆ්රේෂ් වෙනවා. ඉතින් පස්සපතෙන් බද්ධ කරපු හම නෙමි මාස කීපයක් ගියාට පස්සේ තියෙන්නේ..හස්බන්ට මාසයක් දෙකක් තමයි සතුටු වෙන්න පුළුවන්..ඊට පස්සේ එයාගේ පස්ස පැත්තේ
    චර්ම සෛල නෙමි වෛෆ් ගේ මුනේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එච්චර බර පතලෙට ගන්න එපා මේවා සරල සිතුම් පැතුම්

      Delete
  18. අම්ම ඉබින්නේ මෑන්ගේ පස්සනේ ලොල්

    ReplyDelete
  19. හරිම ලස්සන කතාව බිරිඳට මුහුණ සැමියාගේ තට්ටම මත ඇති සමට උපමාකර දක්වා ඇති අදහස පංකාදු පහය. අපේ ගෙදර කිසිවෙකු බ්ලොග්නොබලන බැවින් මා හිතේ හැටියට මෙසේ කමෙන්ට් කරමි. නැතිනම් වෙන දේ ඔයාට හිතා ගන්න පුලුවන් නේද?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..