Tuesday, March 20, 2012

89 භීෂණ රැයක...

   කාලය ගැන අමුතුවෙන් සඳහනක් නොකලත් මාතෘකාවෙන්ම කාලය ගැන අවබෝදයක් ඔබ ලබන්නට ඇතැයි සිතමි. මගෙ මේ කාලයට සම්බන්ද පාලම උඩ කතාව කියවන්නට ඇතැයිද අනුමානකරමි. එසේ කියවා නැත්නම් මෙම ලින්කුව ඔස්සේ ගොස් ඒම කතාවත් කියවන මෙන් පාඨක ඔබගෙන් ඉල්ලා සිටිමි. …


දැන් අද කතාව, ගම දකුනු පලාතෙ වැලිගම. වැලිගම කියුවම මතකයට නැගෙන පෙට්ටගමෙ සුපුරුදු චරිතය සිරිල්.මෙ කතාවත් එයාගෙ. ඔය සිරිල්ගෙ ආතලා මුත්තලා නැන්දලා ලොකු අම්මලා පොඩි නැන්දලා මෙකී නොකී සැවොම ජීවත් වෙලා තියෙන්නෙ මුහුදු හුලං වැදීගෙන එන හුළඟත් එක්ක,
අක්කර ගානක පොල් වත්ත මැද්දෙ තිබුන කාගෙත් මහගෙදර කියා හැදින්වූවට දොසක් නොපෙනෙන කාමර ගනනාවකින් සමන්විත පොල් වත්තෙ ගෙදර. මෙ ගෙදරට පොල් වත්තෙ ගෙදර කියලා කියන්නෙ නමේ හැටියටම විශාල පොල් වත්තක් මැද්දෙ පිහිටීම නිසා.


මම කලින්ම කියුවනෙ මෙ ගෙදර සෑහෙන්න දෙනෙක් ජීවත් වෙනවා කියලා. ආර්ථික ප්‍රශ්න දරුමල්ලන්ගෙ ගැටුම් මෙ ගෙදර නොතිබුනා නොවේ. ඒත් මෙ පවුලතුල, මෙ නිවසතුල එක මුලුතැන්ගෙයක් තුල මෙ හැමගෙම බඩ ගිනි නිවන්න එක බත් හැලියක් නිතිපතාම ගිනි මෙලවුනා. ඒ මෙ පවුලතුල සහජීවනය ගැන කියන්නට ඒක නිදසුනක්.

දෙශපාලනික වශයෙන් ගත් කල ලොකු තාත්තාගෙ ඇඟෙ දුවලා තියෙන්නෙ රතුපාට ලෙ වෙන්න අමාරුයි. ප්‍රෙමදාස මහත්තයා ගෙන් තොර වීරයෙක් ලොකු තාත්තට නැත. ඇත්තටම ලොකු තාත්තට ගම් උදාවෙ ගස් ගලවන රාජකාරියයි නැවත ඉන්දන රාජකාරියයි දීපු එකම ඇති එතුමට කඹුරන්නට. 


 ලොකු තාත්තටම හරියන පුතෙක් ඔහුට සිටියෙය. ඔහු සිරිල්ට ලොකු අය්යා විය. ඒ කාලෙ තහනම් කල දෙශපාලන පක්ශයක සහෝදර කොලු ගැටවු සමග නිරන්තරයෙන්ම ගැටුමක් සාදාගෙන පාසැල් ගොස් පැමිනෙනෙ ඔහු ගෙදරදී තමා වීර ක්‍රියාවක් කලාසේ, අද මම දෙශප්‍රේමී කොල්ලෙකුට කනට එකක් ගැසුවා යැයි කියන්නෙ රෑ කෑම මෙසයෙදීය. ලොකු තාත්තා එයට අනුබල දුන්නත්. ලොකු අම්මා සුසුම්ලන්නෙ රටෙ තත්වය ගැන ගමෙ තත්වය ගැන නියම අවබෝදයක් ගමෙ එළි පෙහෙලියට කඩ පිලය යන ඇය දන්නා නිසාවෙනි.

ආතා පනස් ගනන්වල සිටම බණ්ඩාරනායක උන්නැහෙගෙ පැත්තේය උන්ණැහෙ ට වෙඩි වැදී මියදුන දා සිට මැතිනියට සහායට කතාකල ආතා මැතිනියගෙ ප්‍රජා අයිතිය අහෝසි කලදා සිට ජේ ආර් ජයවර්දන උන්නැහෙ හැරෙන පැත්තකට කකුලවත් නොතියන්නෙය. 


සිරිල්ටනම් මෙ දෙශපාලනය ගැන මෙලෝ හසරක් වැටහී නැත . එකම ගෙදරක දෙතුන් පැත්තකට ඇසෙන කතා නිසාම නොව ඔහුගෙ වයස යන්තම් 13 නැත්නම් 14 වූයෙ එම වියෙහිදීය. ඔහු තරුන වියට එලබෙනවිට රටෙ තත්වය තිබුනෙ ආන්ඩුවට පාලනයකල නොහැකි තත්වයකය. ගමෙ නගරයෙ ආන්ඩු දෙකකින් ආණ්ඩු කරන ලෙසක් පෙනුනි. ගමෙ කොල්ලො දුන් තුන්ඩු කැබැල්ලෙන් මුලු කඩ පොලම කුරා කුහුබුවෙකු හො නො සිටි ගානට වසා දැමිය හැකි අනවසර ආන්ඩුවක් එකල විය. පෞද්ගලික නාලිකා නැතත්, ජාතික නාලිකාවලට හමුදාවෙන් දැමූ, ලියා දෙන පුවත් කියවන නිවෙදක නිවෙදිකාවෝ නොසිටියා කියන්නට මට නුපුලුවන.  

එකල රාත්‍රිය බොහෝවිට ඝන කලුවරය. එයට හේතුව බොහෝ ට්‍රාන්ස්පෝමර දෙශප්‍රේමීන් ගිනිතබා විනාස මුඹයට යවා ඇති නිසාය. එසේ නැතහොත් ඔවුනගෙ ඇඳිරි නීතිය රජ කරලාය.

මෙ අඳුර සිරිල්ගෙ පොල් වත්තෙ ගෙදරටද පොදුය. ඔවුහුද සිටියෙ කලුවරේය. යන්තම් ආහාර ගන්නාවිට පමනක් ඉටි පන්දමක් පත්තු කරගන්නා ආතා සියල්ලන්ම කෑම ගත් පසු එයද නිවා දමා රාත්‍රී අට වෙන්නට පෙර නිදන්නට යන්නෙය.

බුදු පහනේ ආලෝකය මුලු නිවස පුරාම පැතිරයන්නෙය . සැවොම ඒ එළියට ඇස් හුරු කරගෙන සිටියි. බල්ලන්ගෙ උඩු බිරුලුම් හඩක් බස්සෙකු ගෙ හඩක් හැරුනු කොට ඇසෙන එකම හඬ ඈතින් ඇසෙන මුහුදු රල පහරෙ හඬ පමනි. කිසිවෙකුගෙ තහනමකින් තොරව පැතිර යන්නෙ මුහුදු රලහඬ පමනකැයිමැයි මට සිතේ.

මීට දින ගනනකට උඩදී හන්දියෙ රටඋලු ගෙදර මඩපාත නෝනාගේ උගුරු දන්ඬ කපා ඇගෙ හඬ නිහඬ කලෙ, දෙශප්‍රෙමීයෙකුට විරුද්ධව පොලීසියෙ පැමිනිල්ලක් කල නිසා බව, ඇගෙ උගුරු දන්ඩ කපන මොහොතේ මුහුන වසා සිටි මිනීමරුවා පැවසූ බව මඩ පාත නෝනාගෙ බෑනා මරන පරීක්ශනයෙදී පවසනලදි.

මඩපාත නෝනා යනු කොළඹින් ගුරු මාරුවක්ගෙන තම තම සැඳෑසමයෙ දකුනෙ තම දුව හා බෑනා සමග විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්නට පැමිනි සැදැහැවත් උපාසිකාවකි. විශ්‍රාම යාමට ප්‍රථම ගමෙ පාසලෙ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන්නට උනන්දුවක් දැක්වූ ඇයට මෙමෙ ඉරනම අත්වූවයෙ ඊට මාසයකට පෙර හීෂණ සමයෙ තරුණ ගොදුරක් වූ තරුනයෙකුට ප්‍රසිද්දියෙ අවවාදයක් දීමය. ඔවුන් සිතා සිටියෙ මඩපාත නෝනා පොලීසියට ඔහු ගැන ඔත්තුවක් දුන්නා කියාය.

මෙවන් සමයක තම පුතා පාසැලෙදී තරුනයන් සමග ගුටිකෙලි පැවැත්වීම ලොකුඅම්මාගෙ අප්‍රසාදයට පත්වීම පුදුමයට කරුනක් නොවේ. නමුත් ලොකු තාත්තා නොදන්නවා උනාට ලොකු තාත්තා ගැන දෙශප්‍රෙමීන් යැයි කියාගන්නා අයගෙ ප්‍රසාදයක් තියනවා යැයි කියන්නට පුලුවන් කමක්ද නැත. දෙශපාලනය සිරිල්ගෙ නිවසේ ඔන්චිලාවක් සේ දෙපැත්තටම වැනි වැනි තිබේ. මෙ ඔන්චිලාව වැඩි පැත්තකට තල්ලු කිරීමට කිසිවෙකුට හෝ මෙ කාලයතුල උවමනාවක් නැත. ඔහෙ පැද්දෙන පැත්තකට ගොස් නවතිනවාට සැවොම කැමතිය. 


කොහොමනමුත් ලං.වි.මෙන් ප්‍රදෙශයෙ ක්‍රියාවිරහිතකරලා දාපු ට්‍රාන්ස්පෝමර් ටික අලුත් වැඩියාකරලා දැම්මා . උදෙ දහය වනවිට මුලු ප්‍රදෙශයෙම විදුලිබලය යතා තත්වයට පත් කරන ලදි. සියල්ලෝම සතුටින් සිටියෙ රාත්‍රී කාලයෙ විදුලි බලයෙන්  බොහෝ කාලෙකට පසුව වැඩක් කරගත හැකි බැවිනි. එහෙත් ගමෙ කඩපිලෙ අලවා තිබු දැන්වීම සැමගෙ ම කනස්සල්ලට හෙතුවිය . එහි සඳහන් වූයෙ,


  "21 වන අද දින රත්‍රී   7.30 සිට් රාත්‍රී 10 වනතුරු ඇඳිරි නීතිය ආණ්ඩුවේ පච පුවත් තහනම් රූපවාහිනිය  ගුවන්විදුලිය හෝ විදුලි බුබුලු කිසිවක්      පාවිච්චිය තහනම්"
 
ඔහොම දැන්වීම් ඇලවුනාම ඒවාට ඉහලින් යනවා නම් ඒ තම ප්‍රානය උගසට තියාවෙන්න ඕන. 

එක වතාවක් පහල හංදියෙ චූටි මුදලාලිගෙ කඩෙ වහන්න කියපු වෙලාවක ඇරගෙන ඉඳලා සතියක් පුරා කඩේ දිවා රත්‍රී ඇරගෙන ඉන්න උනා. තමන්ම ලියා අලවාගත් බෝඩ් ලෑල්ලක් සහිතව. ඔයවගෙ දඩුවම්  විඳින්න  අකමැති නිසා කවුරුත් වගෙ වැඩි වැඩ කරන්න ගියෙ නෑ.  ඇරත් දඩුවම මරනයකින් කෙලවර වුනු අවස්තාද නොතිබුනාම නොවෙ.  

දැන්වීමෙන් පස්සෙ කවුරුත් හිත හදාගෙන උන්නෙ වෙනද වගෙම කලුවරෙ ඉන්නවා කියලා ඒත් රෑ කෑම ලංවෙනකොට ලොකු තාත්තට ටිකක් විතර කෙන්ති ගිහින් තිබුනෙ 
" ඇය් අපි ලයිට් තියගෙන කලුවරෙ ඉන්නෙ කාට බයෙද ? යකෝ මෙක උන්ටම ගිය රටනෙ ...... "
කියමින් තම කෙන්තිය පිටකලා.

 පිටත විදුලි බුබුලු නොදමා ඇතුලත විදුලි බුබුලු කීපයක් දල්වා සිටි නිසාත් දොර ජනෙල් එලියෙන් වහලා ඇති නිසාත් ඇතුලෙ හඬ පිටතට ඇසීමත් සිදුවූයෙ සීරුවෙන්, එය යම්තාක් දුරට ලොකු අම්මාගෙත් ආතාගෙත් සතුටට කරුනක් විය .
……
…වෙලාව හරියටම රාත්‍රී 10ට කවුරුත් උන්නෙ තම තමන්ගෙ කාමර වලට වෙලා. නින්දත් අඩනින්දත් අතර සිටි සැවොම තිගැස්සී ඇහැරුනෙ වෙන කිසිවක් නිසා නොව ඉස්සරහ දොරට නොකඩවා තට්ටු කරන්න වූ නිසයි. 


මින් පෙර කිසිම  දිනක පොල් වත්තෙ ගෙදරට රාත්‍රී 8න් පසුව තට්ටු කර නැත. මෙ තරම් රෑ වී කිසිවෙකු පැමිනද නැත. 

ගෙදර සියල්ලොම විදුලි එළිය තිබුනත් කලුවරෙම සාලයටම පැමින  ඇත. ඒත් කිසිවෙකුට හෝ විදුලි බුබුලු දැල්වීමට උවමනාවක්ද නැත        

මීට පැය ගානකට පෙර කෑගැසු ලොකු තාත්තා සාලයෙ නැත ලොකු අයියාද පෙනෙන්නට නැත ආතා සිරිල්වද අසල කාමරයකට තල්ලු කලේය. දැන් සාලයෙ පිරිමි යෙකුට සිටින්නෙ ආතා පමනි හෙතම ගැහෙන හදින් යුතුව නොකඩවා තට්ටුකරන  දොර සෙමෙන්   විවර කරන ලදි.  
..
..
..
..
..
චිප්  මෙ කාලකන්නි බල්ලා ආයෙත් දොරකඩට ඇවිත්, හෙට උදෙට කිනිතුල්ලො අයින් කරන එකනෙ කරන්න බැරි .


26 comments:

  1. :)
    ඒකාලෙ නං මේව විහිළු නෙවේ.

    ReplyDelete
  2. ඒ කාලෙ මොනවගේ තත්ව්වයක් තියෙන්න ඇතිද කියල හිතාගන්න පුලුවන් අපේ වැඩිහිටියන් අදටත් ඔය සමහර පක්ෂ ගැන තියෙන ප්‍රතිචාර ඇහුවම..කතාවනම් ලස්ස්නයි මම නොහිතපු අවසානයක් වුනේ..

    මම හිතන්නෙ මේ මගේ ප්‍රථම කමෙන්ට් එක පෙට්ටගමට.. :)

    ReplyDelete
  3. හ්ම්.....අපිත් ඔය දේ වින්ඳා. වරදක් නොකරත් බයෙන් හිටියෙ.

    ReplyDelete
  4. අපේ ගෙදරත් දොරට තට්ටු කරලා පතරොන් ඉල්ලල. අපේ තාත්ත කළුවරේ අතපත ගාල දීල තියෙන්නෙ ටෝච් බැටරි. කට්ටියත් කලුවරේම ඒව අරන් ගිහින්.

    ReplyDelete
  5. ජෝන් පොල්ලත්තෙද?

    ජෝන් පොල්ලත්තෙද?

    කතාව නම් හිතට දැනුනා..

    ReplyDelete
  6. දැෙනන කථාවක්. දිගටම ලියන්න. අපි ඉන්නවා බලාෙගන

    ReplyDelete
  7. 88 - 89 යුගය ගැන නම් මටත් අත්දැකීම් බහුලයි. ඔය අත්දැකීම් ඒ කාලෙ හිතේ හැටියට වින්දා. ගමේ ආණ්ඩුවයි, රටේ ආණ්ඩුවයි දෙකටම අහුවෙච්ච කාලෙ හරියට අර ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ කාලයක්.

    කොහොම වුණත් මේ කතාව මුල ඉඳල කියවන කොට නම් චිත්‍රපට ජවනිකාවක් වගේ සිදුවීම් පෙලක් මැවෙනවා. අර පොල්වත්ත මැද තබූ මහ ගෙදර හරිටයම මාර්ටින් වික්‍රමසිංහ නවකතාවල තිබූ කොග්ගල ප්‍රදේශය ඇ‍ඳෙනවා.

    අන්තිම ටික නම් ලේ වතුර වෙන විදිහට ලියල තියනවා. දොරකඩ බල්ල නොහිටියානම් කම්මුතුයි. සුපිරි කතාවක්. නියමයි.

    ReplyDelete
  8. අපේ මාමව පැහැරගෙන ගිහින් මරලා දැමලා, අම්මලට පාරෙ බැහැල යන්න බැරි කරලා.........
    ඔය නාලෙ මතක් කරන්න එපා

    ReplyDelete
  9. මම ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලෙ..ඒ කාලෙ නම් මමත් මතක් කරන්නත් අකමැතිම කාලයක්.. දෙගොල්ලන්ගෙන්ම කරදර වින්දෙ අපි වගේ අහින්සකයො තමයි...

    ReplyDelete
  10. හපොයි ඒ කාළෙ මතක් වෙනකොටත් දැන් නම් පුදුමත් හිතෙනවා . මොකද ඒ අපේ සාමාන්‍ය පෙළ කරන කාළේ .අපි ගැන අපේ දෙමාපියන් පුදුම බයකින් කාළෙ ගත කළේ , හේතුව එක අහංගම , කතළුව වගෙම කොග්ගල ප්‍රෙද්ශයෙත් හැමදාම වගේ පිළිස්සුනු මළ සිරුරු ..ඒ අස්සෙන් තමයි අපි පාසලට ගියේ . ඒ අසුන්දර අතීතය නම් ආයෙ කිසිදාක එන්න එපා .. ඔබේ සටහනත් අපුරුවට ගෙත්තම් කරලා තිබෙනවා .

    ReplyDelete
  11. ඒ වගේ භීෂණයක් මවපු, තරුණයන් ගේ මොළ සෝදපු ඒ කාලකණ්ණි පක්ෂයේ නායකයාටත් සෙසු සමාජිකයන්ටත් හෙන 70000000000000......0000 ක් ගහපියව්!!!!!!!!!

    ReplyDelete
  12. ඔය කාලේ අපේ තාත්තත් කඩයක් කලේ.. පුදුම දුකක් වින්දේ.. මම ඒ ගැන වෙලාවක ලියන්නම්..

    ReplyDelete
  13. මම ඉපදුනේ 89තමා,.ඒත් මේ කතා අහන්න ඉස්සර ඉඳන් ආස නිසා ගෙදර අය කියන්නේ මාත් මැරිච්ච චේගුවේරාකාරයෙක්ගේ 2වෙනි ආත්මය කියලා..අනික මම ඉපදුනු දවසේ අපේ ගමේ 5දෙනෙක් ටයර්වල පුච්චලා මරලා හිටියලු.....ඒ 1කෙනෙක් මගේ "මාමා"

    ReplyDelete
  14. ඒ කාලේ කොච්චර බිහිසුණු වුනත් දැනට වඩා එකමුතු කමක් තිබ්බා නේද මිනිස්සු අතර?>

    ReplyDelete
  15. මම හයවසරෙ ඉන්න කාලෙ. අපි පිටකෝට්ටෙ පාගොඩ පාරෙ ගෙදර හිටපු කාලෙ. සිරිකොතේ නැවතිලා හිටපු ආමිකාරයො අපේ ගෙවල් වලට ඇවිත් පුදුම වදයක් දුන්නෙ.

    ReplyDelete
  16. අත්දැකීම නම් නෑ !
    ඇසු කතා පමණයි ඒ කාලේ ගැන!:P

    ReplyDelete
  17. මටත් ලොකු මතකයක් නැහැ.දන්නා කියන ගොඩ දෙනෙක් නැති වුනා.කතාව ලියල තියෙනවා භිෂණය දැනෙන්නම.තව මේ වගේ කතා ලියන්න.

    ReplyDelete
  18. ඒකාලෙ මිනිස්සු කොච්චර බයෙන් ඉන්න ඇද්ද.

    ReplyDelete
  19. මම ඒ කාලේ හිටියේ හතර වසරේ....
    ඒත් ඒ කාලේ වෙච්චි සිද්ධි මට හොඳට මතකයි

    අපේ ලොකු තාත්ත කෙනෙක් හිටියා ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්
    එයාගේ ඉස්කෝලේ වැටේ ගහල තිබ්බ පෝස්ටරයක් ළමයින් ලව්වා ගැලෙව්වා කියලා, මහා රෑක ඇවිත් ලොකු තාත්තව බෙල්ල කපල මරලා ඔළුව අරගෙන ගිහින් හන්දියේ වැට ඉන්නක ගහල තිබ්බා
    අවසන් කටයුතු පෙට්ටි මුකුත් නැතුව එක දවසෙන් කරන්න කියල පොඩි කොළ කෑල්ලක් එවන්න තරම් ඔවුන් කාරුණික වෙලා තිබුනා
    ඒ මදිවට ලජ්ජා නැතුව ඊළඟ පාර චන්දෙ ඉල්ලන්න ඒ ගෙදරටත් මුන් ගිහින් තිබුනනේ රෙදිත් ඇඳගෙන...

    අපේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටපු අපේ නෑදෑයෝ වෙන ගෙදරක හිටපු මාමවයි නැන්දවයි කපල කොටලා මරලා මුළු ගේම ගිනි තියල දැම්මා, ඊට ටික දවසකට පස්සේ එයාලගේ පුතාවත් හොයාගෙන මරල දාල තිබුනා. ඒ පවුලේ එක පුතෙක් පොලිසියේ හිටියේ.
    ඒක තමයි හේතුව
    මේවා කලේ දේශහිතෛෂීයෝ...

    තව ටිකක් එහා ගෙදරක හිටපු අක්කල දෙන්නෙක්ව ආණ්ඩුවේ නිල සුනඛයෝ ඇදගෙන ගියා එයාලගේ තාත්තව මරලා, ඒ දෙන්නගේ මිනී දෙකවත් හම්බ උනේ නැහැ

    ReplyDelete
  20. 89 දි එක පාරක් මාතර ගිහිල්ලා බස් නැතුව එහේ හිරවුනා එන්න බැරුව..ඒ අස්සේ සහෝදරයෝ පෙළපාලියක් සෙට් කරලා....පාරේ බෝලගහනකොට පොලු අරගෙන ඇවිල්ල බලෙං මිනිස්සු අරං යනවා....අම්මයි තාත්තයි දෙන්නා එතකොට ඒ ගමේ ඉස්කෝලේ ඉගැන්නුවේ...ආපු සහෝදරයෝ පාර අයිනේ ඉන්න අපිවත් ගෙනියන්න හදනකොට තාත්තා ආවා ඒක දැකලා..ආ සර් අපි යන්නං කියලා උං ගියා..මූනවල් බැඳගෙන හිටියත් තාත්තා කටහඬ අදුරගත්තා ඒ කව්දා කියලා...ඒක කිව්වේ පස්සේ සහෝදරයගේ ටයර් සෑය දැකලා... පස්සේ කාලෙක අපේ ගෙදරම මිනියක් මැරුවා...ඒ කථාව පෝස්ට් එකක් විදියටම ලියන්න හිතං ඉන්නේ....

    ReplyDelete
  21. ගොඩාක්ම විස්තර දන්නේ නැහැ.

    ReplyDelete
  22. A/l karana kale. Ane ammo dutuwa dewal, adatatha baya hithenawa. Sapaththu adi saddey.. Pahuwadata kawuru hari arhurudahan.
    Kumari

    ReplyDelete
  23. අඩේ අද මේ පෝස්ටුව දැක්කේ කෝම මිස් වෙලාද මන්දා...

    බයේ ‍බයේ කියවලා අන්තිමට බල්ලෙක් නොවැ..

    ReplyDelete
  24. මනොව උනත් ජෝන් කතාව සුපිරියටම ලියලා තියනවා...
    අන්තිම ටිකේදි මගේ හදවතත් නැවතිලා තිබුණේ දොර අරිනකන්..
    කොහෙද යන බල්ලෙක් අන්තිමේට පැන්නනේ මට හිතෙනවා ජෝන් බල්ලා නිසා කතාවේ මුලින් තිබුණු රස වෙනස් වුනා කියලා..මොකද 89 කියන්නේ මම හිතන්නේ ලේසි කාලයක් නෙමේ..

    මට 89 ගැන කිසිම දෙයක් අත්දැකිමෙන් දන්නේ නැහැ මොකද මම 93 ඉපදුනු කොල්ලෙක් මම අහලා තියෙන විදියට 89 විතරක් නෙමෙයි 70ගණන් වලත් 89 වගේ භිෂණයක් තිබුණලු..

    89 කතා මම ගොඩක් අහලා තියෙන්නේ ගෙදර පරිසරයෙන් මොකකද අපේ තාත්තා ජෙප්පෙක්(සාමාන්‍ය ව්‍යවහරේ හැටියට කියනවනම්)

    ඒත් තාත්තා සහ ජේවීපි එකේ අය භිෂණය ගැන කතා කරද්දි මට හිතෙනව ඒ කතා ඒක පාර්ශිකයි කියලා(හැබැයි අනෙක් ජේවීපී එකේ අයත් එක්ක සලකද්දි අපේ තාත්තා ඒක පාර්ශික විදියට කතා කියනවා අඩුයි)
    කොහොම උනත් ඒ අය ඒ කතා එහෙම කියද්දි මම ඒ අයත් එක්ක විරුද්දව තමයි හැම තිස්සෙම කතා කරන්නේ,කතා වලදි විතරක් නෙමෙයි ඒ අයගේ දැක්ම ඉදිරිපත් කරද්දි පවා..ඒක නිසා අපේ ගෙදර එන ජේවීපී එකේ අය මාත් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ..මම එහෙම කතා කරන්න හේතු තියනවා..මොකද මම විශ්වාස කරණවා යම් දෙයක් පිළිබඳ ඉගෙන ගනිද්දි ඒකට පක්ෂ වෙනවට වඩා ඒකට විරුද්ධ වීම තුලින් ඊට වැඩි දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියාල..ඒකයි මම පාසල තුල දී රජයට විරුද්ධව කතා කරන්නේ(රජයට වගේම යුඑන්පී එකටත්)

    ReplyDelete
  25. කමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි. හැම කමෙන්ට් එකකම තිබුන අදහස් අරගත්තා. වෙන වෙනම පිලිතුරු නොලීවෙ වෙලාව නැතිකමට .

    ReplyDelete
  26. මංචිගෙ ගමත් වැලිගම...මං ඉපදුනේ 88 නෙ..ඉතින් 89 කලබල කාලෙ කිරිබොන වයසෙ..ඉස්සර වැලිගම පැත්තෙ හරියට කලබල තිබිලා...මංචිලාගෙ අම්මගෙ මහගෙදර තියෙන්නෙ ටවුන් එකේමයි.මංචි පොඩි කාලෙ හරි බයයිලු කලුවරට.ඒත් ලයිට් දාන්න විදිහකුත් තිබිලා නෑ..දන්නවද අර ඉස්සර කාලෙ ගෙවල් වල තියෙන ලොකු කෑම මේස..එහෙම එකක් වටේට ගණකම් රෙද්දක් දාල...ඒක ඇතුලෙ ලාම්පුවක් පත්තු කරගෙනලු අම්මයි ලොකු අම්මයි අත්තමයි මංචිව නලෝගෙන තියෙන්නෙ..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..