he

Friday, March 2, 2012

කොහොමද කෑම.. තාම මතකයි

ටික දවසකින් මුකුත් ලියන්නත් බැරිඋනා. වැඩ වැඩි හින්දම නෙමෙයි. ලියන්න තිබුන මාතෘකා වැඩි නිසා. මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ. ක්‍රිකට් ගැන ආයෙත් උනන්දුව වැඩිවන නිසා ඒ ගැන යමක් නොලියුවොත් අමුම අමු ක්‍රිකට් පිස්සෙක් වෙන මට නිකන් මදිකමක් කියලා හිතුනා. ඔන්න අද මම මගෙ බ්ලොග් අඩවිය ක්‍රිකට් වලට වෙන් කලා.


කාලය වකවානුව මට මතක හැටියට 1990 වසර. මම ඉස්කෝලෙ යන එකෙක් කොහොමටත් ජනවාරි පලවන වාරය ඇරඹුමත් සමග අපෙ කොල්ලන්ට තියන ලොකුම පිස්සුව තමා ක්‍රිකට් පිස්සුව. ඔය පිස්සුව අඩුවෙලා යන්නෙ අප්‍රෙල් මුල සතියෙ අවසන්වන කොකා කෝලා කුසලානය අවසන්වීමත් සමග.



දැන් කාලෙ වගෙ පොතෙ පතෙ ඉන්න අය පොත පතටම සීමාවෙලා උන්නෙ නෑ. , ක්‍රීඩා තරඟ වලට සහබාගීවෙන අය විතරක් නෙමෙයි මුලු පාසලම වගෙ ක්‍රීඩා තරඟ වලට උනන්දුයි. මහ තරඟය කියන්නෙ විශේෂ එකක් උනාට අනිත් තරඟත් පුලු පුලුවන් පාසැල් වලට ගිහින් තරඟ නරඹන්න අපි වගෙ සිසුන් රොත්තක් සැදී පැහැදී උන්නා.


එදා සිකුරාදාවක් එදා විද්‍යාලාන්තර තරඟ වලින් නාලන්ද - xxxx තරඟය රීඩ් මාවතෙ ඒ කියන්නෙ xxx විදුහලේ ක්‍රීඩා පිටියෙ පැවැත්වුයෙ. මැච් දවස් වලට අපි වගෙ ක්‍රීඩාලෝලී කොල්ලො ටික පාසලෙ අධ්‍යාපන වැඩවලට යොදාගන්නවා ඉතින් බොරු තමා. 10 වෙනකොට කට්ටිය තරඟය පවත්වන ක්‍රීඩාංගනයෙ සුවපහසුවට අසුන් ගෙන ඉන්නවා.

 උගුර බැරැන්ඬි වෙනකන් තමාගෙ පාසැලෙ ජයග්‍රහනයට කෑගහනවා. ඔහොම කෑගහනකොට විරුද්ධ පාසැලෙ ක්‍රීඩකයන්ගෙ වැරදි වලට හූ තියන එකත් සිදු නොවුනම නෙමෙයි. 

ඉතින් අපිත් එදා රීඩ් මාවතෙදි ඔය හූවත් කියුවා. ඒකාලෙ තමා අර කොළඹට කිරි අපට කැකිරි කාලෙ . අර හූ වත් එක්ක අපෙ පැත්තට ආවෙ නැද්ද ඊට කලින් දවසෙ ඉතිරිඋනු කිරි පැකට් වගයක් අහසින්.


ක්‍රීඩාංගනයෙ උන්නෙ අපෙ පාසලෙ උන් විතරක් නෙමෙයි . අපෙ සහෝදර පාසැල කවදාවත් අපිව අමතක කරන්නෙ නෑ. ඒ අයත් හුඟ වෙලාවට අපෙ පාසලෙ තරඟ නරබන්න යනවා. අපිත් ආනන්දෙ තරඟ බලන්න යනවා. . ඉතින් එදා කිරි පැකට් ප්‍රහාරයට ආනන්දෙ සෙට් එකකුත් භාජනය උනා.


වත්මනේ ජා‍ත්‍යන්තර විනිසුරුවරයෙක් වන ශ්‍රි ලංකා කන්ඩායමෙ බොහොම උනන්දුවකින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙකුත් ඔය ප්‍රහාරයට ලක්වුනා ඒ ක්‍රීඩකයා එදා පාසැල වෙනුවෙන් ක්‍රීඩා කලා. 

කොහොමහරි දවස් දෙකක් පවත්වන තරඟය පලවන දවසෙ දිවා විවෙකයටත් කලින් නැවැත්වුවා.


ඊට පස්සෙ උනෙ අවුරුදු ගානක් යනකන් xxxx - නාලන්ද තරඟය අත්හිටෙව්වා. 

  ඔබ නොදන්නවා උනාට මෙ පාසැල් තුන තවමත් එදා සිදුවීම තවමත් බිග් මැච් දවස් වලදි සමරනවා. ඔය පාසැල් වල සිසුන් අතර තියෙන්නෙ ඒ අමිහිරි සිදුවීම පිලිබඳ මතකයන් කියලයි මට හිතෙන්නෙ. ඒත් ඒ තරහ මරහ බිග් මැච් දවස් වලට විතරයි.

ප.ලි : මෙය මා අත්දුටු සත්‍ය සිදුවීමක් නිසාත්, මේ කතාවට පාසැල්වල නම් ගම් යොදා ගත්තෙ පාසැල් වලට ගැරහීමට සඳහා නොව , නම් නොයොදා මෙ කතාව ලිවීම ඵල රහිත වග හැගුන නිසාය.

45 comments:

  1. Replies
    1. එළ කිරි වලින් තමයි බං කෑවෙ

      Delete
    2. කොළඹට කිරි අපට එළ කිරි

      Delete
  2. අක්කලත් එසේ මෙසේ අය නෙමෙයි නේද.අනික ඉතින් පාසල් කාලෙ ඔව්ව නොකර මොකටද.නේද

    ReplyDelete
    Replies
    1. මේක ලියල තියෙන්නෙ අයියෙක්

      Delete
    2. මෙකට මොකක් හරි කරන්න වෙනවා

      Delete
    3. mona karannada . kiwata ahanne nane mawa remove karanna kiyala :D

      Delete
    4. මමත් ඉස්සර හිතාගන හිටියේ අත්තම්මගේ අහවල් එක ලියන්නේ ගෑණු පරානයක් කියලා

      Delete
  3. බිග් මැච් එක්ක බැදුන් රස කතා කොච්චරනම් ඇත්ද...

    ReplyDelete
    Replies
    1. ඕකනෙ පාසැල් දිවියෙ සිට නොකඩවා සෑම වසරකම එන FUN එක

      Delete
  4. කොල්ලෝ තිස් ගානක් පොලීසියෙන් අල්ලා කූඩු කරලා කියලා පත්තරේ දැක්කා ගෑනු ඉස්කෝලෙකට පැනලා....

    ReplyDelete
    Replies
    1. රාජකීය වැඩක්.. අනුමත නොකරමි

      Delete
    2. ඉස්සර අපි කාන්තා පාසැල් ළඟට ගිනින් සින්දු කියනවා ඊට පස්සෙ Hat Collection දාලා කීයක් හරි කඩාගන්නවා දැන් වගෙ බොන්න නෙමෙයි Color Kit එකක් ඇඳන් Big Match එක බලන්න යන්න සල්ලි එකතු කරගන්න .මොකද School Uniform එකෙන් යන්න වෙන්නෙ පාසැල් ටිකට් ගත්තම. අපි එතනදි ගත්තෙ අහිංසක වින්දනයක්

      Delete
    3. @ මාතලන් අනුමත නොකරන්නෙ //කොල්ලෝ තිස් ගානක් පොලීසියෙන් අල්ලා කූඩු කරලා කියලා පත්තරේ දැක්කා ගෑනු ඉස්කෝලෙකට පැනලා....// මෙකද නැත්නම් මගෙ කතාවද ?

      Delete
  5. ගාල්ලෙත් වැඩ පටන් ගන්නව තව සතියකින්.....:)))

    ReplyDelete
    Replies
    1. මම ගිය සතියෙ ඒ පැත්තෙ ගියා දැක්කා ලෑස්ති වෙනවා

      Delete
  6. බිග් මැච් කාලේ කොහොමත් ෆන් නේ..ජෝන් 'අන්කල්' :P ( අඩේ බන් උබ මෙච්චර ඉක්මණට වයසට ගියේ කෝමෙයි )..
    ඔය බිග් මැච් ෆන් හින්දනේ ඉස්කොලෙන් අයින් උනත් අපි තාමත් මැච් එක බලන්න යන්නේ..

    ReplyDelete
  7. //වත්මනේ ජා‍ත්‍යන්තර විනිසුරුවරයෙක් වන ශ්‍රි ලංකා කන්ඩායමෙ බොහොම උනන්දුවකින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙකුත් ඔය ප්‍රහාරයට ලක්වුනා//

    මට මතක් වුනේ කුමාර ධර්මසේනව එයාද දන්නේ නෑ හැබැයි....ඕවා ඔහොමනේ දැන් ඉන්න එවුන් මරාගන්නවා බිග් මැච් සීසන් එක පටන් ගන්නේම ආත්ම ගනනක තරහා පිරිමහගෙන කුඩුකරගෙන....

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ලංකාවෙ උන්න එකම උනන්දුවා ඒයානෙ.
      …ඔය වලිත් හරියට අර නවක වදය වගෙ සීසන් එකට එන ලෙඩක්.

      Delete
    2. මම ඔය කීරිකැට් වලට එච්චර මනාප නැ
      ඒ උනාට උනන්දුවා මරු

      නම් ටික දැම්මත් අවුලක් නැ බං

      Delete
  8. මේකත් හැමදාම ජය පරාජයෙන් තොරව අවසන් වෙන බිග් මැච් 1ක් ද??
    ගාල්ලේ නම් එහෙමයි!:P

    ReplyDelete
    Replies
    1. හපො ඔව් ටොස් එක දානකොට දන්නවා මැච් එක ඩ්‍රෝ කියලා. කොහොමටත් අපෙ පාසැල් දෙක මහ තරඟය තියන්නෙ ජය පරාජයට වඩා සුහද හමුවක් විදියට

      Delete
  9. අඩෙනවා තනි ඇහැට අප්පා බිග් මැච් ආතල් මතක් වෙද්දී

    ReplyDelete
  10. අපි බිග් මැච් කියන්නේ අල්ලපු ගමත් එක්ක නිවාඩු කාලේදී ගහන මැච් එකට.ජෝන්ගේ වින්දනය අපිට උරුම වෙලා තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව වැරදියි . අපිට ඒ වින්දනය කියන්නෙ අවුරුද්දකට එක වතාවයි. එතන තියෙන්නෙත් බොරු මවාපෑම් වින්දනයක්. ඒ උනාට අල්ලපු ගමත් එක්ක ඔය නිවාඩු කාලෙට ගහන මැච් වින්දනය අව්‍යාජ වින්දනයක් . මොකද දන්නවද මම එහෙම කියන්නෙ , ඔය වින්දන දෙකම මම ලබලා තියන නිසා.

      Delete
  11. බිග් මැච් නම් උණක් නොවැ. කතා බොහොමයි.. ;)

    ReplyDelete
  12. මම නම් ඒ වගේ මැච් එකක් බලන්න ගිහින් නෑ.ඒත් සුන්දර හා අසුන්දර දේවල් වෙනවා කියල නම් අහලා තියෙනවා...

    ReplyDelete
  13. බිග් මැච් සොමිය ගැන කියල වැඩක් නෑ

    ReplyDelete
  14. කව්ද බං උබලට කිරි පැකට් වලින් ගැහ්ව්වේ?

    සබැදියක් දෙන්ඩෝ.....
    http://sinhalaya-lokayata.blogspot.com

    ReplyDelete
  15. සුන්දර බිග්මැච් මතකයක්.. කාලෙකින් හැට් කලෙක්ෂන් දැක්කෙ නෑ. මොකද මංදා. දැන් ළමයින්ට සල්ලි ඇති

    ReplyDelete
  16. 1990 හ්ම්ම්ම්...... මම ඉපදුණා විතරයි... :)))

    ReplyDelete
  17. ටවුන් හෝල් එක ගාව ඉඳන් තුන් මුල්ලට එනකන් පොලිස් ස්කොඩ් එකක් අපේ පාසැල් බස් වල ගියේ ඕවයෙ ප්‍රතිඵල හින්දා තමා....:D

    අප්පා එහෙම කාලයක්........

    ReplyDelete
  18. අපෝ.. පරණ කිරි වලින් කෑව නම් නියම සුවඳට තියෙන්න ඇති... ඊක්.... :D

    අපිත් ඒ දවස්වල ඉස්කෝලෙ කොඩි මහගෙන, අතේ ඔළුවෙ ස්කූල් කලර්ස් වලින් බෑන්ඩ් දාගෙන බිග් මැච් බලන්න ගියා මතකයි... කොල්ලො අතරෙ වගේ ඉස්කෝල දෙකේ කෙල්ලො අතරෙ නම් වලි තිබ්බෙ නෑ... කොල්ලො අතර උනත් ඒ හැටි වලි ගියේ නෑ බිග් මැච් අතරතුරේ.... හැබැයි පශ්චාත් ඒවා නම් තිබ්බ මතකයි...

    ReplyDelete
    Replies
    1. මියුරු , ඔයත් එක්ක මට පොඩි දෙයක් කතා කරන්න තියනවා ,
      …කරුනාකර මට මේල් එකක් දාන්න . gimhanijlth92@gmail.com

      Delete
  19. @ ගිම්හානි,

    මම ඔයාට මේල් එකක් දැම්මා... බලන්නකෝ චෙක් කරලා... සමාවෙන්න පරක්කු උනාට... දැන් තමයි මේ පැත්තෙ එන්න ලැබුණෙ... :D

    ReplyDelete
  20. අයියෝ..මරේ මරු කෑමක්....

    ReplyDelete
  21. මම ක්‍රීකට් වලට ආසා නැ අප්පා ,

    වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
  22. මේ වගේ අහිංසක විහිලුවක් කලාට කමක් නෑ කියමුකො... ඒකට දැන්... කෙල්ලන්ගෙ පාසල් වලට තාප්ප වලින් පැනලා.. තාප්ප වල කුණුහරැප ලියන.. බීලා පාරවල් වල මිනිස්සුන්ට කරදර කරන බිග් මැච් සංස්කෘතියක් නෙ දැන් තියෙන්නෙ...

    ReplyDelete
  23. කාලෙකින් ලිව්වෙ නෑ. ඇයි ද මන්දා.

    ReplyDelete
  24. මමත් ගොඩ විය ඔබේ ගිමන් හලට.ජය ඔබට

    ReplyDelete
  25. කාලෙකින් ආවේ.. අලුත් ලිපි කියවලම කමෙන්ට් කරන්නම්..

    ReplyDelete
  26. මොකක්ද අප්පේ ඔය ඉස්කෝලේ ? කිරි පැකට් වලින් ගහනව නම් මං හැමදාම උනත් යනවා... :)

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..