Friday, February 24, 2012

දියනාන තැන

මාතර පැත්තෙ මිතුරෙකුගෙ කතාවක්. උන්දෑ පාසැල් සමයෙ උන් කතාවක් නිසා පුංචි ඉඟියක් විදියට එක කතාවක් මතක් කරන්නම් කතාව නම් කොලෝනියල් කසින්ස්. ඒකෙ අර ඔරුවත් අරන් පාලම යටට යන්නෙ. අන්න ඒ කතාවට පොඩි සම්බන්දයක් මෙ කතාවෙ තියනවා.


 ඔය කියුව පාලමයටින් ගලාගෙන යන ගඟ දැන් අවුරුදු ගානක සිට ගලාගෙන යනවා. ගඟ අයිනෙ බොහෝ දෙනා දියනාන මනස්කාන්ත ගල් තලාවකුත් තියනවා. … දියනාන ස්ථානය කියුවම මට පොඩි අතුරු කතාවක් මතක් උනා.



 මෙ කතාව මාතරින් කොළඹට, මම ඉස්කෝලෙ විශයක් විදියට සා.පෙලට චිත්‍ර විශය හදාරනකොට උන සිද්දියක් අපිට හිට්යෙ චිත්‍ර උගන්වන්න ගුරුවරයෙක්, හැබෑම දක්ශ ගුරුවරයෙක්. අපිට එදා මාතෘකාව උනෙ දිය නාන දර්ශනයක්.


 ගුරුතුමා පන්තියට ඇවිල්ලා මාතෘකාව කියුවා. කියලා කියුවා ළමයින්ගෙ හිතෙ ඇඳුන දෙවල් කියන්න කියලා . 

 අපෙ පන්තියෙ හිටියා පොඩි කොට පොරක්. මිනිහගෙ නියම නම නොවුනට හැමෝම කියුවෙ "සල්ලා" කියලා. සල්ලා කියුවම නොදන්න කෙනෙක් නෑ. වැඩ නම් හරියට ඇම්ඩන්ට සමානයි. වචන ගලාගෙන එනවා කටට.


මිනිහට සම්බන්ද රසකතා හුගක් තියනවා හැඳින්වීමක් විදියට මෙ කතාව මතක තියා ගන්න.


 ගුරුවරයා හිතෙ ඇඳුන ඒවා කියන්න කියුව ගමන් සල්ලා නැගිට්ටා

"සර් බාත් රූම් එක" කියලා කියුවා. 
චිත්‍ර ගුරුතුමාගෙ මූන රතුපාට උනා "බාත් රූම් එකෙ නානවද ඕයි ?" එතනින්ම එදා චිත්‍ර පාඩම අහවරයි.


දැන් ආයෙත් කතාව මාතරට.ඔන්න ගල්තලාව උඩදි ඇඳුම් උනාදමලා දිය රෙද්ද ඇගලාගෙන සීතලට ගලාගෙන යන වතුර පාරෙ එබෙන සුන්දර ලලනාවෙ දැකලා ඇතිනෙ. (කට්ටිය හොරෙන් හරි බලල ඇතිනෙ)


අර කොලෝනියල් කසින්ස් කතාවෙ සිරිලුත් ඔය ලලනාවො නානවා බලන්න තැනක් හදාගෙන උන්නලු. ඒ මෙ ගල් තලාවට කිට්ටුව නෙමෙයි ගඟෙන් එගොඩ ගොඩේ ගහක් උඩ ඉඳන්. ඒමොකද දන්නවද. ලලනාවෝ ගඟෙ දි නානගමන්, ගඟ මැද කවුරුත් නැති නිසා ගඟ දිහාවට හැරිලා තමයි දිය රෙද්ද බුරුල් කරන්නෙ.

සිරිල් එයා ගාව තියන දුරබලන කන්නාඩියත් අරන් ගඟෙ එහා ඉවුරෙ උස ගහකට නැගලා සිනමාපටයක් සෙ දිස්වන මෙ දර්ශනය දිනපතාම නරඹනවා. දවසක් මෙයා මෙ කතාව එයාගෙ යාලුවෙකුට කියලා. දැන් යාලුවටත් හරි ආසයිලු ගහ උඩ ඉඳන් මෙ දර්ශනය බලන්න. ඉතින් යාලුවා බැගෑපත් වෙන විදියට සිරිල්ට බඩ පපුව දාලා ගිහින්. පහුවදාට ගඟ ඉවුරට එන්න කියලා.


මෙන්න පහුවෙදා සිරිල් ගඟ අයිනට යනකොට උදෙන්ම ඇවිත් යාලුව. 

 දෙන්නත් එක්ක ගහට නැගලා. සිරිල් දුරබලන කන්නඩියෙන් සීරු මාරුකරලා එක සුන්දර දර්ශනයක් බලලා යාලුවට දුරබලන කන්නාඩිය දීලා.

 "අම්මට හුඩු උඹ කොහොමද මේ ගෑනිව මෙතනට ගෙන්නුවෙ" කියලා ගහ උඩ ඉඳන් ඉස්සරහට අඩියක් තියලා. යාලුවා මීටපෙර කවදාකවත් දුරබලන කන්නාඩියකින් බලලා නෑ .


අඩි විස්සක් විතර උස ගහෙන් බිමට යාලුවා වැටිලා.
හොඳ වෙලාවට වැටිලා තියෙනෙ වතුරට.
නරක වෙලාවට උඩ ඉඳන් වැටුනම එගොඩ ගොඩේ නාන කට්ටියට මේ දෙන්නව පෙනිලා.


එදයින් පස්සෙ සිරිල්ටත් ඒ දර්ශනය බලන්න තිබුන අවස්තාව මග හැරිලා.

47 comments:

  1. පව් .. ඔය වගේ දේවල් බෙද හදා ගන්ඩ ගිය හම ඔහොම තමයි !

    ReplyDelete
    Replies
    1. බදාගන්න ඕන දෙවල් බෙදාගන්න නරකයි තමා

      Delete
  2. මම නම් කිසි කරදරයක් නැතුව ඕක විඳලා තියෙනවා.. කවදාවත් නෝන්ඩි වෙලත් නෑ.. මම මේ ගැන මගේ පොස්ට් එකක් දැම්මා...

    ReplyDelete
    Replies
    1. ලින්කුව දැම්මනම් නොබලපු උන්ට බලන්න තිබුනා

      Delete
  3. අන්න බලන්න. දසුන්පෙල කොයි තරම් ලස්සනට තියෙන්න ඇති? ඒකනේ හිටිතැන අමතක වුනේ.

    ReplyDelete
    Replies
    1. හිටි තැන අමතක උනෙ නෑ ඌ කවදාකවත් දුරබලන කන්නාඩියකින් බලලා නෑ ඌ හිතුවෙ ගෑනි ඉන්නෙ ළඟ කියලා

      Delete
  4. ශා මරුනේ !
    හොද වෙලාවට අපේ ගෙවල් ළග ගඟක් නැත්තේ!:P

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට වෙන්නෙ කොහොමද කරුමෙට .

      Delete
  5. හැක හැක හැක අප්පෝ මට මැවිලා පේනවා අරු වැටෙන හැටි :ඩි

    ReplyDelete
    Replies
    1. මමත් ඕක අහපු කතාවක් මටත් මැවිලා පෙනුනා වැටෙන හැටි

      Delete
  6. ඔයිං ගියා ඇති අතක් පයක් නොකැඩී...අපේ ගෙවල් ලග තිබුනා ගාමන්ට් අක්කලගේ බෝඩිමක්...එක්කෝ ඕනේ නෑ.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඕනෙ නෑ තමා

      Delete
  7. හෙහ්...හෙහ්..ඇත්ත කතාවක් මතක් වුනා වෙලාවක පෝස්ට් එකක් හැටියට දාන්නං...

    Thank you, Loku John

    ReplyDelete
    Replies
    1. එහෙනම් කට්ටිය දතකට මැදගෙන ඉන්නවා ඔබා මාම හොරෙන් නානව බලපු කතාව බලන්න

      Delete
    2. ඕක කොමෙන්ට් හැටියට මට මතක විදියට මාරයගෙ සයිට් එකේ කිව්ව, එත් කමක් නෑ, ටිකක් පඳුර වටේ තලල අග හරියට සීන් කෝන් ඒක කියල දාන්නං...හෙහ්...හෙහ්...

      Delete
  8. අපරාදේ ලයිව් ෂෝ එක

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හවුලට නොගියනම් ඌ අදවෙනතුරු ලයිව් ශෝ බලනවා

      Delete
  9. මමනං ඉතිං පොතක් හරි පත්තරයක් හරි ගත්ත බැල්කනියට ගියා . . .

    ReplyDelete
    Replies
    1. පත්තරෙ උඩු යටිකුරු කරලා වෙන්ටැ බලනවා ඇත්තෙ

      Delete
  10. තනියම කරගෙන ගියානම් සිරිල්ට තවම යන්න තිබුන ගහ උඩට. අපරාදෙ

    ReplyDelete
    Replies
    1. එකනෙ බෙදාගෙන කෑමෙ අනිටු විපාක

      Delete
  11. දිර්ඝකාලීන ආතල් එකක්නේ යාළුවා සුළු මොහොතක මෙව්වා එකක් වෙනුවෙන් විනාස කර ගත්තේ

    ReplyDelete
    Replies
    1. මෙව්වා එකක් කියුවෙ ?

      Delete
  12. හක හක හප්පේ මිනිහට ට්‍රේනින් එකක් දීලා ගෙන්න ගන්න තිබ්බේ හමුදාවට..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මීට කලින් අපිට ජිනීවා යන්න තිබුනා

      Delete
  13. ඔය බලන එකට වඩා ආතල් පිටේ සබන් ගාන්න සෙට් වෙන එක... :D

    ReplyDelete
    Replies
    1. පොඩි මෑන්ට ඕවට පලපුරුද්ද තියනවනෙ ...

      Delete
  14. අපෝ අපේ නං ළිඳ වටේ උස ක්‍රෝටන් වවල තිබ්බ අපි නානකොට එහා ගෙදර කෙල්ලො බලනවට.

    ReplyDelete
    Replies
    1. දෙමාපියො හොඳට හිතලා මතලා අල්ලපුගෙදර කෙල්ලො ඉන්න නිසා ක්‍රොටන් ගස් ටිකක් ඉන්දුවෙ

      Delete
  15. ළඟ ඉන්නෙ කියල හිතල පැනල බදාගන්න යන්නැති.... :D

    අපේ පැත්තෙ අක්ක කෙනෙක් නම් ඔහොම හොරෙන් බලන එව්වන්ට නියම වැඩක් කළා ආයෙ පැත්ත පළාතෙ නො එන්න....

    ReplyDelete
    Replies
    1. කියුවනම් හෙම අපිටත් දැනගන්න

      Delete
  16. බෙදාගෙන කන්න ඕන දේවලුත් තියනවා!බදාගෙන කන්න ඕන දේවලුත් තියනවා~

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ බදාගන්න ඕන ඒවා බෙදාගත්තම කෙලවෙනවා

      Delete
  17. දුරබලන කන්නාඩියකින් කිසිදා නොබලාපු එකෙක් එක්කං ගිය එක න හෙනම බයානකයි . කලබලේ වැඩි කමට පපුවේ අමාරුවක්වත් හැදුනානම් මක්ක කොරන්නද . මුලින්ම ඔය පොඩි පොඩි රූප සටහන් පෙන්නලා පස්සේ අවසාන ජවනිකාව පෙන්වන්නයි තිබුනෙ

    ReplyDelete
    Replies
    1. සිරිල් දන්නෙත් එදාමලු මූ දුරබලන කන්නාඩියකින් බලලා නැතිවග

      Delete
  18. අපේ පැත්තේ කෙනෙකුත් හිටියා ඌ හග උඩ ඉද්දි එකෙක් ගහ කපුවා.කෙලින්ම ගඟට ඌ වැටුනේ.

    ReplyDelete
  19. යාළුවෝ එක්ක උනත් හැමදේම බෙදාගන්න හොද නෑ කියන එකට මේක හොදම ආදර්ශය...

    ReplyDelete
    Replies
    1. එකනෙ තනියම බලන්නෙ නෙද ?

      Delete
  20. සල්ලා කිව්වෙ සල්ලාලයා කියන එක කෙටි කොරලා වෙන්ටෑ...

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ උගෙ නම ඊට් ලගින් යන නමක් තියෙන්නෙ ඒක දාන්න බෑ බිග් මැච් එක කිට්ටුයිනෙ. මොකටද නිකන් ඉල්ලන් කන්නෙ

      Delete
  21. අපිට කොහෙද ඔහොම චැන්ස් එකක්

    ReplyDelete
  22. ai ane apita hariyata awasthawak nette pirimi naana diha balagena inna?
    eka maha nondi wadak thamai ithin. anika ai ganunge ewata me tharam market ekak?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..